ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව
Showing page 4 of 8 (110 articles)

NMRA පරිගණක දත්ත විනාශ වීම ගැන පරීක්ෂණ තවම අවසන් නෑ, - ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ සහකාර පරීක්ෂක ඖෂධ නඩුවේදී කියයි
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක පද්ධතියේ දත්ත විනාශ වීම සම්බන්ධයෙන් වන රස පරීක්ෂකවරයාගේ පරීක්ෂණ කටයුතු මෙතෙක් අවසන් කර නොමැති බව ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සැක කටයුතු ලේඛන පිළිබඳ ජ්‍යෙෂ්ඨ සහකාර පරීක්ෂක ඊ.එම්.ඩී.පී.ඊ. උඩංගමුව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සඳහන් කර සිටියේය.

කෙහෙළිය ඉදිරිපත් කළ පෙන්යිඩ්‍රයිව් එක ගැන වැරදි අංකයක් සඳහන් කළා - අතපසු වීම ගැන සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් සමාව ඉල්ලයි
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති සැනෙලි දාවකයක් (pen drive) ලෙස සඳහන් කරමින් ,අයිසොලෙස් බයෝ ටෙක් පාමා ආයතන පරීක්ෂණය ආයතන පරිශ්‍රය නිරීක්ෂණයේදී ගත් දර්ශන ඇතුළත් pen drive එකක් පිළිබඳව කළ සඳහන තමන්ට අත් වැරදීමකින් සිදුවූ බවත් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවත් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.

සමාගම් දෙකක් සැපයූ හියුමන්ඉමියුනෝග්ලොබියුලීන් නිසා මරණ 5ක් -එන්නත් නඩුවේ දී නීතිඥ වරයා කියයි
පෞද්ගලික සමාගම් දෙකක් මගින් සැපයුම් කරන ලද හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් භාවිතය හේතුවෙන් මරණ පහක් සිදු වූ බව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේදී ප්‍රකාශ කෙරිණි.

මූල්‍ය දුෂ්කරතා ගැන සඳහන් කර SPC සභාපති සෞඛ්‍ය ඇමැති ට ලිපි දෙකක් යවලා -ඖෂධ නඩුවේදී හෙළි වෙයි
රටේ ඇති වූ ඩොලර් හිඟය හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ලැබිය යුතු මුදල් ප්‍රතිපාදන නොලැබීම මත මුහුණදීමට ඇති දුෂ්කර තත්ත්වයන් පැහැදිලි කරමින් අදාළ මුදල් ලබාදීමට මැදිහත් වන ලෙස ඉල්ලා එවකට එම සංස්ථාවේ සභාපතිවරයාව සිටි සරත් ලියනගේ මහතා විසින් සෞඛ්‍ය ඇමතිවරයා ව සිටි කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත ලිපි දෙකක් යොමු කර ඇති බව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ හමුවේදී අනාවරණය විය.

CID ඉල්ලීම මත ලේඛන සකස් කර දුන්නා - තොරතුරු තාක්ෂණ නිලධාරියා ඖෂධ නඩුවේදී කියයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තරයක් ලබාදීමට මසකට පමණ පෙර ඔවුන් විසින් සිදුකළ දැනුම් දීමක් අනුව ප්‍රොන්ටෝ පද්ධතිය ඇසුරෙන් ලේඛන දෙකක් සකස් කර ඔවුන්ට ලබා දුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ නිලධාරී මොහොමඩ් අබ්දුල් කාදර් මොහොමඩ් ඉහිජාස් මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේදී සඳහන් කළේය.

'ලන්සු විවෘත කිරීමේදී කිසිදු බලපෑමක් වුණේ නෑ' - සාක්ෂි දෙමින් අධ්‍යක්ෂ කියයි
අභිලාෂ කැඳවීම යටතේ ඉදිරිපත් වූ ලන්සු විවෘත කිරීමේදී කිසිවකුගෙන් තමන්ට බලපෑමක් සිදු නොවූ බව ඖෂධ නිෂ්පාදන සහ සැපයීම් නියාමන අංශයේ අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) රන්පට දේවගේ අසංග මෛත්‍රීරත්න මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සාක්ෂි දෙමින් නඩු ප්‍රකාශ කළේය.

පැමිණිල්ල හිතේ තියෙන අදහස් හරි කියලා පෙන්නන්න හදනවා - නීතිඥ අසේල සේරසිංහ ඖෂධ නඩුවේදී කියයි
"උගත් මිතුරි ගේ හිතේ තියෙන අදහසක් අධිකරණයේ ඉදිරියට ගේන්න උත්සාහ කරනවා. ඒක වැරදියි. සාක්ෂිකරුවන් හරහා තහවුරු කළ යුතුයි .

ලේඛන බැලුවෙ නෑ විශ්වාසය මත අත්සන් කළා- රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ඖෂධ නඩුවේ දී කියයි
"සෞඛ්‍ය අංශයේ හදිසි ප්‍රසම්පාදන තීරණ ගැනීමේදී ලිපි ගොනු එකින් එක පරීක්ෂා කර බැලුවේ නෑ.එහෙම බලන්න කාලයක් තිබුණෙත් නෑ . නමුත් අවශ්‍ය නම් එකින් එක පරීක්ෂා කරන්න බාධාවක් තිබුණෙත් නෑ " යනුවෙන් මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත අතුල කුමාර මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ දී ප්‍රකාශ කර සිටියේය.

විශ්වාසය මත පමණක් ලේඛනවලට අත්සන් තැබිය හැකි ද ? ඖෂධ නඩුවේ විනිසුරු මඩුල්ල සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කරයි
"ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියකු කළ යුත්තේ රජයේ ප්‍රතිපත්ති අනුව කටයුතු කිරීම ද ? නැතහොත් වෙනත් අය ගැන විශ්වාසය තබා කටයුතු කිරීමද?" යනුවෙන් මහාධිකරණ විනිසුරු විරාජ් වීරසූරිය මහතා මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත අතුල කුමාර මහතා ගෙන් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ දී ප්‍රශ්න කර සිටියේය.

සියලු කටයුතු කළේ මහජන යහපත සඳහායි - සාක්ෂිකරුවෙක් ඖෂධ නඩුවේදී කියයි
පවතින තත්ත්වයන් යටතේ රජයට අපහසුවක් නොවන පරිදි බෙහෙත් ලබා ගැනීමේ සහ මහජනතාවට අපහසුවකින් තොරව ඖෂධ ලබා දීමේ අරමුණින් සෞඛ්‍යය අංශයේ හදිසි ප්‍රසම්පාදන කටයුතු සිදුකළ අතර එහිදී මහජන යහපත සඳහා සෑම පියවරක්ම ගත් බව රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත අතුල කුමාර මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

'පැරසිටමෝල්වලිනුත් ආසාත්මිකතා ඇතිවිය හැකියි' - ස්නායු විශේෂඥ වෛද්‍යවරයකුගෙන් සාක්ෂි
පැරසිටමෝල් පෙත්තක් හෝ ඕනෑම ඖෂධයක් හේතුවෙන් රෝගියෙකුට ආසාත්මිකතා ඇතිවිය හැකි බවද, සිරිසේන මහතා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

"කිසිවෙකු සමඟ නඩුව ගැන සාකච්ඡා එපා" - බෙහෙත් නඩුවේ සාක්ෂිකාරියකට විනිසුරු මඩුල්ලෙන් නියෝගයක්
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව

සාක්ෂිකාරිය අධිකරණය නොමග යවනවා - ඖෂධ නඩුවේදී විරෝධයක්
වැදගත් සාක්ෂිකාරියක ලෙස අධිකරණයට පැමිණ පැමිණිල්ලේ නඩුව සාක්ෂාත් කරගැනීම සඳහා තමන් දන්නා කරුණු සඟවමින් අධිකරණය නොමග යැවීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) උපේක්ෂා ශම්මි කුමාරී දෙනාවත්ත මහත්මිය සාක්ෂි දෙන බව ජ්‍යෙෂ්ඨ නීතිඥ අමිත ආරියරත්න මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ යෝජනා කළේය.

කන්සල්ටේෂන් සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට ගියා - ඖෂධ නඩුවේ සාක්ෂිකාරියක් කියයි
කන්සල්ටේෂන් සදහා තමන් අවස්ථා තුනකදී නීතිපති දෙපාර්තමේන්තුවට ගිය බව ඖෂධ නඩුවේ සාක්ෂිකාරියක වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) උපේක්ෂා ශම්මි කුමාරී දෙනාවත්ත මහත්මිය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.

ඖෂධ හෝ WOR ගැන නොදැන අත්සන් කළ හැටි සභාපතිනිය හෙළි කරයි
WOR යනු කුමක්ද යන්න පිළිබඳව හෝ එය නිකුත් කිරීමට අනුගමනය කළ නිර්ණායක පිළිබඳව හෝ ඖෂධ පිළිබඳව අවබෝධයක් තමන්ට නොතිබූ අතර තාක්ෂණ නිලධාරීන් අදාල


