The Leader News
BREAKING
Top Ad
LGBTQ

ලක්ෂ 15 ක සමරිසි ඡන්දදායකයෝ පාර්ලිමේන්තු තීන්දුව ගැන විමසිල්ලෙන් !

T

The Leader Desk

May 10, 2023 • 10:54 AM

ලක්ෂ 15 ක සමරිසි ඡන්දදායකයෝ පාර්ලිමේන්තු තීන්දුව ගැන විමසිල්ලෙන් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලාංකික සමරිසි (LGBT+) පුද්ගලයන් හට හිමිවිය යුතු අයිතිවාසිකම් සහ සමානාත්මතාවය පිළිගැනීමේ ඓතිහාසික ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු, එම ප්‍රජාවේ මිලියන 1.5 ක් වූ ඡන්දදායකයෝ පාර්ලිමේන්තුව විසින් මීළඟට ගනු ලබන ක්‍රියාමාර්ගය කුමක්ද යන්න උනන්දුවෙන් බලා සිටිති.
  • මෙමඟින් රටෙහි සිටින සමස්ත ජනගනයෙන් මිලියන 2.6 ක් පමණ සමරිසි (LGBT+) පුද්ගලයන් බවට නිගමනය වන අතර, ඉන් මිලියන 1.5 ක් ම ලියාපදිංචි ඡන්දදායකයන් බවට ඇස්තමේන්තුගත කර තිබේ.
  • එමෙන්ම, ශ්‍රී ලංකාවේ සියලු ආගම් සහ ජාතීන් අතර එම ප්‍රජාවේ නියෝජනය සමානුපාතව බෙදී ගොස් ඇති බැවින් මැතිවරණ ජයග්‍රහණවල තීරණාත්මක සාධකයක් බවට පත්විය හැකි ප්‍රධාන පාවෙන ඡන්ද පදනමක් ඔවුන් සතු වේ.
  •   කෙසේවෙතත්, මෙම ප්‍රජාව කෙතරම් විශාල වූව ද, සමරිසි (LGBT+) ඡන්දදායකයන් දශක ගණනාවක් මුළුල්ලේ දේශපාලන සංස්ථාපිතය විසින් නොසලකා හැර දමා ඇති අතර, බොහෝ විට ඔවුන් ඉපදුණු ආකාරය මත වෙනස්කොට සැලකීම්වලට සහ නින්දාවට ලක්ව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):



මෑත කාලයේ සිදුකරනු ලැබූ දීප ව්‍යාප්ත සමීක්ෂණයකට අනුව, සමීක්ෂණයට බඳුන් වූ පුද්ගලයන් ගෙන් සියයට 12 ක්ම සමරිසි (LGBT+) ප්‍රජාවට අයත් අය බවට හඳුනා ගෙන තිබේ.

මෙමඟින් රටෙහි සිටින සමස්ත ජනගනයෙන් මිලියන 2.6 ක් පමණ සමරිසි (LGBT+) පුද්ගලයන් බවට නිගමනය වන අතර, ඉන් මිලියන 1.5 ක් ම ලියාපදිංචි ඡන්දදායකයන් බවට ඇස්තමේන්තුගත කර තිබේ. මෙම දත්ත, ලොව විවිධ රටවල සමරිසි (LGBT+) ජනගහනය ස්වභාවිකව බිහිවන්නේ කෙසේද යන්න පිළිබඳව සිදුකරනු ලැබූ ගෝලීය සමීක්ෂණයන් හා සැසඳේ.

ශ්‍රී ලංකාවේ සමරිසි (LGBT+) ජනගහනය, (වෙන් වෙන්ව ගණනය කළ විට) අයත්වන මුස්ලිම්, ක්‍රිස්තියානි, ශ්‍රී ලාංකික දමිළ, උඩරට දමිළ, මැලේ හා බර්ගර් ජනගහනයන්ට වඩා වැඩි වන අතර, එබැවින් ඡන්ද පදනමට වඩාත් සැලකිය යුතු හා තීරණාත්මක බලපෑමක් එල්ල කරනු ලබයි. එමෙන්ම, ශ්‍රී ලංකාවේ සියලු ආගම් සහ ජාතීන් අතර එම ප්‍රජාවේ නියෝජනය සමානුපාතව බෙදී ගොස් ඇති බැවින් මැතිවරණ ජයග්‍රහණවල තීරණාත්මක සාධකයක් බවට පත්විය හැකි ප්‍රධාන පාවෙන ඡන්ද පදනමක් ඔවුන් සතු වේ.

 

කෙසේවෙතත්, මෙම ප්‍රජාව කෙතරම් විශාල වූව ද, සමරිසි (LGBT+) ඡන්දදායකයන් දශක ගණනාවක් මුළුල්ලේ දේශපාලන සංස්ථාපිතය විසින් නොසලකා හැර දමා ඇති අතර, බොහෝ විට ඔවුන් ඉපදුණු ආකාරය මත වෙනස්කොට සැලකීම්වලට සහ නින්දාවට ලක්ව ඇත.

 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ දේශපාල පක්ෂ විසින්, සමරිසි (LGBT+) ප්‍රජාව මුහුණ දෙන ගැටළු සහ ඔවුන්ගේ ඡන්ද පදනම වැඩි වශයෙන් හඳුනා ගෙන තිබෙන බවට නිරීක්ෂණය කළ හැකිය. සමඟි ජන බලවේගය (SJB), ජාතික ජන බලවේගය (NPP) සහ ලංකා කම්කරු කොංග්‍රසය (CWC) ආදී සියලු පක්ෂ විසින් මෙම ප්‍රජාවේ අයිතිවාසිකම්වලට සහාය දැක්වීම සහ දශක ගණනාවක් මුළුල්ලේ ඔවුන් මුහුණ පෑ ප්‍රචණ්ඩත්වය සහ වෙනස්කොට සැලකීම් අවසන් කිරීම උදෙසා සිය පක්ෂ ප්‍රතිපත්ති තීන්දු තීරණ හැඩගස්වා තිබේ.

 

ඉකුත් අඟහරුවාදා දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙනු ලැබූ තීන්දුව ශ්‍රී ලංකා ඉතිහාසයේ පෙර නොවූ විරූ අන්දමේ තීන්දුවකි. මෙරට ඉහළම අධිකරණය, යෝජිත පිටු දෙකක නීතිය පිළිබඳ සරල තීරණයකින් ඔබ්බට විනිශ්චයක් ලබා දුන්නේය. පිටු 44 කින් යුත් තීන්දුව, සමරිසි (LGBT+) පුද්ගලයන්ගේ අයිතිවාසිකම්, සමානාත්මතාවය සහ අභිමානය පිළිබඳව පුළුල් ලෙස විග්‍රහ කර ඇති අතර, සමානාත්මතාවයට ඇති අයිතිය සහ වෙනස්කොට සැලකීමෙන් නිදහස් වීම සහතික කිරීම සඳහා වූ ව්‍යවස්ථාපිත වගකීම සමරිසි (LGBT+) ප්‍රජාවට ද අදාළ වන බව අවධාරණය කළේය.

 

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙනු ලැබූ තීන්දුව මෙතනින්


සමරිසි සබඳතා සහ දණ්ඩ නීති සංග්‍රහය: ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයේ මතය මෙන්න

'දේශපාලන බිල්ලන් ලෙස දරුවන් භාවිතා නොකරනු' ! - වෛද්‍ය තුෂ් වික්‍රමනායක

සමලිංගිකත්වය නිර්සාපරාධීකරණය කරන්න - ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවෙන් ඉල්ලීමක්

සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව : අකමැති සිරුරකින් නිදහස් වීමේ අරගලය ! - (ටිරන් කුමාර බංගගමආරච්චි)

ගුද හා යෝනි මාර්ග පරීක්ෂාවට දණ්ඩ නීති සංග්‍රහය යොදාගෙන !

දණ්ඩ නිති සංග්‍රහය ; සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන්

දණ්ඩ නීති සංග්‍රහ නව පනත් කෙටුම්පතින් දරුවන්ට හානියක් නොවනු ඇත - ළමා අයිතිවාසිකම් නීතිඥයන්

සමරිසි සබඳතා නිර්සාපරාධීකරණයට සහාය පළ කරමින් අතුරු පෙත්සම්!

සමලිංගික ක්‍රියාකාරකම් අපරාධමය වරදක් ලෙසම සලකන්නැයි පෙත්සමක්!

සමරිසියන්ට දඬුවම් පමුණුවන නීතිවලට රටේ 72% ම එකඟ නෑ !

සමරිසි ලිංගික සබඳතාවලට එරෙහි නීති සංශෝධනය කිරීමට යයි !

සමරිසි ප්‍රජාවට එරෙහි නීති සංශෝධන පනත් කෙටුම්පත ජනපතිට

සමලිංගිකත්වයට එරෙහි නීති ඉවත් කරන්න පොහොට්ටුවෙන් පනතක්

සමලිංගිකයින්ට එරෙහි නීති ඉවත්කරන්න - දොලවත්ත ගෙන් පනත් කෙටුම්පතක් !

සිංගප්පූරුව සමලිංගිකත්ව තහනම අවසන් කිරීමේ තීරණයක

ජනාධිපති කොමිසමක් සමලිංගික අයිතිය පිළිගනී!

සමරිසි ප්‍රජාවට උමාරියාගේත් සහාය! - හර්ෂත් කතාකරයි

'සමරිසි ප්‍රජාවට වෙනස් කොට සැලකීම අවසන් කළ යුතුයි' - හරිනී

සමරිසි ප්‍රජාවට එරෙහි නීති අහෝසි කරන්න - මහේල



JW


 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලක්ෂ 15 ක සමරිසි ඡන්දදායකයෝ පාර්ලිමේන්තු තීන්දුව ගැන විමසිල්ලෙන් ! | The Leader