The Leader News
BREAKING
ලොවම දවන මහා තාප කුණාටු: රොයිටර්ස් හෙළිදරව්ව●සාක්ෂිකරුවන් හතක් එක් කිරීමට පැමිණිල්ලට අවසර●පියවුරුවල ප්‍රමාණය අනුව තරුණියන් ගේ වයස කියන විදිය දන්නව ද…? (වීඩියෝ)●සිත්තර චිත්‍රකතා පත්තරයට වසර 51යි●සංවිධානාත්මක අපරාධ පනතේ 'ටැටූ සහ ඇඳුම්' වගන්තිය ගැන ආණ්ඩුව සහ නීතිඥ ක්ෂේත්‍රය අතර වාදයක්●හාස්‍යයේ රජු චක් ලොරීගෙන් අනාවරණයක්●HSBC ගෝලීය සේවා මධ්‍යස්ථානය වැසෙයි: ආර්ථිකයට එල්ලවන බලපෑම●මානව හිමිකම් තීන්දුව කුණුකූඩයට: රේගුව දෙමළ පොත් සිරකොට තබාගනී●බෙංගාල බොක්ක කැළඹෙයි: දිවයිනට තද වැසි සහ ගංවතුර අනතුරු ඇඟවීමක්●මරා දමා අවුරුදු 26ක් ගතවූ පසුවත් යුක්තිය නොලද නිමලරාජන් උතුරේ දී සැමරේ●
Top Ad
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

සාක්ෂිකරුවන් හතක් එක් කිරීමට පැමිණිල්ලට අවසර

Nethmini

Nethmini

October 21, 2026 • 11:42 AM

සාක්ෂිකරුවන් හතක් එක් කිරීමට පැමිණිල්ලට අවසර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව තුන්සිය පනස් හය දෙනකුගෙන් සමන්විතව තිබූ පැමිණිල්ලේ සාක්ෂි ලැයිස්තුවක් තුන්සිය හැට දෙක දක්වා ඉහළ දමන ලදී.
  • එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දන්වා සිටියේ මේ වනතෙක් ලබා දී ඇති මෙම නඩුවේ කාර්ය සටහන් පැමිණිල්ල විසින් අධ්‍යයනය කරමින් පවතින බවය.
  • මෙම නඩු විභාගයට අදාළව මුල් පිටපත් ඉදිරිපත් කර ඇති ලේඛන, මුල් පිටපත් ඉදිරිපත් කිරිමට , අවශ්‍ය ලේඛන,ඔප්පු කිරීමේ භාරයට යටත් ලේඛන සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් වගුවක් මේ වන විට සකස් කර ඇති බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය දන්වා සිටියාය.
  • එලෙස ඉදිරිපත් කරන ලද ඇතැම් ලේඛනවල මුල් පිටපත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන කටයුතුවලට අවශ්‍යව ඇති බැවින් එහි සහතික පිටපත් අධිකරණයට ඉදිරිපත් කර අදාළ මුල් පිටපත් එම කොමිසමට ලබාදීමක් සිදුකළ බවට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එහිදී සඳහන් කර සිටියාය.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාගත් බවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස තවත් හත් දෙනෙකු ඇතුළත් කිරීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අවසර ලබා දුන්නේය. 


ඒ අනුව තුන්සිය පනස් හය දෙනකුගෙන් සමන්විතව තිබූ පැමිණිල්ලේ සාක්ෂි ලැයිස්තුවක් තුන්සිය හැට දෙක දක්වා ඉහළ දමන ලදී. 


පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ලක්මිනී ගිරිහාගම මෙනෙවිය කරුණු ඉදිරිපත් කරමින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල මෙම අවසරය ලබා දුන්නේය.


මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය, තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවන ලදි.


එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දන්වා සිටියේ මේ වනතෙක් ලබා දී ඇති මෙම නඩුවේ කාර්ය සටහන් පැමිණිල්ල විසින් අධ්‍යයනය කරමින් පවතින බවය. 


නඩු විභාගයේදී ඇතැම් ලේඛන වල මුල් ලේඛන එම අවස්ථාවේදීම ඉදිරිපත් කළ අතර ඇතැම් මුල් එකම ඉදිරිපත් කිරීමට යටත්ව සහතික පිටපත් ඉදිරිපත් කළ බවද ,පසුව එම මුල් ලේඛන අධිකරණයට ඉදිරිපත් කර සසඳා බැලීමෙන් අනතුරුව මුදා හැරීමක් කර ඇති බවද එවැනි ලේඛන පනහකට අධික සංඛ්‍යාවක් පමණ ඇති බවද ඇය සඳහන් කළාය.


මෙම නඩු විභාගයට අදාළව මුල් පිටපත් ඉදිරිපත් කර ඇති ලේඛන, මුල් පිටපත් ඉදිරිපත් කිරිමට , අවශ්‍ය ලේඛන,ඔප්පු කිරීමේ භාරයට යටත් ලේඛන සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් වගුවක් මේ වන විට සකස් කර ඇති බව ද  නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය දන්වා සිටියාය.


එලෙස ඉදිරිපත් කරන ලද ඇතැම් ලේඛනවල මුල් පිටපත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන කටයුතුවලට අවශ්‍යව ඇති බැවින් එහි සහතික පිටපත් අධිකරණයට ඉදිරිපත් කර අදාළ මුල් පිටපත් එම කොමිසමට ලබාදීමක් සිදුකළ බවට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එහිදී සඳහන් කර සිටියාය.


එහෙත් එම මුල් ලේඛන අධිකරණයට ඉදිරිපත් කර සසඳා බැලීමක් සිදු කර මුදා හරින ලද බව අදාළ කාර්යය සටහන්වල සඳහන්ව නොමැති බවට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දැන්වීමක් කළාය.


ඒ අනුව එම මුල් ලේඛන අදාළ ආයතන වලින් ගෙන්වා නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍යව ඇති බව ඇය සඳහන් කර සිටියාය.


එසේම අදාළ ලේඛන සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා මෙම ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ රෙජිස්ටාර්වරිය පැමිණිල්ලේ සාක්ෂිකාරියක ලෙස නම් කිරීමට අපේක්ෂා කරන බවද ඇය සඳහන් කර සිටියාය.


එම අවස්ථාවේදී අටවන විත්තිකාර හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා සිය සේවා දායකයා වෙනුවෙන් ලේඛන දෙකක් ඉදිරිපත් කරන බව සඳහන් කළේය. 


අදාළ ලේඛන පරීක්ෂා කර බැලූ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය එම ලේඛන පිළිගන්නා බව අධිකරණයට දන්වා සිටියාය.


අනතුරුව ඇය අධිකරණයට දන්වා සිටියේ අධිකරණයට ඉදිරිපත් කර ඇති ලේඛන සම්බන්ධයෙන් සාක්ෂි කිහිපයක් ලබා ගැනීම සඳහා අවශ්‍යව ඇති බැවින් පැමිණිල්ලේ සාක්ෂි ලැයිස්තුවට තවත් සාක්ෂිකරුවන් කිහිප දෙනෙකු ඇතුළත් කිරීමට අපේක්ෂා කරන බවය. 

ඒ අනුව පැමිණිල්ලේ අංක 356 ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ ඔහුගේ නියෝජිතයකු , සාක්ෂි අංක 357 ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා හෝ ඔහුගේ නියෝජිතයකු, සාක්ෂි අංක 358 ලෙස වෛද්‍ය සැපයුම් ඒකකයේ  නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හෝ ඔහුගේ නියෝජිතයකු, සාක්ෂි අංක 359 ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා හෝ ඔහුගේ නියෝජිතයකු, සාක්ෂි අංක 360 ලෙස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයා හෝ ඔහුගේ නියෝජිතයකු , සාක්ෂි අංක 361 ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හෝ ඔහුගේ නියෝජිතයකු , සාක්ෂි අංක 362 ලෙස පුද්ගල මහාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය, පැමිණිල්ලේ සාක්ෂි ලැයිස්තුවට ඇතුළත් කිරීමට අවසර ලබා දෙන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලීමක් කළාය. 

එම ඉල්ලීම සඳහා විත්තියේකරුවන්ගේ නීතිඥවරුන් විසින් විරෝධයක් නොදැක්වූ අතර  ඒ අනුව එම ඉල්ලීමට අධිකරණය විසින් විනිසුරු මඩුල්ල විසින් අවසර ලබා දෙනු ලදී. 


එම සාක්ෂිකරුවන් මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමට අපේක්ෂිත ලේඛන මොනවාද යන්න පිළිබඳව මෝසමක් මගින් අධිකරණයට දැනුම් දීමට අපේක්ෂා කරන බවද එහි පිටපත් විත්තිකරුවන් වෙත ලබාදීමට කටයුතු කරන බවද නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය එහිදී වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියාය. 


නඩු විභාගයේදී දහවන චූදිත විසින් ඉදිරිපත් කරන ලද ලේඛනවලින් ලේඛන හතරකට අදාළව මුල් පිටපත් ලැබුණු අතර සෙසු ලේඛන රාජ්‍ය සේවා කොමිසමෙන් ලබා ගැනීමට අවශ්‍යව ඇති බව ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කළාය. 


එහිදී දහවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා සඳහන් කර සිටියේ සිය සේවා දායකයාගේ පත්වීම රාජ්‍ය සේවා කොමිසම විසින් සිදුකර ඇති අතර එම පත්වීම් ලිපියේ මුල් පිටපත අධිකරණයට මේ වන විටත් ලබා දී ඇති බවය. 


අදාළ පත්වීම පත්වීමේ මුල් පිටපත ඉදිරිපත් කර තිබේ නම්  ඊට අදාළව ලබා ගැනීමට අපේක්ෂා කරන ලේඛන මොනවාදැයි සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා එහිදී ප්‍රශ්න කර සිටියේය.


නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කලේ අදාළ පත්වීමේ ලිපිය පිළිගත හැකි නමුත් එම පත්වීමට අදාළ යම් යම් ගැටලු ඇති බැවින් ඒවා ඉදිරිපත් කර ඇති අනෙකුත් ලේඛන පිළිගැනීමේ හැකියාවක් නොමැති බවය. 


එම අවස්ථාවේදී ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාමාන මහතා සඳහන් කර සිටියේ රාජ්‍ය සේවා කොමිසම විසින් සිදු කරන ලද පත්වීමක් අභියෝගයට ලක් කළ හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමකින් පමණක් බවය. 


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එහිදී අධිකරණයට දැනුම් දී සිටියේ දහවන විත්තිකරුගේ පත්වීමට අදාල ලේඛන සම්බන්ධයෙන් පැමිණිල්ලේ සාක්ෂිකරුවකු වන නවාවි මහතා විසින් සාක්ෂි ලබාදීමක් සිදුකළ බවය. 


දහවන විත්තිකරුගේ පෞද්ගලික ලිපි ගොනුවේ අදාළ ලේඛන හතරක් පමණක් ඇති අතර සෙසු ලේඛන නොමැති බව පසුව කළ සොයා බැලීමකදී අනාවරණය වූ බවද, එම ලේඛන රාජ්‍ය සේවා කොමිසම සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සතුව තිබේද යන්න පිළිබඳව විමසා බැලිය යුතු බවද නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය එහිදී සඳහන් කර සිටියාය.


ඇතැම් ලේඛන ඔවුන් මේ වන විටත් සොයමින් සිටින බව ප්‍රකාශ කළාය.


දහවන විත්තිකරුගේ පත්වීම අභියෝගයට ලක් නොකරන නමුත් ඊට අදාළ ලේඛන අධිකරණය හමුවේ ඔප්පු කළ යුතු බව ඇය වැඩිදුරටත් සදහන් කර සිටියාය. 


අනතුරුව අටවන විත්තිකාර හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥයා අනූජ ප්‍රේමරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද ලේඛන දෙක අපරාධ නඩු විධාන සංග්‍රහයේ 423 වන වගන්තිය යටතේ මුල් ලේඛන වල නිවැරදි පිටපත් බවට පැමිණිල්ල විසින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පිළිගන්නා බව අධිකරණයට දැනුම් දෙන ලදී.


ඉන් අනතුරුව අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ අරවින්දු මනතුංග ආරච්චි මෙනෙවිය හත්වන විත්තිකරු වෙනුවෙන් ඉදිරිපත් කරන ලද ලේඛන ලැයිස්තුවක් භාරදීම සිදු කළාය.


එම  ලේඛන ලැයිස්තුව පරීක්ෂා කර බැලූ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය සඳහන් කර සිටියේ එහි ඇති ඇතැම් රැස්වීම් සටහන් හත්වන විත්තිකරු විසින්ම අත්සන් තබා ඇති බැවින් ඒවා සම්බන්ධයෙන් පිළිගැනීමක් කළ නොහැකි බවය. 


එහිදී නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ අදාල ලේඛන වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ලිපි ගොනුවේ ඇති බවය. 


ඒ අනුව අදාළ ලේඛන ගෙන්වා ගැනීමට කටයුතු කරන බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයට දන්වා සිටියාය.


අනතුරුව පස්වෙනි විත්තිකරු වෙනුවෙන් ලේඛන ලැයිස්තුවක් බාර දීම නීතිඥ සුරංගි මහත්මිය විසින් සිදු කරන ලදි.


අනතුරුව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලීමක් කරමින් අධිකරණයට දැනටමත් ඉදිරිපත් කර ඇති සහතික පිටපත් වලට අදාළ මුල් පිටපත් නැවත අධිකරණයට ඉදිරිපත් කර, මුල් පිටපත් සසඳා බැලූ බවට කාර්ය සටහන් නිවැරදි කිරීමට අවශ්‍යව ඇති බැවින් ඒ සඳහා ලබා දෙන ලෙස ඉල්ලීමක් කළාය.


එසේම අදාළ ආයතන වලින් එම මුල් ලේඛන නැවත ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් අවසර ලබාදෙන ලෙසද ඇය අධිකරණයෙන් ඉල්ලීමක් කළාය. 


ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාළ ලේඛන සාක්ෂිකරුවන් මගින් ඉදිරිපත් කිරීම ලබන විසිතුන් වෙනිදා සිදුකරන ලෙස පැමිණිල්ලට නියම කළේය.


ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ ලබාගත් බවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම, ඊට ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 13ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.

අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී නිරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් (විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරු වෝ වෙති.


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන. නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් ගේ ලැයිස්තුවක්ද  නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර තිබුණි.


පැමිණිල්ල විසින් එම සාක්ෂි ලැයිස්තුවේ සාක්ෂිකරුවන් සියලු දෙනාම සාක්ෂි ලබාදීම සඳහා කැඳවීමක් සිදු නොකළ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියා විසින් සාක්ෂි ලබාදීම පසුගියදා අවසන් කරන ලදී. 


අනතුරුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පසුගියදා අධිකරණයට දන්වා සිටියේ නඩු විභාගයේදි ඉදිරිපත් කළ ලේඛන ඔප්පු කිරීම සඳහා සාක්ෂිකරුවන් කිහිප දෙනෙකු පමණක් කැදවීමට අපේක්ෂා කරන බවය.

නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)

ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#Keheliya Rambukwella#Court
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...