ගුරු වෘත්තීය සංගම්වලට දැනුම් මූලාශ්‍ර ගැන අවබෝධයක් ලබා දීම වෙනුවෙන් ලොව වෙනත් රටවල් නිරීක්ෂණය කිරීමේ අවකාශ විවර කර දීම කෙරෙහි අධ්‍යාපන ඇමැතිවරයා අවධානය යොමුව තිබේ.


අධ්‍යාපනයේ ප්‍රධාන කුළුනු තුන වූ දැනුම, කුසලතා හා ආකල්ප අතරින් දැනුම ලබා ගැනීමේ දැනුම් මූලාශ්‍ර අද ඉතා සුලබ ව පවතින බවත් උපකාරක පන්ති ද එවන් එක් මූලාශ්‍රයක් වී ඇති බවයි සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා පෙන්වා දෙන්නේ.

අධ්‍යාපන අමාත්‍යාංශය හා තාක්ෂණ අමාත්‍යාංශය එක්ව තෝරා ගන්නා ලද පාසල් 100 ක කෘතිම බුද්ධිය ආශ්‍රිත ශිෂ්‍ය සමාජ (Al Clubs) ආරම්භ කිරීමේ සමාරම්භක වැඩසටහනට අරලියගහ මන්දිරයේදී උත්සවයේ දී ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

වෙනත් රටවලට සාපේක්ෂ ව කොවිඩ් වසංගත සමයේ පවා සියලු රජයේ සේවකයන්ගේ වැටුප් අඛණ්ඩ ව ගෙවූ බවත් අතපසු වූ ඉගැන්වීම් ආවරණයට අමතර කාලයක් වැඩ කරන ලෙස ගුරුවරුන්ට බලපෑමක් සිදු නොකළ බව ද ඔහු සිහිපත් කළේය.

88 - 89 භීෂණ යුගය වැනි අසීරු කාල පරිච්ඡේද පසු කරමින් පැමිණ ඒ අතීත පාඩම් අමතක කර දමා වේගයෙන් ඉදිරියට ඇදී යන නව ලොව තාක්ෂණික ප්‍රවණතා කෙරෙහි ද තැකීමකින් තොර ව ගුරු වෘත්තීය සංගම් ලෙඩ වීම ඉතා ඛේදනීය තත්වයක් බව ද ඇමැතිවරයා පැවසීය.

 

විසි එක් වන සියවසේ සියලු ක්ෂේත්‍රයන්හි පරිවර්තනීය වෙනසක් සිදු කිරීමට කෘත්‍රිම බුද්ධි තාක්ෂණය අදාළ වන බවත් අප රටට ද ඊට මුහුණ දීම අනිවාර්ය කාරණයක් වන බවයි අධ්‍යාපන ඇමැතිවරයා අවධාරණය කරන්නේ.

 

ඒ අනුව කෘත්‍රිම බුද්ධියත් සමග ලොව නැගී එන තාක්ෂණික විෂය ධාරාවන් වූ නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, තොරතුරු තාක්ෂණය වැනි නව තාක්ෂණ විෂයන් පිළිගැනීම සඳහා අප සූදානම් විය යුතු වුවත් අපගේ සූදානම තවමත් පවතින්නේ ලොව අන් රටවලට සාපේක්ෂ ව වසර 15 ක පමණ පිටුපසින් බව ද ඔහු පවසයි.

ඉදිරි දශකයක කාලය ඇතුළත මේ වන විට පවත්නා රැකියා වෙළෙඳපොළ මුළුමනින් ම වෙනස් වන අතර කෘත්‍රිම බුද්ධි තාක්ෂණය මග නො හැර එයත් සමග අපට අනාගතය කරා පියවර තබන්නට සිදු වීම අනිවාර්ය වනු ඇතැයි ඇමැතිවරයා සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත වැඩිදුරටත් පවසන්නේ එහි දී හමුව වන බාධක ජය ගනිමින් අභියෝග හමුවේ නොසැලෙන නායකත්වයක් ප්‍රකට කළ යුතු බවයි.

(චතුරංග මේදිස්)

 

susil AI

 

 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්