The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සමාජ මාධ්‍ය පාලනය කිරීමට ආණ්ඩුවේ පළමු උත්සාහය -(මහාචාර්ය රොහාන් සමරජීව)

T

The Leader Desk

May 14, 2022 • 2:15 PM

සමාජ මාධ්‍ය පාලනය කිරීමට ආණ්ඩුවේ පළමු උත්සාහය -(මහාචාර්ය රොහාන් සමරජීව)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙය සමාජ මාධ්‍ය මගින් කෙරෙන සමහර සන්නිවේදනයන් අපරාධයන බවට පත් කිරීමට ශ්‍රී ලංකාවේ කෙරෙන පළමු උත්සාහය වේ.
  • පසුබිමෙන් ගෝල්ෆේස් හෝටලයේ සුවිශේෂී වහලය පෙනෙන්නට තිබුණු නිසා එම ස්ථානය ගාලු මෝදර මැද පාර බව මම අනුමාන කළෙමි.
  • මෙම සන්දර්භිය පසුබිම මත මා උපකල්පනය කළේ මෙම පුද්ගලයින් අරලියගහ මැදුර ඉදිරිපිට විරෝධතා අඩවිය විනාශ කිරීමෙන් පසුව ගෝටාගෝගමට පැමිණෙමින් සිටි සමුහයේ කොටසක් බවයි.
  • එම නිසා ම මා විශ්වාස කළේ මෙම පුද්ගලයින් දෙදෙනා කොටස්කරුවන් වූ සමුහය යුතු ජන රාශියක් හෝ නීතිවිරෝධී රංචු ගැසීමක් බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):



මෙය සමාජ මාධ්‍ය මගින් කෙරෙන සමහර සන්නිවේදනයන් අපරාධයන බවට පත් කිරීමට ශ්‍රී ලංකාවේ කෙරෙන පළමු උත්සාහය වේ.

15. මහජනයා බිය වැද්දවිය හැකි හෝ මහජනයා කැළඹීය හැකි හෝ වාර්ගික ප්‍රචණ්ඩත්වයට හේතු විය හැකි හෝ වරදක් සිදුකිරීමට පෙළඹවිය හැකි කිසිදු කට කතාවක් හෝ අසත්‍ය ප්‍රකාශයක් හෝ යම් තොරතුරක් හෝ පින්තුරයක් හෝ පණිවිඩයක් කට වචනයෙන් හෝ ඩිජිටල් ක්‍රමයකින් හෝ සමාජ මාධ්‍ය ඇතුළු වෙනත් කවර වූ හෝ ක්‍රමයකින් සන්නිවේදනය කිරීම  හෝ පැතිරවීම කිසිදු තැනැත්තකු විසින් නොකළ යුතු ය.

(2022 මැයි 6 දාතම දරන අති විශේෂ ගැසට් පත්‍රය 2278/23)


 
මෙම නියමයන්ගේ බලපෑම තේරුම් ගැනීමට ප්‍රධාන කරුණු වන්නේ “කටකතා” “අසත්‍ය ප්‍රකාශ” සහ “මහජනයා බිය වැද්දවිය හැකි හෝ මහජනයා කැළඹීය හැකි හෝ වාර්ගික ප්‍රචණ්ඩත්වයට හේතු විය හැකි හෝ වරදක් සිදුකිරීමට පෙළඹවිය හැකි කිසිදු කට කතාවක් හෝ අසත්‍ය ප්‍රකාශයක් හෝ යම් තොරතුරක් හෝ පින්තුරයක් හෝ පණිවිඩයක්”  යන වචන සහ වාක්‍ය ඛණ්ඩ පිළිබඳ නිර්වචනයන් ය.



මා සම්බන්ධ වී සිටින කණ්ඩායමක සාමාජිකයකුගෙන් ලැබුණු පින්තුරයක් සමග “පොලිසියේ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ හිටපු රාජ්‍ය ඇමතිවරයා නීතිවිරෝධී රංචු ගැසීමක කොටස්කරුවන් ද?” යන ප්‍රශ්නය මම ට්විටර්හි සහ මුහුණු පොතෙහි පළකිරීමක් මගින් ඇසුවෙමි.

ඡායාරුපය මා ගත් එකක් නොවේ. පසුබිමෙන් ගෝල්ෆේස් හෝටලයේ සුවිශේෂී වහලය පෙනෙන්නට තිබුණු නිසා එම ස්ථානය ගාලු මෝදර මැද පාර බව මම අනුමාන කළෙමි.

මෙම සන්දර්භිය පසුබිම මත මා උපකල්පනය කළේ මෙම පුද්ගලයින් අරලියගහ මැදුර ඉදිරිපිට විරෝධතා අඩවිය විනාශ කිරීමෙන් පසුව ගෝටාගෝගමට පැමිණෙමින් සිටි සමුහයේ කොටසක් බවයි.

එම නිසා ම මා විශ්වාස කළේ මෙම පුද්ගලයින් දෙදෙනා කොටස්කරුවන් වූ සමුහය යුතු ජන රාශියක් හෝ නීතිවිරෝධී රංචු ගැසීමක් බවයි. මා විසින් මතුකරන ලද්දේ එක් ආකාරයකට හෝ වෙනත් ආකාරයකට ඔප්පු කිරීමට විවෘත වූ ප්‍රශ්නයකි.

sgtre4

හදිසි නීති රෙගුලාසි මගින් අර්ථ දක්වා ඇති අපරාධයේ විෂය පථයට මගේ පළකිරීම ඇතුළත් නොවන බව මම විශ්වාස කරමි. කටකතා හෝ අසත්‍ය ප්‍රකාශ යන විෂය පථය තුළට මගේ ප්‍රශ්නය නොවැටෙන බව මම විශ්වාස කරමි.

නමුත් ප්‍රථම අංගය ගැන ප්‍රශ්නයක් තිබිය හැක. එනම් “මහජනයා බිය වැද්දවිය හැකි හෝ මහජනයා කැළඹීය හැකි හෝ වාර්ගික ප්‍රචණ්ඩත්වයට හේතු විය හැකි හෝ වරදක් සිදුකිරීමට පෙළඹවිය හැකි කිසිදු කට කතාවක් හෝ අසත්‍ය ප්‍රකාශයක් හෝ යම් තොරතුරක් හෝ පින්තුරයක් හෝ පණිවිඩයක්”  යන්න යි. මෙහි දී, ප්‍රශ්නය වන්නේ තොරතුර නිවැරදි ද? වැරදි ද? යන්න නොව එහි බලපෑම කුමක් විය හැකි ද යන්නයි.

මගේ පළකිරීම මගින් මහජන කැළඹීම් හෝ වාර්ගික ප්‍රචණ්ඩත්වය හෝ ඇති නොවන බව මට විශ්වාස ය. නමුත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් හෝ දේශපාලන නායකයෙක් එක් තැනක ප්‍රචණ්ඩ ක්‍රියාකර තව තැනක මැර ක්‍රියා කිරීමට ගමන් කරන අයුතු ජන රාශියක සාමාජිකයන් බව පෙන්වා දීමෙන් සාධාරණ ලෙස සිතන පුරවැසියන් බිය වැද්දීමක් විය හැකි බව මම දනිමි.

 නමුත් මේ ආකාරයේ බිය වැද්දීම් කිරීම පුරවැසියෙකු ලෙස මගේ යුතුකමක් බව මම සිතමි. එවන් ප්‍රකාශයන් මොන යම් නීතියක් යටතේ හෝ තහනම් කිරීම වැරදි බව මම අවංකවම  විශ්වාස කරමි.

 
සමාජ මාධ්‍යයන්හී පළකිරීම්වල අන්තර්ගතයන් අපරාධමය වැරදි බවට පත්කළ ප්‍රථම ආසියානු රට වන්නේ මැලේසියාව යි. එහි දී ද ප්‍රශ්නය වුයේ “අසත්‍ය අන්තර්ගතයන්” යන්නෙහි තේරුම පිළිබඳව ය.



ඩොලර් බිලියන ගණන් කොල්ල කෑ1MDB විෂමාචාරය සම්බන්ධ පණිවිඩ මෙම නිර්වචනයට ඇතුළත් වන්නේ දැයි 2018 මාර්තු මාසයේ දී පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළ විට එවකට සිටි සන්නිවේදන සහ බහුමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය දාතුක් ජයිලනි ජොහාරි ප්‍රකාශ කළේ, විශේෂයෙන්ම ප්‍රවෘත්තියට සම්බන්ධ බලධාරීන් සහ පාර්ශ්වයන් විසින් අසත්‍ය බව තහවුරු කරන තොරතුරු ව්‍යාජ ප්‍රවෘත්ති ලෙස සැලකෙන බව යි.

ඔහු ප්‍රකාශ කළේ 1MDB සිදුවීම පොලිසිය සහ නීතිපති විසින් විමර්ශනය කරනු ලැබූ බවත්, එහි වාර්තා දෙපාර්ශවයේ ම මන්ත්‍රීවරුන්‌ගෙන්  සැදුම් ලත් පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවට ලබා දුන් බවත් ය..  රාජ්‍ය ගිණුම් කාරක සභාවේ වාර්තාවේ නිර්දේශ ආණ්ඩුව පිළිගෙන ඒවා ක්‍රියාත්මක කරමින් සිටින බව ද ජයිලනි වැඩි දුරටත් පැවසීය. ..... “එබැවින් ආණ්ඩුවේ අදහස වන්නේ ආණ්ඩුව විසින් තහවුරු කරන ලද තොරතුරු හැරුණු විට අනෙක් සියලු තොරතුරු ව්‍යාජ ප්‍රවෘත්ති ලෙස සැලකෙන බවයි.”  
 
( https://www.thestar.com.my/news/nation/2018/03/21/unverfied-info-on-1mdb/#eLl1jB5cIC12F7d1.99 )


2018දී ආරක්ෂක අමාත්‍යංශයේ දී, සමාජ මාධ්‍ය නියාමන නීති පිළිබඳව ඉදිරිපත් කිරීමක් කරන විට මම සඳහන් කලේ මෙම විෂමාචාරය පිළිබඳව මැලේසියානු ආණ්ඩුවේ ස්ථාවරයට පටහැනි කිසිවක් මා කියන විට භුමිසීමා ඉක්මවන බලපෑමක් සහිත මැලේසියානු නීතිය උල්ලංඝනය කිරීමේ චෝදනාමට එල්ල විය හැකි බවයි. ඉන්පසු පැමිණි මහතීර් මොහොමඩ් ආණ්ඩුව එම නීතිය අවලංගු කල බැවින් මැලේසියාවේදී මා අත් අඩංගුවට ගැනීමේ අනතුර පහව ගියේය.

මගේ සමාජ මාධ්‍ය පළකිරීම් සහ මෙම ලිපිය නිසා මා මගේ රටේ හදිසි නීති රෙගුලාසි උල්ලංඝනය කල බවට චෝදනාවක් එල්ල නොවනු ඇතැයි මම උදක්ම බලාපොරොත්තු වෙමි.    


RohanSamarajeewa(මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික  

rohan@lirneasia.net

 

 

 


Leader Whats app

  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...