ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව
Showing page 3 of 8 (110 articles)

අයිසොලෙස් බයෝටෙක් පාමා අධ්‍යක්ෂවරයා සමග දුරකථන සංවාද 180ක් පැවැත්වූ බවට සාක්ෂිකරු පිළිගනියි
ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සැපයීම සිදුකළ අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ අධ්‍යක්ෂක සුදත් ජානක ප්‍රනාන්දු සමඟ දුරකථන සංවාද 180ක් පමණ ඉන්දියානු යෝජනා ක්‍රම

අයිසොලෙස් බයෝටෙක් පාමා කෙමිකල් ඇතුළු ද්‍රව්‍ය වෛද්‍ය සැපයුම් ඒකකයට සැපයුවා ඖෂධ නඩුවේ සාක්ෂිකරුවකු කියයි.
ප්‍රශ්නගත ඖෂධ සැපයීම සිදුකළ අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ අධ්‍යක්ෂවරයා කෙමිකල් වර්ග තිස් දෙකක් සැපයීම සඳහා වෛද්‍ය සැපයුම් ඒකකය සමඟ ගිවිසුම් ගතව සිටි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ කළමනාකාර සහකාර නිලධාරී කෝරාධිපතිගේ නිහාල් රංජිත් මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

'ඖෂධ සම්බන්ධයෙන් සම්පූර්ණ තොරතුරු පරිගණක පද්ධතියේ නෑ' - ඖෂධ නඩුවේ සාක්ෂිකරුවකු කියයි
ඖෂධ සම්බන්ධයෙන් සම්පූර්ණ තොරතුරු ලබා ගැනීමක් පරිගණක පද්ධතිය මගින් සිදුකළ නොහැකි බවත්, ඒ ඒ අයිතමයන්ට අදාළව වෙන් වෙන්ව පවතින ගොනු වල ඇති සියලු කරුණු

ප්‍රාදේශීය මිලදී ගැනීම් කිරීමට msd අනුමැතිය ඕනෑ - ප්‍රධාන තොග පාලන නිලධාරී අධිකරණයට කියයි
ඖෂධ ශුන්‍ය වූ අවස්ථාවක ප්‍රාදේශීය මිලදී ගැනීම් සිදුකිරීම සඳහා වෛද්‍ය සැපයුම් ඒකකයේ අවසරය ලබා ගැනීමට ආයතන වලට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ ප්‍රධාන තොග පාලන නිලධාරී ධනේෂ් නන්දන බණ්ඩාර මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේදී ප්‍රකාශ කළේය .

රිටොප්සිමැබ් ඖෂධයේ ලේඛන පැමිණිල්ල පෙන්වූයේ නෑ - ඖෂධ නඩුවේ සාක්ෂිකරුවකු කියයි
රිටොප්සිමැබ් ඖෂධයට අදාළ ලේඛන පැමිණිල්ල විසින් මූලික ප්‍රශ්න විමසූ අවස්ථාවේදී තමන්ට පෙන්වූයේ නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ ප්‍රධාන තොග පාලන නිලධාරී ධනේෂ් නන්දන බණ්ඩාර මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේදී ප්‍රකාශ කළේය.

පිළිතුරු දෙන ආකාරය ගැන ඖෂධ නඩුවේදී විත්තියේ නීතිඥවරයකු ගෙන් ප්‍රකාශයක්
"ස්වාමීනී පොඩි කාලේ මගේ අප්පච්චි කියනවා අහන ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නෑ, වත්ත වටේ යනවා කියලා. දැන් තමයි මට තේරෙන්නේ මං අප්පච්චිට කොච්චර වදයක් වෙන්න ඇති ද කියලා "යනුවෙන් නීතිඥ නයන්ත විජේසුන්දර මහතා ස්ථිර පුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

සාක්ෂිකරු කූඩුවෙන් ඉවත්කර විරෝධතා මතු කරන්න - ඖෂධ නඩුවේදී විත්තියෙන් ඉල්ලීමක්
විත්තිය විසින් හරස් ප්‍රශ්න යොමු කිරීමේදී පැමිණිල්ල විරෝධතා ඉදිරිපත් කරනවා නම් සාක්ෂිකරු සාක්ෂි කූඩුවෙන් ඉවත් කර එම විරෝධතා මතු කිරීමට අවසර දෙන ලෙස ජනාධිපති නීතිඥ නාවාන මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

ඖෂධ නඩුවේ සාක්ෂිකරුවකු ට විනිසුරු මඩුල්ලෙන් අවවාද
තමුන් සාක්ෂි දෙන අවස්ථාවේදී තොග පාලකවරයා විදිහට ඇති දැනුම භාවිතා කරමින් සාක්ෂි දිය යුතුයි. තොග පාලක විදියට සාක්ෂි දෙන්න" යනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ ප්‍රධාන තොග පාලන නිලධාරී ධනේෂ් නන්දන බණ්ඩාර මහතාට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අවවාද කළේය.

සාක්ෂිකරුට ස්වාධීනව සාක්කි දීමට අවස්ථාව දිය යුතුයි - ඖෂධ නඩුවේ විත්තියේ නීතිඥ අසේල සේරසිංහ පවසයි
"සාක්ෂිකරුට ස්වාධීනව සාක්කි කූඩුවේ සිට සාක්කි දීමට අවස්ථාව දිය යුතුයි. බලහත්කාරකම් කරන්නේ නැතුව "යනුවෙන් නීතිඥ අසේල සේරසිංහ මහතා ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සඳහන් කළේය.

ඇනවුම් කරන කාලයේ කපිල වික්‍රමනායක විදේශගතව සිටියා - ප්‍රධාන තොග පාලක අධිකරණයේදී කියයි
ප්‍රශ්නගත ඖෂධ ලබා ගැනීම සඳහා ඇණවුම් නිකුත් කරන අවස්ථාවේදී වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂ අධ්‍යක්ෂකවරයා ව සිටි වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා විදේශගත වී සිටි බව තමන් දන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ ප්‍රධාන තොග පාලන නිලධාරී ධනේෂ් නන්දන බණ්ඩාර මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

රිටොක්සිමැබ් ඖෂධය භාරගත් අය අධිකරණයේ නෑ - වෛද්‍ය සැපයුම් ඒකකයේ ප්‍රධාන තොග පාලක අධිකරණයට කියයි.
නඩුවට පාදක වන රිටොක්සිමැබ් ඖෂධය භාරගත් තොග පාලක නිලධාරියා හෝ සහකාර අධ්‍යක්ෂකවරිය මෙම නඩුවේ විත්තිකරුවන් අතර නොසිටින අතර එම ඖෂධය සම්බන්ධයෙන්

සාධාරණ නඩු විභාගයක් අවශ්‍යයි - විත්තියේ නීතිඥ අසේල ඖෂධ නඩුවේදී කියයි
තමන්ට සාධාරණ නඩු විභාගයක් අවශ්‍ය බව ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළ නඩුවේ දෙවැනි විත්තිකරු වන වෛද්‍ය සැපයුම් ඒකකයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ඖෂධ නඩුවේ විදෙස් සාක්ෂි විමසීම zoom ඔස්සේ - පැමිණිල්ල දැනුම් දෙයි
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින්

ICL යටතේ ප්‍රමුඛතා ලැයිස්තු මා සකස් කළා - MSD ප්‍රධාන තොග පාලක ඖෂධ නඩුවේදී කියයි.
ඉන්දියානු ණයයෝජනා ක්‍රමය යටතේ ඉදිරිපත් කිරීම සඳහා ප්‍රමුඛතා ලැයිස්තු තමන් විසින් සකස් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ ප්‍රධාන තොග පාලන නිලධාරී ධනේෂ් නන්දන බණ්ඩාර මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කියා සිටියේය.

MSD දත්ත ගැන ප්‍රශ්න වලට පිළිතුරු වෙනත් අයෙකුගෙන් - ඖෂධ නඩුවේදී හෙළිවෙයි
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ දත්ත පද්ධතිය සම්බන්ධයෙන් මාළිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් රජයේ රස පරීක්ෂක වෙත යොමු කළ ප්‍රශ්න නවයෙන් ප්‍රශ්න හතරකට පිළිතුරු සපයා ඇත්තේ ඒ සඳහා පත්කළ කමිටු සාමාජිකයෙකු නොවන බාහිර පුද්ගලයකු විසින් බවට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අනාවරණය විය.


