The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
විශේෂාංග

බඳින්න කලින් Living Together ඉන්න - (Faculty of Sex)

T

The Leader Desk

December 19, 2021 • 6:45 AM

බඳින්න කලින් Living Together ඉන්න - (Faculty of Sex)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නීතීගත විවාහකයට කලින් දෙදෙනෙකු එකට ජීවත් වීම ( Living together) කොතරම් දුරට සාර්ථකද? පිලිගත හැකිද?
  • ලංකාව තුල living together කියූ පමනින් කසාදයකට කලින් දෙදෙනෙක් ලිංගිකව එකතු වීම ඔලුවට ආවත්, මේ සංකල්ප තුල ඇත්තේ ඇත්තටම ඊට එහා දර්ශනයකි.
  • එතනින් එහා, ඔවුන් තුල සිටිනා පුද්ගලයන් සමග මෙන්ම ඔබේ ඇතුලාන්තයේ එදිනෙදා ජීවිතයේ ඔබ තුල සිටින පුද්ගලයන් සමගද ගනුදෙනු කරන්නට සිදුවේ.
  • වෙලාවක්..කෑම කන්න තැනක් තියෙන පුරුදු කෙනෙක්..ඒත් එයාට එහෙම පුරුදු නෑ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඕනෑ තරම් මේ පිලිබද ඔබ අසා, සිතා, ඇහුම්කන් දී ඇත. ඒත් living together කොතරම් දුරට අදට ඵලදායි ද සාදාරනීකරනය කල හැකිදැයි සිතා බලන්න..


ලංකාව තුල living together කියූ පමනින් කසාදයකට කලින් දෙදෙනෙක් ලිංගිකව එකතු වීම ඔලුවට ආවත්, මේ සංකල්ප තුල ඇත්තේ ඇත්තටම ඊට එහා දර්ශනයකි. අපේ විවාහ ක්‍රමයට වඩා බොහෝ ප්‍රායෝගික දර්ශනයකි.. සරලවම ඒක ” ඔබේ සහකාරයා හෝ සහකාරියගේ සියලු චරිත සමහ විවාහයට පෙර ගනුදෙනු කර බැලීමයි”


තේරුම, අපට අපේ ලාංකීය විවාහ ක්‍රමය තුල හැකිවන්නේ විවාහයට පෙර ඔබේ සහකරු හෝ සහකාරිය “පෙම්වතා පෙම්වතිය” ස්වරූපයෙන්ම දකිනට පමනි. ඒත් ඔබට සරල ප්‍රායෝගික ජීවිතයේ ඒ ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය පමනක් නොවේ..

එතනින් එහා, ඔවුන් තුල සිටිනා පුද්ගලයන් සමග මෙන්ම ඔබේ ඇතුලාන්තයේ එදිනෙදා ජීවිතයේ ඔබ තුල සිටින පුද්ගලයන් සමගද ගනුදෙනු කරන්නට සිදුවේ. “මගේ තාත්තාත් එයා, සහෝදරයාත් එයා, හොදම යාලුවත් එයා” වගේ බොළද දෙබස් නම් නොවේ..

ඔබට ඔබේ පෙම්වතා පෙම්වතිය තුල සිටින,



කාමර සගයා :

1 W6wGilKAqRWSh bN5 xKFw

ඒ කියන්නේ, ඔයාට සිද්ද වෙනවා ඔබේ ගෙදර, ඔයා තනියම පාවිච්චි කරන්න පුරුදුව හිටපු ඔයාගේ කාමරය එයා එක්ක බෙදා ගන්න. හිතන්න ඔයා ඔයාගේ පෙම්වතාගේ මේ පැත්ත එක්ක ගනුදෙනු කලාද කලින්?

සරලව හිතන්න. ඔයාට දේවල් පිලිවෙට තියෙන්න ඕන. ඒත් එයා එහෙම පුරුදු කෙනෙක් නෙවෙයි, ඔයාට ජනේලේ ගාව ඇද තියෙන්න ඕන, එයාට එහෙම බෑ. ඔයාට රෑට light දාගෙන නිදා ගන්න ඕන, එයාට එහෙම බෑ, එයාට නිදා ගන්න fan එක ඕන. ඔයාට ඕන නෑ.  ඔයාට කාමරය නිතරම ශබ්ද නැතුව තියෙන්න ඕන, එයාට එහෙම බෑ. එයා bathroom පාවිච්චිය හරිම අපිරිසිදුයි ඔයාට ඒක දරා ගන්න බෑ. ඔයාට ඇදුම් එහෙ මෙහෙ තියෙන්න බෑ එයාට එහෙම පිලිවෙලක් නෑ.

සරලව මුලු ජීවිතේම ගනුදෙනු කරන්න වෙන මේ චරිතේ එක්ක පෙම්වතා/වතී කාලේදී ඔයා නිකන්වත් ගනුදෙනු කරන්න, තේරුම් කර ගන්න, කතා කරන්න අවස්ථාවක්වත් ලැබුනද, අඩු තරමේ දැනං හිටියද?



එකට නිදා ගන්න කෙනා:

445


හිතන්න ඔයා විවාහයෙන් පස්සේ ජීවිතය කාලයම වගේ ඔබේ කෙනා එක්ක ඔබේ නිදන ඇද බෙදා ගන්න වෙනවා.

හිතන්න ඔයා නින්දෙන් ගොරවන කෙනෙක්, එයාට ඒක දරා ගන්න බෑ. එයා නින්දෙන් දගලන කෙනෙක් ඔයාට ඒක කරදරයි. එයා ඇද උඩම කෑම කන කෙනෙක් ඔයාට ඒක දරා ගන්න බෑ. එයා පිලිවෙල පිරිසිදු කම ටිකක් අඩු කෙනෙක් ඔයාට ඒක පිලිවෙලටම ඕන..

පෙම්වතුන් කාලයේ මේ චරිත එක්ක ගනුදෙනු නොකර, අපිට ආදරය කොච්චර තිබ්බත් සරල මේ ප්‍රායෝගික ජීවිතයට හැඩ ගැසෙන්න, එකතු වෙන්න, වෙනස් වෙන්න, දරා ගන්න අදහසක් ගන්න ලේසි වෙයිද?



කෑම මේසේ සගයා :

හිතන්න. ඔයා කනකොට සද්ද කරන, පිටවෙන කෙනෙක් ( සරලව එහෙම වෙන්න පුලුවන් ) එයාට ඒක හරි අපහසුයි. ඔයාට පිලිවෙලක්.. වෙලාවක්..කෑම කන්න තැනක් තියෙන පුරුදු කෙනෙක්..ඒත් එයාට එහෙම පුරුදු නෑ. එයා පුරුදු වෙලා තමන්ගේ කෝප්ප, පිගන් හරියාකරව තියන්න පිරිසිදු කරන්න. ඒත් ඔයා ඒවා පිලිවෙලටම කරන කෙනෙක්..

හිතන්න, ජීවිතේ එක පාරට වෙනස් විදියට ගෙවන්න පුරුදු වෙන්න, හැඩ ගැසෙන්න ඔයාට පුලුවන් වෙයිද? කොච්චර පීඩනයක් වෙයිද?



අසල්වැසියා :

සියල්ලට අමතරව, අපිට පිට ලෝකය සමග නිතරම ගනුදෙනු කරන්නට සිදු වේ. අසල්වැසියෙක් ගමේ කෙනෙක්, අදුරන කෙනෙක් ලෙස.

හිතන්න ඔයාට තියෙන්නේ බොහොම මැදිහත් සාමකාමී private life එකක්. ඒත් එයා සමාන්‍ය නිතරම ප්‍රශ්න වලට මැදිවෙන, ගැටෙන ගෙදර ප්‍රශ්න පිටටත් පිට ප්‍රශ්න ගෙදරටත් හුවමාරු කර ගන්නා කෙනෙක් නම්.. ඔයා මේ ගැන කලින් කතා කරල තිබ්බත් අත් විදින්න නැතුව ඇති..

5b9e32c92400005000955f8c

හිතල බලන්න. මේ වගේම තවත් කොච්චර අපිට නොහිතෙන ඒත් ඉතා ප්‍රායෝගික පැතිකඩ තිබෙනවාද? මේ සරල ප්‍රායෝගික ජීවිතය තනි තනියම අපි ජීවත් උනත් වින්දත් පෙම්වතුන් කාලයේ, කොච්චර දෙන්නෙක් විදියට ඒවට හොදින් මූන දුන්නත්, දෙන්නා එක්කෙනක් විදියට කොච්චර සාර්ථකතද? දරාගන්න පුලුවන් ද කියන එක අපිට විවාහය වෙලා කාලයක් යනකල්ම තේරුම් ගන්න අවස්ථාවක් නොලැබෙන දෙයක්.

මේ දේට සාර්ථකම විදියක් විදියට living together වගේ සංකල්පයක් සාමාන්‍යකරනය කරන එක කොච්චර පිලිගත හැකිද කියල හිතල බලන්න.

tips moving in together


විවාහය නිතරම තෝරා ගැනීමක්. විවාහයක, ගෙදරක අපි බොහොම නිදහසේ, සතුටින්, සැහැල්ලුවෙන් සිටිය යුතුයි. ආදරය බිද වැටීම හා විවාහය බිද වැටීම අතර ලොකු වෙනසක් ඇත. රත්තරන් වහලයක් සහිත හිර ගෙයක් උනත් ඒක හිරගෙයක්ම පමනි!


ලංකාවට මේක කොච්චර උනත්, අයාලේ යන්න අවස්ථාවක්.. වැරදි කරන උන්ට හොදයි වගේ මානසිකත්වයක් තිබ්බත්,, සමාජය..සමාජ රටා..මානව පරම්පරා වෙනස් වෙනකොට සංස්කෘති, අවශ්‍යතා හා උවමනා, නීතී රෙගුලාසි හැමදේම ද කාලයට අනුරූපව පීඩනය අවම කරන්න වෙනස් විය යුතුයි.

ලිංගිකත්වයට එකම මග විදියට විවාහය තෝරගන්න ලංකාවේ සමහර ආකල්ප නිසා පසුවට ලැබෙන විපත් ගොඩකට එක විසදුමක් විදියට living together වගේ සංකල්ප සාමාන්‍යකරනය වැදගත් වන බව මගේ අදහසකි.

 Living together යනු රිසිසේ අයාලේ ලිංගිකව එකතු වීමක් නම් නොවේ! ඒ වගේම ඉදිරි අනාගතයත්, අද අපිත්, මූන දෙන්නේ අපේ වැඩිහිටි පරම්පරා කිසිදිනෙක මුහුන දුන් ජීවිත වලට නොවේ.

හිතල බලන්න


(උපුටාගැනීමකි)
facultyofsex.com

 

Leader Whats app

 
 
 

 

මහින්දට බායි! අගමැති පුටුවට හායි!

 

ඒ සීයට දුන්නට මේ සීයා ගේමක ! | මොණරවිලගේ ලියමන

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...