The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඉන්ෆන්ටීනෝ ආසියානු පාපන්දුවෙත් ගෝලය හිමිකරගනී

Nethmini

Nethmini

October 24, 2026 • 9:47 AM

ඉන්ෆන්ටීනෝ ආසියානු පාපන්දුවෙත් ගෝලය හිමිකරගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) සභාපති වශයෙන් නැවත තේරී පත්වීමේ ජියානි ඉන්ෆන්ටීනෝගේ උත්සාහයට ආසියානු පාපන්දු සම්මේලනයේ (AFC) සහාය ලබා දෙන බවට එම සම්මේලනයේ සභාපති ෂෙයික් සල්මාන් බින් ඉබ්‍රාහිම් අල්-ඛලීෆා ඊයේ ටෝකියෝ නගරයේදී ප්‍රකාශ කළා.
  • ඉන්ෆන්ටීනෝ සමාව ගැනීම ආසියානු පාපන්දු ප්‍රධානියා මීට පෙර පෙනී සිටියේ ලෝක කුසලාන තරගාවලිය ඇතුළු FIFA තරගාවලියන් හි වාණිජමය අයිතීන් පෞද්ගලික ආයෝජකයින්ට විකිණීමේ ඉන්ෆන්ටීනෝගේ අසාර්ථ සැලසුමට එල්ල වූ විරෝධයට සහයෝගය දක්වමිනුයි.
  • “එක ආසියානු පවුලක් ලෙසින් ඉදිරියට යාමට අපි සූදානම් ජියානි.
  • අද මට එය පැහැදිලිව කියන්න අවශ්‍යයි” ඔහු පැවසුවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) සභාපති වශයෙන් නැවත තේරී පත්වීමේ ජියානි ඉන්ෆන්ටීනෝගේ උත්සාහයට ආසියානු පාපන්දු සම්මේලනයේ (AFC) සහාය ලබා දෙන බවට එම සම්මේලනයේ සභාපති ෂෙයික් සල්මාන් බින් ඉබ්‍රාහිම් අල්-ඛලීෆා ඊයේ ටෝකියෝ නගරයේදී ප්‍රකාශ කළා.

ඉන්ෆන්ටීනෝ සමාව ගැනීම

ආසියානු පාපන්දු ප්‍රධානියා මීට පෙර පෙනී සිටියේ ලෝක කුසලාන තරගාවලිය ඇතුළු FIFA තරගාවලියන් හි වාණිජමය අයිතීන් පෞද්ගලික ආයෝජකයින්ට විකිණීමේ ඉන්ෆන්ටීනෝගේ අසාර්ථ සැලසුමට එල්ල වූ විරෝධයට සහයෝගය දක්වමිනුයි.

ඉන්ෆන්ටීනෝගේ එම සැලැස්ම “විශ්වාසය මූලික වශයෙන් උල්ලංඝනය කිරීමක්” ලෙස හඳුන්වමින් නිකුත් කළ ලිපියකට අත්සන් කරමින් ෂෙයික් සල්මාන් යුරෝපීය පාපන්දු සංගම් සම්මේලනයේ (UEFA) සහ උතුර, මධ්‍යම අමෙරිකාව හා කැරිබියන් පාපන්දු සංගම් සම්මේලනයේ (CONCACAF) සභාපතිවරුන් සමග එක්ව ඉන්ෆන්ටීනෝ ට එරෙහිව කටයුතු කරමින් සිටියා.



ඉන්ෆන්ටීනෝ ඔහුගේ එම සැලැස්මේ සන්නිවේදන හා උපදෙස් ලබා ගැනීම සම්බන්ධයෙන් සිදුවූ වැරදිවලට සමාව ඉල්ලා තිබුණා.

ආසියානු පාපන්දු ප්‍රධානියාගේ වෙනස්වීම

ෂෙයික් සල්මාන් බින් ඉබ්‍රාහිම් අල්-ඛලීෆා

සෞදි අරාබිය හා කටාර් දේශය ඇතුළු ප්‍රධාන පෙළේ AFC සාමාජිකයින් කිහිප දෙනෙක් ඉන්ෆන්ටීනෝ ට ඔවුන්ගේ සහාය ලබා දෙන බවට ප්‍රසිද්ධියේ කියා තිබෙන අතර FIFA සභාපතිවරයා සමග සමහර කාරණා සම්බන්ධයෙන් තමා එකඟ නොවූ බව පිළිගෙන සිටින ෂෙයික් සල්මාන් එහෙත් අනාගතය දෙස බැලීම වැදගත් බව පවසනවා.

“එක ආසියානු පවුලක් ලෙසින් ඉදිරියට යාමට අපි සූදානම් ජියානි. ඔබට සහාය ලබා දීමට අපි එක්සත්ව සිටිනවා. අද මට එය පැහැදිලිව කියන්න අවශ්‍යයි” ඔහු පැවසුවා.

ඉන්ෆන්ටීනෝ ද සිය කතාවේදී ෂෙයික් සල්මාන් ට ඔහුගේ සහයෝගය ප්‍රකාශ කරමින්, “මගේ හිතවත් සල්මාන්, පසුගිය වසර 13 තිස්සේ ඔබ ආසියානු පාපන්දු සම්මේලනයේ විශිෂ්ට සේවයක් කරමින් සිටිනවා” යනුවෙන් සඳහන් කළා.

“ඔබට අවශ්‍ය ඊළඟ වසරවලදීත් ඔබ ඒ විශිෂ්ට සේවය කරාවි. ඒ සඳහා සැමවිටම මගේ සම්පූර්ණ සහාය ඔබට ලැබෙනවා. මොකද, FIFA සමග ඇති හවුල්කාරිත්වයත් එක්ක පසුගිය වසර කිහිපයේ ඔබ කරමින් සිටින කාර්යයන් අපි දැක තිබෙනවා.”

ගෝලීය පාපන්දු නිලවරණය

ගෝලීය පාපන්දුවේ ප්‍රධානියා ලෙස 2031 වසර දක්වා සිවු වැනි වාරයක් ඉල්ලමින් ඉන්ෆන්ටීනෝ මාර්තුවේදී නිලවරණයට පෙනී සිටින අතර සභාපති ධූරය සඳහා තරග කරන අපේක්ෂකයින් ඔවුන්ගේ නාමයෝජනා නොවැම්බර් 18 වන විට ඉදිරිපත් කළ යුතුව තිබෙනවා.

ආසියාවට පෙර අප්‍රිකාව ද ඉන්ෆන්ටීනෝ නැවත තෝරා ගැනීම සඳහා සහයෝගය ප්‍රකාශ කර තිබුණ ද, ඔහු දිගටම යුරෝපීය පාපන්දුවේ පාලක මණ්ඩලයේ විරෝධයට මුහුණ පාමින් සිටිනවා.

වර්නන් ගුණසේකර

ක්‍රීඩා සංස්කාරක

ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ අත්දැකීම් සහිත, ක්‍රීඩා විශ්ලේෂණය සහ වාර්තාකරණය තුළ සිය අනන්‍යතාවක් ගොඩනගාගත් ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන අතර, ‘ද ලීඩර්’ පුවත් වෙබ් අඩවියේ ක්‍රීඩා සංස්කාරක ලෙස කටයුතු කරයි.

View all stories by වර්නන් ගුණසේකර
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...