The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මේ වෙලාව රනිල්ට දෙන්න! - චින්තන ධර්මදාස

T

The Leader Desk

May 12, 2022 • 8:43 AM

මේ වෙලාව රනිල්ට දෙන්න! - චින්තන ධර්මදාස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පැත්තකට වෙලා බලන් ඉන්නවා මිස විරුද්ධතාවයක් නෑ.
  • එයා රාජපක්ෂලා හිරේ දාන්න යන්නෙ නැති එක ඇත්ත.
  • මේ අරගලය ගැන ඉතාම සුබවාදීව බලපු, ඒ ගැන වර්ණනා ලියපු කෙනෙක් මම.
  • මෙච්චර කාලයක් ඒක ඇතුලෙ හැපුනු පෙරටුගාමීන් පවා මුල්ලකට තල්ලු වුනා.
අකුරු ප්‍රමාණය (Font Size):

පැත්තකට වෙලා බලන් ඉන්නවා මිස විරුද්ධතාවයක් නෑ. අපි එක එක්කෙනා විශ්වාස කරන දේශපාලනය වෙනස්.

රනිල් කියන්නෙ මගේ ප්‍රියතම දේශපාලකයා නෙමෙයි. රනිල්ට ජනතා දේශපාලනය තේරෙන්නෙ නැති ප්‍රශ්නයක් තියෙනවා සහ මං ඒක නිතර විවේචනය කරනවා.

ඒත් රනිල් අපේ රටේ එක ශිෂ්ට දේශපාලන පරම්පරාවක අවසානතමයා කියන එකයි මගේ විශ්වාසය. ඒ වගේම අනිත් අයගේ සහාය ලැබුනොත් රට යම් ආර්ථිකමය ස්ථාවරත්වයකට ගේන්න රනිල්ට පුළුවන්. මොකද රනිල් දේශපාලනය කියල විශ්වාස කරන්නෙ ආර්ථිකය.

අවසාන වතාවට රනිල් මුනගැහුනු වෙලාවෙදිත් රනිල් කිව්වෙ මිනිස්සුන්ට ගෑස් විදුලිය ඉන්ධන බෙහෙත් නැති ප්‍රශ්නෙ විසඳන්න ඕන කියල. මං කිව්වෙ නෑ ඉස්සෙල්ලා රාජපක්ෂ සංස්කෘතිය නැති කරන්න ඕන කියල. මං දේශපාලනය කියන්නෙ ආර්ථිකය කියල විශ්වාස කරන්නෙ නැති නිසා සහ රනිල් සංස්කෘතිය කියන කාරණයට දේශපාලනයෙදි බරක් නොතබන නිසා අපි අතර පෑහීමක් නෑ.

 

ඒත් විවෘත ආර්ථිකය, ලිබරල් මතවාදය පැත්තෙන් මට රනිල් කියන්නෙ ක්ලැසික් චරිතයක්. එයා රාජපක්ෂලා හිරේ දාන්න යන්නෙ නැති එක ඇත්ත. ඒක නොකරන්නෙ රාජපක්ෂලා එක්ක හිතවත්කමකට වඩා තමන් ප්‍රතිවාදීන් හිරේ දාන නායකයෙක් විදිහට ජාත්‍යන්තරය දකිනවට අකමැති නිසයි. ඒක රනිල්ගෙ ක්‍රමය නෙමෙයි.

 

හොරු අල්ලන එක, දඩුවම් කරන එක, ද්‍රෝහීන් හොයන එක ජවිපෙ ක්‍රමය. ඒකෙන් මේ වෙලාවෙ රටේ මිනිස්සු මුහුන දෙන ප්‍රශ්නයට උත්තර ලැබෙන්නෙ නෑ. ඒ වගේම ඒ ප්‍රචන්ඩ චූන් එක රටට හොඳ මානසිකත්වයක් උදා කරන්නෙ නෑ.

අපි කොයිතරම් අකමැති වුනත් මේ රටේ ඉන්නවා රාජපක්ෂව බිත්තියේ අලවගෙන පහන් පත්තු කරපු ජනතාවක්. මහින්ද වගේ මහල්ලෙක් හිරේ දානවා කියන එක සහ රටක් බේරගත්තා කියල මිනිස්සු කියන නායකයෙක් (මට නං දෙමළ සංහාරයක් කරපු නායකයෙක්) අවසානයේ හිරේ මැරෙන්න අරිනවා කියන එක තමයි නාමල් රාජපක්ෂට හොඳම ආරම්භය දෙන්නෙ.

මේ අරගලය ගැන ඉතාම සුබවාදීව බලපු, ඒ ගැන වර්ණනා ලියපු කෙනෙක් මම. ඒත් රාජපක්ෂලා එළවපු මොහොතෙදි මං අරගලයේ ඉතාම අඳුරු පැත්තක් දැක්කා. අරගලය විසින් සජිත්ව එලවලා අනුරව වැළඳගත්තා. ජවිපෙ අරගලයේ අයිතිකාරයා වුනා. මෙච්චර කාලයක් ඒක ඇතුලෙ හැපුනු පෙරටුගාමීන් පවා මුල්ලකට තල්ලු වුනා. හැමදාම වීඩියෝ දදා එතන හිටපු මෝටිවේෂන් අප්පච්චිලා පන්නලා දැම්මා.

සජිත්ව පන්නා දැමීම ගැන මං ලිව්වා. එතනදි අරගලකරුවො මාව සජිත්වාදියෙක් කළා. සජිත්ගේ වාහන හින්ද එලෙව්වා කියල අනුර කුමාර හිනාවෙවී කිව්වා. මෝඩ සජියා එලෙව්වා කියල අරගලකරුවො හුරේ දැම්මා. ඒ ගැන කණගාටුවක් පළකරන එකම ප්‍රකාශයක් හෝ අරගලයෙන් නිකුත් වුනේ නෑ.

මිනිහෙක් මෝඩයෙක් වීම නිසා අපහාසයට බඳුන් විය යුතුයි කියල මං පිලිගන්නෙ නෑ. මෝඩයෙක් වුනත් ඒ මිනිහා නියෝජනය කරන ජනතාවක් ඉන්නවා. අරගලය ඇතුලෙත් සජබෙ පාක්ෂිකයො ඉන්නවා. අරගලය දෙකඩ වුනේ එතනදි. ජවිපෙට විතරක් ඇතුලට එන්නත් සජබෙ කිසි කෙනෙකුට ඇතුලට එන්න ඉඩ නොදෙන්නත් අරගලය ඇතුලෙ අප්‍රකාශිත කොන්දේසි තිබුන.

ඒ වගේම ඒ මිනිහගෙ අයිතිය වෙනුවෙන් කතා කිරීම නිසා මාවත් අරගලයෙන් නෙරපා හැරියා. මගේ වෝල් එක දිගේ බැලුවොත් කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් ඒ ජවිපෙ මානසිකත්වය තව කෙනෙකුගේ අදහස් දැරීමේ අයිතියට කරන ගෞරවයේ තරම. අපි අරගල කළ යුත්තේ ඒ ‍වගේ සමාජයක් හදන්නද?

මහින්ද සහ ආන්ඩුව එලෙව්වට පස්සෙ රටේ වැදගත්ම දේ කුමක් හෝ ආන්ඩුවක් ඉක්මනට පත් කරන එකයි. රට අරාජිකත්වයට යමින් තිබුන. එතනදි අනුර සහ සජිත් දෙන්නම ඉතාම කැත විදිහට තමන්ගේ වගකීම පැහැර හැරියා. ගෝටා ඉවත් කළ පසු තමන් බාරගන්නා වග කිව්වා. මේ වෙලාවෙ රට මැතිවරණයකට අරගෙන යන ඕනම දේශපාලකයෙක් Thakkaඩියෙක් නැත්තං modaයෙක්. ජවිපෙ උත්සාහය වුනේ රට අරාජික කිරීම හරහා තමන්ගේ බලය හදාගැනීම වග පැහැදිලියි.

 

රනිල්ට මගේ ගෞරවය හිමිවෙන්නෙ එතනදියි. මාස හයක හෝ කෙටි කාලයකට තමන්ට කළ හැකි දේ කරන්න ආණ්ඩුවක් නිර්මාණය කිරීමට රනිල් පියවර ගත්තා. ඒක රට වෙනුවෙන් බෙල්ල තැබීමක්. ඔය කියන කිසිම විප්ලවීය නායකයෙක් ඒක කරන්න ලෑස්ති වුනේ නෑ.

 

ගෝටා එලවන තෙක් අරගල කරමින් එලියෙ ඉන්න එක මං පිලිගන්න ක්‍රමය නෙමෙයි. ඒක කරන්න පුළුවන් රටේ දුක් විඳින මිනිස්සු ගැන හැගීමක් නැති උන්ට විතරයි. ඒ වෙනුවට ආණ්ඩුව අතට අරගෙන විධායකයේ බලතල නැති කරමින් ව්‍යවස්ථාදායකය හරහා විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමයි ප්‍රායෝගික මාර්ගය වෙන්නෙ.

අපි හැමෝම අරගල කරන්නෙ එක එක අරමුණු වෙනුවෙන්. සමහරු කැමතියි සදා අරගලයේ ඉන්න. අපි කැමතියි අරමුණු ජයග්‍රහණය කරලා ගෙදර යන්න. සමහරු කොමියුනිස්ට් සමාජයක් ඇතිවෙනකල් අරගල කරනවා කියලත් කියනවා. ඒක ඒ අයගෙ අයිතිය.

ඒත් මේ වෙලාවෙ ආණ්ඩුවක් පිහිටුවීමයි වැදගත්. ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්නෙ රනිල්ද, අනුරද, සජිත්ද ඒ කාට වුනත් මගේ ගෞරවය හිමි වෙනවා. ඒත් අනිත් දෙන්නම තක්කඩි/මෝඩ කියන එක විතරයි අන්තිමට ඔප්පු වුනේ.

දැන් අරගලය සම්පූර්ණයෙන්ම තියෙන්නෙ ජවිපෙ උවමනාව මතයි. එහෙම නෑ කියනවා නම් ඒක ඔප්පු කරන්න වෙනවා.


(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

 
 

Leader Whats app

 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...