The Leader News
BREAKING
Top Ad
LGBTQ

'දේශපාලන බිල්ලන් ලෙස දරුවන් භාවිතා නොකරනු' ! - වෛද්‍ය තුෂ් වික්‍රමනායක

T

The Leader Desk

April 24, 2023 • 3:34 PM

'දේශපාලන බිල්ලන් ලෙස දරුවන් භාවිතා නොකරනු' ! - වෛද්‍ය තුෂ් වික්‍රමනායක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයන් සඳහා සමරිසි (LGBT) පුද්ගලයන් පිළිබඳ සාවද්‍ය සහ භයානක ආඛ්‍යානයන්
  • # සමරිසි සබඳතා නිර්සාපරාධීකරණය කළ කිසිඳු රටක එකී ක්‍රියාමාර්ගය ගැනීමෙන් අනතුරුව ළමා අපයෝජනයන් හි සැලකිය යුතු ඉහළ යාමක් සිදුව ඇති බවට සාක්ෂි හෝ සහ-සම්බන්ධයක් හඳුනා ගෙන නොමැත.
  • # ලොව රටවල්වල ළමා කාමාතුරයන් ලෙස හඳුනාගෙන තිබෙන පුද්ගලයන්ගෙන් අතිබහුතරයක් විෂමරිසි (heterosexual) පුද්ගලයන් මිස සමරිසි පුද්ගලයන් නොවේ.
  • දිගු කාලයක් මුළුල්ලේ විඳවූ සහ වෙනස්කොට සැලකීමට ලක්වූ ප්‍රජාවකට එරෙහිව තවදුරටත් අයුක්තිය උරුම කර දීම සඳහා දරුවන් බිල්ලට දෙන දේශපාලන න්‍යාය පත්‍රයන්ට එරෙහිව තමා දිගටම සටන් කරන බව තුෂ් වික්‍රමනායක පවසා සිටියාය.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රචාරය කරමින් ජනතාව නොමඟ යැවීම හරහා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන ක්‍රියාධරයන් සහ දේශපාලනික සබඳතා ඇති සංවිධාන විසින් දරුවන් සූරා කෑමට ලක්කරන බවට ප්‍රමුඛ පෙළේ ළමා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක වන, ළමා හිංසනයට තිත සංවිධානයේ (Stop Child Cruelty Trust) වෛද්‍ය තුෂ් වික්‍රමනායක චෝදනා කරයි.  

bgggfh

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ අර්බන් සිටිසන්ස් (Urban Citizens) සහ ජෙහාන් හමීඩ් මුසාවන් ප්‍රචාරය කරන බවට චෝදනා 

එස්එල්ව්ලොග් (SLVLOG) සහ නිව්ස් ෆර්ස්ට් (News First) සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක දී, සමලිංගිකත්වය නිර්සාපරාධීකරණය කිරීම සඳහා වූ යෝජිත පනත් කෙටුම්පත ඔස්සේ ළමා අපයෝජනය ද නිර්සාපරාධීකරණය වන බවට එල්ලවන චෝදනාව “සාවද්‍ය” එකක් යැයි වෛද්‍ය තුෂ් වික්‍රමනායක බැහැර කළාය.



සමරිසි සබඳතා නිර්සාපරාධීකරණය කිරීම තුළින් ශ්‍රී ලංකාව තුළ ළමා අපයෝජනවල අනුපාතයන් ඉහළ යන බවට සහ දරුවන්ට බරපතල අවදානමක් ගෙන එන බවට මෙකී පෙත්සම්කරුවන් විසින් ඉදිරිපත් කර තිබෙන තර්කය සාවද්‍ය මෙන්ම අදාළ නොවන, යල්පැන ගිය සහ ව්‍යාජ අධ්‍යයනයන් ඔස්සේ සාධාරනීකරණය කර ඇති බවට ඇය පෙන්වා දුන්නාය.




දණ්ඩ නීති සංග්‍රහය ප්‍රමාණවත් පරිදි දරුවන් අපයෝජනයෙන් ආරක්ෂා කරයි - හොඳම ආරක්ෂාව ලැබෙන්නේ 365B වගන්තියෙන්

365B වගන්තිය ඇතුළු දණ්ඩ නීති සංග්‍රහයේ ඇති වගන්ති කිහිපයකින්ම දරුවන්ගේ ආරක්ෂාව දැඩිව තහවුරු කරන අතර, වයස අවුරුදු 18 ට අඩු දරුවකු අපයෝජනය කරන ඕනෑම පුද්ගලයකුට එරෙහිව, ඔවුන්ගේ සමාජභාවය හෝ ලිංගික දිශානතිය කුමක් වූව ද අපරාධ චෝදනා ගොනුකරන බව වෛද්‍ය වික්‍රමනායක පෙන්වා දුන්නාය. මෙම ප්‍රතිපාදන විසින් දරුවන් වඩාත් හොඳින් ආරක්ෂා කරන අතර, 365 සහ 365A වගන්ති භාවිතා කර තිබෙන්නේ සමරිසි (LGBT) පුද්ගලයන් පිළිබඳ මුසාවන් ප්‍රචාරය කිරීමට පමණි.


සමරිසි (LGBT) පුද්ගලයන් ළමා අපයෝජකයන් නොවෙයි - භයානක සාවද්‍ය තොරතුරු නතර විය යුතුයි

ශ්‍රී ලංකාව තුළ ගෝලීය වශයෙන් සිදුකර තිබෙන පර්යේෂණ අධ්‍යයනයන්වල ප්‍රධාන සොයා ගැනීම් පිළිබඳව ද ඇය අවධානය යොමු කළාය:

# ගතවූ වසර 02 තුළ, ශාරීරික හා ලිංගික වශයෙන් බරපතල ලෙස අපයෝජනයට ලක් කිරීමෙන් අනතුරුව ඝාතනයට ලක් කර තිබෙන දරුවන් සංඛ්‍යාව 17 කි. මෙකී අපරාධවලට කොටුකර ගත් එකඳු පුද්ගලයකු වත් සමලිංගික නොවේ.

# සමරිසි සබඳතා නිර්සාපරාධීකරණය කළ කිසිඳු රටක එකී ක්‍රියාමාර්ගය ගැනීමෙන් අනතුරුව ළමා අපයෝජනයන් හි සැලකිය යුතු ඉහළ යාමක් සිදුව ඇති බවට සාක්ෂි හෝ සහ-සම්බන්ධයක් හඳුනා ගෙන නොමැත.

# ලොව රටවල්වල ළමා කාමාතුරයන් ලෙස හඳුනාගෙන තිබෙන පුද්ගලයන්ගෙන් අතිබහුතරයක් විෂමරිසි (heterosexual) පුද්ගලයන් මිස සමරිසි පුද්ගලයන් නොවේ.

 

දේශපාලන ප්‍රචාරණය වෙනුවෙන් දරුවන් සූරා කෑමට ලක් කිරීමට එරෙහි අනතුරු ඇඟවීම්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සබඳතාවයක් පවතින දේශපාලන ක්‍රියාධරයන් විසින් මෙලෙස ඉදිරිපත් කර තිබෙන පෙත්සම්වලින් මතුකර තිබෙන තර්ක ඔස්සේ, (ඔවුන් පවසන පරිදි) සැබවින්ම දරුවන් කෙරේ සැලකිල්ලක් දක්වා තිබේ ද, නැතහොත් දරුවන් යොදා ගනිමින් දේශපාලන අවශ්‍යතාවයක් සපුරා ගැනීමේ කූට වෑයමක් විද්‍යමාන වේ ද යන්න තුෂ් වික්‍රමනායක ප්‍රශ්න කළාය.

දිගු කාලයක් මුළුල්ලේ විඳවූ සහ වෙනස්කොට සැලකීමට ලක්වූ ප්‍රජාවකට එරෙහිව තවදුරටත් අයුක්තිය උරුම කර දීම සඳහා දරුවන් බිල්ලට දෙන දේශපාලන න්‍යාය පත්‍රයන්ට එරෙහිව තමා දිගටම සටන් කරන බව තුෂ් වික්‍රමනායක පවසා සිටියාය.



“ගතවූ වසර කිහිපය තුළ දරුවන්ට එරෙහිව රට තුළ සිදුවූ සියලු ආකාරයේ බරපතල අපයෝජනයන් පිළිබඳ බොහෝ සිදුවීම් සැලකිල්ලට ගත් විට, තම මූලික ගරුත්වය, නිදහස සහ අනන්‍යතා අහිමි වූ සමරිසි (LGBT) ප්‍රජාව වැනි ඓතිහාසික වශයෙන් නෙරපා දැමීමට ලක්වූ පුද්ගලයන්ට වෙනසක් සඳහා යම් මට්ටමක හෝ බලාපොරොත්තුවක් ලැබී තිබෙන මොහොතක පමණක්ම, දරුවන්ගේ යහපැවැත්ම පිළිබඳ අවධානය යොමුවීම, සහ ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ සහ අපයෝජනයට එරෙහිව ලහි ලහියේ දොඩමළුවන පිරිස් මතුවීම සැබවින්ම උත්ප්‍රාසජනකයි,” ඇය පැවසුවාය.



ඓතිහාසික පියවරක් ලෙස, වැඩිහිටියන් අතර සිදුවන සම්මුතිගත සමරිසි සබඳතා නිර්සාපරාධීකරණය කරන සංශෝධනයන් දණ්ඩ නීති සංග්‍රහයට ඇතුළත් කිරීම යෝජනා කරන පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත ගැසට්ගත කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව කටයුතු කළේය.

කෙසේවෙතත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සම්බන්ධ දේශපාලන ක්‍රියාධරයන් පිරිසකගෙන් සමන්විත කණ්ඩායමක් සහ අර්බන් සිටිසන්ස් (Urban Citizens) නම් සිවිල් අයිතිවාසිකම් සංවිධානයක් විසින් මෙම යෝජිත නීතියේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් දෙකක් ගොනු කිරීමට කටයුතු කර තිබේ.

යෝජිත සංශෝධනයන් “දරුවන්ගේ යහපත සඳහා වූ හොඳම අවශ්‍යතාවයන්” (Best interests of the Child) නැමති මූලධර්මයට අනුකූල නොවන බව, හා එමඟින් ළමා අපයෝජනය නිර්සාපරාධීකරණය වීමට මුල පුරනු ඇති බව මෙම පෙත්සම්වල ප්‍රධාන තර්කය වී තිබේ. මෙම පනත් කෙටුම්පතට සහාය පළ කරමින් අතුරු පෙත්සම් කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කිරීමට, විවිධ ලිංගික අනන්‍යතා (LGBTIQ) ඇති ප්‍රජා සංවිධාන පමණක් නොව ළමා අයිතිවාසිකම් කණ්ඩායම්, නීතීඥයන්, කාන්තා අයිතිවාසිකම් කණ්ඩායම් සහ මානව හිමිකම් ක්‍රියාධරයන් රාශියක් කටයුතු කර තිබේ.


සබැඳි ලිපි :

සමලිංගිකත්වය නිර්සාපරාධීකරණය කරන්න - ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවෙන් ඉල්ලීමක්

සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව : අකමැති සිරුරකින් නිදහස් වීමේ අරගලය ! - (ටිරන් කුමාර බංගගමආරච්චි)

ගුද හා යෝනි මාර්ග පරීක්ෂාවට දණ්ඩ නීති සංග්‍රහය යොදාගෙන !

දණ්ඩ නිති සංග්‍රහය ; සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන්

දණ්ඩ නීති සංග්‍රහ නව පනත් කෙටුම්පතින් දරුවන්ට හානියක් නොවනු ඇත - ළමා අයිතිවාසිකම් නීතිඥයන්

සමරිසි සබඳතා නිර්සාපරාධීකරණයට සහාය පළ කරමින් අතුරු පෙත්සම්!

සමලිංගික ක්‍රියාකාරකම් අපරාධමය වරදක් ලෙසම සලකන්නැයි පෙත්සමක්!

සමරිසියන්ට දඬුවම් පමුණුවන නීතිවලට රටේ 72% ම එකඟ නෑ !

සමරිසි ලිංගික සබඳතාවලට එරෙහි නීති සංශෝධනය කිරීමට යයි !

සමරිසි ප්‍රජාවට එරෙහි නීති සංශෝධන පනත් කෙටුම්පත ජනපතිට

සමලිංගිකත්වයට එරෙහි නීති ඉවත් කරන්න පොහොට්ටුවෙන් පනතක්

සමලිංගිකයින්ට එරෙහි නීති ඉවත්කරන්න - දොලවත්ත ගෙන් පනත් කෙටුම්පතක් !

සිංගප්පූරුව සමලිංගිකත්ව තහනම අවසන් කිරීමේ තීරණයක

ජනාධිපති කොමිසමක් සමලිංගික අයිතිය පිළිගනී!

සමරිසි ප්‍රජාවට උමාරියාගේත් සහාය! - හර්ෂත් කතාකරයි

'සමරිසි ප්‍රජාවට වෙනස් කොට සැලකීම අවසන් කළ යුතුයි' - හරිනී

සමරිසි ප්‍රජාවට එරෙහි නීති අහෝසි කරන්න - මහේල

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'දේශපාලන බිල්ලන් ලෙස දරුවන් භාවිතා නොකරනු' ! - වෛද්‍ය තුෂ් වික්‍රමනායක | The Leader