The Leader News
BREAKING
Top Ad
LGBTQ

සමරිසි ලිංගික සබඳතාවලට එරෙහි නීති සංශෝධනය කිරීමට යයි !

T

The Leader Desk

February 12, 2023 • 5:24 AM

සමරිසි ලිංගික සබඳතාවලට එරෙහි නීති සංශෝධනය කිරීමට යයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා රජය සමරිසි ලිංගික ක්‍රියා නිර්සාපරාධීකරණය කිරීමට කටයුතු කරන බවට විදේශ අමාත්‍ය අලි සබ්‍රි පවසයි.
  • එක්සත් ජාතීන්ගේ විශ්ව කාලාන්තර සමාලෝචනයේදී (UPR) එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, කැනඩාව සහ නෝර්වේ ඇතුළු රාජ්‍ය කිහිපයක් විසින්ම සමරිසි ලිංගික ක්‍රියා නිර්සාපරාධීකරණය කරන මෙන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබිණ.
  • විදේශ කටයුතු අමාත්‍යවරයා ඉහත ප්‍රකාශය ඇත්තේ ඊට ප්‍රතිචාර දක්වමිනි.
  • දණ්ඩ නීති සංග්‍රහය ඔස්සේ සමරිසි ලිංගික ක්‍රියා සාපරාධීකරණය කිරීම අහෝසි කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරන බව අලි සබ්‍රි අමාත්‍යවරයා පැහැදිලි කර සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):



ඒ අනුව, රජය විසින් දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365A වගන්ති සංශෝධනය කිරීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ විශ්ව කාලාන්තර සමාලෝචනයේදී (UPR) එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, කැනඩාව සහ නෝර්වේ ඇතුළු රාජ්‍ය කිහිපයක් විසින්ම සමරිසි ලිංගික ක්‍රියා නිර්සාපරාධීකරණය කරන මෙන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබිණ.

විදේශ කටයුතු අමාත්‍යවරයා ඉහත ප්‍රකාශය ඇත්තේ ඊට ප්‍රතිචාර දක්වමිනි.

දණ්ඩ නීති සංග්‍රහය ඔස්සේ සමරිසි ලිංගික ක්‍රියා සාපරාධීකරණය කිරීම අහෝසි කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරන බව අලි සබ්‍රි අමාත්‍යවරයා පැහැදිලි කර සිටියේය.

ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365අ වගන්ති ඔස්සේ විවිධ ලිංගික අනන්‍යතා දරන පුද්ගලයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවට ගොඩනැඟී ඇති සමාජ කතිකාවත පළමු වරට සංවාදයට බඳුන් වූයේ 1994 වර්ෂයේ දිය. එදා පටන් මේ වන තුරු ඔවුනට සාධාරණයක් ඉෂ්ට වී නොමැත.  

එකී වගන්ති තුළින් පුද්ගලයන් අතර ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ සිදුවන “සොබාදහමට එරෙහි” හෝ “තදබල අශෝබන” ලිංගික ක්‍රියා දඬුවම් ලැබිය හැකි වරදක් බවට නිගමනය කරන මුත්, එකී කිසිඳු වගන්තියක් ඔස්සේ සමලිංගිකත්වය, හෝ විවිධ ලිංගික අනන්‍යතාවලට එරෙහි ප්‍රකාශයක් අඩංගු නොවේ.

තව ද, දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වන “සොබාදහමට එරෙහි” හෝ “තදබල අශෝබන” ලිංගික ක්‍රියා මොනවාද යන්න පිළිබඳ නිර්වචනයක් ඇත්තේ ද නැත.

lgbtq

නීතිය ක්‍රියාත්මක කරන පොලීසිය විසින් මෙම වගන්ති අවභාවිතා කරමින් විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට සහ ඔවුනට පීඩා සිදුකිරීමට කටයුතු කරන අතර, මෙම චෝදනා මත අත්අඩංගුවට පත්වන පුද්ගලයන්ට මානසික රෝගයක් පවතින බවට හැඟවීමට බලහත්කාරයෙන් වෛද්‍ය පරීක්ෂාවලට යොමුකළ අවස්ථා ද තිබේ.

එවන් පසුබිමක් තුළ, විදේශ කටයුතු අමාත්‍යවරයා සමරිසි ලිංගික ක්‍රියා නිර්සාපරාධීකරණය කිරීමට රජය කටයුතු කරන බවට ප්‍රකාශ කර තිබීම විශේෂත්වයකි.

මේ සඳහා පාර්ලිමේන්තුවේ ප්‍රතිචාරය අවශ්‍ය බව ද හෙතෙම අවධාරණය කරයි.

එක්සත් ජාතීන්ගේ විශ්ව කාලාන්තර සමාලෝචන සැසිවාරයේ සිව්වන චක්‍රයේදී එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, කැනඩාව සහ නෝර්වේ යන රාජ්‍ය විසින් ශ්‍රී ලංකාවේ සමරිසි ලිංගික ක්‍රියා නිර්සාපරාධීකරණය කරන මෙන් මෙරට රජයෙන් ඉල්ලා සිටි අතර, සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික සහ ප්‍රශ්ණභාවී (LGBTIQ) ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ මානව හිමිකම් වලට ගරු කරන මෙන් එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබිණ.

 

දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන සඳහා වන පනත් කෙටුම්පත ජනපතිට

 

ශ්‍රී ලංකාව තුළ LGBTQ + ප්‍රජාවන්හි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන සඳහා වන පනත් කෙටුම්පතක් පසුගිය වසරේ (2022) අගෝස්තු මස 24දා පොහොට්ටු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාර දෙනු ලැබිණ.


සබැඳි පුවත් :

සමරිසි ප්‍රජාවට එරෙහි නීති සංශෝධන පනත් කෙටුම්පත ජනපතිට

සමලිංගිකත්වයට එරෙහි නීති ඉවත් කරන්න පොහොට්ටුවෙන් පනතක්

සමලිංගිකයින්ට එරෙහි නීති ඉවත්කරන්න - දොලවත්ත ගෙන් පනත් කෙටුම්පතක් !

සිංගප්පූරුව සමලිංගිකත්ව තහනම අවසන් කිරීමේ තීරණයක

ජනාධිපති කොමිසමක් සමලිංගික අයිතිය පිළිගනී!


JW

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සමරිසි ලිංගික සබඳතාවලට එරෙහි නීති සංශෝධනය කිරීමට යයි ! | The Leader