leader s

පොහොට්ටු පක්ෂයේ රනිල් පිල තව දුරටත් රාජපක්ෂ පිලට එරෙහිව ප්‍රහාරාත්මක ක්‍රියාමාර්ගවල යෙදී සිටින බව වාර්තා වේ.


අමාත්‍ය කාංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් ජුනි 30 දා මාතරදී පවත්වන ලද ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක රැළියේ නිවේදන කටයුතු සඳහා පොහොට්ටු පක්ෂයේ නිවේදක සුරේෂ් තාරක එක්කර ගෙන ඇතිබව එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් හට එය ආරංචි වී තිබුණේ රැලිය ආරම්භ කිරීමට ඔන්න මෙන්න කියා තිබියදී ය. 

ලේකම්වරයා එසැනින් දුරකතන ඇමතුමක් ගෙන වහාම නිවේදන කටයුතුවලින් ඉවත්ව යන ලෙස සුරේෂ් තාරකට දැඩි ලෙස නියෝග කර ඇත.

සුරේෂ් තාරක ඒ බව කංචන විජේසේකරට දන්වා ඇති අතර ඔහු ඒ බව මහින්දානන්ද අලුත්ගමගේට පවසා තිබේ. 

මහින්දානන්ද අලුත්ගමගේ පොහොට්ටු මහ ලේකම් සාගර කාරියවසම්ට එසැනින් දුරකතන ඇමතුමක් ලබා ගෙන බලු වැඩ කරන්න ඇවිත් වරද්දා ගන්න එපා යැයි තර්ජනය කර ඇති අතර එම තර්ජනය හමුවේ සාගල කාරියවසම් නිරුත්තර වූ බව හෙළිවී තිබේ.

(lankatruth.com)




 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්