සමාජයක ප්රගමනය මනිනු ලබන්නේ එහි ඇති උසස් ගොඩනැගිලි, මහා මාර්ග හෝ විදේශ විනිමය සංචිතවල ප්රමාණයෙන් පමණක් නොවේ.එම සමාජයේ බහුතරයක් ජනතාව ලෝකය දෙස බලන දෘෂ්ටිකෝණය යථාර්ථය තේරුම් ගන්නා ආකාරය සහ ගැටලුවකට මුහුණ දීමේදී භාවිත කරන තර්කනය මතය.
21 වන සියවසේ අපේ රට
අවාසනාවකට මෙන් වර්තමාන ශ්රී ලංකාව දෙස බලන විට පෙනී යන්නේ තාක්ෂණිකව 21 වන සියවසට පා තබා තිබුණද චින්තනමය වශයෙන් තවමත් ගූඪවාදය සහ මිත්යාවේ අඳුරු යුගයක සිරවී සිටින සමාජයක ලක්ෂණයන්ය.
ඕනෑම සමාජයක පුද්ගලයෙකුට තමන් කැමති ආගමික හෝ ආධ්යාත්මික විශ්වාසයක් දැරීමට අයිතියක් ඇත. නමුත් ප්රශ්නය උද්ගත වන්නේ එම පෞද්ගලික විශ්වාසයන් සාක්ෂි මත පදනම් වූ විද්යාත්මක හෝ රාජ්ය ප්රතිපත්ති අභිබවා යමින් පොදුජන ජීවිතය පාලනය කිරීමට පටන් ගන්නා විටය.
කොවිඩ් වසංගතය පැවැති සමයේ පැණියක් ගංගාවලට දැමීමෙන් වසංගතය පාලනය කළ හැකි යැයි විශ්වාස කළ සෞඛ්ය ඇමතිවරියකගේ සිට කෘෂිකාර්මික, ආර්ථික හෝ දේශපාලනික තීරණ ගැනීමට පෙර නිමිති සහ ජ්යොතිෂය හඹා යන නායකයන් දක්වා වූ පාලන සංස්කෘතියක් තුළ විද්යාත්මක ප්රවේශයකට ඉඩක් නැත.දැන් මහසොහොන් සමයම නටමින් සිටී. මෙලෙස ආගමික මිත්යාවන් සහ ගූඪ විශ්වාසයන් රාජ්ය යාන්ත්රණයට අතුළු වූ විට රටක ඉදිරි ගමන මුළුමනින්ම අඩපණ වේ.
පල්ලියේ මිත්යාවට එරෙහිව
17 සහ 18 වන සියවස්වල යුරෝපය පැවතියේ ද මෙවැනිම අන්ධකාරයකය. කතෝලික පල්ලියේ මතවාදී ආධිපත්යය විසින් විද්යාත්මක සොයාගැනීම් තහනම් කරනු ලැබූ අතර ප්රශ්න කරන බුද්ධිමතුන්ව පණපිටින් පුලුස්සා දමන ලදී.
නමුත් යුරෝපය එම පශ්චාත් මධ්යතන අඳුරෙන් මිදුණේ ඇකඩමියාව සහ බුද්ධිමතුන් භයනැතිව ඉදිරියට පැමිණි බැවිනි. ගැලිලියෝ, කොපර්නිකස්, ජෝන් ලොක්, වෝල්ටෙයාර් සහ රූසෝ වැනි විද්වතුන් පල්ලියේ දෝග්මාවන්ට එරෙහිව තර්කය, සාක්ෂි සහ නිදහස් චින්තනය පෙරට තැබූහ.

එහිදී ඇකඩමියාව හුදෙක් උපාධි පිරිනමන ස්ථානයක් නොවී සමාජයේ මුල් බැසගත් මිත්යාවන් අභියෝගයට ලක්කරන සහ රාජ්යයත් ආගමික අධිකාරියත් වෙන්කිරීමට බුද්ධිමය මගපෙන්වීම ලබාදෙන මධ්යස්ථානයක් බවට පත්විය.
සංවාද වෙනුවට නිහඬවීමේ ඇකඩමියාව
නමුත් ලංකාවේ සන්දර්භය තුළ විශ්වවිද්යාල සහ බුද්ධිමය සංස්ථා වෙතින් දකින්නට ලැබෙන්නේ මීට හාත්පසින්ම වෙනස් කණගාටුදායක තත්ත්වයකි. රට තුළ විශාල ලෙස මිත්යාවන් ප්රචාරය වෙද්දී ජනතාව රෝගාබාධ හෝ ආර්ථික ගැටලු හමුවේ අසරණ වී ගූඪ ආරක්ෂාවන් සොයා යද්දී රටේ විශ්වවිද්යාල පද්ධතිය පසුවන්නේ මාරාන්තික නිහඬතාවයකය.
ඊට ප්රධාන හේතුව වන්නේ උසස් අධ්යාපනය යනු විවේචනාත්මක බුද්ධිය වර්ධනය කිරීම වෙනුවට විභාග සමත්වීමේ හෝ පටු රැකියා වෙළඳපොළට අවශ්ය දැනුම ලබාදීමේ යන්ත්රයක් බවට පත්ව තිබීමයි.
එමෙන්ම සම්ප්රදායික හෝ ආගමික මතයක් ප්රශ්න කිරීම ජාතික හෝ සංස්කෘතික අයිතියට පහරදීමක් ලෙස ලේබල් කිරීමට සමාජය පෙළඹෙන බැවින් එවැනි ප්රහාරවලට ලක්වීමට ඇති බිය නිසා බොහොමයක් විද්වතුන් තම පර්යේෂණ කාමරවලට පමණක් සීමා වෙති.
යථාවත්, තාර්කික අනාගතයක් වෙනුවෙන්
මිත්යාවෙන් මිදුණු තර්කනය සහ විද්යාත්මක පදනම මත ගොඩනැගුණු දියුණු සමාජයක් නිර්මාණය කරගැනීමට නම් අප කඩිනමින් පියවර කිහිපයක් වෙත යොමු විය යුතුය.
- ප්රථමයෙන්ම පාසල් මට්ටමේ සිටම කටපාඩම් කරගන්නා අධ්යාපනය වෙනුවට ප්රශ්න කිරීම, තර්ක කිරීම සහ සාක්ෂි මත පදනම්ව තීරණ ගැනීමේ විද්යාත්මක ක්රමවේදය ප්රායෝගිකව පුරුදු කළ යුතුය.
- දෙවනුව සෞඛ්යය, අධ්යාපනය, කෘෂිකර්මය සහ පරිසරය වැනි රාජ්ය තීරණ ගැනීමේදී කිසිදු ආගමික හෝ ගූඪ විශ්වාසයකට ඉඩ නොදී පර්යේෂණ සහ දත්ත මත පමණක් පිහිටා කටයුතු කරන ලෞකික රාජ්ය ප්රතිපත්තියක් ස්ථාපිත කළ යුතුය.
- ජනතාවගේ බිය සහ අසරණකම මුදලට හරවන මිත්යා ප්රචාරණයන් නියාමනය කරමින් විශ්වවිද්යාල ආචාර්යවරුන් සහ විද්වතුන් තම පෞද්ගලික ආරක්ෂිත කලාපවලින් මිදී සමාජයේ මතවාදී අර්බුද හමුවේ ප්රසිද්ධියේ සංවාද කිරීමට ඉදිරිපත් විය යුතුය.
සමාජයක දියුණුව රඳා පවතින්නේ එය තමන්ට උරුම වූ අතීත මිත්යාවන් කොතෙක් දුරට අතහැර යථාර්ථවාදී සහ තාර්කික අනාගතයක් වෙනුවෙන් වෙනස් වීමට සූදානම්ද යන්න මතය.
අන්ධ විශ්වාසයන් වෙනුවට ප්රඥාවත් නිහඬතාව වෙනුවට විවේචනාත්මක සංවාදයත් ආදේශ නොවන තාක් අපට දියුණු සමාජයක් ගැන සිහින දැකිය නොහැක.
- කැකිරාවේ සුදස්සන හිමි