The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'ක්ලීන් ශ්‍රී ලංකා' හා ඩිජිටල් ආර්ථික ව්‍යාපෘතිවලින් පෙන්වන ජාජබයේ ප්‍රායෝගික වාදය | ආචාර්ය සුජාතා ගමගේ

T

The Leader Desk

January 7, 2025 • 6:12 AM

'ක්ලීන් ශ්‍රී ලංකා' හා ඩිජිටල් ආර්ථික ව්‍යාපෘතිවලින් පෙන්වන ජාජබයේ ප්‍රායෝගික වාදය | ආචාර්ය සුජාතා ගමගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපති අනුරගේ අලුත් අවුරුදු ප්‍රකාශනයෙන් සංවර්ධන ඉලක්ක තුනක් හදුන්වා දුන්නා.
  • එනම්, 1- ගම්බද දරිද්‍රතාවය තුරන් කිරීම, 2- ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම, හා 3- ඩිජිටල් ආර්ථිකයක් ගොඩ නැගීම.
  • ඩෙන් ෂියාඕපින් ඩෙන් ෂියාඕපින්ගේ "බළලා කළු වුවත් සුදු වුවත් කමක් නැහැ මීයෝ අල්ලනවා නම්" යන ප්‍රකාශයෙන් කැටි කර පෙන්වා දුන් කරන ලද ප්‍රායෝගිකවාදය තුළින් චීනයේ කොමියුනිස්ට් පක්ෂය තම ජනතාව දරිද්‍රතාවයෙන් මුදවා ලෝක බලවතෙකු බවට පත් කරා.
  • ක්ලීන් ශ්‍රී ලංකා තුලින් සමාජ පුනර්ජීවනයක් 2025 ජනවාරි 01 වන දින ජනාධිපතිවරයා විසින් පිරිසිදු ශ්‍රී ලංකා වැඩසටහන ප්‍රකාශයට පත් කිරීමේදී එහි අරමුණ ලෙස හැදින්වූයේ “සමාජ, පාරිසරික සහ සදාචාරාත්මක පුනර්ජීවනය තුළින් සමාජය ඉහළ තලයකට ඔසවා තැබීමයි”.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනාධිපති අනුරගේ අලුත් අවුරුදු ප්‍රකාශනයෙන් සංවර්ධන ඉලක්ක තුනක් හදුන්වා දුන්නා. එනම්,

1-  ගම්බද දරිද්‍රතාවය තුරන් කිරීම, 
2- ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම, හා 
3- ඩිජිටල් ආර්ථිකයක් ගොඩ නැගීම.

 
මට පෙනෙන හැටියට එයින් ක්ලීන් ශ්‍රී ලංකා හා ඩිජිටල් ආර්ථිකය යන දෙක පිළිවෙලින් රටේ සමාජීය හා ආර්ථික පුනර්ජීවයක් ඉලක්ක කර ගත් වැදගත් උපාය මාර්ගයන් මිස ඉලක්ක නෙවෙයි. විශේෂයෙන් සැලකිය යුතු කරුණ වන්නේ ඒවා මතවාදයෙන් තොර ප්‍රයෝගික උපාය මාර්ග වීමයි.

සමහර ඇමතිවරු අපි රාජ්‍ය ස්කාගාර තුලින් වඩා ගුණාත්මක මද්‍යසාර ලාබෙට දෙනවා වැනි යල් පැනපු මතවාදී අදහස් ඉදිරිපත් කරන විට ජනාධිපතිවරයා විසින් තම අලුත් අවුරුදු පණිවිඩයෙන් ප්‍රායෝගික මතවාදයක් ඉදිරිපත් කිරීම වත්මන් ආණ්ඩුවේ තීරණාත්මක සන්ධි ස්ථානයක් කියා මම හිතනවා.

Deng Xiaoping 1 2ඩෙන් ෂියාඕපින්

 

ඩෙන් ෂියාඕපින්ගේ "බළලා කළු වුවත් සුදු වුවත් කමක් නැහැ මීයෝ අල්ලනවා නම්" යන ප්‍රකාශයෙන් කැටි කර පෙන්වා දුන් කරන ලද ප්‍රායෝගිකවාදය තුළින් චීනයේ කොමියුනිස්ට් පක්ෂය තම ජනතාව දරිද්‍රතාවයෙන් මුදවා ලෝක බලවතෙකු බවට පත් කරා. ජාතික ජන බලවේගයේ ගාමක බලවේගය වන ජනතා විමුක්ති පෙරමුණටත් මතවාදයේ එල්බ ගන්නේ නැතිව එවැනි ප්‍රයෝගික මාවතක යන්න පුළුවන්. එහෙම ගියොත් අපි හැමෝම දිනුම්.
 
ජාජබයේ මෙම ප්‍රයෝගික උපාය මාර්ග දෙක තව දුරටත් හඳුනා ගනිමු.
 

ක්ලීන් ශ්‍රී ලංකා තුලින් සමාජ පුනර්ජීවනයක්

කඩදොර : 'ක්ලීන් ශ්‍රී ලංකා ?'
2025 ජනවාරි 01 වන දින ජනාධිපතිවරයා විසින් පිරිසිදු ශ්‍රී ලංකා වැඩසටහන ප්‍රකාශයට පත් කිරීමේදී එහි අරමුණ ලෙස හැදින්වූයේ “සමාජ, පාරිසරික සහ සදාචාරාත්මක පුනර්ජීවනය තුළින් සමාජය ඉහළ තලයකට ඔසවා තැබීමයි”. ඒ සඳහා ඔහු කාර්ය සාධක බලකායක් ද පත් කළේය.

ඇත්තෙන්ම ක්ලීන් ශ්‍රී ලංකා වෙබ් අඩවියෙන් තවමත් එම සංකල්පය පිළිබඳ ඊට වඩා විස්තරාත්මක නිර්වචනයක් ලබාගන්න පුළුවන් කමක් නැහැ. එක එක තැන එක වචන යොදනවා. විසිරී ඇති එම තොරතුරැ ඒක රාශි කර ගත්තොත්, මට තේරෙන හැටියට, ක්ලීන් ශ්‍රී ලංකා වල ඉලක්කය වන්නේ රජය, සමාජය හා පරිසරය යන අංශ තුන බවත් ඒවායේ  පිරිසිදු කම යනු භෞතික පිරිසිදු කම මෙන්ම හැසිරීම් හා ආකල්ප වල පිරිසිදු කම ලෙසත් බවයි.

ඒ වගේම ඉලක්ක ගත පරාසය ශ්‍රී ලංකාව විතරක් කියලා විතරක නිර්වචනය කරලා මදි. ඇත්තටම සංකල්පය ක්‍රියාත්මක කරන්න නම් ඉලක්ක ගත පරාසය ශ්‍රී ලංකික පුද්ගලයන් හා ආයතන ලෙස තව දුරටත් පුළුල් කල යුතු වෙනවා.

 

rtScreenshot 2025 01 05 at 10.54.06 copy
එම නිසා ක්ලීන් ශ්‍රී ලංකා යනු ශ්‍රී ලාංකිකයන්ගේ හා ලාංකීය ආයතනයන්හී හැසිරීම් හා ආකල්ප වල පිරිසිදුකම හා ඔවුන්ට/ඒවාට අදාළ පරිසරයේ භෞතික පිරිසිදුකම ඇති කිරීමේ ක්‍රියාවලිය තුලින් ශ්‍රී ලාංකීය සමාජයේ පුනර්ජීවනයක් ඇති කිරීම ලෙස කෙටි නිර්වචනයක් හදුන්වා දීමට මම කැමතියි.
 
ක්ලීන් ශ්‍රී ලංකා වලට අඩංගු විය හැකි සංඝටක සියල්ල පූර්ණ ලෙස හඳුන්වා ගැනීමට ආයතන කාණ්ඩයට කුටුම්බ, රාජ්‍ය ආයතන හා රාජ්‍ය නොවන ආයතන යන සියලු ආයතන ප්‍රභේද අඩංගු විය යුතු අතර පරිසරය කාණ්ඩයට පොදු ස්ථාන, පෞද්ගලික ස්ථාන, මග තොට, යාන වාහන, වන පෙත්, ඇලදොළ, සාගරය, වායුගෝලය හා එකී නොකී පුද්ගලයින් හෝ ආයතන නොවන සියලු පරිසර ප්‍රභේද සියල්ල අයත් කල යුතුයි. 

එක් එක් අදාල සංඝටකයේ හැසිරීමේ හා ආකල්පමීය වෙනස්කම් හෝ භෞතික වෙනස් කම් අනන්තයි අප්‍රමානයි. එම නිසා ඒවායින්  වඩා වැදගත් වෙනස්කම් තෝරා ගෙන ක්‍රියාත්මක වීම එම කාර්ය සාධන බලකායේ වගකීම වනවා.

මුල් දින කිහිපයේදී ක්ලීන් ශ්‍රී ලංකා ක්‍රියාකාරකම් වල යම් අවිධිමත් ස්වභාවයක් තිබීම බලාපොරොත්තු විය හැකියි.

උදාහරණ ලෙස වහාම ක්‍රියාත්මක කරන ලද යාන වාහන වල පිරිසිදුකම පිළබඳ පොලිස් ක්‍රියාන්විතය යන්න වාහන වලට නීති විරෝධී වෙනස් කිරීම්, ඝෝෂාකාරී නලා සහ මහජන අපහසුතාවයට හේතු වන වෙනත් උපකරණ පිළිබඳ පනතක් අනුව සිදු කෙරුණු බව කිවුවත්, එම මෙහෙයුම ගැන පූර්ව දැනුවත් කිරීමක් තිබුන බව පෙනෙන්නේ නැහැ.

Clean Sri Lanka රථවාහන මෙහෙයුමෙන් බස් සැරසිලි ගැලවෙයි ද?

 

ඊට අමතරව ඉදිරියේදී මෙවැනි රට වාහන වලට අදාළ මෙහෙයුම් සිදු විය යුත්තේ ප්‍රවාහනය, මග තොට හා යාන වාහනවලට අදාලව සිදු විය යුතු පූර්ණ වෙනස් කම් රාමුවක් තුලයි.
 
එවැන්නක් ඉදිරියේදී සිදු වේ යයි මට විශ්වාසයක් ඇත්තේ පිරිසිදු ශ්‍රී ලංකා කාර්ය සාධක බලකායේ සාමාජිකාවක් වන මගේ මිත්‍ර සන්ධ්‍යා සල්ගාදු මහත්මිය විසින් සිරස පැතිකඩ වැඩසටහනේදී කළ පැහැදිලි කිරීම නිසයි. එහිදී ඇය පැවසූයේ ලෙහෙසියෙන් ප්‍රතිඵල ලබා ගත හැකි ක්‍රියාකාරකම් මෙන්ම දීර්ඝ කාලීන කාර්ය සාධන ඉලක්ක ලබා ගත හැකි ක්‍රියාකාරකම් ඇති සැලස්මක් ඔවුන් හදමින් සිටින බවයි.

ඩිජිටල් ආර්ථිකයක් තුලින් ආර්ථික පුනර්ජීවනයක්

 

ජනාධිපති උපදේශක තනතුරක් ලැබූ හාන්ස් විජේසූරිය කවුද?ජනාධිපති උපදේශක තනතුරක් ලැබූ හාන්ස් විජේසූරිය
ජනාධිපතිවරයා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයක් පිහිටුවා එය තමා භාරයට ගෙන ඇති අතර විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන ආචාර්ය හාන්ස් විජේසූරිය මහතාව එහි ප්‍රධාන උපදේශක ලෙස පත් කරගෙන තිබෙනවා. එම ඩිජිටල් ආර්ථිකය යන සංකල්පය හෝ උපාය මාර්ග තවමත් සවිස්තරාත්මකව දක්වා නැහැ. නමුත් එම අමාත්‍යංශය සඳහා ඉදිරිපත් කර ඇති මෙහෙවර ප්‍රකාශයෙන් කියවෙන්නේ:
 
“සමාජ හා කාර්මික පරිවර්තනයක් තුළින් තාක්ෂණික දියුණුව, නවෝත්පාදනය සහ සංවර්ධනය යන ජාතික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා තාක්ෂණය පදනම් කරගත් ප්‍රතිපත්ති, උපාය මාර්ග, ප්‍රමුඛතා, වැඩසටහන්, සැලසුම් සහ මාර්ගෝපදේශ නිර්මාණය කිරීම සහ පුනර්ජීවනය කිරීම.”
 
මෙම මෙහෙවර ප්‍රකාශනය වඩාත් ආර්ථික සංවර්ධනය කෙරේ නාභි ගත වෙන්න ඕනී කියලා මම හිතනවා. මොකද  ඩිජිටල් ආර්ථිකය තුලින් කෙලින්ම සමාජ පරිවර්තනයක් ඇති කරන්න බැහැ. ඇරත් ක්ලීන් ශ්‍රී ලංකා තුලින් සමාජ පරිවර්තනය ඉලක්ක කර තිබෙනවා.

මම දකින විධියට “ඩිජිටල් තාක්ෂණය පදනම් කරගත් ප්‍රතිපත්ති, උපාය මාර්ග, ප්‍රමුඛතා, වැඩසටහන්, සැලසුම් සහ මාර්ගෝපදේශ තුලින් ආර්ථිකයේ තාක්ෂණික දියුණුව, නවෝත්පාදනය හා සංවර්ධනය ඇති කිරීම” වගේ වඩා සරල මෙහෙවරක්  තබා ගැනීම වඩා ප්‍රයෝජනවත් වෙනවා යන්නයි.

ඩිජිටල්කරණය සෑම උපාය මාර්ගයකටම අදාලයි

 

ආර්ථිකය ගොඩදාන්න ඩිජිටල් පරිවර්තනයකට යා යුතුයි' - (අජන්ත සෙනවිරත්න)
සමාජ පරිවර්තනයක් ඉලක්ක කරගත් ක්ලීන් ශ්‍රී ලංකා උපාය මාර්ගය හා  හා ආර්ථික පුනර්ජීවයක් ඉලක්ක කර ගත් ඩිජිටල් ආර්ථික උපාය මාර්ගය මෙන්ම රටේ සෑම කටයුත්තක්ම ඩිජිටල්කරණය තුලින් ඉහල නැංවීම කාලීන අත්‍යවශ්‍යතාවයක්.
 
උපාය මාර්ග වල අනුපූරකතාව රැක ගැනීමෙන් කාර්යක්ෂමතාව
 
සමාජ පරිවර්තනයක් ඉලක්ක කරගත් ක්ලීන් ශ්‍රී ලංකා උපාය මාර්ගය හා  ආර්ථික පුනර්ජීවයක් ඉලක්ක කර ගත ඩිජිටල් ආර්ථික උපාය මාර්ගය යන දෙක අනුපූරක උපාය මාර්ග ලෙස පවත්වා ගැනීමෙන් එකම දේ තැන් කිහිපයකින් කිරීම වලක්වා ගන්න පුළුවන්. 

ඇත්තෙන්ම රජයේ සියලු උපාය මාර්ග සංසන්දනය කර ඒවායේ අනවශ්‍ය අතිච්ඡාදනයන් (හෝ ඕවලැප්ස්) සහ කිසිම උපාය මාර්ගයකින් ආවරණය නොවූ කරුණු හදාරා අදාළ පාර්ශවයන් දැනුවත් කිරීම ජාතික සැලසුම් දෙපාර්මේන්තුවේ කාර්යභාරය විය යුතුයි.

අවසාන වශයෙන් රාජ්‍යයේ ප්‍රධාන වගකීම වන රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය - එනම් ආදායම හා වියදම කළමනාකරණය - සාර්ථකව කර ගනිමින් මේ ද්විත්ව සංවර්ධන උපාය මාර්ගයේ ඉදිරියට යාමට මේ ආණ්ඩුවට හැකි වේවායි මම ප්‍රාර්ථනා කරනවා.


සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා අඩුම කුඩුම හතරක්(සටහන | ආචාර්ය සුජාතා ගමගේ)
සම සම්බන්ධීකාරක 
ශ්‍රී ලංකා අධ්‍යාපන සංසදය
gamage@gmail.com

ආචාර්ය සුජාතා ගමගේ

ප්‍රතිපත්ති විශ්ලේශිකා

ආචාර්ය සුජාතා ගමගේ රාජ්‍ය ප්‍රතිපත්ති විශ්ලේෂකවරියක සහ ජ්‍යෙෂ්ඨ පර්යේෂිකාවක ලෙස ප්‍රකට වන අතර, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, රාජ්‍ය පාලනය, මැතිවරණ ප්‍රතිසංස්කරණ සහ ඩිජිටල් සාක්ෂරතාව වැනි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අදහස් හා පර්යේෂණ දායකත්වයක් ලබා දී ඇත. ඇය TVEC හි හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියක් මෙන්ම Education Forum Sri Lanka හි සම-නිර්මාතෘවරියකි.

View all stories by ආචාර්ය සුජාතා ගමගේ
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...