පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම කල් තබා ඇති බැවින් සහ එම ඡන්ද විමසීම පවත්වා අවසන් නොමැති බැවින් රට තුළ මැතිවරණ නීතිය

තවමත් බලාත්මක පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 "ඒ" වගන්තිය ප්‍රකාරව මෙම නීතිය බලාත්මකව පවතින බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.

මෙම තත්ත්වය තුළ පළාත් පාලන මැතිවරණ නීතිය බලපවත්වන කාලසීමාව තුළ කිසිදු දේශපාලන පක්ෂයක්, කණ්ඩායමක්, අපේක්ෂකයෙක්, ප්‍රවර්ධනය නොවන සේ කටයුතු කළ යුතු බව ද ඔවුන් පෙන්වාදෙයි.

ඒ සඳහා කිසිදු රාජ්‍ය දේපලක් යොදා නොගත යුතු බවට සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කරමින් විශේෂ ගැසට් පත්‍රයක් හා චක්‍රලේඛයක් මඟින් දැනුවත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

2313/32 දරණ ගැසට් පත්‍රය සහ 2023 ජනවාරි මස 05 වන දින නිකුත් කළ අංක 20 දරණ චක්‍රලේඛය ඒ අනුව තවදුරටත් බලාත්මකව පවතින බව ද නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව මෙම කාලසීමාව තුළ දී මැතිවරණ නීති කඩවන ආකාරයෙන් කටයුතු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

එමෙන්ම ඉදිරි ඡන්ද විමසීම් නිදහස් හා සාධාරණ අයුරින් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති විධිවිධාන සහ චක්‍රලේඛවලට අනුගතව කටයුතු කරන ලෙස ද සියලු පාර්ශයයන්ගෙන් එම කොමිෂන් සභාව ඉල්ලීමක් කරයි.

 
පක්ෂ කිහිපයකින් මැතිවරණ කොමිසමට පෙත්සමක්
ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබියදී ආණ්ඩුකාරවරුන් සහ රාජ්‍ය නිලධාරීන් විසින් මැදිහත්වී මැතිවරණයක් ඉලක්ක කර ගනිමින් රාජ්‍ය දේපොළ අවභාවිතා කරන බවට සමගි ජන බලවේගය, නිදහස ජනතා සභාව ඇතුළු පක්ෂ කිහිපයක් අද සවස මැතිවරණ කොමිෂන් සභාවට පෙත්සමක් භාරදී ඇත.

බඩු මළු බෙදා දීම ආදී කටයුතු රාජ්‍ය දේපොළ අවභාවිතා කරමින් සිදුකරන බවත් මෙම කටයුතු සම්බන්ධව අවධානය යොමු කරන ලෙසත් පෙත්සමෙහි සඳහන් කර තිබේ.

මෙම අවස්ථාවට සමගි ජන බලවේගය මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, මහාචාර්ය ජී.එල්.පීරිස්, දයාසිරි ජයසේකර, ඩලස් අලහප්පෙරුම, බුද්ධික පතිරණ සහ වීරසුමන වීරසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගී වූහ.
 
 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්