The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'2024 දී බලය ගන්නෙ චීනය සහ බටහිර තුලනය කළ හැකි අයයි' - දීප්ති කුමාර ගුණරත්න

T

The Leader Desk

April 15, 2021 • 5:01 PM

 '2024 දී බලය ගන්නෙ චීනය සහ බටහිර තුලනය කළ හැකි අයයි' - දීප්ති කුමාර ගුණරත්න     

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජේ.ආර්. දිනෙව්වේ වෙන දේශපාලන පක්ෂ නොව රටේ ආර්ථික තත්ත්වය බවත්, එලෙසම ඉදිරියට දිනන්නේත්, චීනය සහ බටහිර තුලනය කරන්න පුළුවන් දේශපාලන වැඩසටහන නිර්මාණය කරන අය පමණක් බවත්
  • දැන් වරාය නගරයට එන්නේ ද මෙම අතිරික්තය යි.      මේ අතිරික්තයට පුළුවන් 2025 වෙනකොට ලංකාවේ සෘජු සහ වක්‍ර රැකියා අවස්ථා ලක්ෂ හතරක් නිර්මාණය කරන්න.
  • ] අනිත් පැත්තෙන්, 2009 යුද්ධය මිලේච්ඡව අවසන් වෙන්න ඉඩ දුන්න බටහිර දැන් මිනිස් සදාචාරය කතා කිරීමත් විහිළුවකි.
  • කොහෙද ආයෝජනය කරන්නේ කියන එකයි.    ‘ප්‍රාග්ධනය’ අපනයනය කිරීම ආර්ථිකයට අලුත් නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):
'සමබිම' පක්ෂයේ මහ ලේකම් දීප්ති කුමාර ගුණරත්න පවසයි. 
 
ඒ අර්ථයෙන්, ලෙනින් කී පරිදි අරගලයට දේශපාලන අරගලය, ආර්ථික අරගලය සහ දෘෂ්ටිවාදී අරගලය ලෙස තල තුනක් තියෙන බවද ඔහු කියා සිටියි. 
 
ප්‍රවීන සමාජ හා දේශපාලන විශ්ලේෂකයකු වන ඔහු එබව සඳහන් කර සිටියේ, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන "කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිසම් සභා පනත් කෙටුම්පත'' සම්බන්ධයෙන් 3mana.com වෙත අදහස් දක්වමිනි.
 
 'සමබිම' පක්ෂයේ මහ ලේකම්වරයා ඒ සම්බන්ධයෙන් තවදුරටත් මෙසේ පවසයි.
 
 
දේශපාලන-ආර්ථික න්‍යායක අවශ්‍යතාවය !
 
'' කොළඹ වරාය නගරයේ ආර්ථික ක්‍රියාවලිය වටහා ගැනීමට අවශ්‍ය නම්, ඒ සඳහා ‘දේශපාලන-ආර්ථික ‘[POLITICAL-ECONOMY] න්‍යායක් අවශ්‍යය. 
 
යම්කිසි රටක් බාහිර ආයෝජනයන් කෙරෙහි යොමු වන්නේ, ස්වෛරී ආර්ථිකය තුළ ඇති විකල්ප සියල්ල සිඳී ගිය පසුව ය. 
 
1978 දී පටන් ගත් ආර්ථිකය නිර්බාධීකරණය කිරීම වනාහී අන් සියලු විකල්ප වලට උත්තර නැති නිසා හට ගත් එකකි. 
 
 
 Tr9LJkdL42T1GvMu 2
                    ජේ.ආර්. ජයවර්ධන 
 
ඉතාම සරලව කිවහොත්, මිනිසුන්ට අඩුම තරමින් කන්න බොන්න තරමටවත් ආර්ථිකය ප්‍රසාරණය නොවන්නේ නම් එම රට අරාජික වීම නැවැත්විය නො හැකිය. දේශපාලන සහ සංස්කෘතික වශයෙන් මොනතරම් පරිහානියක් පැමිණියත් J.R ගේ වැඩසටහන ජයග්‍රාහි වූයේ, මේ නිසා ය. 
 
 
 
 
‘වරාය නගරය’ සම්බන්ධ ආර්ථිකය අප සන්දර්භගත කරන්නේ, ‘යානිස් වරුෆාකිස්’ නම් දේශපාලන-ආර්ථික චින්තකයා විසින් ඉදිරිපත් කරන ‘අතිරික්තය ප්‍රතිචක්‍රීයකරණ කිරීමේ යාන්ත්‍රණය’ නම් ප්‍රතිපත්තිය (SURPLUS RECYCLING MECHANISM POLICY) පාදක කොට ගෙන ය. 
 
 
 
මින් අදහස් වන්නේ කුමක්ද?
 
 
 
ජාත්‍යන්තර වෙළඳාමෙහි දී එක රටක නිෂ්පාදනය කරන බඩු තවත් රටක් මිලට ගන්නේ යැයි සිතමු. එවිට සිදු වන්නේ, මිලට ගන්නාගේ සල්ලි ටික නිෂ්පාදනය කරන රටට ගලා යාමයි. එවිට, එක තැනක මුදල් ගොඩ ගැසෙන අතර අනෙක් තැන පරිභෝජනය, භාණ්ඩ සහ ණය ගොඩ ගැසෙයි. 
 
උදාහරණයක් ලෙස ගතහොත්, ජර්මනිය මේ මොහොතේ යුරෝපයේ පොහොසත්ම ආර්ථිකය ඇති තැනයි. 
 
ග්‍රීසිය විසින් ජර්මන් භාණ්ඩ අධික ලෙස පරිභෝජනය කරනවාට වඩා, ණයට අරගෙනත් ජර්මන් භාණ්ඩ පරිභෝජනය කරයි. 
 
 
 
 
ලංකාවේ සුළු ව්‍යාපාරිකයෙක් වසර 5ක් පමණ දිවා රාත්‍රියේ වැඩ කර එක මොහොතක දී ටොයෝටා කොරොල්ලා මෝටර් රථයක් මිලියන 5කට පමණ මිලට ගනියි. එහිදී, ඔහු කල්බදු ණයක් ද ගනියි. මෙහි දී, වත්තේ සුළු ව්‍යාපාරිකයාගේ ප්‍රාග්ධනය ක්ෂණයකින් යෙන් මුදලට මාරු වී වාෂ්ප වී යාමයි. 
 
 
රටවල් අතර මෙය  වන විට ‘වෙළෙඳ ශේෂය’ ලෙස සංකල්පගත වෙයි. 
 
එක රටක මුදල් එක්රැස් වන අතර අනෙක් රට ණය වෙයි. 
 
මිනිසුන්ගේ පරිභෝජනය පාලනය කරන්නේ, වෙළෙඳපොළ මිස රාජ්‍යය නොවන නිසා ස්වෛරීත්වය ඉක්මවා ජාත්‍යන්තර වෙළදාම වර්ධනය වෙයි. අපි මේ කතා කළේ එක පැත්තකි.
 
 
මුදල් සහ ප්‍රාග්ධනය එකතු වන රටවල්:
 
 
දැන්, අපි මුදල් සහ ප්‍රාග්ධනය එකතු වන රටවල් ගමු. 
 
දෙවන ලෝක යුද්ධයට පසුව එක්සත් ජනපදය විසින් යුරෝපයට සහ ජපානයට මාර්ෂල් වැඩසටහන යටතේ ‘ප්‍රාග්ධනය’ (අතිරික්තය) පටවා එම රටවල් පොහොසත් කරන ලදී. 
 
එහිදී, එක්සත් ජනපදය තමන්ගේ ව්‍යවහාරික මුදල වන ඩොලරය ඉහත රටවල් දෙකෙහි මුදල් ඒකක දෙකට සාපේක්ෂව නියතයක්ව තැබුවේය. 
 
මින් ඩොලරය ශක්තිමත් විය. 
 
මෙසේ වන්නේ, ‘සමාජ අතිරික්තය’ මව් රටෙහි තැන්පත් කරගෙන සිටීම නිසා උද්ධමනය වැඩි වන නිසා ය. ඒ නිසා, මෙම අතිරික්තය පිට රටවල්වලට භාණ්ඩ මෙන් පැටවිය යුතුය.
 
 

bneGeneric IMF AGM Cropped

 
80 දශකයට පසුව සීතල යුධ රාමුව තාත්වික ලෙස අවසන් වූ අතර එතැනට IMF සහ ලෝක බැංකුව ආදේශ විය. 
 
 
 
නමුත් 21 වැනි සියවසේ පළමු දශකය වන විට අඩු මිලට භාණ්ඩ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාව වූයේ, චීනයයි. 
මින් සිදු වූයේ, ‘අතිරික්තය’ චීනයේ ගොඩ ගැසීමයි. 
 
දැන් මේ ගොඩගැසෙන ‘අතිරික්ත ප්‍රාග්ධනය’ එක්කෝ පරිභෝජනය කළ යුතුය, නැතහොත් පිටරට පැටවිය යුතුය. 
 
මෙයට කියන්නේ, ‘අතිරික්තය ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ යාන්ත්‍රණය’ කියා ය. 
 
80 දශකයේ දී ‘නිදහස් වෙළඳ කලාප’ වලට ආවේ ද බටහිර අතිරික්තය යි. දැන් වරාය නගරයට එන්නේ ද මෙම අතිරික්තය යි. 
 
 
මේ අතිරික්තයට පුළුවන් 2025 වෙනකොට ලංකාවේ සෘජු සහ වක්‍ර රැකියා අවස්ථා ලක්ෂ හතරක් නිර්මාණය කරන්න. දෙමළාට විරුද්ධව රට ආරක්ෂා කරපු සිංහල අය මේ අතිරික්තය නිසා එන වාසි ගරා ගන්නවා මිසක් මෝඩ නීතිඥයන් කියන දේවල් වලට සවන් දෙන එකක් නැහැ. ඒ දේශපාලන-ආර්ථිකයේ බලය යි.
 
 
ලංකාව ‘චීන අතිරික්තය’ හරහා වර්ධනය වෙනවට ඉන්දියාව, යුරෝපය සහ ඇමරිකාව කැමති වෙන එකක් නැහැ. 
 
ඒක නිසා, ඇමරිකාව ලංකාවේ නීතිඥයන්ට උද්ඝෝෂණ සඳහා මුදල් ලබා දෙන අතර චීනය ‘රාජපක්ෂ ඊඩිපස් පවුලට’ මුදල් ලබා දෙනවා. 
 
ඉදිරියට එන්න තියෙන ප්‍රධාන ප්‍රතිවිරෝධය මේකයි. 
 
 
මෙතැන දී, ‘ව්‍යුහය’ දැනටමත් ඇවිල්ලා ඉවරයි.[ චීනයේ අරමුදල් ලබන අයම චීන කොලනි ගැන කතා කිරීම විහිළුවකි. ] අනිත් පැත්තෙන්, 2009 යුද්ධය මිලේච්ඡව අවසන් වෙන්න ඉඩ දුන්න බටහිර දැන් මිනිස් සදාචාරය කතා කිරීමත් විහිළුවකි.
 
 
 
 
අපේ උපායමාර්ගික සැලැස්මට අනුව මෙම ‘චීන අතිරික්තය’ ලංකාවේ ආයෝජනය වෙන එක හොඳයි. ඒක, ඒ අයගේ තෝරා ගැනීමකි. 
 
අපේ පැත්තෙන් සිදුවිය යුතු දේ තමයි, ලංකාවේ රාජ්‍යයේ මතවාදී සැකැස්ම දියුණු කරන එකයි. 
 
 
 unnamed
 
 
‘ජනතා විමුක්ති පෙරමුණ’ තමයි ලංකාවේ රාජ්‍යයට ‘රාජපක්ෂ පවුල’ බණ්ඩාරනායකලා වෙනුවට ආදේශ කළේ. රාජපක්ෂලා විසි වෙන්නේ ඉහත ‘ප්‍රාග්ධන ප්‍රතිචක්‍රීයකරණය’ කළමනාකරණය කර ගන්න බැරි වීම තුළ මිස ඔවුන්ගේ අභ්‍යන්තර පවුල් ගැටුම තුළ නොවේ.
 
 
 
 
ගැටලුව වෙන්නේ, ඇමරිකාවට, යුරෝපයට ඔවුන්ගේ අතිරික්තය ලංකාවට ගේන්න අවශ්‍ය නැහැ.[ETHICAL FUNDING] මුඛ්‍ය ගැටලුව වන්නේ, ආයෝජනය කරනවද නැද්ද කියන එක නොවෙයි. කොහෙද ආයෝජනය කරන්නේ කියන එකයි. 
 
‘ප්‍රාග්ධනය’ අපනයනය කිරීම ආර්ථිකයට අලුත් නැහැ. නමුත් මේ බටහිරට ‘පටවන ප්‍රාග්ධනය’ සතු අයිතිකාරයාගේ ජාතිකත්වය දැන් බටහිරින් චීනයට මාරු වෙලා. 
 
 
 
මෙතන උභයාවේගයක් තියෙනවා. එක පැත්තකින්, අවස්ථාවක් එනවා රට දියුණු කරන්න. අනෙක් පැත්තෙන්, ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් අභියෝගයක් එනවා. වාර්ගිකව ප්‍රජාතන්ත්‍රවාදය බටහිර එකකි.
ලංකාව කියන රටේ දී අධිරාජ්‍යවාදය සුවිශේෂ සංකල්පයකි. මින් වැඩියෙන්ම ගසා කන්නේ, ලංකාවේ පහළ මැද පන්තිය යි. 
 
රාජ්‍යයෙන් මාසික වැටුප් ලබා ගන්නා මෙම නාස්තිකාර සහ පරපුටු පන්තිය අදහස්වල බලය (දෘෂ්ටිවාදය) හරහා අතිරික්තය සූරා කනවා. 
 
ඒ කියන්නේ, ලංකාවේ ගැමි බහුතරයට අධිරාජ්‍යවාදය යහපත් වෙනවා කියන එකයි. ඉඩම් මැනීම ගැමියාට යහපත්;  මැද පන්තිකයාට තර්ජනයකි. 
 
 
12
 
ලංකාවේ ‘වරාය නගරයට’ චීන අතිරික්තය එන එක රටේ ගැමි ජනතාවගේ ආර්ථිකය යහපත් කරනවා. ඔවුන් රටේ ව්‍යාජ මැද පන්තික මතවාදයෙන් කැඩෙනවා. රාජ්‍ය බදු මුදල් ගසා කන පහළ මැද පන්තිකයන්ගේ මතවාදී අර්බුදය වඩා උත්සන්න වෙනවා. මේ අය කහින්න ගන්නවා. බැසිල්ට හරි විමල්ට හරි කඩේ යන්න බෙරිහන් දෙනවා. 
 
2024 දී බලය ගන්නෙ කවුද ?
 
 
2024 දී බලය ගන්නෙ කවුද කියන එක තීරණය වෙන්නේ, ‘වරාය නගරය’ පිළිබඳ විවාදයේ දී විද්‍යාත්මක අදහස් ඉදිරිපත් කරන අය මිසක් FACEBOOK විතණ්ඩවාදීන් නොවේ. අපි මෙතැන දී අරගලය ඉතා තීව්‍රව කරන්න අදහස් කරනවා.
 
J.R ව දිනෙව්වේ වෙන දේශපාලන පක්ෂ නොවේ; රටේ ආර්ථික තත්ත්වය යි. 
 
ඒ වගේම ඉදිරියට දිනන්නේත්, චීනය සහ බටහිර තුලනය කරන්න පුළුවන් දේශපාලන වැඩසටහන නිර්මාණය කරන අය යි. ඒ අර්ථයෙන්, ලෙනින් කී පරිදි අරගලයට තල තුනක් තියෙනවා.
 
දේශපාලන අරගලය
 
 ආර්ථික අරගලය
 
දෘෂ්ටිවාදී අරගලය 
 
 
deepthi 2021(දීප්ති කුමාර ගුණරත්න )
මහ ලේකම් 
සමබිම පක්ෂය 
 
 
 
 
සම්පුර්ණ ලිපිය පහතින් :
 
          
 
 
පොට් සිටි කොමිසෙන් රටට වෙන දේ - ආචාර්ය රොහාන් සමරජීව
 
 

 
 
සබැඳි පුවත් :
 
 
 
 

 

 

සිද්දිකා නොහොත් අවංක ගැහැණිය බේරගන්න ආ කැරොලිනා

 

 

අපි නොදන්න ස්ටියරිං - සිද්ධිකාට දැම්ම වගේ 'තගක්' දමයන්තිටත් දායිද ?

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'2024 දී බලය ගන්නෙ චීනය සහ බටහිර තුලනය කළ හැකි අයයි' - දීප්ති කුමාර ගුණරත්න | The Leader