ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව
Showing page 1 of 8 (110 articles)

විමර්ශන නිලධාරියාගේ සාක්ෂි ලබාගැනීම 05 වැනිදා - බෙහෙත් නඩුවේ විනිසුරු මඩුල්ල තීරණය කරයි.
ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීමේ සිද්ධියට අදාළව විමර්ශන කටයුතු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියාගේ සාක්ෂි ලබා ගැනීම ඔක්තෝම්බර් මස 05 වැනිදා සිදුකිරීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය තීරණය කළේය.

වෛද්‍ය සමන් රත්නායක ICL ප්‍රධාන කමිටුවේ සිටියා - කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරිය බෙහෙත් නඩුවේදී කියයි
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ තමන් සභාපතිත්වය දැරූ ප්‍රධාන කමිටුවේ සාමාජිකයෙකු ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු වූ වෛද්‍ය සමන් රත්නායක කටයුතු කළ බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.

ප්‍රශ්නගත ඖෂධ වයල් සියය බැගින් ජර්මනියේ රසායනාගාරයකට රැගෙන ගියා - සාක්ෂිකරුවකු බෙහෙත් නඩුවේදී කියයි
තමන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ප්‍රශ්නගත ඖෂධ වයල් සියය බැගින් ජර්මනියේ රසායනාගාරයකට රැගෙන ගිය බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ- නියාමන (වැඩ බලන) අර්ජුන දයාසේන පද්මපෙරුම මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සඳහන් කළේය.

පිළිකා ඖෂධ ලබා දීමේදී ලියාපදිංචිය ඉතාම වැදගත් - විශේෂඥ වෛද්‍යවරිය බෙහෙත් නඩුවේදී කියයි
පිළිකා රෝගීන්ට ඖෂධ ලබා දීමේදී එය ලියාපදිංචි ඖෂධයක් ද යන්න පිළිබඳව සැලකිලිමත් වන බව අපේක්ෂා රෝහලේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය උමා ගෞරී සරවනමුත්තු මහත්මිය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.

සටහන් තියලා කවුද හොරකම් කරන්නේ - විත්තියේ නීතිඥවරයකු බෙහෙත් නඩුවේදී අසයි
"ස්වාමීනි, රැස්වීම් තියලා, සටහන් කරලා, පටිගත කරලා, කවුද හොරකම් කරන්නේ? අපරාධයක් කරනවා නම් කවුද සටහන් තියන්නේ? "යනුවෙන් නීතිඥ නයන්ත විජයසුන්දර මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රශ්න කර සිටියේය.

Withdraw කළ ඖෂධ නිකුත් කිරීම පද්ධතියෙන් ම අවහිර වෙනවා - සාක්ෂිකරුවකු බෙහෙත් නඩුවේදී කියයි
ඖෂධයක් withdraw කරන විට එය ඩෑෂ්බෝඩ් එක හරහා පද්ධතියේ දැක ගත හැකි අතර පද්ධතිය මගින්ම ඖෂධය නිකුත් කිරීම අවහිර කිරීමක් සිදුවන බව වෛද්‍ය සැපයුම් ඒකකයේ ඖෂධවේදි බුද්ධික නිශාන් මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ප්‍රශ්නගත ඖෂධ නිෂ්පාදනය කරන්නේ නැහැ - ඉන්දීය සමාගමේ අභ්‍යන්තර කළමනාකරු බෙහෙත් නඩුවේදී කියයි
ප්‍රශ්නගත ඖෂධ දෙකක් තම සමාගමේ නිෂ්පාදනය නොකරන බව ඉන්දියාවේ live ealth bio pharma private limited ආයතනයේ අභ්‍යන්තර කළමනාකරුවකු වන ගෝපාල් සිං මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

සෑම කැබිනට් තීරණයක්ම විගණකාධිපතිට යවනවා - ඖෂධ නඩුවේදී සාක්ෂිකාරියක් කියයි
සෑම කැබිනට් තීරණයක්ම විගණකාධිපතිවරයා වෙත යොමු කරන බව අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ අතිරේක ලේකම් (වැඩ බලන) උත්තරා අරුණ කාන්තී මුණසිංහ මහත්මිය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සඳහන් කළාය.

රාජ්‍ය නිලධාරීන් පවතින නීතියට කටයුතු කළ යුතු යි - සාක්ෂිකාරියක් ඖෂධ නඩුවේදී කියයි
පවතින නීතිය අනුව රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුතු බව අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ අතිරේක ලේකම් (වැඩ බලන) උත්තරා අරුණ කාන්තී මුණසිංහ මහත්මිය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සඳහන් කළාය

'සාක්ෂිකරුවන්ට බලපෑමක් වන අයුරින් කටයුතු කිරීම අනුමත කරන්නේ නෑ'- බෙහෙත් නඩුවේ දී සභාපති විනිසුරු කියයි
"පැමිණිල්ලේ සාක්ෂිකරුවන් වුවත් අධිකරණයට පැමිණි විට ඔවුන් අධිකරණයේ සාක්ෂිකරුවන්. සාක්ෂිකරුවන් ට බලපෑමක් වන අයුරින් කටයුතු කරනවා නම් එය අධිකරණය කිසිසේත්ම අනුමත කරන්නේ නෑ" යනුවෙන් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා සඳහන් කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නියාමනය වන රසායනාගාර මෙරට නෑ - විශේෂඥ වෛද්‍යවරියක් බෙහෙත් නඩුවේදී කියයි
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියාමනයට ලක්වන රසායනාගාරයක් ලංකාවේ නොමැති බව අපේක්ෂා රෝහලේ රසායනික ව්‍යාධිවේදී විශේෂඥ වෛද්‍ය රජිතා සමරසිංහ මහත්මිය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.

'ශීත දාමය ආරක්ෂා කර ගැනීමට කටයුතු කළා'- ජාතික රෝහල් සේවකයෝ ඖෂධ නඩුවේදී කියති
හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය ඇනවුම් කිරීමේදී සහ නැවත භාර ගැනීමේදී සෙල්සියස් අංශක 2-8 ශීත දාමය ආරක්ෂා කර ගැනීමට සෑම විටම කටයුතු කළ බව ජාතික රෝහලේ වාට්ටු භාර හෙද සොයුරියන්, හෙද නිලධාරීන් පිරිසක් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.

ඖෂධ වේදීන්ට සාමූහික වගකීමක් තියෙනවා - ඖෂධ නඩුවේදී සාක්ෂිකරුවකු කියයි
ඖෂධ ලබා ගැනීමේදී සහ නිකුත් කිරීමේදී ඖෂධ වේදීන් සියලු දෙනාට සාමූහික වගකීමක් ඇති බව, කොළඹ ජාතික රෝහලේ අභ්‍යන්තර ඖෂධාගාරයේ ඖෂධවේදි චරිත ලක්මාල් අමරදිවාකර ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

"චක්‍රලේඛය ලැබීමට පෙර ඖෂධය භාවිතයෙන් ඉවත් කළා" - මාතර රෝහලේ ඖෂධවේදියා බෙහෙත් නඩුවේදී කියයි
චක්‍රලේඛය ලැබීමට පෙර සංකූලතා වාර්තා වූ වහාම අදාළ ඖෂධය රෝගීන්ට ලබාදීම නතර කළ බව මාතර මහ රෝහලේ ඖෂධවේදි උපාලි සූරිය ආරච්චි මහතා ස්ථිර ත්‍රිපුද්ගල පුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

බාධාවකින් තොරව සාක්ෂි ලබාදීමට අවකාශ දිය යුතුයි - විත්තියේ නීතිඥවරයකු ඖෂධ නඩුවේදී කියයි
"ස්වාමීනී, සාක්ෂිකරුට බාධාවකින් තොරව සාක්ෂි ලබාදීමට අවස්ථාව ලබාදිය යුතුයි ඊට පැමිණිල්ල බාධා කරනවා" යනුවෙන් නීතිඥ අසේල සේරසිංහ මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සඳහන කර සිටියේය.


