සෙනඟ අඩුවෙනකම් මාස එකහමාරක් ඉඳල 'එදා රෑ' බලන්න ගියා. සතිය මැද, උදේ 10.15 ෂෝ එක වෙලත් හෝල් එකෙන් බාගයකට වඩා සෙනඟ. ගොඩක් අය පවුල් පිටින් එන්නෙ. මිල්ටන්ගෙ රසික පරම්පරාව වෙන්න ඕනි.
ෆිල්ම් එක බලන් ඉන්න පුළුවන් තත්ත්වයේ තියනවා. සමහරවිට අපි මිල්ටන්ට ආදරේ නිසා, මිල්ටන් ගේ ගීතවලට ආදරේ නිසා වෙන්න පුළුවනි.
රොෂාන් ගෙන් පසු මිල්ටන්
රොෂාන් රවීන්ද්‍ර මිල්ටන් ගේ චරිතය හොඳින් ඉදිරිපත් කරනවා. ෆිල්ම් එකේ තුනෙන් එකක් වගේ යනකම් රොෂාන් රවීන්ද්‍ර පෙනි පෙනී තිබිල, ඊට පස්සෙ මිල්ටන් පෙනෙන්න ගන්නවා. මට ඒක තේරුණේ විකසිත පැතුමන් ගීතය එක්ක (මිල්ටන් ගයන ගීවලින් මගේ ප්‍රියම ගීය) හැබැයි තරුණ මිල්ටන්ට පොඩි බඩක් තියන බෙල්ලෙ රැල්ලක් තියන රොෂාන්ව ගැලපෙන්නෑ.
ගොඩක් නලු නිළියො චරිත වල සාධාරණය ඉටු කරනවා. ඒත් ජනිත්ගෙයි, විශ්ව කොඩිකාරගෙයි රඟපෑම් ටිකක් හාස්‍යජනකයි. ඒ දෙන්නගෙ වරදකට වඩා ප්‍රතිනිර්මාණය කරන්න හදන චරිතවල දැවැන්තකම වෙන්න පුළුවන්. ශේෂාද්‍රි ගේ චරිතයේ නික්මීම දැනෙනව මදි. ඇත්ත ම සිද්ධිය වෙනස් කරලා සැර බාල කරල කියල තේරෙනවා.
අතාත්වික දර්ශන
VFX හොඳට ම කේස්. ගෝල්ෆෝස් එක ගාව බෑන්ඩ් එක බහිද්දි සමහරුන්ගෙ මූණුවලින් බාගයක් කැපෙනව. බස් එකේ ජනෙල්වලින් පෙන්වන එළියෙ ගහකොළ අතාත්ත්විකයි. බස් එක හොල්ලනවත් වැඩියි. නවත්තල තියන බස් එකක් හොල්ලනව කියල හොඳටම තේරෙනව. ඔය සීන් දෙකම VFX යොදා නොගෙන හොඳට කරන්න තිබ්බා.

1970 කාලෙ ස්ටේජ්වල සිංදුවලට ගෑනු ලමයි නටන සම්ප්රදායක් තිබුණෙ නැහැ. ඒක ආවෙ 2000 වසරේ වගේ. ඒක අතාත්විකයි. ඒ වගේම ලක්ස් සබන් කෑල්ලක් බලෙන් එබ්බවීම අභව්‍යයි. මිල්ටන් වයසට යද්දි ස්වර්ණා වයසට නොයෑම පුදුමසහගතයි. මිල්ටන්ලා, ප්‍රේම්ලා මධුවිතට, නිකොටින් කූරට පෙම් බැන්ඳට ඕක හැමතිස්සෙම කටේ ගහන් ඉන්න ඇතිය කියල මම හිතන්නෑ.
ෆිල්ම් එකට මිල්ටන් ගේ මුළු ජීවිත කතාව ම ඔබ්බවන්න ගිහින් අනාගෙන තියෙන්නෙ. එක ෆ්‍රේම් එකක ඉඳල තවත් ෆ්‍රේම් එකකට යන කාලය මදි. ගොඩක් ප්‍රසිද්ධ පුද්ගලයින් ගෙ බයෝග්‍රැෆි කෑලිවලට කඩලා හෝ (මයිකල් වගේ) කතාවෙන් කොටසක් (බොහීමියන් රැප්සිඩි වගේ) කරන්නේ ඒ නිසා වෙන්න පුළුවන්. කතාව ෆාස්ට් ෆෝවර්ඩ් යන ගතියක් තියනවා.
ක්ලැරන්ස් කෝ…?
මට තියන ලොකුම ප්රශ්නය., මේකෙ ක්ලැරන්ස්ගේ නාමයක් නැති එක. එකම එක තැනකදි නම කියනව පමණයි. මිල්ටන්, ක්ලැරන්ස් හොඳ මිත්‍රයෝ කියන්නෙ ප්‍රසිද්ධ කරුණක්.
ෆිල්ම් එක රස වින්දා. ගොඩක් අය ශෝ එක ඉවර වෙලා නාමාවලියත් ඉවර වෙනකම් ආසනවල ම හිටියා. සමහරු නැගිටලත්, නොගිහින් බලන් හිටියා. මේ ඒ වෙලාවෙ ෆොටෝ එකක්. මම හිතන්නෙ ඒ මිල්ටන්ට තවමත් තියෙන ආදරය.

මේ වගේ ෆිල්ම් රැල්ලක්ම එන්න නියමිතයි. රුක්මනී, මාලනී, ගාමිණී, ලතා, ජෝති චරිත කතා එනවලු. ඒවා මීට වඩා හොඳවීම අත්‍යාවශ්‍යයි. එහෙම නොවුනොත් රැල්ල ඉක්මනටම තුනී වෙලා යාවි.
මේ මට පුද්ගලිකව එදා රෑ දැනුන ආකාරය යි.
සටහන - රසික වික්‍රමආරච්චි
උපුටා ගත්තේ Rasika Wickramanayaka ගේ face book පිටුවෙන්



