The Leader News
BREAKING
Top Ad
පුවත්

ජීවිතාන්ත සිරකරුවන්ගේ දඬුවම වසර 25ක් දක්වා අඩුකරයි

T

The Leader Desk

May 26, 2021 • 4:15 PM

ජීවිතාන්ත සිරකරුවන්ගේ දඬුවම වසර 25ක් දක්වා අඩුකරයි       

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙවර වෙසක් පොහොය දිනය නිමිත්තෙන් වාර්ෂිකව සිදුකරනු ලබන බන්ධනාගාරගත රැඳවියන් නිදහස් කිරීමේ විශේෂ ජනාධිපති සමාව දීමේ ක්‍රියාවලිය යම් සංශෝධනයකට ලක්කර ඇති බව බන්ධනාගාර කළමනාකරණ
  •   නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පෙන්වා දෙන්නේ මෙතෙක් පැවති ජනාධිපති සමාවදීමේ ක්‍රියාවලිය යටතේ ජීවිතාන්තය දක්වා සිරගත වූ සිරකරුවන් හට කිසිදු සමාවක් හිමි නොවූ බවය.
  •         එහෙත් මෙවර වෙසක් දිනය වෙනුවෙන් ප්‍රදානය කරන ලද විශේෂ ජනාධිපති සමාව දීමේ වැඩපිළිවෙල යටතේ ජීවිතාන්ත සිරකරුවන්ගේ දඬුවම වසර 25ක් දක්වා අඩුකර තිබේ.
  •   ඒ අනුව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා සිටි රැඳවියන් 247 දෙනෙකු අතරින් 53 දෙනෙකුට අද දිනයේ නිදහස හිමිව ඇති බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):
හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.
 
නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පෙන්වා දෙන්නේ මෙතෙක් පැවති ජනාධිපති සමාවදීමේ ක්‍රියාවලිය යටතේ ජීවිතාන්තය දක්වා සිරගත වූ සිරකරුවන් හට කිසිදු සමාවක් හිමි නොවූ බවය.
 
 
 
 
එහෙත් මෙවර වෙසක් දිනය වෙනුවෙන් ප්‍රදානය කරන ලද විශේෂ ජනාධිපති සමාව දීමේ වැඩපිළිවෙල යටතේ ජීවිතාන්ත සිරකරුවන්ගේ දඬුවම වසර 25ක් දක්වා අඩුකර තිබේ.
 
ඒ අනුව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා සිටි රැඳවියන් 247 දෙනෙකු අතරින් 53 දෙනෙකුට අද දිනයේ නිදහස හිමිව ඇති බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
 
අනෙක් සිරකරුවන් 194 දෙනා අද දිනයේ සිට සාමාන්‍ය සිරකරුවන් බවට පත් කර තිබේ.
 
බන්ධනාගාර රැඳවියන් හට සිව් වස් සමාලෝචන ක්‍රියාවලිය යටතේ සමාව ලබාදීමේ ආරම්භක පියවරක් ලෙස මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇති බවත්, ඉදිරියේදී මරණ දඬුවම හිමිවූ බන්ධනාගාර තුළ පුනරුත්ථාපනය වූ සමාජගත කළ හැකි රැඳවියන්ට සමාව ලබාදීමේ ක්‍රියාවලියක් සකස් කරමින් පවතින බවත් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
 
වෙසක් පොහොය දිනය නිමිත්තෙන් රැඳවියන් 260 දෙනෙකුට අද නිදහස හිමිව තිබුණි.
 
 
(අද දෙරණ)
THE LEADER TV 
 

බෙලෝරුසියන් මාධ්‍යවේදියා පැහැරගැනීම රාජපක්ෂ මිතුරෙකුගේ වැඩක්...

 

හොර පාරේ පොහොට්ටුවට එන්නත් ගිය හැටි මෙන්න තොරතුරු එළියට...

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...