The Leader News
BREAKING
Top Ad
පුවත්

එල් නිනෝ තර්ජනයෙන් මුතුරාජවෙලට ක්ෂණික ගංවතුර අවදානමක්

Nethmini

Nethmini

October 24, 2026 • 9:06 AM

එල් නිනෝ තර්ජනයෙන් මුතුරාජවෙලට ක්ෂණික ගංවතුර අවදානමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දිවයිනට බලපා ඇති අතිශය ප්‍රබල ‘එල් නිනෝ’ (El Niño) කාලගුණික සංසිද්ධිය හමුවේ ඇතිවිය හැකි ධාරානිපාත වර්ෂාපතනයත් සමඟ, ගම්පහ දිස්ත්‍රික්කයේ ජීව පෙනහල්ල බඳු මුතුරාජවෙල තෙත් බිම් ආශ්‍රිතව ක්ෂණික ගංවතුර (Flash Flood) තත්ත්වයක් නිර්මාණය වීමේ දැඩි අවදානමක් මතුව තිබේ.
  • ක්ෂණික ගංවතුරක් යනු සාමාන්‍යයෙන් පැය 6කට වඩා අඩු කෙටි කාලයක් තුළ ඇද හැලෙන අධික වර්ෂාපතනයක් හේතුවෙන් ඉතා වේගයෙන් පහත් බිම් ජලයෙන් යටවීම බව විද්වත් මතය වී තිබේ.
  • ඉන්පසු විනාඩි හෝ පැය කිහිපයක් වැනි කෙටි කාලයක් තුළ බරපතල ආපදා තත්ත්වයක් ඇති කළ හැකි මෙම ගංවතුර තත්ත්වය හමුවේ, වගකිවයුතු බලධාරීන්ගේ ක්ෂණික අවධානය වහා යොමුවිය යුතු බවට ප්‍රදේශවාසීන් සහ පරිසරවේදීහු දැඩි අනතුරු ඇඟවීමක් කරති.
  • ගම්පහ ස්වභාවික ගංවතුර පාලකය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තෙත් බිම් පරිසර පද්ධතියක් වන මුතුරාජවෙල හුදෙක් කුඹුරු යායක් නොවන අතර, එය හෙක්ටයාර 3,068 කින් යුත් රටේ විශාලතම ලවණ වෙරළබඩ පීට් වගුරු බිමයි.
අකුරු ප්‍රමාණය (Font Size):

දිවයිනට බලපා ඇති අතිශය ප්‍රබල ‘එල් නිනෝ’ (El Niño) කාලගුණික සංසිද්ධිය හමුවේ ඇතිවිය හැකි ධාරානිපාත වර්ෂාපතනයත් සමඟ, ගම්පහ දිස්ත්‍රික්කයේ ජීව පෙනහල්ල බඳු මුතුරාජවෙල තෙත් බිම් ආශ්‍රිතව ක්ෂණික ගංවතුර (Flash Flood) තත්ත්වයක් නිර්මාණය වීමේ දැඩි අවදානමක් මතුව තිබේ.

ක්ෂණික ගංවතුරක් යනු සාමාන්‍යයෙන් පැය 6කට වඩා අඩු කෙටි කාලයක් තුළ ඇද හැලෙන අධික වර්ෂාපතනයක් හේතුවෙන් ඉතා වේගයෙන් පහත් බිම් ජලයෙන් යටවීම බව විද්වත් මතය වී තිබේ. ඉන්පසු විනාඩි හෝ පැය කිහිපයක් වැනි කෙටි කාලයක් තුළ බරපතල ආපදා තත්ත්වයක් ඇති කළ හැකි මෙම ගංවතුර තත්ත්වය හමුවේ, වගකිවයුතු බලධාරීන්ගේ ක්ෂණික අවධානය වහා යොමුවිය යුතු බවට ප්‍රදේශවාසීන් සහ පරිසරවේදීහු දැඩි අනතුරු ඇඟවීමක් කරති.

ගම්පහ ස්වභාවික ගංවතුර පාලකය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තෙත් බිම් පරිසර පද්ධතියක් වන මුතුරාජවෙල හුදෙක් කුඹුරු යායක් නොවන අතර, එය හෙක්ටයාර 3,068 කින් යුත් රටේ විශාලතම ලවණ වෙරළබඩ පීට් වගුරු බිමයි. කිලෝමීටර් 30 ක් පමණ දිගින් කැලණි ගඟ සහ මීගමුව කලපුව යා කරමින් පිහිටි මෙම පද්ධතිය, ගම්පහ දිස්ත්‍රික්කයේ ස්වභාවික අවසන් ගංවතුර තලය (Flood plain) ලෙස ක්‍රියා කරයි.

දඬුගම් ඔය, අත්තනගලු ඔය සහ කැලණි ගඟෙන් ගලාවිත් අවට උස් බිම්වලින් එකතුවන වර්ෂා ජලය අවශෝෂණය කරගනිමින්, ක්‍රමිකව මීගමුව කලපුවට මුදාහරින ස්වභාවික ගංවතුර පාලකයක් ලෙස මුතුරාජවෙල ක්‍රියා කරයි. එහෙත්, එකවර ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවකදී එහි ජල ධාරිතාව ඉක්මවා යාමෙන් අවට පහත් බිම් සියල්ල යටවීමේ දැඩි අවදානමක් පවතී.

අනවසර ඉදිකිරීම් නිසා ජල බැසයාම ඇනහිටී

ඉකුත් මැයි හා ජූනි මාසවල ඇති වූ වර්ෂාපතනය හේතුවෙන්ද මුතුරාජවෙල ප්‍රදේශයේ පවුල් 5,000 කට ආසන්න සංඛ්‍යාවක් අවතැන් වූ අතර, මෙවර බලාපොරොත්තු වන ඓතිහාසික වර්ෂාපතනය හමුවේ මහා පරිමාණයේ ජීවිත හා දේපළ විනාශයක් සිදුවීමේ අවදානම් තත්ත්වයක් උද්ගතව පවතී.

ඉදිරි දිනවල ලැබෙන වර්ෂාපතනය අනුව මෙම ගංවතුර තත්ත්වය ජා-ඇල, කඳාන, පමුණුගම සහ බෝපිටිය දක්වා සීඝ්‍රයෙන් ව්‍යාප්ත විය හැකි බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

"මුතුරාජවෙල වටේ ඇල වේලි හිරවෙලා, අනවසර ඉදිකිරීම් නිසා ජලය බැසයාම අවහිර වෙලා. ඉහළට වහින ලොකු ලොකු වැසි වලින් දඬුගම් ඔය, ජා-ඇල පිටාර ගැලුවොත් අපේ ගම් බිම් සේරම යට වෙනවා. එතකොට අපිට කර ගන්න දෙයක් නැති වෙනවා."
- ජයසූරිය වේල්ලේ, පුබුදුගම පදිංචිකරුවෝ

ඓතිහාසික එල් නිනෝ අනාවැකිය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව 2026 ඔක්තෝබර් 02 වන දින නිකුත් කරන ලද Consensus Seasonal Outlook on SASCOF 2026 වාර්තාවට අනුව, 2026 සැප්තැම්බර්-නොවැම්බර් සිට 2026/27 නොවැම්බර්-ජනවාරි දක්වා කාලය තුළ ඉතා ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් ඇතිවීමට 90% කට වඩා වැඩි සම්භාවිතාවක් පවතී. එමෙන්ම ජාත්‍යන්තර CPC-NOAA අනාවැකි පෙන්වා දෙන්නේ, 2026 ඔක්තෝබර්-දෙසැම්බර් කාලසීමාව 1950 සිට වාර්තා වූ සියලුම එල් නිනෝ තත්ත්වයන් අභිබවා යන ඓතිහාසික සිදුවීමක් වීමට 75% ක සම්භාවිතාවක් ඇති බවයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා සඳහන් කළේ, එල් නිනෝ තත්ත්වය ක්‍රමයෙන් තීව්‍ර වී ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයක් සහ ගංවතුර අවදානමක් ඇති කළ හැකි බවයි.

පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි පෙන්වා දෙන්නේ ද ජූලි-සැප්තැම්බර් කාලයේ පැවැති දැඩි වියළි කාලගුණයෙන් පසුව, ඔක්තෝබර්-දෙසැම්බර් කාලසීමාවේදී අධික වැසි ඇතිවිය හැකි අතර මෙම සංසිද්ධිය නොවැම්බර් මාසයේදී උච්චතම අවස්ථාවට පැමිණෙනු ඇති බවයි.

දෙවන අන්තර් මෝසමත් සමඟ තත්ත්වය උග්‍ර වෙයි

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහ කාලගුණ දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ දෙවන අන්තර් මෝසම් (Second Inter-Monsoon) සමය සමඟ මෙම වැසි දැඩි විය හැකි බවත්, ධනාත්මක ඉන්දියන් සාගර ද්විධ්‍රැව (Positive IOD) තත්ත්වයක් වර්ධනය වුවහොත් තත්ත්වය තවත් උග්‍ර විය හැකි බවත්ය. මේ වන විටත් බස්නාහිර පළාත ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

පවත්නා අවදානම් තත්ත්වය පිළිබඳව වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් (DMC) කළ විමසීම්වලදී ඔවුන් සඳහන් කළේ, හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දීම සඳහා අවශ්‍ය පූර්ව සූදානම් සාකච්ඡා දැනටමත් ආරම්භ කර ඇති බවයි.

බිම් මට්ටමේ ප්‍රායෝගික විසඳුම් ඉල්ලයි

කෙසේ වෙතත්, ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ පහත පියවර කඩිනමින් ක්‍රියාත්මක විය යුතු බවයි:

* ඇල මාර්ග සහ ජල බැසයාමේ පද්ධති කඩිනමින් සුද්ද පවිත්‍ර කිරීම
* විධිමත් පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් ස්ථාපිත කිරීම
* තාවකාලික ආරක්ෂිත ස්ථාන සහ නවාතැන් පහසුකම් සූදානම් කිරීම
* හදිසි අවස්ථාවලදී අවශ්‍ය මූලික සහන පහසුකම් සපයා ගැනීමට ක්‍රමවේදයක් සකස් කිරීම

නමුත් ඒවා ලියකියවිලි සහ සාකච්ඡාවලට පමණක් සීමා නොවී, මෙම පූර්ව සූදානම් පියවර බිම් මට්ටමින් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වේද යන්න පිළිබඳව තමන් තුළ තදබල සැකයක් පවතින බව ද ප්‍රදේශවාසීහු පවසති.



(උපුටා ගැනීම - රන මොනරා පුවත් පත)

ඒ.ජී රේණුකා දමයන්ති

නිදහස් මාධ්‍යවේදිනී

renudamayanthi2024@gmail.com

View all stories by ඒ.ජී රේණුකා දමයන්ති
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...