ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ, ආධාරකරුවන් වගේම පුරවැසියනුත් ළඟ එන මැතිවරණයකට සූදානම් වෙමින් සිටියදී ලංකාවේ කාන්තාවන් දහස් ගණනකට

ඡන්ද බලය අහිමිකොට තිබෙන බව බොහෝ දෙනා නොදන්නා කරුණක්.

ඒ, ලෝකවාසී සැමට මෛත්‍රිය සහ කරුණාව වදාළ ආගමික ශාස්තෘවරයෙකුගේ අනුගාමිකයින් ගෙන යන පුරුෂාධිපතිවාදී ප්‍රතිපත්තියක් හේතුවෙන්.

බුදු හිමියන්ගේ ශ්‍රේෂ්ඨ දහම වෙනුවට අන්ධ භක්තියෙන් ආගමක් අදහන ඇතැම් ශ්‍රී ලාංකිකයින් මේ අසාධාරණ පිළිවෙත අනුමත කරනු දැකීම ඇත්තෙන්ම කණගාටුවක්.

"අපි හරියට කල්ලතෝනි වගේ," කියල මහරගම උත්පලවන්නා මෙහෙණින් වහන්සේ ඉන්දියාවේ බෞද්ධ උළෙලක සිට සංදේශය නාලිකාව සමග අදහස් දක්වමින් කියා සිටියා.

භික්ෂුණියක වුවත් ඇයගේ ගමන් බලපත්‍රයේ තියෙන්නේ ඇයගේ ගිහි නම. නමුත් ඡායාරූපය කසා වතින් සැරසුණ භික්ෂුණියකගේ.  

ජාතික හැඳුනුම්පත අවශ්‍ය නම් භික්ෂුණීන් උපැවිදි විය යුතු බව කියන දස සිල් මාතාවෝ සහ ග්‍රාමසේවකවරු ගැන, යළිත් බුදු හිමියෙකු පහල වනතුරු පිහිටුවිය නොහැකි භික්ෂුණී ශාසනය ගැන වගේම දරුවන් මහණ කිරීම ගැනත් උත්පලවන්නා භික්ෂුණිය Sandeshaya by Saroj නාලිකාව එක්ක අදහස් දැක්වුවා.

මේ අසාධාරණයට විරුද්ධව හඬ නගන්න දැන් කලාපීය රටවල භික්ෂුණීන් වහන්සේ ජාත්‍යන්තර සංවිධානයකුත් පිහිටුවාගෙන තියෙනව.

(සරෝජ් පතිරණ )
බීබීසී සිංහල සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක

 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්