The Leader News
BREAKING
Top Ad
LGBTQ

සමලිංගිකත්වයට එරෙහි නීතියක් සංශෝධනයට යෝජනා

T

The Leader Desk

March 27, 2023 • 4:58 PM

සමලිංගිකත්වයට එරෙහි නීතියක් සංශෝධනයට යෝජනා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය යටතේ “ස්වභාවධර්මයේ පිළිවෙලට පටහැනි කායික සංසර්ගය”
  • මෙම නීතිය වර්ෂ 1883 තරම් ඈතට විහිදේ.
  • එමගින් සමලිංගික සංසර්ගය අපරාධයක් බවට පත් කළ හැකිය.
  • එය පුද්ගලයන්ගේ ලිංගික නැඹුරුවට එරෙහි නීතියක් ලෙස සැලකේ.
අකුරු ප්‍රමාණය (Font Size):

අපරාධයක් ලෙස සලකන අතර වසර දහයක් දක්වා සිරදඬුවමක් නියම කළ හැකිය. මෙම නීතිය වර්ෂ 1883 තරම් ඈතට විහිදේ. එමගින් සමලිංගික සංසර්ගය අපරාධයක් බවට පත් කළ හැකිය. එය පුද්ගලයන්ගේ ලිංගික නැඹුරුවට එරෙහි නීතියක් ලෙස සැලකේ.


රජය විසින් මෙම නීතිය සංශෝධනය කිරීම සඳහා සංශෝධන පනත් කෙටුම්පතක් ගැසට් මගින් පළකර තිබේ. එම සංශෝධනය ගෙන ඒමට මුල් වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොළවත්ත ගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවකි. ඒ අනුව, සංශෝධනය සිදුවන්නේ පහත දැක්වෙන පරිදිය.

365 වගන්තියෙහි සඳහන් වන පරිදි ‘ස්වභාවධර්මයේ පිළිවෙලට පටහැනිව ඕනෑම පිරිමියෙකු, ස්ත්‍රියක හෝ සතෙකු සමඟ ස්වකැමැත්තෙන් කායික සංසර්ගයේ යෙදෙන්නේ නම්, ඔහුට වසර දහයක් දක්වා දීර්ඝ කළ හැකි සිරදඬුවම් නියම කළ හැකි අතර දඩයකට ද යටත් කළ හැකිය.’

නව සංශෝධනය මගින් මෙම වගන්තියේ ‘පිරිමියෙකු, ස්ත්‍රියක’ යන කොටස් ඉවත් කර තිබේ. ඒ අනුව, එම වගන්තිය වෙනස් වන්නේ ‘ස්වභාවධර්මයේ පිළිවෙලට පටහැනිව සතෙකු සමඟ ස්වකැමැත්තෙන් කායික සංසර්ගයේ යෙදෙන්නේ නම්, ඔහුට වසර දහයක් දක්වා දීර්ඝ කළ හැකි සිරදඬුවම් නියම කළ හැකි අතර දඩයකට ද යටත් කළ හැකිය’ යනුවෙනි.

නව සංශෝධනය අනුව 365 අ වගන්තිය ඉවත් කරනු ලැබේ.

දණ්ඩ නීති සංග්‍රහයේ 365, 365 අ වගන්ති යටතේ අස්වාභාවික සංසර්ගය යන පදනමින් සමලිංගික, ද්විලිංගික, සංක්‍රාන්ති ලිංගික, අන්තර් ලිංගික සහ ලිංගිකත්වය ප්‍රශ්න කරන ප්‍රජාවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි විය.


(praja.lk)


මේ ලිපියත් කියවන්න:

 පුරුෂ ලිංගික ප්‍රචණ්ඩත්වය යනු කුමක්ද?

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...