The Leader News
BREAKING
Top Ad
LGBTQ

සමලිංගිකත්වය නිර්සාපරාධීකරණය කරන්න - ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවෙන් ඉල්ලීමක්

T

The Leader Desk

April 24, 2023 • 5:26 AM

සමලිංගිකත්වය නිර්සාපරාධීකරණය කරන්න - ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවෙන් ඉල්ලීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමලිංගිකත්වය සහ සමරිසි (LGBT) පුද්ගලයන් සාපරාධීකරණය කරන නීති අහෝසි කරන මෙන් ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව (United Nations Committee on the Rights of the Child) විසින්, ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
  • දණ්ඩ නීති සංග්‍රහයේ දැනට පවතින 365 සහ 365අ වගන්ති යටතේ, දරුවන් “අපරාධකරුවන් ලෙස සලකනු ලබන” බව ද කමිටුව පෙන්වා දුන්නේය.
  • මෙම “නීතිය යටත් විජිත යුගයෙන් උරුම වූවක් වන අතර, වත්මන් රාජ්‍ය භාවිතය යටතේ දරුවන් අපරාධකරුවන් ලෙස නොසලකන” බව ශ්‍රී ලංකා රජය පැහැදිලි කළේය.
  • දණ්ඩ නිති සංග්‍රහය ; සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් දණ්ඩ නීති සංග්‍රහ නව පනත් කෙටුම්පතින් දරුවන්ට හානියක් නොවනු ඇත - ළමා අයිතිවාසිකම් නීතිඥයන් සමරිසි සබඳතා නිර්සාපරාධීකරණයට සහාය පළ කරමින් අතුරු පෙත්සම්!
අකුරු ප්‍රමාණය (Font Size):



ශ්‍රී ලංකාව, ළමා අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය (Convention on the Rights of the Child) කෙරේ ඇති බැඳීම් අනුව කටයුතු කරන බවට තහවුරු කිරීම පිළිබඳ වගකීම දරන ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව රජයෙන් ඉල්ලා සිටින්නේ, සමරිසි සබඳතා සාපරාධීකරණය කරන නීති අහෝසි කරන ලෙසයි.


CRC/C/LKA/CO/5-6: Concluding observations on the combined fifth and sixth periodic reports of Sri Lanka

 

එම කමිටුව, ශ්‍රී ලංකාව පිළිබඳ සිය 06 වන කාලාන්තර වාර්තාවේ 16 වන පරිච්ඡේදය යටතේ ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නේ, සමරිසි (LGBT) පුද්ගලයන්ට එරෙහිව සිදුවන වෙනස්කොට සැලකීමට එරෙහිව සටන් කරන මෙන්, සමරිසි (LGBT) පුද්ගලයන්ට එරෙහිව සිදුවන කෙණහිලිකම් තහනම් කරන මෙන්, සහ සමරිසි (LGBT) පුද්ගලයන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වයට වරදකරුවන් වන පුද්ගලයන් යුක්තිය ඉදිරියට ගෙන එන මෙන් ය.

 

ශ්‍රී ලංකාව විසින් එම කමිටු නිර්දේශ පිළිගෙන තිබෙන අතර, දණ්ඩ නීති සංග්‍රහය “ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූලවන අන්දමින් ප්‍රතිසංස්කරණය කිරීමට” පොරොන්දු වී ඇත.

දණ්ඩ නීති සංග්‍රහයේ දැනට පවතින 365 සහ 365අ වගන්ති යටතේ, දරුවන් “අපරාධකරුවන් ලෙස සලකනු ලබන” බව ද කමිටුව පෙන්වා දුන්නේය. මෙම “නීතිය යටත් විජිත යුගයෙන් උරුම වූවක් වන අතර, වත්මන් රාජ්‍ය භාවිතය යටතේ දරුවන් අපරාධකරුවන් ලෙස නොසලකන” බව ශ්‍රී ලංකා රජය පැහැදිලි කළේය.

යෝජිත දණ්ඩ නීති සංග්‍රහ (සංශෝධන) පනත් කෙටුම්පත හරහා 365 සහ 365අ වගන්ති සංශෝධනය කළහොත් දරුවන්ට හානියක් වනු ඇති බවට, සහ දරුවන් පිළිබඳව ශ්‍රී ලංකාව එක්සත් ජාතීන් හමුවේ දරන කැපවීම් උල්ලංඝනය වනු ඇති බවට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායකයකු වන ෂර්මිලා ගෝනවලගේ නායකත්වයෙන් යුතු අර්බන් සිටිසන්ස් (Urban Citizens) වැනි සංවිධාන විසින් ප්‍රචාරය කරන සාවද්‍ය ආඛ්‍යානයන්, ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවේ මෙම ශක්තිමත් ප්‍රකාශය හමුවේ සෘජුව අභියෝගයට ලක්වේ.

ඉකුත් දිනක, මෙම දණ්ඩ නීති සංග්‍රහ (සංශෝධන) පනත් කෙටුම්පතට සහාය පළ කරමින්, ළමා ආරක්ෂක බලකාය (Child Protection Force) සහ ළමා හිංසනයට තිත භාරය (Stop Child Cruelty Trust) ඇතුළු, ළමා, කාන්තා සහ මානව හිමිකම් ක්‍රියාධරයන් සහ නීතීඥයන්, සහ වෙනත් වෘත්තිකයන් සියයකට අධික පිරිසක් විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකළ අතර, අදාළ නීතිය සම්මත කිරීම තුළින් දරුවන් අපයෝජනයට නිරාවරණය වන බවට වූ මතයක සිටින පිරිස් විසින් ප්‍රචාරය කරමින් තිබෙන “මුසාවන්” විශ්වාස නොකරන මෙන් උපදෙස් දුන් ඔවුහු දරුවන් වඩාත් හොඳින් ආරක්ෂා කරන වෙනත් ප්‍රතිපාදන දණ්ඩ නීති සංග්‍රහයේ පවතින බවට ජනාධිපතිවරයාට සිහිපත් කළහ.

un 3


Committee on the Rights of the Child reviews report of Sri Lanka

සබැඳි ලිපි :

ගුද හා යෝනි මාර්ග පරීක්ෂාවට දණ්ඩ නීති සංග්‍රහය යොදාගෙන !

දණ්ඩ නිති සංග්‍රහය ; සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන්

දණ්ඩ නීති සංග්‍රහ නව පනත් කෙටුම්පතින් දරුවන්ට හානියක් නොවනු ඇත - ළමා අයිතිවාසිකම් නීතිඥයන්

සමරිසි සබඳතා නිර්සාපරාධීකරණයට සහාය පළ කරමින් අතුරු පෙත්සම්!

සමලිංගික ක්‍රියාකාරකම් අපරාධමය වරදක් ලෙසම සලකන්නැයි පෙත්සමක්!

සමරිසියන්ට දඬුවම් පමුණුවන නීතිවලට රටේ 72% ම එකඟ නෑ !

සමරිසි ලිංගික සබඳතාවලට එරෙහි නීති සංශෝධනය කිරීමට යයි !

සමරිසි ප්‍රජාවට එරෙහි නීති සංශෝධන පනත් කෙටුම්පත ජනපතිට

සමලිංගිකත්වයට එරෙහි නීති ඉවත් කරන්න පොහොට්ටුවෙන් පනතක්

සමලිංගිකයින්ට එරෙහි නීති ඉවත්කරන්න - දොලවත්ත ගෙන් පනත් කෙටුම්පතක් !

සිංගප්පූරුව සමලිංගිකත්ව තහනම අවසන් කිරීමේ තීරණයක

ජනාධිපති කොමිසමක් සමලිංගික අයිතිය පිළිගනී!

සමරිසි ප්‍රජාවට උමාරියාගේත් සහාය! - හර්ෂත් කතාකරයි

'සමරිසි ප්‍රජාවට වෙනස් කොට සැලකීම අවසන් කළ යුතුයි' - හරිනී

සමරිසි ප්‍රජාවට එරෙහි නීති අහෝසි කරන්න - මහේල


 
JW
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...