The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
විශේෂාංග

ජංගි හොරාට මල් මල් ජංගියක් - (Faculty of Sex)

T

The Leader Desk

January 22, 2022 • 6:55 AM

ජංගි හොරාට මල් මල් ජංගියක් - (Faculty of Sex)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සෝමරත්න දිසානායක ජංගි හොරා කියන නමෙන් ෆිල්ම් එකක් දැම්මම මුලින්ම මං සතුටු වුනේ සෝමරත්න වැඩිහිටියෙක් වීම ගැනයි.
  • ඒ සිනමාව කියන එක නිර්මාණය වුනෙම අපේ 2500ක සංස්කෘතිය සදාචාරය කියල එකක් උඩදාන්න සහ රාජ පාක්ෂිකභාවය ඇති කරන්න.
  • ඒ කාලෙ ජනප්‍රිය වුනු ඕනම සංසිද්ධියක් අරන් බැලුවොත් ඒවා සමාජයේ ලිංගිකත්වය පාගා දැමීම හින්ද ඇති වුනු රෝග ලක්ෂණ බව තේරුම් ගන්න අමාරු නෑ.
  • ඒ සිනමාවෙ උවමනාව වුනේ රටම ළමයින් බවට පත් කරන එක.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙච්චර කාලයක් සෝමෙ මාමා කිය කිය ළමා චිත්‍රපටකරුවෙකුට ඇඳගෙන හිටියට සෝමරත්න දිසානායක කිසි දවසක ළමයින්ට චිත්‍රපට කලේ නෑ කියන එකයි මගේ අදහස. එයාගෙ චිත්‍රපටිවලින් කලේ වැඩිහිටියන්ව ළමයි කරන එක. ලොකු අය විසින් ළමයින්ට පෙන්විය යුතු යැයි හිතන දේවල් චිත්‍රපටවලට ඇමිනීමෙන් පවුල් පිටින් හෝල්වලට ගේන්න පුළුවන් තත්වයක් සෝමරත්න හදාගත්තා. ඒවා පන්සල් ගානෙ ඉස්කෝල ගානෙ පෙන්නුවා.



සෝමරත්න දිසානායක කියන්නෙ මහින්ද චින්තන සිනමාවෙ පුරෝගාමී චරිතයක්. ඒ සිනමාව කියන එක නිර්මාණය වුනෙම අපේ 2500ක සංස්කෘතිය සදාචාරය කියල එකක් උඩදාන්න සහ රාජ පාක්ෂිකභාවය ඇති කරන්න. මොකද ඒ කාලෙ අපිට හිටියෙ ර‍ජෙක්.



මේ සංස්කෘතික කතිකාව ගොඩනැගුනෙම ලිංගිකත්වය යටපත් කිරීම හරහා. කිසිම සරාගී අනුරාගී කලා කතිකාවක් මතු නොවන යුධ වින්දන ආකෘතියක (විදර්ශනගේ වචන). මේ යටපත් කරපු සෙක්ස් තමයි ජාතික හැඟීම විදිහට ඉස්සරහට ආවෙ. ඒ හින්ද ජනතාවට වඳ කොත්තු, වඳ බ්‍රා හීනෙං පේන්න පටන් ගත්තා.

තමන්ගේ පුරුෂභාවය අඩුවෙයි කියලා හෙළ පිරිමි බයවුනා. ගඟ පලාගෙන පත නයි වඩින්න ගත්තා.

ඒ කාලෙ ජනප්‍රිය වුනු ඕනම සංසිද්ධියක් අරන් බැලුවොත් ඒවා සමාජයේ ලිංගිකත්වය පාගා දැමීම හින්ද ඇති වුනු රෝග ලක්ෂණ බව තේරුම් ගන්න අමාරු නෑ.



ඒ සිනමාවෙ උවමනාව වුනේ රටම ළමයින් බවට පත් කරන එක. සිනමාව ටීවී එක වගේ පවුලම එකට හිඳ නරඹන එකක් කරන එක. ලංකාවෙ සමස්ත සිනමා ඉතිහාසයම ඇතුලෙ ලිංගිකත්වය පූර්ණ මර්දනයක පැවතුනු යුගය ඒක. මැදගොඩ අබේතිස්සලා ඒ නෂ්ටකාම යුගයේ නිර්මාණ. ඒ කාලෙ කාමය යනු රාජපක්ෂලාට සහ ඊට පක්ෂලාට පමණක් හිමි වරප්‍රසාදයක් වුනා. අනිත් හැමෝටම උරුම වුනේ අතීතකාමය විතරයි.



2016 06 22 ent 48
දැන් සෝමරත්න වැඩිහිටි චිත්‍රපටයක් කරනවා. ‘පුතේ දුවේ සෝමෙ මාමාගෙ මේ ෆිල්ම් එක ඔයගොල්ලො බලන්න එපා’ කියනවා. පවුලේ සිනමාව පමණක් විශ්වාස කරපු එයා වැඩිහිටියන්ට පමණක් වූ චිත්‍රපටියක් හදනවා. එච්චරක් ඇති. මං ඊට වඩා කිසි දෙයක් බලාපොරොත්තු වුනේ නෑ.

ලංකාවෙ මහා සිනමා ප්‍රේක්ෂාගාරය හිමි දැවැන්තම සිනමාකරුවා තමයි සෝමරත්න. එයා තනියම වුනත් කර්මාන්තමය මුහුණුවරකින් ඒක පවත්වාගෙන යාමේ ලොකු උත්සාහයක් දරනවා. සෝමරත්නගෙ ෆිල්ම් ලංකාවෙ ‘මාස්’ එකට කතා කරනවා. ඉතින් සෝමරත්න වැඩිහිටි වෙනවා කියන්නෙ ලංකාවෙ ‘මාස්’ එක වැඩිහිටි වෙනවා කියන එක. ඒක හින්ද මං සතුටු වුනා.

ඇඩ්වලින් පෙනුනු විදිහට සෝමෙ තෝරගෙන තිබුනෙ ඉතාම ආරක්ෂිත කලාපයක්. මානසික රෝගයක් යටින් අතදාලා සෙක්ස් ටිකක් අතපත ගාන එක. වල් නමක් ගාගන්නෙ නැතුව ගානත් හොයාගන්න පුළුවන්. මුලින් ජංගිහොර කියල දාපු නම ටික ටික අන්ඩර්පෑන්ට් තීෆ් වෙද්දි මට මගේ විශ්වාසය තවත් තහවුරු වුනා. මං ෆිල්ම් එක බලන එක කල් දදා හිටියෙම බැලුවා කියල ඇති වැඩක් නැති හින්ද. ෆිල්ම් එක තියෙන්නෙ තිරයෙන් පිටත කියල හිතුන හින්ද.

අන්තිමට බදාදාවක හවස හතරට විතර ජංගි හොරා බලන්න මං ජංගි නැතුව රොක්සි එකට ගියා.


චිත්‍රපටිය බලන් ඉඳිද්දි මගේ පූර්ව නිගමන එකින් එක බිඳවැටෙන්න පටන් ගත්තා. ජංගි හොරා කියන්නෙ මානසික රෝගයක් ගැන චිත්‍රපටයක් නෙමෙයි. ඒක තමයි ලංකාවෙ පළවෙනි සෙක්ස් කෙ‍ාමඩි ෆිල්ම් එක වෙන්නෙ. මානසික රෝග තත්වයක් අරගෙන ‍සෝමරත්න ඒක කොමඩියක් දක්වා එක්සැජරේට් කරනවා. බලන වියත්තු ගොඩක් මේ මානසික රෝගයේ යතාර්ථය හොයන්න යනවා. ඒත් සෝමෙ කරන්නෙ වෙන වැඩක්.



අපේ සිනමා ඉතිහාසය ගත්තොත් හැමදාම ලංකාවෙ සිනමා තිරය උඩ ලිංගිකත්වය නිරූපනය වුනේ මහ භයානක දෙයක් විදිහට. ලෝක විනාසයක් හැටියට. ගොඩක් වෙලාවට ඒක බලහත්කාරයක් හෝ දූෂණයක්. තනිකරම පුරුෂ කේන්ද්‍රීය තෘප්තියක්. ගැහැණියක් තමන්ගේ ආශාව තෘප්තිමත් කරගැනීමක් ගැන අපේ චිත්‍රපටයක කතා කරලා නැති තරම්.

 විවෘත ආර්ථිකයෙන් පස්සෙ වුනත් සෙක්ස් සහ භයංකාරය අතර තියෙන සම්බන්ධය කිසිම විදිහකින් බිඳුනෙ නෑ. විකල්ප සිනමාකරුවන් පවා ලිංගිකත්වය නිරූපණය කළේ ස්ත්‍රිය යටපත් වන, කෙලෙසෙන, පාවිච්චි වෙන රාමුව ඇතුලෙමයි. සමහර විට ඒක ලංකාවෙ බහුතර යතාර්ථය හින්ද වෙන්න ඇති.

කසාද ජීවිත ඇතුලෙත් දිනපතා සිද්ද වෙන දූෂණයක් නැත්නම් ඉන් පිට කරන රැවටීමකට වඩා ‍දෙයක් සෙක්ස් ඇතුලෙ නොවිඳින ජනතාවකගේ සිනමා කැඩපත ඒක.



jungihora2

ලංකාවෙ චිත්‍රපටයක පළවෙනි වතාවට ලිංගිකත්වය පොසිටිව් දෙයක් විදිහටත්, කලාත්මක දෙයක් විදිහටත් ගනිමින් සෙක්ස්වලදි ස්ත්‍රියගේ තීරණ ගැනීමේ අයිතිය ඉස්මතු කරන්නෙ ජංගි හොරා චිත්‍රපටිය.




සිනමාවට අවුරුදු හැත්තෑපහක් ගතවුනා ලිංගිකත්වය පිළිබඳ අන්ධකාරයෙන් ගැලවෙන්න. පුදුම හිතෙන කරුණ වෙන්නෙ අවුරුදු හැත්තෑ පහකට පස්සෙත් ඒක කරන්නෙ මහින්ද චින්තන සෝමරත්න. ලංකාවෙ සිනමා ඉතිහාසය තුල බිහිවුනු ප්‍රෝග්‍රෙසිව්ම චිත්‍රපටය ජංගි හොරා කියලයි මං හිතන්නෙ.



මේ අවුරුද්දෙ අපේ සිනමා දැවැන්තයන් දෙන්නෙක් ශෘංගාර කලාපයට අවතීරණ වුනා. උදයකාන්ත කලින් අතෑරපු තැනින් ආපහු වැඩේ පටන් ගත්ත අතර සෝමරත්න අලුතෙන්ම වැඩිහිටි වුනා.

මෙතනදි උදයකාන්ත තමන්ට හුරු රොමැන්ටික් ත්‍රිලර් ආකෘතිය ගන්නවා. සෝමරත්න ලංකාවටම ආවේණික සෙක්ස් කොමඩි හැඩයක් නිර්මාණය කරනවා. පළවෙනි වතාවට රටක ජොන්රා අත්හදා බැලීමක් කරනවා කියන්නෙ සෙල්ලමක් නෙමෙයි.

මේක සෝමෙගෙ අනිත් ෆිල්ම් එක්ක බලද්දි ලෝබජට් වැඩක්. කතාව තියෙන්නෙ සීතල කඳුකර පැත්තක බංගලාවක් අයිති අමුතු ලිංගික ආතතියකින් පෙලෙන සෑම් කියන තරුණයෙක් ගැන. ෆිල්ම් එක පටන් ගන්නෙමත් සෑම්ගෙ නෑනා අපි කාට වුනත් හොරකම් කරන හිතෙන ජංගි දෙකක් රෙදි වැලෙන් ගන්නවා සෑම් බලන් ඉන්න තැනින්.

සෑම්ට කෙල්ලෙකුගෙ ජංගියක් දැක්කම ඇතිවෙන හැඟීම පාලනය කරන්න බෑ. එයාව වෙව්ලන්න ගන්නවා. එයාට මිරිකන්න හිතෙනවා.


ෆේස්බුක් එකේ අපි දකින ලංකාවෙ බහුතරයකටත් මේ ජංගි දැක්කම වෙව්ලන ලෙඩේ තියෙනවා. ඒ ගොල්ලො ඒ වෙව්ලිල්ලට බනිනවා, විවේචනය කරනවා, ලියුම් ගහනවා . එහෙම කරලා තෘප්තිමත් වෙනවා. හැබැයි සෑම් ඒ ජංගිය අල්ලලා බලනවා.



සෑම්ගෙ මේ ආසාව විවෘත එකක්. භයානක හිංසාකාරී රෝගයක් නෙමෙයි. ඒක බලන් ඉන්න අපිට විනෝදයක්. මේ ජංගි ආතතියෙන් සෑම්ව මුදවගන්න තමයි දිල්හානි ඒ කියන්නෙ අයියගෙ බිරිඳ උත්සාහ කරන්නෙ. සෑම් ජංගි හොරකමට අමතරව කරන්නෙ ගිටාර් ගහන එක. එයා ගෑනුන්ගෙ පියයුරු අල්ලන්නත් ආසයි (අපි හැමෝම වගේ). අපි මිරිකද්දි සෑම් පියයුරු වාදනය කරනවා. එයාට ඒවා ගිටාර් තත් වගේ.

සෝමරත්න මෙතනදි ලස්සන වැඩක් කරනවා. පියයුරක් ස්පර්ශ කිරීම ගැන තියෙන අපේ සාමූහික වනචර අදහස වෙනස් කරනවා. ඒක ගිටාර් තතක් වයනවා වගේ ලස්සන වැඩක් කරනවා

image 55f7caa9df

ජංගි හොරා කියන්නෙ විපරීත සෑම් සහ අයියාගේ බිරිඳ අතර ඇතිවන ප්‍රේමයේ කතාව. සෝමරත්න සෙක්ස් රොමාන්තික කරනවා.



මේ සෑම්ගෙ නෑනත් කලාත්මක හැඟීම් තියෙන කෙනෙක්. එයා නටන්න ආසයි. සෑම් වයන්න ආසයි. නෑනා සම්මතයේ සීමාවන් ඉක්මවා ගිහින් සෑම්ගේ ආශාව සංතර්පනය කරනවා. සෑම්ගෙ පාලනය කළ නොහැකි ආශාව පාලනය කළ හැකි එකම ගැහැණිය බවට පත්වෙනවා.

ඇත්තටම ජංගි හොරා කියන්නෙ විපරීත සෑම් සහ අයියාගේ බිරිඳ අතර ඇතිවන ප්‍රේමයේ කතාව. සෝමරත්න සෙක්ස් රොමාන්තික කරනවා.

සෑම්ගේ අකීකරු ආශාව කීකරු කළ හැකි එකම ශරීරය බවට නෑනා පත්වෙන මේ ප්‍රේම කතාව අවසාන වෙන්නෙ අයියා සහ මල්ලි දෙදෙනා සමගම විවෘතව නිරුවතින් හැසිරෙන තෘප්තිමත් ගැහැණියක් නිර්මාණය කිරීමෙන්.


එක පැත්තකින් සෙක්ස් කියන්නෙ බෙහෙතක් ගානට අරන් එන ගමන් සෝමරත්න සෙක්ස් සම්බන්ධ විපරීතයන් මානසික රෝග හැටියෙන් පිටස්තර නොකර සම්මතයන් එහා මෙහා කරගනිමින් විසඳාගැනීමක් යෝජනා කරනවා. සම්මතයෙන් රෝගී වෙන තත්වයන් අසම්මතය තුල ප්‍රේමනීය බවට පත්වෙනවා.



අන්තිමට නෑනා විවෘතව සෑම් සමග සබඳතා පවත්වන අතරම අයියා සමග දරුවන් හදන හැටි ගැන සිහින දකින විසල් මිනිස් ගැහැණියක් වෙනවා. කුහකකම, දෙබිඩිකම අහෝසි කරනවා.

ලිංගිකත්වය සම්බන්ධ කුහකකම නිරූපණය කරන්නෙ මෙහෙකාරිය වන කරුණාගෙ චරිතයෙන්. එයා දෙබිඩි විදිහට සදාචාරය සහ අපචාරය අතර සෙල්ලම් කරමින් සෑම්ගෙ ලිංගික අසහනයෙන් සල්ලි කඩා ගන්නවා. නෑනා මේ දෙබිඩිකම කුඩුපට්ටම් කරනවා. සෑම් තමන්ගේ නිරුවත් පියයුරු ස්පර්ශ කරන හැටි බලන්න කරුණාටත් එන්න කියනවා. සෝමරත්න අලුත් සදාචාරයක් යෝජනා කරනවා.

සෝමරත්න නිර්මාණය කරන ඇතැම් ශෘංගාර දර්ශන හිරිගඩු පිපෙන තරම් තීව්රයි. එක තැනක අයියා සමග ලිංගිකව හැසිරෙන නෑනා එයාගෙ යට ඇඳුම ගලවලා මල්ලිට ගන්න ලේසි තැනක තියනවා. මල්ලිට පේන්න අයියා එක්ක ලිංගිකව හැසිරෙනවා. අයියා කලබල වුනාම ‘එයා බලන් හිටියම මොකද’ කියල අහනවා. ඒ සියලු සම්මත විපරීතයන් ආදරය ඇතුලෙ සොඳුරු බෙදාගැනීම් බවට පෙරලනවා.

මේ කිසි දෙයක් සෝමරත්න කරන්නෙ බරසාර විදිහට නෙමෙයි. ඉළ ඇදෙන දෙබස් එක්ක. චිත්‍රපටය පුරාම දිවෙන්නෙ හාස්‍යය. ලංකාවෙ ශෘංගාර සිනමා උත්සාහයන් වලදි ගොඩක් වෙලාවට ජයගන්න බැරි අභියෝගයක් වන ‘සොෆිස්ටිකේටඩ් බියුටි’ කියන කාරණය මගහරින්න සෝමරත්න හාස්‍යය ඇතුලෙන් පාරක් හොයාගන්නවා.



අපේ සිනමාවෙ සාමාන්‍ය ලිංගික දර්ශන පෙන්නද්දි ගස්වලට, ජනෙල් තිරවලට කැමරාව හරවන බයගුළුකම ජංගිහොරාගෙ නෑ. සෝමෙ නිරුවත දිහා බය නැතුව බලනවා. මේ දර්ශන වෙනුවෙන් එඩිතරව පෙනී සිටීම ගැන බුද්ධි රන්දෙණියට සහ හේලිට ගෞරවය හිමිවෙන්න ඕන. ලංකාව වගේ රටක කැමරාවක් ඉස්සරහ ඇදුම් ගලවනවා කියන්නෙ ගෑනියෙකුට ලොකු ගටක් තියෙන්න ඕන වැඩක්.


dilahani12

දිල්හානි කියන්නෙ අපේ පරම්පරාවෙ බහුතරයකගෙ අනුරාගී සිහින උල්පතක්..



ගොඩක් අය මැසිවිලි කිව්වෙ දිල්හානි තමන්ගේ පියයුරු නොපෙන්නීම ගැනයි. දිල්හානි කියන්නෙ අපේ පරම්පරාවෙ බහුතරයකගෙ අනුරාගී සිහින උල්පතක්. ඒ ප්‍රතිරූපය අපි වෙනුවෙන් ඉතුරු කරන එක දිල්හානිගෙ වගකීමක්.

වයසත් එක්ක ඒ අපි සිහින පයෝධර අනුහස වියැකී ඇත්නම් ජංගි හොරා වෙනුවෙන් ඒවා නොපෙන්නා සිටීම ගැන දිල්හානිට ස්තුතිය පළකරන්න ඕන. 

 

දිල්හානි නිරුවත් වෙනවා දකින්න ආසාවෙන්ම ෆිල්ම් එක බලන්න ආපු අයගේ ආශාව අනිත්‍ය පිළිබඳ වැටහීමක් බවට පත් නොකර ගෙදර අරන් යන්න දීපු එක ඉතා වටිනවා. 


කතාවෙ මුල ඉඳන් ජංගිය වෙනුවට පෑන්ටිය හෝ නොකියා ඉතාම ආගන්තුක විදිහට අන්ඩර්පෑන්ට් කියන වචනය යොදන හේතුව නම් හිතාගන්න අමාරුයි. මොකක් හරි හින්ද මුල ඉඳන්ම ජංගියට වාරණයක් තිබිලා තියෙනවා.

සෑම්ගේ සහ නෑනාගේ අමුතු ප්‍රේමය මුහුකුරා යද්දි සෑම් බලන් ඉන්නෙ ඇඳුම් වැල දිහා. ඒ තමයි සෑම්ගෙ ආලකමන්දාව. ඇඳුම් ඔක්කොම අරගෙනත් තමන් වෙනුවෙන් ලස්සන පෑන්ටියක් ඉතුරු කරයි කියන එකයි සෑම්ගෙ ආදර පැතුම. ඒත් නෑනා පෑන්ටියත් ගන්නවා. සෑම්ට දුක හිතෙනවා. හැබැයි නෑනා සෑම් ළඟටම ඇවිත් පෑන්ටිය එයා අතට දෙනවා. මේ වගේ හිත හිරි වට්ටන ආදර සැමරුම් නං මං සිනමාවෙ දැකලා නෑ.

ජංගි හොරාගේ රූප රචනය, රංගනය, සංස්කරණය වගේ කාරණා ගැන නම් කතා කරන්න දෙයක් නෑ. ඒවායෙ කිසිම සුවිශේෂයක් නෑ. ඒ වගේම කතාව බලාගෙන යන්න බාධාවකුත් නෑ. අපි සිනමා කෘතියක සෞන්දර්ය වියරණ සාකච්ඡා කළ යුත්තේ ඒ කෘතිය විසින් ‍ඒ භාෂාවන් යොදාගෙන ඇත්නම් නම් විතරයි.

සෝමරත්න කතා කරන ‘මාස්’ එකට සිනමා භාෂාවෙන් ඇති වැඩක් නෑ. ඒ ගොල්ලො කිසි අවුලක් නැතුව විසිල් ගගහා හිනාවෙවී ජංගි හොරා බලනවා. කතාවෙ අපිට පේන හැම දුර්වලකමක්ම ඒ සරල සිනා රතියට උදව්වක් වෙනවා කියල මට හිතෙනවා.



ජංගි හොරා බැලුවම මට සෝමරත්න ගැන දැනුනෙ ආඩම්බරයක්. ඒ 2500ක සදාචාරය කරේ තියාගත්ත තමන්ගෙ ඕඩියන්ස් එකට මේ ලිංගික විවෘතබව, පිලිගැනීම යෝජනා කරන එකම ලොකු අභියෝගයක්. මොනවා වුනත් ජංගි හොරා විසින් කරන්නෙ ඉතා දියුණු ශෘංගාර සංස්කෘතික යෝජනාවක්.
 
Chinthana D

(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක

(උපුටා ගැනීම -facultyofsex.com)
 
 

 

 

Leader Whats app


 
 
ඩාන්ස් කරන අපේ විරුවා ගෝඨාභය ම ද?
 
 
 
සර් ඔය පාරම ඩඩ්ලිටත් දිලා දාමුකෝ. සිරිසේනටත් උණ ගැනෙන්න.| The Leader TV
 

 
 
වරායේ ලක්ෂරි වාහන මන්ත්‍රීලට! | වියත් කතා     
 

 
   
සෙනාට තගක් දැම්මම ඔක්කොම වමාරයි !| මොණරවිලගේ ලියමන
 

 
 
 கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!



 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...