The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අරගලය තුළින් නව ජනරජයක සිහිනය කරා.. - (සුමිත් චාමින්ද)

T

The Leader Desk

June 17, 2022 • 7:55 AM

අරගලය තුළින් නව ජනරජයක සිහිනය කරා.. - (සුමිත් චාමින්ද)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔබ දශක දෙකකින් තරුණ වනු ඇත.
  • මමත් දැන් විසි ගණන්වල එළ කොල්ලෙක්." අපේ පරපුරේ ප්‍රතිභාපූර්ණ චිත්‍ර ශිල්පියා නොහොත් හුංගම බාසුන්නැහැ කියන මේ කතාවේ කිසියම් සත්‍යතාවක් ඇතැයි ගෝඨාගෝගමේ වෙසෙන මැදිවයසේ ගම්වාසීන් කිහිපදෙනෙකු දෙස බැලීමෙන් මටද ප්‍රත්‍යක්ෂ වී තිබේ.
  • නමුත්, දැන් අප සමාජයේ අති බහුතරයකට තමන් වටා ඇති ඊනියා සාමාන්‍ය තත්ත්වයට හැඩ ගැසීමම තමන්ව උමතුභාවයට පත් කරන අත්දැකීමක් වී නොමැතිද?
  • එක්කෝ දැන් සමාජයේ බහුතරයක් දෙනා උමතුභාවයට පත්ව ඇති නිසා සමස්ත සමාජයම අරගල බිමක් බවට පත්වෙමින් තිබෙනවා විය යුතුය.
අකුරු ප්‍රමාණය (Font Size):

තිබුණි.

"අරගල බිමට එන්න. ඔබ දශක දෙකකින් තරුණ වනු ඇත. මමත් දැන් විසි ගණන්වල එළ කොල්ලෙක්." අපේ පරපුරේ ප්‍රතිභාපූර්ණ චිත්‍ර ශිල්පියා නොහොත් හුංගම බාසුන්නැහැ කියන මේ කතාවේ කිසියම් සත්‍යතාවක් ඇතැයි ගෝඨාගෝගමේ වෙසෙන මැදිවයසේ ගම්වාසීන් කිහිපදෙනෙකු දෙස බැලීමෙන් මටද ප්‍රත්‍යක්ෂ වී තිබේ.


slks

උමතුභාවය සහ රැකවරණය:

සුජිත්ගේ කතාව තරමක් වෙනස් කොට අපට මෙසේද පැවසිය හැකිය. "මේ මොහොතේ ඔබට පියවි සිහියෙන් ඉන්නට අවශ්‍ය නම් අරගල බිමට පැමිණෙන්න. නැතිනම්, ඔබට නිසැකවම පිස්සු හැදේවි."

මේ වත්මන් අර්බුද සමය ඉන් පෙර පැවති තත්ත්වයෙන් වෙනස් වන්නේ කෙසේදැයි පැහැදිලි කළ හැකි සරල ආකාරයකි.

මින් පෙර අරගලවල නිරත වීමට කිසියම් උමතුභාවයක් (එනම් කිසියම් මනෝරාජික විශ්වාසයක්, න්‍යායික අදහසක්, සමාජ සම්මතයට හැඩ ගැසෙන්නට බැරිකමක් වැනි කවරාකාර හෝ අසාමාන්‍ය ගති ලක්ෂණයක්) වුවමනා විය. නැතිනම්, අධිපති කතිකාව තුළ අරගලකාරීන්ව දකින ලද්දේ ඒ ආකාරයෙනි.

නමුත්, දැන් අප සමාජයේ අති බහුතරයකට තමන් වටා ඇති ඊනියා සාමාන්‍ය තත්ත්වයට හැඩ ගැසීමම තමන්ව උමතුභාවයට පත් කරන අත්දැකීමක් වී නොමැතිද? පෙනෙන මානයේ කිසිදු ආලෝක ධාරාවක් නොමැති අන්ධකාර උමගක අවසානයක් නොමැතිව පහතට ඇද වැටෙමින් තිබෙන සමාජයක යමෙකුට උමතු නොවී සිටිය හැකිද?

එක්කෝ දැන් සමාජයේ බහුතරයක් දෙනා උමතුභාවයට පත්ව ඇති නිසා සමස්ත සමාජයම අරගල බිමක් බවට පත්වෙමින් තිබෙනවා විය යුතුය. නැතිනම්, සාමාන්‍ය සමාජ පර්යායට මුහුණ දීමම ක්ෂතිමය අත්දැකීමක් වී තිබෙන නිසා යමෙකුට පියවි සිහියෙන් සිටිය හැකි එකම තැන අරගල බිම පමණක් වී තිබෙනවා විය යුතුය.

 286911225 5278164395582416 1485043991754247454 n

සංක්‍රාන්ති ලිංගික එකතූන්වලටද ගාලු මුවදොර අරගල බිමේ පොදු අවකාශය සමානව බෙදා ගත හැකිව තිබේ.

 

ඉහත දෙවන වියහැකියාව ගැන කිව යුතු තවත් කාරණයක් තිබේ. එනම්, දැන් ගාලු මුවදොර සහ තවත් බොහෝ තැන්වල නිර්මාණය වී තිබෙන කල් පවත්නා අරගල බිම් තම දෛනික ජීවිතයේ නේකවිධ පීඩනයන්ට මුහුණ දෙමින් සිටින සමාජ කොටස්වලට එක්තරා ආකාරයක විමුක්තිදායක අවකාශයන් බවට පරිවර්තනය වෙමින් තිබීමයි.

ඒවා බාහිර ලෝකය තුළදී අපට මුහුණ පෑමට සිදුවන ජනවාර්ගික, ආගමික, සමාජ ලිංගික සහ සංස්කෘතික පීඩනයන්ගෙන් මොහොතකට හෝ අත් මිදී පොදු මිනිස් සමූහයක් සමග එක්වීමට ඉඩකඩක් විවර කර දෙයි.

නිදසුනක් ලෙස, සංක්‍රාන්ති ලිංගික එකතූන්වලටද ගාලු මුවදොර අරගල බිමේ පොදු අවකාශය සමානව බෙදා ගත හැකිව තිබේ. කෙසේ වුවද, අරගල බිම් තුළ මෙම විමුක්තිදායක ශක්‍යතාව වනාහී අසීරු සහ නිරන්තර අභ්‍යන්තර අරගලයක් මගින් දැනුවත්ව පවත්වාගත යුත්තකි. එය තර්ජනයට ලක් වන වාර කොතෙකුත් තිබේ.

නමුත්, දැනට ටික කලකට පෙර කොළඹ ආශ්‍රිත ඊනියා දාර්ශනික කවයක් තුළ ස්ත්‍රීන්ට එල්ල වන ලිංගික හිංසන ගැන පවා වාර්තා වූ පසුබිමක ගෝඨාගෝගම් තුළ නිර්මාණය වෙමින් පවතින බහුවිධ විමුක්තිදායක ශක්‍යතාව යනු අගය කළ යුතු වූත් ආරක්ෂා කරගත යුතු වූත් ජයග්‍රහණයකි.


 දිගුකාලීන වාමාංශික සංස්කෘතියක් ගොඩ නැගී පවතින ලොව ඇතැම් තැන්වල මෙවන් විමුක්තිකාමී මහජන අවකාශ කාලයක් තිස්සේ පවත්වාගෙන යනු ලබයි. ඒවා තුළ විවිධාකාර විකල්ප සංස්කෘතික වැඩ, බුද්ධිමය සංවාද, කියැවීම් කව මෙන්ම නව සමාජ පර්යායක් පිළිබඳ අත්හදාබැලීම් පවා සිදු කෙරෙයි. මේ වනාහී වමේ දේශපාලනයට දිගු ඉතිහාසයක් තිබෙන ලංකාව තුළ කවර හේතුවක් නිසා හෝ මෙතෙක් දිනාගත නොහැකිව තිබූ ඉතාම වැදගත් ඓතිහාසික ජයග්‍රහණයකි.



විශේෂයෙන්ම වත්මන් සමාජ වියවුල තුළ රැකවරණයක් පිළිබඳ සමාජ අයැදුමට සාර්ථකව ආමන්ත්‍රණය කිරීමට රාජ්‍ය අසමත් වීම හමුවේ අරගල බිම නමැති විමුක්තිදායක අවකාශයට ඒ සඳහා කළ හැකි දායකත්වයක් තිබේ.

පසුගියදා ගාල්ල ගෝඨාගෝගමේ පොදු කුස්සිය ගැන නිවේදනය කරමින් පළ කර තිබූ සමාජ මාධ්‍ය පෝස්ටුවක දැක්වුණේ කවර සාගතයක් හමුවේ වුවද ගාල්ලේ ජනතාවට නිරාහාරව සිටින්නට අරගලකරුවන් ඉඩ නොදෙන බවයි.

 

අද දිනයේ පුළුල් මහජන සහායක් දිනාගත හැක්කේ මහජනයා සමග එක්ව විකල්ප විසඳුම් නිර්මාණය කරන්නට සමත් ප්‍රතිජනනාත්මක දේශපාලනයක නිරත වන්නා වූ එවන් ව්‍යාපාරයකටය. නොඑසේව, ඔබ අපව බලයට පත් කළ හොත් ඔබේ ප්‍රශ්නවලට අප සතුව විසඳුම් තිබේ යැයි ප්‍රභූන් පමණක් අසුන් ගත් වේදිකාවල සිට ශපථ කරන්නා වූ පැරණි දේශපාලනය දැන් ප්‍රතික්ෂේප වී යමින් පවතී.         

 

කෙසේ වුවත්, අරගල බිම බහුවිධ විමුක්තිදායක අවකාශයක් වීමේ ජයග්‍රහණය අගය කරන අතරම අප සිහි තබා ගත යුතු තවත් අභියෝගයක්ද ඇත. එනම්, අරගල බිම නමැති විමුක්තිදායක අවකාශයත් එයට බාහිරින් ඇති ලෝකයත් අතර ඓන්ද්‍රීය සම්බන්ධය ලිහිල් වී යාමට නොදී පවත්වා ගැනීමේ අභියෝගයයි.

මාක්ස්ගේ වචනයෙන් කිව හොත්, අරගල බිම "පීඩිතයාගේ දුක් සුසුම, හදවතක් නැති ලෝකයේ හදවත සහ නිර්ධනයාගේ අබිං" බවට පත් වීමට ඉඩ නොදීමේ අභියෝගයයි.

මගේ නිරීක්ෂණය වන්නේ මහනුවර, ගාල්ල වැනි පරිවාරයේ නගරවල අරගල බිම් සම්බන්ධයෙන් මේ ගැටළුව එතරම් අදාළ නොවන බවයි. ඒවා ප්‍රමාණාත්මකව කුඩා ඒවා වීම නිසාම නගරයේ පොදුජන ජීවිතය සමග ඇති ඓන්ද්‍රීය සම්බන්ධය ඒවාට එතරම් ගිලිහී නොයයි. ගාලු මුවදොර අරගල බිම සම්බන්ධයෙන් ගත් කල, මේ අභියෝගය ජය ගත හැක්කේ විවිධ පීඩිත සමාජ කොටස් අතුරින් පැන නගින විරෝධතා ව්‍යාපාර මගින් අරගල බිමට දේශපාලන ශක්තීන් නිරන්තරව එන්නත් කිරීම මගිනි.

එසේම, අරගල බිම සංස්කෘතික වශයෙන් වේගයෙන් පොහොසත් වෙමින් පැවතුණද බුද්ධිමය වශයෙන් තව බොහෝදුරට වර්ධනය විය යුතුව තිබේ. ජන අරගලයේ මීළඟ රැල්ලට පෙර අරගල බිම් තුළ දේශපාලන සහ බුද්ධිමය සංවාදය පුළුල් කරගැනීම වැදගත්ය.


අළුත් කතන්දරයක් අවශ්‍ය වී තිබේ !


image 2842e4adf3 

වත්මන් ජන අරගලය සම්බන්ධයෙන් වාමාංශික නායකත්වයන් මුහුණ දෙමින් සිටින තවත් අභියෝගයක් වන්නේ අළුත දේශපාලනීකරණය වූ නාගරික මධ්‍යම පන්තික කොටස් සහ අරගලයේ නිරත පරිවාර පීඩිත ප්‍රජාවන් අතර ඓන්ද්‍රීය බැම්මක් ගොඩ නගන්නේ කෙසේද යන්නයි.

 

ඉදිරි ප්‍රති-හෙජමොනික දේශපාලනයක ජයග්‍රහණය සඳහා එවන් බැම්මක් ගොඩ නැගීම වැදගත්ය. දැනට පෙනෙන්නට තිබෙන පරිදි පෙසප ප්‍රමුඛ රැඩිකල් වාමාංශය පරිවාර පීඩිත ප්‍රජාවන් සංවිධානය කිරීමේ යුහුසුළු වෑයමක් දරමින් සිටියි. ජවිපෙ ප්‍රමුඛ ජාජබ තම සුපුරුදු දුෂණ විරෝධී සටන් පාඨ අතැතිව නාගරික සහ අර්ධ-නාගරික උගත් වැදගතුන් මුල් කොටගත් ව්‍යාපාරයක් සංවිධානය කරමින් සිටින බව පෙනේ.

පළමු පිරිසට පවත්නා ක්‍රමය ගැන කළකිරී සිටින නාගරික මධ්‍යම පන්තික කොටස්ද, දෙවන පිරිසට පරිවාරයේ පීඩිත ප්‍රජාවන්ද මග හැරී යයි. අවශ්‍යව ඇත්තේ මේ බලවේග අතර පාළමක් තැනීමට සමත් ශක්තිමත් ප්‍රති-හෙජමොනික ව්‍යාපාරයකි.

එය කරන්නේ කෙසේද? ඒ සඳහා අළුත් කතාන්දරයක් අවශ්‍ය ය. එම කතාන්දරය අරගලයේ නිරත සියළු බලවේගවලට සරලව ඒත්තු ගැන්විය හැකි වූවක් විය යුතුය. එය අප සියළුම දෙනා දැන් ඇද වැටී සිටින අන්ධකාර පත්ලෙන් ගොඩ ඒමේත්, වඩාත් විමුක්තිකාමී නව ජනරජයක් පිළිබඳ සිහිනය සැබෑ කිරීමේත් සාමූහික අරමුණෙහි සම කොටස්කරුවන් වන්නට අපට ඇරයුම් කරන ආකර්ෂණීය කතාන්දරයක් විය යුතුය.

 වමේ නායකත්වයන්ට දැනටමත් ඔවුනගේ සියළුම ක්‍රියාකාරීත්වයන්ට අරුතක් ලබා දෙන්නා වූත්, ඒවා එකිනෙකට තර්කානුකූලව සම්බන්ධ කරන්නා වූත්, ඔවුනගේ සියළුම කාඩර්වරුන් හට හොඳින්ම ඒත්තු ගියාවූත් කතාන්දරයක් තිබෙන බව සැබෑය.

 නමුත්, එම කතාන්දරය ඔවුනගේ පක්ෂවලින් පිටත සිටින පුළුල් බහුජන කොටස්වලටද එලෙසින්ම ඒත්තු ගැන්විය නොහැකි බැවිනි, අද වමට නව කතාන්දරයක් අවශ්‍යව ඇත්තේ. මේ පිළිබඳව මීළඟ ලිපියේදී විස්තරාත්මකව ලියන්නට බලාපොරොත්තු වෙමි.  



වසංගතය සමග ජීවත්වීමේ මිනීමරු යෝජනාව මහජනතාව මත පැටවීම සඳහා සුමිත් චාමින්ද  ශිෂෙක්ගේ න්‍යාය ප්‍රවර්ධනය කරයි - World Socialist Web Site(සුමිත් චාමින්ද)
කතිකාචාර්ය
කොළඹ විශ්ව විද්‍යාලය
sumith.chaaminda@yahoo.com



{gallery}radicalcenter2022531{/gallery}


Leader Whats app

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...