ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජනතාව ලෙස හඳුන්වන්නේ වතුකරයේ දෙමළ ජනතාව හෙවත් කඳුකර දෙමළ ජනතාවයි
ඔවුන් ගෙවූයේ එක්තරා ආකාරයකට එළිමහන් සිර කඳවුරක ගත කරන්නාක් බඳු ජීවිත වේ.ඔවුන් පවුල් පිටින් මෙහි ගෙවූයේ සුන්දර ජීවිත නොවේ. අක්‍රමවත් ලයින් කාමර පරිසරය අපිරිසිදු ය. මේ එක් කාමරයක හත් අට දෙනා ජීවත් වූහ. මේ නිසා රෝගාබාධ බෝවීම ද බහුලව සිදුවූ අතර රෝගාබාධවලින් අකාලයේ මිය යන අය ද අඩුවක් නොවිණි. ඔවුන් දරුණු සූරා කෑමකට ලක් වූ කම්කරුවන් වීම තවත් ඛේදවාචකයකි. වතු හිමියන්ට සදාකාලික ණයකරුවන් වූ ඔවුන්ට ඒ ණය ගෙවීමේ ක්‍රමයක් ද නොතිබිණි. මෙම වතුයායවලට බාහිරින් කිසිවෙකුට පැමිණීමට අවසරයක් නොතිබූ අතර ඔවුන් ගෙවූයේ එක්තරා ආකාරයකට එළිමහන් සිර කඳවුරක ගත කරන්නාක් බඳු ජීවිත වේ.
1911 ජන සංඛ්‍යා ලේඛනයට අනුව අපේ රටේ කඳුකර දෙමළ ජනතාවගේ ප්‍රතිශතය මුළු ජනගහනයෙන් 12.9% ක් වී තිබිණි. 1910 දී යටත් විජිත භාර ලේකම් කෲව් සාමිවරයාත්, එවකට අපේ රටේ සිටි මැකලම් ආණ්ඩුකාරවරයාත් එක්ව සිදුකරන ලද ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය කෲව් - මැකලම් ප්‍රතිසංස්කරණය ලෙස හැඳින්වේ. මේ හරහා ලංකාවට ඡන්ද අයිතිය හිමි වුවත් ඒ සර්වජන ඡන්ද බලය නොවේ. එහිදී සිදුවුණේ ව්‍යවස්ථාදායකය සඳහා සාමාජිකයින් කීපදෙනෙක් පත්කර ගැනීමට අපේ රටේ සීමිත කොටසකට පමණක් ඡන්ද අයිතිය හිමිවීමයි. ඡන්ද බලය හිමිවීම සඳහා මේ සීමිත කොටස යම් සුදුසුකම් කිහිපයක් සපුරා තිබිය යුතු විණි. ඒ උගත්, රුපියල් එක්දහස් පන්සීයකට නොඅඩු වාර්ෂික ආදායමක් හෝ වැටුපක් හිමි, අවුරුදු 21 ට වඩා වැඩි පිරිමි පක්ෂයයි. කාන්තාවන්ට ඡන්ද බලය ලැබුණේ නැත.
විශේෂත්වය වන්නේ ආසියාවේ මුල් වරට සර්වජන ඡන්ද බලය හිමි වූ රට ලංකාව වීම ය. එවකට මේ රට ශ්‍රී ලංකාව නොව ලංකාවයි.
සර් ජෝන් කොතලාවල සර්වජන ඡන්ද බලය යනු ජාතිය, ආගම, භාෂාව, වර්ගය, කුලය, අධ්‍යාපනය, දේපළවල හිමිකම, උපත, උපන් ස්ථානය, ස්ත්‍රී පුරුෂ භාවය යන කිසිදු වෙනස්කමකින් තොරව වයස අවුරුදු 21 ට වැඩි සියලු ජනතාවට පාළන බලයට ඇතුළු වීමේ අයිතිය සහ තමන් කැමති නියෝජිතයන් පත් කර ගැනීමේ හැකියාවයි. ඡන්දය දැමිය හැකි වයස් ප්‍රමාණය අවුරුදු 18 දක්වා අඩු කරන ලද්දේ 1959 අංක 1 දරන මැතිවරණ සංශෝධන පනත මගින් එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක අගමැතිවරයාගේ සමයේ ය. එකල පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ම මීට විරුද්ධත්වය දක්වා තිබිණි. එවකට විපක්ෂයේ සිටි සර් ජෝන් කොතලාවල මෙය කොයිතරම් සමච්චලයට ලක් කර තිබුණේ ද යත් එය හඳුන්වා තිබුණේ "වඳුරන්ට ඡන්ද අයිතිය ලබාදීම" ක් ලෙසිනි. මෙසේ සර්වජන ඡන්ද බලය හිමිවූ පසු කඳුකර දෙමළ ජනතාවටත් ඡන්දය පාවිච්චි කිරීමේ හැකියාව ලැබිණි. නමුත් මීට ඩී.එස්.සේනානායක ඇතුළු පිරිසක් විරුද්ධත්වය පළ කළහ. ඉන්පසු 1937 ගම්සභා ඡන්දය ඔවුන්ට අහිමි කරනු ලැබිණි. ඒ ප්‍රාදේශීය පාළනයෙන් ඔවුන් ඉවත් කිරීමට ය.
සර්වජන ඡන්ද බලය ලැබූ මුල් කාලයේදීත් අපේ රටේ ඡන්ද දූෂණ බෙහෙවින් සිදු විය.
ඩී.එස්. සේනානායකඑක්සත් ජාතික පක්ෂය එම මැතිවරණයෙන් ජයග්‍රහණය කර තිබුණේ 95 ක් වූ සමස්ත ආසන සංඛ්‍යාවෙන් 32 ක් පමණි. මේ අනුව එක්සත් ජාතික පක්ෂයට තනි ආණ්ඩුවක් පිහිටවීමට හැකියාවක් නොතිබිණි. එහෙයින් එම පක්ෂයේ නායක ඩී එස් සේනානායක මහතා සභාග රජයක් පිහිටුවීම සඳහා අනෙකුත් පක්ෂවල සහාය පැතීය. සමස්ත ලංකා දෙමළ සංගමය සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළත් ඔවුන් ඊට එකඟ වූයේ නැත. ඉන්පසු ලංකා ඉන්දියානු සංගමයට මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබිණි. නමුත් ඔවුන් කම්කරු පක්ෂයක් නිසා ඩී.එස්. සේනානායකගේ යෝජනාවට එකඟතාවයක් දැක්වූයේ නැත. උතුරේ සමස්ත ලංකා දෙමළ සංගමයේ නොවන මන්ත්‍රීහු පිරිසක් ස්වාධීනව තේරී පත්වී සිටියහ. ඔවුන් සමග කළ සාකච්ඡාවේදී නොයෙකුත් වරප්‍රසාද දෙන්නට එකඟ වී ඔවුන් නම්මා ගැනීමට ඩී.එස්.ට හැකි විය. මේ අනුව සී.සුන්දරලිංගම් සහ සී. සිත්තම්පලම් යන දෙදෙනාට ඇමති තනතුරු දෙකක් දෙන්නට ඩී. එස්. පොරොන්දු විය. මේ හැරුණු විට තවත් උතුරේ ස්වාධීන මන්ත්‍රීවරුන් තිදෙනෙක් සහ දකුණේ ස්වාධීන මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ඩී. එස්. සමග එකතු වන්නට කැමැත්ත පළ කළහ. මේ මන්ත්‍රීවරුන්ට අමතරව සෝල්බරි ව්‍යවස්ථාවට අනුව ඡන්දයෙන් තෝරාපත් වීමට අවස්ථාවක් නොලද සුළු ජාතිකයින් වෙනුවෙන් මන්ත්‍රීවරු හය දෙනෙක් තෝරා පත් කිරීමට ආණ්ඩුකාරවරයාට අවසරය තිබිණි. කම්කරු සංගමයේ නායක ඒ. ඊ. ගුණසිංහ ද ඩී.එස්. ට එකතු විය. ඒ හැරුණු විට ආණ්ඩුව පිහිටුවීමට එකතු කරගත් මන්ත්‍රීන් අටදෙනා වූයේ සී. සුන්දරලිංගම්, සී. සිත්තම්පලම්, ඇල්ෆ්‍රඩ් තම්බයියා, වී. නල්ලය්යා, එස්. යූ.එදිරිවානසිංහම්, වික්ටර් රත්නායක, එච්. ආර්. යූ. ප්‍රේමචන්ද්‍ර, කේ.වී.ඩී. සුගතදාස යන අයයි. මේ සියලු දෙනා එකතු කර ගනිමින් සභාග ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ඩී එස්.ට හැකිවිය. ආණ්ඩුවේ වෙළඳ හා වාණිජ ඇමති ධූරය සුන්දරලිංගම්ටත්, තැපැල් හා විදුලි සංදේශ ඇමැති ධූරය සිත්තම්පලම්ටත් හිමිවිය.මෙම මැතිවරණයෙන් වාමාංශික පක්ෂ ආසන 18 ක් දිනා තිබිණි. ලංකා සම සමාජ පක්ෂය ආසන 10 , බෝල්ෂෙවික් ලෙනින්ස් පක්ෂය ආසන 5, කොමියුනිස්ට් පක්ෂය ආසන 3 ක් ලෙසිනි. ඒ හැරුණු විට ලංකා ඉන්දියානු සංගමය මැතිවරණයෙන් ආසන 6 ක් ජයග්‍රහණය කර තිබිණි. ජයග්‍රහණය කළේ ආසන 6 ක් වුවද ඔවුන්ගේ බලපෑම ආසන 20 ක් පුරා පැතිරී තිබිණි. ඊට හේතුව මේ ආසන 20 පුරාම සුද්දන්ගේ වතු වගාව පැවතීමයි. මේවායේ කම්කරුවන් ලෙස සේවය කළේ දකුණු ඉන්දීය දෙමළ ජනතාව ය. මේ අනුව අනාගතයේදී වාමාංශික පක්ෂය ලංකා ඉන්දියානු සංගමය සමඟ එක් වී සභාගයක් පිහිටුවා ගතහොත් ඉදිරි මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ඉතාම අවදානම් සහගත තත්ත්වයක් එළඹෙන බව අගමැති ඩී.එස්. ට හැඟිණි. මේ නිසා නොපමාවම අපේ රටේ වතු වගාවන්හි කම්කරුවන් ලෙස අසීමිතව ශ්‍රමදායකත්වයක් ලබා දෙමින් සිටි ඉන්දියානු දෙමළ ජනතාව පිළිබඳව තීරණයක් ගත යුතු යැයි අගමැති ඩී.එස්. කල්පනා කළේය. ඉන්පසු ඔහු 1947 දෙසැම්බර් මාසයේ ඉන්දීය අගමැති ජවහර් ලාල් නේරු සමග මේ පිළිබඳව සාකච්ඡාවක් පැවැත්විය. මෙම සාකච්ඡාවට එවකට ඩී.එස්.ගේ ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජේ. ආර්. ජයවර්ධනද සහභාගි වී තිබිණි.
ජේ.ආර්. ජයවර්ධන සබැඳි ලිපි :
නොරට සිට ආ මුතුන් මිත්තෝ (6) : අපෙන් බදු මුදල් ! සුද්දන්ගෙන් පාරවල් !! - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (5) : මාතලේ කුලදෙවියන් පිදූ තැන දේවතාවියක් - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (4) : සිලෝන් ටී වෙනුවෙන් ඔවුහු දිවි පිදූහ - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (2): සිංහලයන්ට කටඋත්තර නැති කළ සුද්දෝ (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන්මිත්තෝ : ලංකාවට කම්කරුවන් සොයා ඉන්දියාවේ පෝස්ටර් (ඉන්දු පෙරේරා)



