පවුලේ සාමාජිකයෙකු බවට හෙළි වූ ‘වෛද්යවරයෙකු’ විසින් නොපවත්නා පෞද්ගලික රෝහලකින් නිකුත් කළ ව්යාජ බෙහෙත් වට්ටෝරුවක් පාවිච්චි කරමින් තහනම් ශරීර උත්තේජන භාවිතය පහදා දීමට උත්සාහ කළ ඉතියෝපියානු මැරතන් ක්රීඩිකා රූති අග්ගා (Ruti Aga) ට හය වසරක තරග තහනමක් පනවා තිබෙනවා.
උත්තේජක ගෙන සාක්ෂි කෙලසීම

2019 ටෝකියෝ මැරතන් තරගය පැය 2යි මිනිත්තු 20යි තත්පර 40කින් ජයග්රහණය කළ අග්ගා, methylprednisolone නමැති තහනම් ශරීර උත්තේජනය භාවිතා කළ බවට මාර්තු මාසයේ චීනයේ පැවති අර්ධ මැරතන් තරගයක් ජය ගැනීමෙන් පසුව ඔප්පු වී තිබෙනවා.
මේ තහනම් ශරීර උත්තේජනය භාවිතා කිරීමට දඬුවම් වශයෙන් 32 හැවිරිදි ක්රීඩිකාවට මුලදී පනවා තිබුණේ දෙවසරක තහනමක්. එහෙත් ඇය සාක්ෂි කෙලසීම හා පරීක්ෂණ නොමග යැවීම හේතුවෙන් තවත් වසර හතරක් එම තහනමට එක් කර තිබෙනවා.
පවුලේ සාමාජිකයාගේ බෙහෙත් වට්ටෝරුව
දණහිසේ ආබාධයකට ප්රතිකාර ගැනීමේදී මේ තහනම් ශරීර උත්තේජන ද්රව්ය ශරීරයට ඇතුළු වූ බවට අග්ගා පවසා තිබෙන්නේ විද්යාමාන නොවන සායනයකින් ‘වෛද්යවරයෙක්’ නිකුත් කළ බෙහෙත් වට්ටෝරුවක් ඉදිරිපත් කරමින්. එම දොස්තර අදාළ අධිකාරියේ ලියාපදිංචි වී නැති කිසිම වෛද්ය පසුබිමක් නැති පවුලේ සාමාජිකයෙක්.
එම පවුලේ සාමාජිකයාගෙන් කළ ප්රශ්න කිරීමකදී ඔහු කලින් රැකියාව කළ ස්ථානයක පැරණි බෙහෙත් වට්ටෝරු පෑඩයකින් පිටුවක් පාවිච්චි කළ බව කියා තිබෙනවා. එහෙත් එම පුද්ගලයා කිසි විටෙකත් එහි සේවය කර නැති බවත් බෙහෙත් වට්ටෝරුව තමන්ගේ නොවන බවත් එම වෛද්ය ප්රතිකාර ස්ථානය ස්ථිර වශයෙන් දන්වා තිබෙනවා.
ලෝක මැරතන් වේදකාවේ ප්රධාන තරගවල තෙවතාවක් දෙවැනි ස්ථානය ලබා ඇති අග්ගාගේ තරග තහනම සැප්තැම්බර් 10 සිට බලපැවැත්වෙන පරිදි ක්රියාත්මක වනවා.




