BREAKING

ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

whatsapp 202507155

Showing page 5 of 8 (110 articles)

ඇගයීම් කිරීමට තාක්ෂණික දැනුමක් තිබුණේ නැහැ- සාක්ෂිකාරියක් ඖෂධ නඩුවේදී කියයි
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

ඇගයීම් කිරීමට තාක්ෂණික දැනුමක් තිබුණේ නැහැ- සාක්ෂිකාරියක් ඖෂධ නඩුවේදී කියයි

තාක්ෂණික ඇගයීම් කමිටුව කළ ඇතැම් ඇගයීම් සම්බන්ධයෙන් පුද්ගලික දැනුවත්භාවයක් නොමැති නමුත් තාක්ෂණික නිලධාරීන් පරීක්ෂා කර දැනුම් දීමෙන් අනතුරුව සභාපතිනිය ලෙස අදාළ ලේඛන වල අත්සන් තැබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ශම්මි කුමාරී දෙනාවත්ත මහත්මිය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සඳහන් කළාය.

The Leader5 months ago
සෞඛ්‍ය ඇමතිගේ රැස්වීමක් ගැන දන්නේ නෑ - බෙහෙත් නඩුවේ සාක්ෂිකාරියක් කියයි
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

සෞඛ්‍ය ඇමතිගේ රැස්වීමක් ගැන දන්නේ නෑ - බෙහෙත් නඩුවේ සාක්ෂිකාරියක් කියයි

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ මිලදී ගැනීම සඳහා 2022/09/22 දින සෞඛ්‍ය ඇමතිවරයාගේ සහභාගිත්වයෙන් පැවැති රැස්වීමක් පිළිබඳව තමන් නොදන්නා බව ප්‍රමිතියෙන්

The Leader5 months ago
හරස් ප්‍රශ්න විමසීම ගැන බෙහෙත් නඩුවේ දී සභාපති විනිසුරු ගෙන් ප්‍රකාශයක්
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

හරස් ප්‍රශ්න විමසීම ගැන බෙහෙත් නඩුවේ දී සභාපති විනිසුරු ගෙන් ප්‍රකාශයක්

නඩුවක හරස් ප්‍රශ්න විමසීම, මූලික සාක්ෂි විමසීමක් විය යුතු නැති බවට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ පෙන්වා දුන්නේය.

The Leader5 months ago
බෙහෙත් නඩුවේ සාක්ෂිකාරියක් පරස්පර සාක්ෂි දීම සම්බන්ධයෙන් අධිකරණයේ අවධානය
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

බෙහෙත් නඩුවේ සාක්ෂිකාරියක් පරස්පර සාක්ෂි දීම සම්බන්ධයෙන් අධිකරණයේ අවධානය

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැප් ඖෂධ මිලදී ගැනීමට අදාළව හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහි පවරා ඇති නඩුවේ සාක්ෂි ලබාදුන් සංවර්ධන නිලධාරිනිය විසින් එකිනෙකට පරස්පර සාක්ෂි ලබාදීම සිදු කළ බව ට විත්ති පාර්ශ්වය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ අවධානයට යොමු කරන කරන ලදි.

The Leader5 months ago
සංක්ෂිප්ත සටහන් සැකසීමේදී අතපසුවීම් සිදුවෙලා - බෙහෙත් නඩුවේ සාක්ෂිකාරියක් පිළිගනියි
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

සංක්ෂිප්ත සටහන් සැකසීමේදී අතපසුවීම් සිදුවෙලා - බෙහෙත් නඩුවේ සාක්ෂිකාරියක් පිළිගනියි

සෞඛ්‍ය අංශයේ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළව අභිලාෂ කැඳවීම සම්බන්ධයෙන් සංක්ෂිප්ත සටහන් සැකසීමේදී " අයිසොලෙස් බයෝ ටෙක් පාමා ආයතනය" වන සටහන් වලදී තමා අතින් යම් යම් අත්වැරදීම් සිදුවී ඇති බව එම ලේඛන සැකසීම සිදු කළ ලිපිකාරිනිය වන සංවර්ධන නිලධාරිනිය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පිළිගත්තාය .

The Leader5 months ago
සාක්ෂිකාරිය දිව්රුම් පිට බොරු සාක්ෂි දෙන බවට යෝජනාවක්
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

සාක්ෂිකාරිය දිව්රුම් පිට බොරු සාක්ෂි දෙන බවට යෝජනාවක්

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැප් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගයේදී සාක්ෂි ලබා දුන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරිනියක් අධිකරණය හමුවේ දිවුරුම් පිට බොරු සාක්ෂි ලබාදෙන බවට විත්ති පාර්ශ්වයේ නීතිඥ නුවන් ජයවර්ධන මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ යෝජනා කළේය.

The Leader5 months ago
ප්‍රසම්පාදනයට අදාළ නව ගොනුවක් සකස් කර අධිකරණයට දුන්නා සාක්ෂිකාරියක් කියයි
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

ප්‍රසම්පාදනයට අදාළ නව ගොනුවක් සකස් කර අධිකරණයට දුන්නා සාක්ෂිකාරියක් කියයි

සෞඛ්‍ය අංශයේ හදිසි මිලදී ගැනීම් සම්බන්ධයෙන් වෛද්‍ය සැපයුම් අංශයේ තිබූ ලිපි ගොනුවෙන් පිටපත් රැගෙන සහ ලබා දුන් ඖෂධ ලැයිස්තු , ලේඛන ඇතුළත් කොට නව ගොනුවක් සකස් කිරීමට එහි ප්‍රධානියාව සිටි වෛද්‍ය ජයනාත් බුත්පිටිය දුන් උපදෙස් ලබා දී ඇති අතර එලෙස සකස් කල ගොනුව අධිකරණයට භාරදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති බව ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේදී අනාවරණය කෙරිණ .

The Leader5 months ago
අධිචෝදනා පත්‍රයේ නැති කාලයක් ගැන සාක්ෂි ගන්න බැහැ - බෙහෙත් නඩුවේ විත්තියේ නීතිඥවරු කියති
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

අධිචෝදනා පත්‍රයේ නැති කාලයක් ගැන සාක්ෂි ගන්න බැහැ - බෙහෙත් නඩුවේ විත්තියේ නීතිඥවරු කියති

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුවට අදාළ අධිචෝදනා පත්‍රයේ සදහන් කාල සීමාවට අයත් නොවන කාලයක නිකුත් කළ ලිපි මත පදනම්ව පැමිණිලි පාර්ශවය විසින් සාක්ෂි මෙහෙයවීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ගේ නීතිඥවරු ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විරෝධය පළ කළහ.

The Leader5 months ago
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - විනිසුරු මඩුල්ල ට නොදන්වා සංශෝධන කිරීම සම්බන්ධයෙන් විත්තියේ නීතිඥවරුන්ගේ විරෝධය
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - විනිසුරු මඩුල්ල ට නොදන්වා සංශෝධන කිරීම සම්බන්ධයෙන් විත්තියේ නීතිඥවරුන්ගේ විරෝධය

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමට අදාළ නඩු විභාගයේ දී ලේඛන සම්බන්ධයෙන් දෙන ලද සාක්ෂියකදී යම් සංශෝධනයක් කිරීමට අදාලව,

The Leader5 months ago
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - නිලධාරීන්ගේ අත්සන් ලිපිකාරිනියක් මගින් හඳුනා ගැනීම සම්බන්ධයෙන් විරෝධය
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - නිලධාරීන්ගේ අත්සන් ලිපිකාරිනියක් මගින් හඳුනා ගැනීම සම්බන්ධයෙන් විරෝධය

ඖෂධ මිලදී ගැනීමේ ප්‍රසම්පාදන කටයුතුවලට අදාළව සකස් කරන ලද ලේඛනවල ඇති නිලධාරීන්ගේ අත්සන් සහ අකුරු හඳුනාගැනීම ලිපිකාරිනියක් වන සාක්ෂිකාරියක් විසින් සිදු කිරීම සම්බන්ධයෙන් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළ නඩුවේ විත්ති පාර්ශ්වයේ නීතිඥවරු ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සිය විරෝධය පළ කළහ .

The Leader5 months ago
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පැමිණිල්ලේ නැවත ප්‍රශ්න කිරීම ගැන විත්තියේ විරෝධයක්
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පැමිණිල්ලේ නැවත ප්‍රශ්න කිරීම ගැන විත්තියේ විරෝධයක්

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩු විභාගයේදී පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් නැවත ප්‍රශ්න විමසීමේ ස්වරූපය සම්බන්ධයෙන් විත්තියේ නීතිඥ අසේල සේරසිංහ මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සිය විරෝධය පළ කළේය.

The Leader5 months ago
නඩු විභාගය අතරේ ප්‍රකාශ සටහන් ඉදිරිපත් කිරීම විත්තියට අගතියක් - බෙහෙත් නඩුවේ නීතිඥවරු කියති
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

නඩු විභාගය අතරේ ප්‍රකාශ සටහන් ඉදිරිපත් කිරීම විත්තියට අගතියක් - බෙහෙත් නඩුවේ නීතිඥවරු කියති

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවට අදාලව සාක්ෂිකරුවන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති බව කියන ප්‍රකාශ ඇතුළත් ලේඛන නඩු විභාගය අතරතුරදී වරින් වර ඉදිරිපත් පැමිණිලි පාර්ශවය විසින් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් නඩු වාර්තාවේ සඳහන් කරන ලෙස විත්තියේ නීතිඥවරු ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට ඉල්ලීමක් කළහ.

The Leader5 months ago
පරිගණක සාක්ෂි ගැන නොතීසි නෑ - ඖෂධ නඩුවේ සාක්ෂිකාරියගේ සාක්ෂි අඩකින් නවතයි
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

පරිගණක සාක්ෂි ගැන නොතීසි නෑ - ඖෂධ නඩුවේ සාක්ෂිකාරියගේ සාක්ෂි අඩකින් නවතයි

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි ඉදිරිපත් කිරීමේදී පූර්ව දැනුම් දීමක් නොකර සාක්ෂි ආඥා පනතේ හත්වන වගන්තියට පටහැනිව පරිගණකයකින් උත්පාදිත ලේඛනයක් යොදා ගෙන පැමිණිල්ල විසින් සාක්ෂි මෙහෙයවීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ගේ නීතිඥයන් විසින් විරෝධතා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ සාක්ෂි විභාගය අඩක් අත්හිටුවීමට ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඊයේ (31) තීරණය කළේය.

The Leader6 months ago
සාක්ෂිකාරිය කරුණු සඟවමින් සාක්ෂි දෙන බවට විත්තියෙන් පැමිණිලි
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

සාක්ෂිකාරිය කරුණු සඟවමින් සාක්ෂි දෙන බවට විත්තියෙන් පැමිණිලි

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ 129 වන සාක්ෂිකාරිය ලෙස සාක්ෂි ලබාදීමට කැඳවා සිටි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ප්‍රසම්පාදන නිලධාරිනි එස්.ඩී. සුරේඛා නිල්මිණී මහත්මිය අධිකරණය හමුවේ කරුණු සඟවමින් සාක්ෂි ලබාදෙන බවට විත්තියේ නීතිඥවරු ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ඊයේ (30) සඳහන් කළහ.

The Leader6 months ago
සරත් ලියනගේ සභාපතිවරයාව හිටි කාලය දන්නේ නෑ- SPC ප්‍රසම්පාදන නිලධාරිනියක් කියයි
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

සරත් ලියනගේ සභාපතිවරයාව හිටි කාලය දන්නේ නෑ- SPC ප්‍රසම්පාදන නිලධාරිනියක් කියයි

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස සරත් ලියනගේ මහතා කටයුතු කළ බව තමන් දන්නා නමුත් ඔහු කොපමණ කාලයක් සේවය කළේ ද යන්න පිළිබඳව අවබෝධයක් නොමැති බව එම සංස්ථාවේ ප්‍රසම්පාදන නිලධාරීනි එස්.ඩී. සුරේඛා නිල්මිණී මහත්මිය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ඊයේ (26) සඳහන් කර සිටියාය.

The Leader6 months ago