The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'ජාත්‍යන්තර භූමි භාගයක් රාජපක්ෂ පවුලට හොර ඔප්පුවකින් ලියාදීමක්' - බන්ධුල චන්ද්‍රසේකර

T

The Leader Desk

April 18, 2021 • 12:30 PM

'ජාත්‍යන්තර භූමි භාගයක් රාජපක්ෂ පවුලට හොර ඔප්පුවකින් ලියාදීමක්' - බන්ධුල චන්ද්‍රසේකර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 43 සේනාංකය වෙනුවෙන්, “කොළඹ වරාය නගර ආර්ථික කොමිෂම” පණත් කෙටුම්පතට එරෙහිව මමත් පසුගිය 15 දින ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළෙමි.
  •       ඊයේ දින, මේ පිළිබඳව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සමාජ මාධ්‍යය වෙත මුදා හැර ඇති සාකච්ඡාව ද ඉතා වැදගත්ය.
  • ඔහුට දිය යුතු පිළිතුරු බොහෝමයක් චම්පික රණවකයන් දී ඇත.
  • එය මූල්‍යමය වාසියට වඩා සමාජ දේශපාලන පරිහානියකට මුළ පිරීමක් යැයි කියයි.    ඇත්තෙන්ම, අද චීනයේ ගමන් මග ගැන අප ගැඹුරින් සිතා බලා ඇත් ද?
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
නීතිඥ ශිරාල් ලක්තිලක ඒ සඳහා අදාල නීති කටයුතු සිදු කළේය. දැන්, පෙත්සම් 16 ක් උසාවියට ඉදිරිපත්වී ඇති අතර, එම පෙත්සම් හෙට දින ( අප්‍රේල් 19 දා) පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතය. 
 
අදාල ගැසට් නිවේදනය නිකුත් වූ විගස, ඒ පිළිබඳව හදාරා මාධ්‍යය වෙත කරුණු ඉදිරිපත් කිරීමට නීතිඥ ශිරාල් ලක්තිලක ඉදිරිපත් විය. ඔහු, 43 සේනාංකයට අනුබද්ධිත ජාතික නීතී ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය වෙනුවෙන් රට ඉදිරියේ එම කරුණු පළමුවෙන්ම අනාවරණය කළේය. 
 
රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මුළුමනින්ම පටහැනිව අදාළ පණත් කෙටුම්පත සකසා ඇති බැව් ඔහුගේ මුලිකම තර්කය විය. 
 
 
මහාචාර්ය රොහාන් සමරජීව, විදේශ ආයෝජන ආකර්ශණය කරගැනීමේ අරමුණින් පිහිට වූ වරාය නගරය පිහිටුවීම ප්‍රතිපත්ති වශයෙන් පිළිගත්ත ද මෙම යෝජිත පණත මඟින් පිහිටුවනු ලබන කොමිෂම ගැන ගැටළු ගණනාවක් මතු කර තිබිණ. 
 
විශේෂයෙන්, ආයෝජකයෙකුට පහසුකම් සැළසෙන වඩා යහපත් පරිසරයක් රටේ සාමාන්‍ය නීතිය තුළම ඇති විය යුතු බවට තර්කයක් ඔහු විසින් ගෙනෙන ලදී. 
 
ඒ අතින් අපේ රටේ පාලනය ආසාර්ථක වී ඇති බවත් එය යහපත් කිරීම දේශපාලඥන් අභියෝගයක් ලෙස බාරගත යුතු බවත් ඔහු කීවේය. 
 
යෝජිත පණත් කෙටුම්පත මඟින්, රටේ පිළිගත් නිතියෙන් වියුක්තව ලබා දෙනු ලබන සහන කිසිදු කාලසීමාවකට යටත් නොකෙට අසීමිත නිදහසක් මත ලබා දීමෙන් රටට සැබවින්ම ආර්ථික වාසියක් ඇති වේද? යන වැදගත් ප්‍රශ්ණය මතුකොට තිබිණ. 
 
 
 
මේ අනුව, තවත් සාකච්ඡා ගණනාවක් මේ පිළිබඳව පසුව ප්‍රධාන මාධ්‍යය තුළත් සමාජ මාධ්‍යය තුළත් ඇති විය. 
 
ඒ බොහෝ කතාවලින් කියවූණේ,  විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමට මෙවැනි විශේෂ ආර්ථික හා වානිජ කලාප ලෝකයේ විවිධ රටවල ඇති කිරීම අලුත් දෙයක් නොවන බවය. 
 
එවැනි කලාපවලට පමණක් සිමා වූ නීති රීතී හා පාලන ව්‍යුවහයන් ඇති කිරීමද අලුත් සංකල්පයක් නොවන බැව් අවධාරණය විය. 
 
එනමුත්, මෙම යෝජිත කොළඹ වරාය නගර ආර්ථික කොමිෂම සඳහා වූ යෝජනාව ජනාධිපතිගේ බලතලවලට හා ඔහු විසින් පත්කරන පුද්ගලයන් 5-7 කොමිෂමක් මඟින් පමණක් පාලනය කිරීම, රටේ වැදගත් මුල්‍ය, බදු. සංවර්ධන හා පරිසර ආරක්ෂණ, අධිකරණමය අණ පණත් මෙම කලාපය තුළ  ක්‍රියාත්මක නොවීම එහි විනිවිදභාවය පිළිබඳ විශාල ගැටළුවක් මතුකොට තිබේ. 
  
පාර්ලිමේන්තුවට තියා ප්‍රාදේශීය සභාවකටවත් වගනොකියන අනීතිකභාවයක් පිළිබඳ කරුණු ගණනාවක් මෙමඟින් මතුකොට ඇති බැවින් එම නීතිමය කරුණු පිළිබඳ වාද විවාදයන් හෙටින් ආරම්භවන අධිකරණමය විභාගයේදී සංවාදයට ගනු ඇතැයි බලාපොරොත්තු වෙමි.
 
 
 PCR
ඊයේ දින, මේ පිළිබඳව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සමාජ මාධ්‍යය වෙත මුදා හැර ඇති සාකච්ඡාව ද ඉතා වැදගත්ය. පසුගිය යහපාලන ආණ්ඩුවේ වරාය නගර සංවර්ධනය විෂය බාර ඇමතිවරයා ලෙස අනාවරණය නොවූ කරුණු රැසක් ඉන් අනාවරණය වී ඇත. 
 
වරාය නගර ව්‍යාපෘති සංකල්පයේ සිට එය මුහුණදුන් අභියෝග, එහි ඉදිරි පැවැත්ම සහ පසුගිය ආණ්ඩුවේ පැවැති එහි පරිපාලන සැළසුම් එමඟින් හෙළිදරව් කර තිබේ. 
 
එම සැළසුම්, අත්තනෝමතික ලෙස වෙනස් කරමින් අද යෝජනා කර ඇති කොමිසම කෙතරම් දේශද්‍රෝහී, පුරවැසි අයිතියට නිගා දෙන ක්‍රියාවක් ද යන්න වැටහේ. 
 
එමෙන්ම, මෙහි නීතිමය පසුබිම පසෙක තිබියදී එම ව්‍යාපෘතිය පිළිබඳ දේශපාලන ආර්ථික සංවාදයක් ද දැණ් මතුව තිබේ. 
 
යෝජිත කෙටුම්පතට එරෙහිව ඇති වී ඇති උණුසුම් සංවාදයට පිළිතුරු දෙන ආණ්ඩුවේ මුදල් රාජ්‍ය ඇමතිවරයාට අනුව නම් මෙම ව්‍යාපෘතිය මේ රටේ ආර්ථිකයේ විප්ලවීය හැරවුම් ලක්ෂයකි. ඊට බාධා කරන්නන් කඩාකප්පල්කාරයින්ය. ඔහුට දිය යුතු පිළිතුරු බොහෝමයක් චම්පික රණවකයන් දී ඇත.
 
DKG 2021
දීප්ති කුමාර ගුණරත්න
 
 
එහෙත් අප මිත්‍ර දේශපාලන විචාරකයෙකු වූ දීප්ති ගුණරත්නයන් වැදගත් කරුණක් සංවාදයට යොමු කළේය. ඔහුට අනුව, චීන ආයෝජන මත සිදුවන මෙම කොළඹ වරාය නගර ව්‍යපෘතිය මේ රටේ ඉදිරි දේශපාලන ආර්ථිකය තීන්දුකරන බලවත් සාධකයක් බැව් කියයි. 
 
ඒ අනුව, චීන ආයෝජන හා සංවර්ධන සැළසුම් සමඟ ආර්ථිකය ගොඩනැඟීමත් ඒ සඳහා වූ දේශපාලන කළමණාකරනය කිරීමත් ඉදිරි දේශපාලනයේ වැදගත් සාධකයක් බැව් ඔහු තවදුරටත් කියයි. 
 
එපමණක් නොව, රටේ ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමේදී මෙම චීන ආයෝජන සමඟ සිදුවන සහසම්බන්ධය වැදගත් විය හැකි බැව් ද උපකල්පනය කෙරේ.
 
 ඇත්තෙන්ම, අද ලෝකයේ දැවැන්ත ද්‍රව්‍යශීලී ප්‍රාග්ධනයක් සහිත, කලාපයේ පමණක් නොව ලෝක බලවතෙක්ව සිටින චීනය ගැන එසේ සිතීම වරදක් යැයි මම නොසිතමි. 
 
දීප්තිගේ මෙම විග්‍රහයට පිළිතුරු ලියන ශිරාල් ලක්තිලකයන් තම විග්‍රහය සිදුකරනුයේ යෝජිත වරාය නගර කොමිෂම හා සම්බන්ධකර ගැනීමෙනි. වල් බූරු නිදහසක් ඇති ආයෝජන කලාපයකින් රටට වාසි දායක ආර්ථික වර්ධනයක් ලබා ගත නොහැකි බැව් ශිරාල් අවධාරණය කරයි. 
  
හිඟන්නන්ට උණු බත් ඉල්ලන්නට අයිතියක් නැති වුවත් ප්‍රාග්ධන අතිරික්තයේ ආකර්ශණ බව ඇස්වසා ගෙන පිළිගත යුතු නැතැයි ඔහුගේ මුලික තර්කයයි. එය මූල්‍යමය වාසියට වඩා සමාජ දේශපාලන පරිහානියකට මුළ පිරීමක් යැයි කියයි. 
 
ඇත්තෙන්ම, අද චීනයේ ගමන් මග ගැන අප ගැඹුරින් සිතා බලා ඇත් ද? ඉතාමත් ශක්තිමත් ආර්ථිකයක් හිමි චීනයේ වර්තමාන පාලනය විසින් හඳුන්වා දී ඇති “එක් මාවතක් එක් තීරුවක් ” වූ ජාත්‍යන්තර සංකල්පයට අනුව ඔවුන් ස්ථිරසාර දේශපාලන- ආර්ථික ගමන් මඟකට අවතීර්ණ වී සිටින්නේ ජාතියක් වශයෙන් ඔවුන්ගේ අභියෝග ජය ගැනීමට බැව් අප පළමුව තේරුම් ගත යුතුව තිබේ. 
 
 
 
කලාපයේ භූ-දේශපාලන පිහිටීම:
 
vhhvj 
 
කලාපයේ භූ-දේශපාලන පිහිටීම අනුව, ලංකාවට විශේෂ ස්ථානයක් හිමිව ඇති බැව් ද, ඒ නිසාම චීනය, තම ජාත්‍යන්තර සංකල්පයට අනුව අපව උපායශීලීව ග්‍රහණය කරගැනීම යථාර්තයක් විය හැකි බැව් ද අප තේරුම් ගත යුතුව තිබේ. ඒ අර්ථයෙන් රටක් වශයෙන් ඉතා සමබරව එම අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට අපට හැකිද? නමුත්, අද සිදුවෙමින් ඇත්තේ කුමක්ද? මෙය දිගු සංවාදයකි. 
 
එහෙත්.......දුර්වල ආර්ථිකයක් හිමි, පිරිහුණු දේශපාලන සදාචාරයක් සහිත කුඩා දිවයිනක් ලෙස අපට තිබිය හැකි අවස්ථා බොහෝ සීමාවන්ට ලක් වී තිබේ. 
 
විශේෂයෙන්, එක් පවුල් පාලනයක් යටතේ මිථ්‍යා දෘෂ්ඨික වහල්භාවයට පත්ව ඇති බහුතර ජනතාවක් වෙසෙන රටක අනීතික පදනම් මත ගොඩනඟන මෙවන් ආර්ථික කලාප පිහිටුවීම ම විශ්මයක් නොවුන ද බියජනක අනාගතයකට අත වැනීමකි.  
 
දීප්ති, මෙම අවස්ථාවේ නඟන වැදගත් දේශපාලන ප්‍රවාදය ඇත්තෙන්ම වාසිදායකවන්නේ, රටක් වශයෙන් චීනයේ සැළසුමෙන් අවස්ථානෝචිතව ප්‍රයෝජනය ගැනීමේ දේශපාලන- ආර්ථික උපාය මාර්ගයක් සාකච්ඡා කිරීමට වඩා, මෙම අනීතික සැළසුම් මඟින් ඇටවෙන රාජපක්ෂ රෙජීමේ වස්තු හා බල තණ්හාවට පිටුබලයක් ලබාදීමය. 
 
චීනය තම ව්‍යාපෘතිය ලෝක පරිමාණයෙන් අලෙවි කිරීමේදී, තම සම්ප්‍රදායික වටිනාකම් හා සිරිත් විරිත් මැනවින් යොදා ගනී. රාජ්‍ය පාලකයාගේ සිට දේශපාලඥයාගේ, රාජ්‍ය නිලධාරියාගේ, තීරණ- තීන්දු ගන්න අවශේෂ විශේෂඥයාගේ මෙන්ම ප්‍රාදේශීය ජනතා නියෝජිතයාගේ ද පසිදුරන් මැනවින් සංතර්පණය කිරීමට චීන බලධරයෝ ක්‍රියාකරන්නේ ඒ සංස්කෘතික සදාචාරයටය. 
 
 ගැටුමකින් තොරවම තම අදහස අලෙවි කරගැනීමේ චීනුන්ගේ ආගමත් අධ්‍යාත්මයත් එය ය. 
 
CamScanner 10 01 2020 11.48.57 1 scaled 
 
වෛද්‍ය අජිත් අමරසිංහ විසින් රචිත, “ලක් ඉතිහාසයෙන් වසන් වූ චීන මෙහෙයුම්” කියවන පාඨකයෙකුට පුරාතණ සිට පැවැත එන ඒ අධ්‍යාත්මය මැනවින් අවබෝධ කරගත හැක.
 
 ඉතිහාසයේ වෙළදාමේ යෙදුනු චීන නාවික බල ඇණි මෙන්ම චීන අධිරාජයන්ද යොදාගත්තේ හැකි තාක් ගැටුමින් තොර සිත් සතන් තුටු කරවන පංච ඉන්ද්‍රියන් සංතර්පනයම ය. 
 
එහෙත්,  රාජපක්ෂවරු  එපමණකින්  ද සෑහීමකට පත්ව නැත. ඔවුහු, චීන සරණ යෑමෙන් පමණක් පරම්පරා ගණනක් ජීවත්විය හැකි මහා ධනස්කන්ධයක්  කොල්ලකෑමටත් සන්තෝෂම් ලබාගැනීමටත් ක්‍රියා කිරීමෙන් පසිදුරන්ට අමතරව තවත් කෙලෙස් මුවදොරක් විවෘත කරගෙන ඇත. 
 
බලවත් චීනයට ඉඩ දීමෙන් ලෝක බලවතුන්ගේ අවධානයට මෙන්ම අපේ සමීපස්ථම රටවන ඉන්දියාවේ සැකයට පාත්‍රවීම අද අප අත්දකිති. එය වෙනමම කතා කළ යුතු මාතෘකාවකි. 
 
එහෙත්, චීන ණය ආධාර යටතේ චීන සමාගමක් ඉදිකරණ වරාය නගරයට, ව්‍යවස්ථා විරෝධි කොමිසම් පාලනයක් ගෙන ඒමෙන් සිදු කරන්නේ ජාත්‍යන්තර ආයෝජනයන්ට බාධාවකික් තොරව දොරටු විවෘත කිරීමකට වඩා, රටේ ඒකීයභාවයත්, ස්වාධිපත්‍යයත්, භෞමික අඛන්ඩතාවයත් ලංන්සුවට තබා රාජපක්ෂ පවුල් පාලනයට දුෂණයේ යෙදීමට ජාත්‍යන්තර භූමි භාගයක් හොර ඔප්පුවකින් ලියා දීම හා සමාන ක්‍රියාවකි. 
 
අද සටන 2024 චීනය සමහන් කළ හැකි පාලකයෙක් සොයා ගැනීම නොව මෙම ඒ ලීවීමට මාන බලන හොර ඔප්පුව ජනතා සටනකින් ඉරා කීතූ කීතූ කිරීමය. 
 
මම ශිරාල් සමග 43 සේනාංකය වෙනුවෙන් හෙට උසාවියට යන්නේ එහි පළමු පියවර ලෙසය. අන් බොහෝ දෙනා ද ඒ සටනේ සටන් සගයන් විය හැකිය. 
 
 
Bandula Chaබන්ධුල චන්ද්‍රසේකර
ජාතික හෙළ උරුමය මහ ලේකම් 
2021-04-18 
 
(බන්ධුල චන්ද්‍රසේකරගේ ෆේස්බුක් පිටුවෙන්..)
 
 
 
 
සබැඳි පුවත් 
 
 
 
 
 
 

 

 


 

THE LEADER TV 
 
 

අනාගත පරපුරේ හුස්ම පොද මේ පරිසරය ! ඒක පරිස්සම් කරන්න - අයිරාංගනී සේරසිංහ

 

සිද්දිකා නොහොත් අවංක ගැහැණිය බේරගන්න ආ කැරොලිනා

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...