The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

නොරට සිට ආ මුතුන් මිත්තෝ (10) : වතුකර දෙමළ ජනතාව ඉන්දියාවට භාර ගැනීමට කැමැත්ත - (ඉන්දු පෙරේරා)

T

The Leader Desk

July 22, 2024 • 9:51 AM

නොරට සිට ආ මුතුන් මිත්තෝ (10) : වතුකර දෙමළ ජනතාව ඉන්දියාවට භාර ගැනීමට කැමැත්ත - (ඉන්දු පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දීය වතු කම්කරුවන් සම්බන්ධයෙන් අගමැති ඩී.
  • ලංකාවේ කෘෂිකර්මය නගා සිටුවීම සඳහා ඇති කරන ලද මින්නේරි ගොවි ජනපද ව්‍යාපාරය, ගල්ඔය සංවර්ධන යෝජනා ක්‍රමය, සේනානායක සමුද්‍රය එතුමාගේ සංකල්පයට අනුව ක්‍රියාවට නංවන ලද සැලසුම් ය.
  • සේනානායක මැතිතුමා 1947 ඔක්තෝබර් 14 දා බලයට පත් ව 1952 මාර්තු 22 දා කොළඹ ගාලු මුවදොර පිටියේදී අසු පිටින් වැටීමෙන් පසු ජීවිතක්ෂයට පත්විය.
  • මාර්තු 26 දා මෙරට දෙවන අග්‍රාමාත්‍යවරයා ලෙස ඩඩ්ලි සේනානායක මහතා පත් වි⁣ය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ඉන්දීය වතු කම්කරුවන් සම්බන්ධයෙන් අගමැති ඩී. එස්. එතරම් හිතකර නොවන වැඩපිළිවෙළක් අනුගමනය කළද ඩී.එස්. සේනානායක යනු අපේ රටේ ජනතාව වෙනුවෙන් විශාල සේවයක් කළ නායකයෙකි.
 
bn1SAWayfi6TDroh 2ලංකාවේ කෘෂිකර්මය නගා සිටුවීම සඳහා ඇති කරන ලද මින්නේරි ගොවි ජනපද ව්‍යාපාරය, ගල්ඔය සංවර්ධන යෝජනා ක්‍රමය, සේනානායක සමුද්‍රය එතුමාගේ සංකල්පයට අනුව ක්‍රියාවට නංවන ලද සැලසුම් ය.
 
ලංකාවේ කෘෂිකර්මය නගා සිටුවීම සඳහා 1934 දී එතුමා විසින් ඇති කරන ලද මින්නේරි ගොවි ජනපද ව්‍යාපාරය, මෙරට විශාලතම සහ දීර්ඝකාලීන බහු කාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය ලෙස සැළකෙන ගල්ඔය සංවර්ධන යෝජනා ක්‍රමය, කුඹුරු අක්කර දහස් ගණනකට ජලය සපයා දෙන සේනානායක සමුද්‍රය එතුමාගේ සංකල්පයට අනුව ක්‍රියාවට නංවන ලද සැලසුම් ය. නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වන ඩී. එස්. සේනානායක මැතිතුමා 1947 ඔක්තෝබර් 14 දා බලයට පත් ව 1952 මාර්තු 22 දා කොළඹ ගාලු මුවදොර පිටියේදී අසු පිටින් වැටීමෙන් පසු ජීවිතක්ෂයට පත්විය. එවකට එතුමාගේ වයස අවුරුදු හැට අටකි.
 
image 2ad6798dc41953 හර්තාලය
           
ඉන්පසු පවත්වන ලද මැතිවරණයෙන් ලංකාවේ දෙවන අග්‍රාමාත්‍ය තනතුරට ජෝන් කොතලාවල සහ ඩී. එස්. අගමැතිඳුන්ගේ පුත් ඩඩ්ලි සේනානායක යන දෙදෙනාගෙන් අග්‍රාමාත්‍ය තනතුර හිමි වූයේ ඩඩ්ලි සේනානායකට ය. 1952 මාර්තු 26 දා මෙරට දෙවන අග්‍රාමාත්‍යවරයා ලෙස ඩඩ්ලි සේනානායක මහතා පත් වි⁣ය. නමුත් එතුමා අගමැතිවරයා ලෙස පත්වී මාස තුනක් වැනි කෙටි කාලයකදී රට දැඩි ආර්ථික උද්ධමනයකට ඇද වැටිණි. ඒ නිසාම ඩඩ්ලි අගමැතිවරයාගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව "දුන් පොරොන්දු කඩ කරන ආණ්ඩුවක්" ලෙස ජනතාවට ඒත්තු යන්නට වූයේ 1952 දී සීනි රාත්තල ශත 15 කින් වැඩි කිරීමත් සමඟ ය. මීට එරෙහිව ලංකා සම සමාජ පක්ෂය අත්සන් 70,000 කින් යුත් විශාල පෙත්සමක් අත්සන් කරවා ගනු ලැබිණි.  
 
hartal 1 696x5541953 හර්තාලය 
         
image 0dcf2f7fd6අගමැති ඩඩ්ලි සේනානායකඅගමැති ඩඩ්ලි සේනානායක 1953 වසරේ ජූලි 07 දා පාර්ලිමේන්තුවේ නව සැසි වාරයේදී සිය රාජාසන කතාව පවත්වමින් කියා සිටියේ ඇතිවී තිබෙන දැඩි ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා ජනතා සහන කප්පාදු කිරීමට සිදුවන බව ය. එහිදී අග්‍රාණ්ඩුකාර සෝල්බරි සාමි ද අගමැතිවරයාගේ කතාව තවදුරටත් සනාථ කරමින් එතෙක් ශත 25 ක් ව පැවති හාල් සේරුව ශත 70 දක්වා වැඩි කරන බවත්, පාසල් ළමුන්ට දෙන දිවා ආහාර වේල ඊළඟ පාසල් වාරයේ සිට කපා හරින බවත් පැවසීය. එම රජයේ මුදල් ඇමතිවරයාව සිටි ජේ.ආර්. ජයවර්ධන ඒ මාසයේම ඉදිරිපත් කරන ලද අයවැය මගින් හාල් සේරුවක් ශත 70 දක්වා ඉහළ නැංවීම, කිරි සහ බනිස් සහිත පාසල් සිසුන්ගේ දිවා ආහාර වේල කප්පාදු කිරීම, අනාථ ආධාර දීමනාව අඩුකිරීම, දුම්රිය හා තැපැල් ගාස්තු සහ දුරකථන ඇමතුම් ගාස්තු වැඩි කිරීම, රෙදිමිල සහ සිගරැට් මිල ඉහළ දැමීම වැනි දෑ හේතුවෙන් ඊට එරෙහිව ඒ වසරේදී අපේ රටේ විශාල හර්තාලයක් ඇතිවිය. මේ හේතුවෙන් අගමැති ඩඩ්ලි සේනානායක ඔක්තෝබර් 26 දා සිය තනතුරින් ඉල්ලා අස් විය. ඒ අනුව ආණ්ඩුව විසුරුවා හරිනු ලැබිණි.
         
ලංකාවේ තෙවන අග්‍රාමාත්‍යවරයා වූයේ එක්සත් ජාතික පක්ෂයේ ආරම්භක නායකයකු වූ ශ්‍රීමත් ජෝන් කොතලාවල ය. ඔහුට මේ රටේ අනාගතය වෙනුවෙන් බොහෝ දේ ඉටු කළ නායකයෙකි.
 
cSpM76OmbATmQGp3 coverඑස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක රැස්වීමක් අමතමින් 
ඉන්දීය වතු කම්කරුවන්ගේ ගැටලුව විසඳන්නට අගමැති සර් ජෝන් ට විශාල වුවමනාවක් තිබිණි. මුලදී එක්සත් ජාතික පක්ෂයේ සිට පසුව ඉන් ඉවත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමින් අලුත් පක්ෂයක් පිහිටුවා ගත් එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක සිංහලය රාජ්‍ය භාෂාව විය යුතු යැයි හඬක් නගන්නට විය. ඒ සඳහා ද එවකට හේතු නොතිබුණා නොවේ. නමුත් ඊට වඩා හානියක් එමගින් මේ රටට ඇතිවිය හැකි බව වටහා ගෙන සිටි අගමැති සර් ජෝන් ඊට විරුද්ධ විය. 
 
Sir John Lionel Kotelawala 1897 1980ශ්‍රීමත් ජෝන් කොතලාවල " සිංහල රාජ්‍ය භාෂාව වුණොත් එයින් මේ රටට හා ජනතාවට ලොකු සේවයක් වෙනවා නම් මුලින්ම එයට කැමති වෙන්නේ මමයි. මේ පොරොන්දුව ඉෂ්ට කළොත් එදාට රටත් රටේ අනාගතයත් අවසානයි" යනුවෙන් එදා සර් ජෝන් තමාගේ අදහස ප්‍රසිද්ධියේම පළ ක⁣ළේය.
           
ඒ වන විට මෙරට වතුකර දෙමළ ජනතාව ලක්ෂ හතක් පමණ සිටියහ. ඉන්දියාවේ සිට අනවසරයෙන් මෙරටට පැමිණෙන්නන් සහ වතුකරයේ අනවසරයෙන් පදිංචි ව සිටි පුරවැසිභාවය නැති ඉන්දියානුවන් එකල හැඳින්වූයේ කල්ලතෝනින් ලෙසිනි. ඔවුන් නිසා මේ රටේ මතු ගැටලු ඇතිවේ යැයි කල්පනා කළ සර් ජෝන් 1954 ජනවාරි මාසයේදී ඉන්දීය අගමැති ශ්‍රී ජවහර්ලාල් නේරු හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවකට එළැඹීමට තීරණය කළේය. නමුත් ඔහුට එරෙහි කණ්ඩායමක් නිසා එම උත්සාහය වැළකිනි. සර් ජෝන් පසුබැස්සේ නැත. එම වසරේම ඔක්තෝබර් මාසයේදී අගමැති සර් ජෝන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡාවක් පවත්වන්නට යන ගමනට තම විරුද්ධවාදීන්ව සිටි බණ්ඩාරනායක ට සහ ඩඩ්ලි සේනානායකට ද ඇරයුම් කළේය. මේ දෙදෙනා ගේ දේශපාලන මතිමතාන්තර කුමක් වුවද මෙම සාකච්ඡාවේදී ඔවුහු සර් ජෝන්ට විශාල සහායක් දුන්හ. 
           
Bundesarchiv Bild 183 61849 0001 Indien Otto Grotewohl bei Ministerpräsident Nehru croppedඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නේරුමෙරට ඉන්දීය දෙමළ ජනතාව වෙනුවෙන් වූ "නේරු කොතලාවල ගිවිසුම" 1954 ඔක්කෝබර් 10 දා දෙරටේ අග්‍රාමාත්‍යවරුන් විසින් අත්සන් කරනු ලැබිණි.
 
වගන්ති අටකින් සමන්විත මෙම ගිවිසුමෙහි සඳහන් කරුණුවලට අනුව එවකට ලක්ෂ හතක් ව සිටි මෙරට ඉන්දීය දෙමළ ජනතාවගෙන් ලක්ෂ තුනක් ලංකාව භාර ගැනීමටත්, අනෙක් ලක්ෂ හතර ඉන්දියාව බාර ගැනීමටත් දෙරටේ අග්‍රාමාත්‍යවරු එකඟ වූහ. 1966 වසර දක්වා මෙම ඉන්දීය දෙමළ ජනතාව වෙනම ඡන්ද ලැයිස්තුවල ලියාපදිංචි කරවීමටත්, ඔවුන්ගේ මන්ත්‍රීවරුන් පිරිසක් තෝරා ගැනීමටත් මෙහිදී එකඟතාවය ඇතිවිණි. පාර්ලිමේන්තුවේ සම්මත වූ පනතක් අනුව මෙම මන්ත්‍රීවරුන්ගේ ප්‍රමාණය හතරක් ලෙස තීරණය විය. එම ඡන්ද ලැයිස්තුවල ලියාපදිංචි නොවන අය ඉන්දියාවේ පුරවැසියන් ලෙස භාර ගැනීමට මෙම ගිවිසුමේදී එකඟතාවය පළ විය. නමුත් ලියාපදිංචි වී තිබුණත් නැතත් එම වතු කම්කරුවන් සියලු දෙනාම වුව ආපසු පැමිණෙන්නේ නම් ඔවුන්ට ඉන්දියාවේ පුරවැසිභාවය ලබා දීමට ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නේරු එකඟ විණි. 
නොරට සිට ආ මුතුන් මිත්තෝ (9) : දෙමළ බෙදුම්වාදයට පාර කැපෙයි - (ඉන්දු පෙරේරා)වතු කම්කරුවන් සම්බන්ධයෙන් මෙවැනි විසඳුම් කොතෙක් ගෙනාවත් ප්‍රශ්නය විසඳුණේ නැත.
 
ඩී. එස්. සේනානායක මහතා අගමැති ධුරයේ සිටියදී සම්මත කරගන්නා ලද 1949 අංක 3 දරන ඉන්දියානු සහ පාකිස්තානු පදිංචිකරුවන්ගේ පුරවැසි පනත යටතේ පුරවැසිභාවය ඉල්ලා සිටීමේ අයදුම්පත් වසර දෙකක් ඇතුළත දී අවසන් කිරීමට මෙහිදී ලංකා රජය එකඟ වී තිබිණි. නමුත් අවසානයේදී ලැබී තිබූ අයදුම්පත් අතරින් ලංකාවේ ලියාපදිංචියෙන් පුරවැසිභාවය ලබා දීමට හැකි වූයේ ඉන්දියානු සහ පාකිස්තානු වැසියන් 1,34,320 කට පමණි. මෙම පනත 1950 අංක 37 සහ 1952 අංක 45 දරන සංශෝධන පනත් මගින් දෙවරක් සංශෝධනය කරනු ලැබීය. කෙසේ වුවද මෙම පනතේ ක්‍රියාත්මකභාවය 1962 දී අවසන් වී ගියේය.
 
වතු කම්කරුවන් සම්බන්ධයෙන් මෙවැනි විසඳුම් කොතෙක් ගෙනාවත් ප්‍රශ්නය විසඳුණේ නැත. ලංකාවේ හෝ ඉන්දියාවේ හෝ පුරවැසිභාවය නොලබාම ඉන්දීය සම්භවයක් ඇති විශාල දෙමළ ජාතිකයෝ පිරිසක් තවදුරටත් ලංකාවේම රැඳී සිටියහ. 1948 දී ම මේ ගැටලුව අගමැති ඩී.එස්.සේනානායකට ඉන්දීය අග්‍රාමාත්‍ය නේරු සමග විසඳා ගැනීමට හැකියාව නොතිබුණේ යැයි කිව නොහැකිය. ඊට හේතුව මෙරට පුරවැසිභාවයක් නොමැතිව රැඳී සිටි දකුණු ඉන්දීය වතු කම්කරුවන් සියලු ම දෙනා වුව ඉන්දියාවට පැමිණෙන්නේ නම් එහි පුරවැසිභාවය ලබා දීමට අගමැති ශ්‍රී නේරු 1954 දී මෙරට නේරු කොතලාවල ගිවිසුම මගින් එකඟතාවය පළ කර තිබීම ය.
image b3db0421d9සිරිමා ශාස්ත්‍රී ගිවිසුම
 
ඒ කුමක් වුවද පුරවැසි අයිතියක් නොමැතිව මේ රටේ රැඳී සිටි දකුණු ඉන්දීය දෙමළ ජනතාව සම්බන්ධ ගැටලුව ක්‍රම ක්‍රමයෙන් තවදුරටත් පුළුල් වනු ලදුව අවසානයේ 1964 දී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරනු ලැබූ සිරිමා ශාස්ත්‍රී ගිවිසුම දක්වාම එය දුරදිග ගියේය.
 
හඬා වැළපෙමින් කඳුකර දෙමළ ජනතාවගෙන් පිරිසක් මෙරටින් සදහටම සමුගනී.
 
තොරතුරු සපයා ගැනීම : මාරිමුත්තු සතිවේල් පියතුමා සහ අන්තර්ජාලය, ඡායාරූප අන්තර්ජාලයෙනි.
 
සටහන - ඉන්දු පෙරේරා
 

සබැඳි ලිපි :

නොරට සිට ආ මුතුන් මිත්තෝ (9) : දෙමළ බෙදුම්වාදයට පාර කැපෙයි - (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (8) : වතු දෙමළ ජනතාවගෙන් ලක්ෂ 8කට පුරවැසිභාවය අහිමියි - (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (7) : දකුණු ඉන්දීය ශ්‍රමිකයන්ට ඩී. එස්. ගෙන් කෙනෙහිලි - (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (6) : අපෙන් බදු මුදල් ! සුද්දන්ගෙන් පාරවල් !! - (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (5) : මාතලේ කුලදෙවියන් පිදූ තැන දේවතාවියක් - (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (4) : සිලෝන් ටී වෙනුවෙන් ඔවුහු දිවි පිදූහ - (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (3) : වනයේ තප්පු ගසමින් දකුණු ඉන්දියානුවෝ මන්නාරම සිට මාතලේට ආ ගමන - (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (2): සිංහලයන්ට කටඋත්තර නැති කළ සුද්දෝ (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන්මිත්තෝ : ලංකාවට කම්කරුවන් සොයා ඉන්දියාවේ පෝස්ටර් (ඉන්දු පෙරේරා)

  
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...