The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'පෝට් සිටි' : ෆෙඩරල් ප්‍රාන්තයකට එහා යන 'වෙනම' රාජ්‍යයක් - කුසල් පෙරේරා

T

The Leader Desk

April 8, 2021 • 8:56 AM

'පෝට් සිටි' : ෆෙඩරල් ප්‍රාන්තයකට එහා යන 'වෙනම' රාජ්‍යයක් - කුසල් පෙරේරා 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “කොළඹ වරාය නගරය විශේෂ ආර්ථික කලාපය” වෙනුවෙන් “විධිවිධාන සැලැස්වීම සඳහා ද:
  • ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරිය පනත   2.
  • (252 වන අධිකාරය වූ) මහනගර සභා ආඥාපනත   3.
  • 2000 අංක 44 දරන ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානය පනත   4.
අකුරු ප්‍රමාණය (Font Size):
ඒ කලාපය තුළ සහ එහි සිට ව්‍යාපාර සහ වෙනත් ක්‍රියාකාරකම් කරගෙන යාම සඳහා ලියාපදිංචි කිරීම, බලපත්‍ර දීම, බලය ලබාදීම සහ වෙනත් අනුමතයන් ලබා දීම සඳහා බලය ඇති කොමිෂන් සභාවක් පිහිටුවීම සඳහා ද” පනත් කෙටුම්පතක් පසුගිය මාර්තු 19 වන දිනැති ගැසට් පත්‍රයෙහි දෙවන කොටස අතිරේකය මගින් පළ කරනු ලැබිණ.   
 
ගැසට් කෙරුණු එම පනත් කෙටුම්පතට අනුව, එසේ ලබා දී ඇති බලයේ ප්‍රමාණය “සන්ධීය නැතිනම් ෆෙඩරල් ආණ්ඩු පාලනයක” ප්‍රාන්තයකට ලැබෙන්නාවූ බලයකට වඩා වැඩි යැයි එම කෙටුම්පත කියවන්නෙකුට සිතෙන්නට ඉඩ ඇත.
 
ප්‍රාන්තයකට ලැබෙන්නාවූ බලයකට වඩා එහි අඩුවකට ඇත්තේ මේ යෝජිත පනතින් පිහිටුවනු ලබන “බලය ඇති කොමිෂන් සභාව” යටතේ “කොළඹ වරාය නගරය විශේෂ ආර්ථික කලාපය” සඳහා වෙනම පොලීසියක් ගැන සඳහන් නොවීමය.
  
එසේ වූවත් අපගේ පළාත් සභා සඳහා 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඇති බලය පූර්ණ ලෙස ක්‍රියාත්මක කළහොත් “වෙනම ඊළම් රාජ්‍යයක්” හැදෙන්නේ යැයි ඇතැමුන් තර්ක කළද ඉන් කිසි විට නොලැබෙන බලයක් වන මධ්‍යම ආණ්ඩුවේ අණ පනත් බලාත්මක නොවන සහ එවැනි තවත් අණ පනත් තම අභිමතය පරිදි සංශෝධනය කර ගැනීමේ බලය, “කොළඹ වරාය නගරය කොමිෂන් සභාව” වෙත යෝජිත පනතින් ලබා දෙනු ඇත. 
 
ගැසට් පත්‍රයෙහි ප්‍රකාශිත යෝජිත පනත් කෙටුම්පතෙහි තුන්වන උප ලේඛනයට අනුව,  
1. ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරිය පනත
 
2. (252 වන අධිකාරය වූ) මහනගර සභා ආඥාපනත
 
3. 2000 අංක 44 දරන ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානය පනත
 
4. (269 වන අධිකාරය වූ) නගර හා ග්‍රාම නිර්මාණ ආඥාපනත
 
5. 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත
 
6. 1987 අංක 3 දරන පොදු කොන්ත්‍රාත් ගිවිසුම් පනත
 
7. ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 4 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පනත
 
 
යන පනත් කිසිවක් “කොළඹ වරාය නගරය විශේෂ ආර්ථික කලාපය” සඳහා අදාල නොවේ.
 
එවගේම එහි දෙවන උප ලේඛනයට අනුව “නිදහස් කිරීම් හෝ දිරි ගැන්වීම් ප්‍රදානය කරනු ලැබිය හැකි පනත්” යැයි “කොළඹ වරාය නගරය කොමිෂන් සභාවට” සිය අභිමතය පරිදි සංශෝධනය කළ හැකි පනත් 14 ක් ඇත. 1971 අංක 45 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනතට අමතරව, අනෙක් සියලු පනත් මේ රටේ ජනතාවට වාර්ෂිකව ආදායම් බදු, රේගු බදු, විනෝද බදු, සුරා බදු වැනි විවිධ අය කිරීම් සමග ආදායම් ලැබීමේ නීතිමය අවසරය සඳහා බලාත්මක වන පනත් ය. ඒවායින් “කලාපය තුළ ක්‍රමෝපායික වැදගත්කමක් ඇති ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීම සඳහා දිරිගැන්වීම් සහ වෙනත් නිදහස් කිරීම් නිශ්චය කොට ප්‍රදානය කිරීම සඳහා” කොමිෂන් සභාවට බලය ඇත.  
මේ ආකාරයෙන් මධ්‍යම ආණ්ඩුව යටතේ බලාත්මක කෙරෙන අණ පනත් අක්‍රීය කිරීමෙන් හා සංශෝධනය කිරීමට ඉඩ ලබා දීමෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝණය විය හැක. 
   
1971 අංක 45 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනත කොමිෂන් සභාවේ අභිමතය අනුව සංශෝධනය කිරීමට ඉඩ තැබීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි අනු ව්‍යවස්ථා 14(1) යටතේ සහතික කර ඇති මූලික අයිතිවාසිකම් එහි සේවකයින්ට අහිමි විය හැක.
 
 104
ජනාධිපති ජයවර්ධන
 
 
 1978 නිදහස් වෙළඳ කලාප පිහිටුවීමේදී මහ කොළඹ ආර්ථික කොමිසම් සභා පනත මගින් එවැන්නක් කිරීමට ජනාධිපති ජයවර්ධන උත්සාහ ගත්තද වෘත්තීය සමිති මැදිහත්වීම් සමග රටක නීති කට්ටල් දෙකක් තිබිය නොහැකි යැයි වූ පිළිගැනුම මත ලැබුණු අධිකරණ තීන්දුව හේතුවෙන් ඒ උත්සාහය එදා ජනාධිපති ජයවර්ධනට අත් හරින්නට සිදු විය.   
 
එවගේම මොනම ආකාරයකින් හෝ ඉඩම් පිළිබඳව කිසිදු බලයක් පළාත් සභා සඳහා ලබාදී නොමැති නමුත් “කොළඹ වරාය නගරය කොමිෂන් සභාවට” එහි ඉඩම් පරිහරණය සඳහා පූර්ණ බලයක් පනතින් ලබා දෙනු ඇත. 
 
එහි සඳහන් පරිදි “ඒ කලාපය තුළ පිහිටා ඇති රජයේ අලෙවි කළ හැකි ඉඩම් සහ ව්‍යාපෘති සමාගමේ අලෙවි කළ හැකි ඉඩම් සහ පරිශ්‍රයන් සහ සහාධිපත්‍ය කොටස් සම්බන්ධයෙන් ගනුදෙනුවලට එළඹීමට” 06(1) ඇ සිට ඊ දක්වා වගන්ති ප්‍රකාර කොමිෂන් සභාවට බලය හිමි වන්නේය.    
 
ඕනෑම ෆෙඩරල් පාලනයක එය එක තනි රටක් ලෙස සැළකීමේ සාධක අතුරින් එක් ප්‍රධාන සාධකයක් වන්නේ සියලු ප්‍රාන්ත මධ්‍යම ආණ්ඩුවේ මුදල් සමගින් පමණක් තම සියලු ගනුදෙනු කිරීමය. තවත් ආකාරයකට එයම කියන්නේ නම්, වෙනම මුදල් වර්ග භාවිත කිරීමේ අයිතියත් බලයක් ප්‍රාන්ත සඳහා නැත. 
  
එනිසා ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 50 ම සහ අනුබද්ධිත පළාත් සියල්ල තම සියලු ගනුදෙනු කළ යුත්තේ ඇමෙරිකානු ඩොලරයෙනි. එය කැනඩාවෙත් එසේමය. ඉන්දියාවේත් එසේමය. 
 
එහෙත් ගැසට් කර ඇති පනත් කෙටුම්පතට අනුව “කොළඹ වරාය නගරය විශේෂ ආර්ථික කලාපය” තුල ගනු දෙනු ප්‍රධාන වශයෙන් කෙරෙනු ඇත්තේ ඇමෙරිකානු ඩොලරය නැතිනම් වෙනත් විදේශ මුදල් වලිනි. ශ්‍රී ලංකා රුපියල සතු වන්නේ කොන්දේසි සමගින්වන සීමාසහිත ඉඩකි.
 
වෙනකක් තබා එහි වැටුප් ගෙවීමේදී  සේවානියුක්ත ශ්‍රී ලාංකිකයින්ට පවා වගන්ති අංක 35 ට අනුව “ශ්‍රී ලංකා රුපියල් නොවන නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල්වලින් පාරිශ්‍රමික ගෙවනු ලැබිය යුතු ය.”
 
 
කොළඹ වරාය ඇසුරෙන් කෘතිම ලෙස ඉදි කළ මේ “කොළඹ වරාය නගරය” යැයි වන භූමි ප්‍රදේශය ශ්‍රී ලාංකීය රාජ්‍යයේ අනෙක් ඕනෑම භූමි ප්‍රදේශයකින් නෛතික වශයෙන් වෙන් නොවිය යුතු නමුත් ගැසට් කරනු ලැබූ පනත් කොටුම්පතෙහි සඳහන් එවැනි සියලු බල තල එක ගොනුවකට ගත් කළ, එය වෙනම කුඩා රාජ්‍යයක් බඳුය. එහි යාමට විදෙස් සංචාරකයින්ට මෙන් ශ්‍රී ලාංකිකයින්ටද හේතු දක්වමින් විශේෂ අවසරයක් ලබා ගැනීමට සිදුවනු ඇත.
 
Kusal Pereraකුසල් පෙරේරා
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
 
2021 අප්‍රේල් 06 වන දින
 
පොට් සිටි කොමිසෙන් රටට වෙන දේ - ආචාර්ය රොහාන් සමරජීව
 

පෝට් සිටි ගැසට්එකේ ජාතික ආරක්ෂාව මඟහැරිලා!
 

 
'වරාය නගර කොමිසම පිහිටුවීමේ පනත බරපතල තර්ජනයක්' - ශිරාල් ලක්තිලක.
 
 
 
 
 
සබැඳි පුවත් :
 
 
 

 

 


 

 
 
THE LEADER TV

 

රට කෑ කැරොලයින් නාඩගමේ තිරයෙන් පිටුපස කතාව!

 

දොලවත්ත කියන්නේ වහ කන කතාවක්නේ 'ස'

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...