The Leader News
BREAKING
Top Ad
LGBTQ

ලොව පළමු වරට ලංකාව සමලිංගිකයන්ට පමණක් සම්බාහන අයිතිය ලබා දෙයි - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

January 17, 2023 • 8:48 AM

ලොව පළමු වරට ලංකාව සමලිංගිකයන්ට පමණක් සම්බාහන අයිතිය ලබා දෙයි - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආයුර්වේද කොමසාරිස් ජනරාල්ගේ නියමයෙන් විරුද්ධ ලිංගිකයන්ට සම්බාහනය ලබාදීම නීති විරෝධී බවට පත් කරන ප්‍රවෘත්තියක් දකින්න ලැබුන.
  • සමරිසි අයිතිය නිදහස විවිධ ආකාරවලින් සීමාවන රටවල් අතර ලංකාව විරුද්ධ ලිංගිකයන්ට සම්බාහනයේ අයිතිය නැති කරමින් එය සමරිසි අයට පමණක් ලබාදීම ඓතිහාසික පියවරක් බව කිව යුතුයි.
  • කොමසාරිස්වරයා කියන්නේ සම්බාහන ආයතන මගින් ලිංගික රෝග බෝවීමේ අවදානම මැඩලීම සඳහා මේ පියවර ගන්නා බවයි.
  • ලිංගික රෝග බෝවීම නතර කරන්න සම්බාහන ආයතන සමලිංගික කළ යුතු යැයි නීති පනවන්න හදන කොමසාරිස්වරුන් වහාම එම තනතුරෙන් ඉවත් කළ යුතු, ඊට නුසුදුසු මානසික මට්ටම් ඇති අය බව රජයක් තේරුම් ගත යුතුයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අනුව මින් පසු සම්බාහන ආස්වාදය විඳින්නට ඉඩ ලැබෙන්නේ සමරිසි අයට පමණයි.

සමරිසි අයිතිය නිදහස විවිධ ආකාරවලින් සීමාවන රටවල් අතර ලංකාව විරුද්ධ ලිංගිකයන්ට සම්බාහනයේ අයිතිය නැති කරමින් එය සමරිසි අයට පමණක් ලබාදීම ඓතිහාසික පියවරක් බව කිව යුතුයි. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවක් යටතේ මේ ප්‍රමුඛතාවය හිමිවීම සුවිශේෂයක් වෙනවා.

කොමසාරිස්වරයා කියන්නේ සම්බාහන ආයතන මගින් ලිංගික රෝග බෝවීමේ අවදානම මැඩලීම සඳහා මේ පියවර ගන්නා බවයි. ලිංගික රෝග බෝවීම නතර කරන්න සම්බාහන ආයතන සමලිංගික කළ යුතු යැයි නීති පනවන්න හදන කොමසාරිස්වරුන් වහාම එම තනතුරෙන් ඉවත් කළ යුතු, ඊට නුසුදුසු මානසික මට්ටම් ඇති අය බව රජයක් තේරුම් ගත යුතුයි. මේ රට විනාශයට ඇදගෙන යන්නේ ඔය වැනි පටු නූගත් මානසිකත්වයන් ඇති බලධාරීන් විසිනුයි.



Spa 3

ස්පා හෙවත් සම්බාහන ආයතන මේ වන විට ඉතාම සාර්ථකව රටේ ක්‍රියාත්මක වෙන ව්‍යාපාරයක්. රජයෙන් කිසිදු සහනාධාර හෝ වෙනයම් පහසුකම් හෝ නැතිව, පොලිසිවල විවිධ අකටයුතුකම්, බලහත්කාරයන් මැද, මේ ආයතන මිනිස්සු ස්වෝත්සාහයෙන් කරගෙන යනවා. විශාල කාන්තාවන් පිරිසක් මේ ආයතනවල රැකියා කරනවා. මේ රැකියා කරන කාන්තාවන්ගෙන් යැපෙන පවුල් විශාල ප්‍රමාණයක් තියෙනවා.

එහෙම තියෙද්දි ලිංගික රෝග පිළිබඳ මුග්ධ කතා කියමින් ආයුර්වේද කොමසාරිස්වරයා උත්සාහ කරන්නේ මේ හොඳින් ලාබ උපයන ව්‍යාපාරය බංකොලොත් කිරීමටයි. අර කාන්තාවන්ගේ රැකියාවන් අහිමි කරමින් ඔවුන්ගේ දරුපවුල් පවා දුෂ්කරතාවයන්ට ඇද දැමීමටයි. ලංකාව වගේ ලිංගික ආස්වාදය ගැන කුහක සදාචාර වත් පුරන සමාජයක මේ වගේ දේවල් වලින් ලකුණු දාගැනීම පහසුයි. ඒ වගේම මෙවන් වාරණ තහංචි වලින් කාට හෝ වැඩි පුර කොමිස් මුදලක් ලබාගැනීමේ ක්‍රමවේදයන් සකස් කරගැනීමත් ඉතාම ප්‍රකටයි..

ලිංගික රෝග බෝවීම වළක්වා ගන්න නම් කළ යුත්තේ කොන්ඩම් පාවිච්චිය අනිවාර්ය කරන නීති ගෙන ඒමයි. නීතිවලටත් වඩා ඒ පිළිබඳව දැනුවත් භාවිතයන් හුරු කිරීමට පියවර ගැනීමයි. ඒ වගේම ස්පා වල සේවය කරන පිරිමි හෝ කාන්තා පිරිස්වලට ලිංගික රෝග පරීක්ෂාවන් නිශ්චිත කාලසීමාවන්ට අනුව සිදුකරගැනීමේ පහසුකම් සැලසීමයි. ස්පාවලට ආරක්ෂිත, ගෞරවනීය රැකියා ක්ෂේත්‍රයක් ලෙස පිළිගැනීමක් ලබාදීමයි. ඒ වෙනුවට මේ කරන්නෙ ස්පා එකකට ගිහින් තමන්ගේ වෙහෙස, ආතතිය නිවාගන්නා සාමාන්‍ය මනුස්සයෙකුගේ සතුටට කෙළවන අතරම එම සේවය සපයන අයගේ ජීවිතද අවදානමේ හෙලීමයි. කලාතුරකින් වැළ‍ඳීමට ඉඩ ඇති ලිංගික රෝගවලට වඩා එදිනෙදා මිනිස්සු පෙළෙන බඩගින්න, ආතතිය භයානක රෝග බව කොමසාරිස්වරයා දැනගත යුතුයි.

Spa 1


ලංකාවෙ මාත් ඇතුලු බොහෝ දෙනෙක් තායිලන්තයේ ගියොත් විශාල ආස්වාදයක් ලබන දෙයක් තමයි ඒ රටේ ඉතාම විධිමත්ව පවත්වා‍ගෙන යන ස්පා අත්දැකීමක් ලැබීම. ‘හැපි එන්ඩින්’ හෙවත් අවසානයේ සුරතාන්තයක්ද සහිතව ලබාදෙන මේ ආස්වාදජනක අත්දැකීම ලබාගන්න තායිලන්තයට එන පිරිස් විශාලයි. දැන් කංසා නීතිගත කිරීමත් එක්ක මේ සංචාරකයන් ඉලක්ක කරගත් විනෝදාස්වාද කලාපයන් තවත් සාර්ථකව පවත්වාගෙන යන්න තායිලන්තයට පුළුවන් වෙනවා. ප්‍රධාන හේතුව ඒ රටේ මේ සම්බන්ධ බලධාරීන් පුහු සදාචාර සීමාවලට හිරවුණු නූගතුන් නොවීමයි.

 

අපේ රටේ බලධාරීන් බලන්නෙ පවතින කුහක සදාචාරයට මුවාවෙලා තමන්ගේ මඩිය තර කරගන්න ක්‍රමයක් සකස් කර ගැනීම මිස අර කර්මාන්තයට සුබසිද්ධියක් අත් කරදෙමින් එය රටේ ආර්ථිකයට වැඩදායි තත්වයකට දියුණු කරන විදිහක් නෙමෙයි. මේ රට බංකොලොත් වෙන්නෙ මේ වගේ බංකොලොත් නිලධාරීන් නිසාමයි.


Spa 2


අපේ බුදුන් ඉන්නෙ අපේ තරමටයි - (චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk
 #godayamu

vyadhadeva@gmail.com


(උපුටා ගැනීම - facultyofsex.com)


සබැඳි පුවත් :
පිරිමි සම්බාහනය කෙල්ලන්ට තහනම් !



JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලොව පළමු වරට ලංකාව සමලිංගිකයන්ට පමණක් සම්බාහන අයිතිය ලබා දෙයි - (චින්තන ධර්මදාස) | The Leader