The Leader News
BREAKING
Top Ad
LGBTQ

සමලිංගිකත්වය නිර්සාපරාධීකරණයට අතිබහුතර ජනතාවගේ සහය !

T

The Leader Desk

May 11, 2023 • 8:51 AM

සමලිංගිකත්වය නිර්සාපරාධීකරණයට අතිබහුතර ජනතාවගේ සහය !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමලිංගිකත්වය නිර්සාපරාධීකරණය කිරීම සඳහා ප්‍රේම්නාත් දොලවත්ත මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කළ පාර්ලිමේන්තු පනත් කෙටුම්පතට ශ්‍රී ලංකාවේ අතිමහත් බහුතරයක් සහාය පළකරන බව,
  • එම සමීක්ෂණයට අනුව, සමරිසි (LGBT+) පුද්ගලයකු ලෙස ජීවත් වන පුද්ගලයකුට දඬුවම් පැමිණවීම හෝ සාපරාධීකරණයට ලක් කිරීම සිදු නොකළ යුතු බවට, සියලු දිස්ත්‍රික්ක ආවරණය කරමින් ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 72.5 ක් ම පවසති.
  • මෙලෙස සහාය පළ කළවුන්ගෙන් සියයට 90 කට අධික පිරිසක් බෞද්ධ හා හින්දු ප්‍රජාවන් නියෝජනය කරන අතර, බහුතර සහාය ක්‍රිස්තියානි සහ මුස්ලිම් ප්‍රජාවන්ගෙන් ද සහය පලවී තිබේ.
  •   ''සෑම ශ්‍රී ලාංකිකයන් 04 දෙනෙකුගෙන් ම එක් අයකුට සමරිසි (LGBT+) මිතුරෙක් සිටියි''   සමරිසි (LGBT+) පුද්ගලයන් සාපරාධීකරණය ශ්‍රී ලංකාවට සහ ආසියාවට හඳුන්වා දෙනු ලැබුවේ යටත් විජිත බටහිර විසිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

''ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ වෙස්ට්මින්ස්ටර් පදනම'' (Westminster Foundation for Democracy) සංවිධානය විසින් දියත් කළ දීප ව්‍යාප්ත සමීක්ෂණයකින් අනාවරණය වේ.

එම සමීක්ෂණයට අනුව, සමරිසි (LGBT+) පුද්ගලයකු ලෙස ජීවත් වන පුද්ගලයකුට දඬුවම් පැමිණවීම හෝ සාපරාධීකරණයට ලක් කිරීම සිදු නොකළ යුතු බවට, සියලු දිස්ත්‍රික්ක ආවරණය කරමින් ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 72.5 ක් ම පවසති.

මෙලෙස සහාය පළ කළවුන්ගෙන් සියයට 90 කට අධික පිරිසක් බෞද්ධ හා හින්දු ප්‍රජාවන් නියෝජනය කරන අතර, බහුතර සහාය ක්‍රිස්තියානි සහ මුස්ලිම් ප්‍රජාවන්ගෙන් ද සහය පලවී තිබේ.

නිර්සාපරාධීකරණයෙන් ද ඔබ්බට සමරිසි (LGBT+) පුද්ගලයන්ගේ අයිතිවාසිකම් වැඩිදියුණු කරන නීති සඳහා තම සහාය හිමිවන බව, සමීක්ෂණයට බඳුන් වූවන්ගෙන් සියයට 51.4ක් පවසා ඇත. 

 

ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 72.5ක් ම සමලිංගිකත්වය නිර්සාපරාධීකරණය කිරීමට සහාය පළ කරයි. ඒ අනුව නීතිය වෙනස් කිරීමට බෞදධ සහ හින්දු ජනතාවගෙන් අතිමහත් බහුතරයකගේ සහාය ලැබෙයි.

 

''සෑම ශ්‍රී ලාංකිකයන් 04 දෙනෙකුගෙන් ම එක් අයකුට සමරිසි (LGBT+) මිතුරෙක් සිටියි''

 

සමරිසි (LGBT+) පුද්ගලයන් සාපරාධීකරණය ශ්‍රී ලංකාවට සහ ආසියාවට හඳුන්වා දෙනු ලැබුවේ යටත් විජිත බටහිර විසිනි. අද වන විට, සියලු මුස්ලිම් නොවන ආසියාතික රටවල් සහ මුස්ලිම් ආසියාතික රටවල් කිහිපයක් විසින් සමලිංගිකත්වය නිර්සාපරාධීකරණය කර ඇත. ඇතැම් රටවල් විසින් සමරිසි (LGBT+) පුද්ගලයන්ට ව්‍යවස්ථාපිත ආරක්ෂණ පවා හඳුන්වා දී ඇත.

 

ශ්‍රී ලාංකීය ජනතාව විසින් ලබා දෙන වටිනාකම් පවතින නීතීන්ට පටහැනි බව එම සමීක්ෂණ වාර්තාව අනුව නිරීක්ෂණය කළ හැකිය.

අපේම සංස්කෘතික උරුමය වෙනුවට තවමත් යටත් විජිත සදාචාර පද්ධතීන් විදහා පාන නීති වැළඳගත් හුදෙකලා රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ආසියාවේ ස්ථානගත වී තිබේ.  

ඉහත සමීක්ෂණය හරහා, සෑම ශ්‍රී ලාංකිකයන් 04 දෙනෙකුගෙන් ම 01 අයකුට සමරිසි (LGBT+) මිතුරකු සිටින බවත්, ඔවුන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් තමාට සමරිසි (LGBT+) මිතුරකු සිටීම පිළිබඳව ලැජ්ජා නොවන බවත් අනාවරණය වේ.

සංක්‍රාන්ති සමාජභාවී ජනාධිපතිවරයකුට තම ඡන්දය ප්‍රකාශ කරන බව සියයට 48 ක්ම පවසති. වයස 30 ට අඩු පුද්ගලයන්ගෙන් සියයට 55 කට ආසන්න සංඛ්‍යාවක් ම සංක්‍රාන්ති සමාජභාවී ජනාධිපතිවරයකුට ඡන්දය ප්‍රකාශ කිරීමට කැමැත්ත පළ කරති.

 

තරුණ පුද්ගලයන්ගෙන් බහුතරයක් මෙන්ම සමස්ත ශ්‍රී ලාංකිකයන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක් ම සංක්‍රාන්ති සමාජභාවී ජනාධිපතිවරයකුට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට කැමති බව ද ඉහත සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත. වත්මන් නීති පද්ධතිය සහ ශ්‍රී ලාංකිකයන් සමරිසි (LGBT+) ප්‍රජාවේ නායකත්ව හැකියාව දෙස බලන ආකාරය අතර කැපී පෙනෙන විෂමතාවයක් පවතින බව මෙයින් පෙන්නුම් කෙරේ.

 

නිර්සාපරාධීකරණයට රජයේ සහාය


දොලවත්ත මන්ත්‍රීවරයාගේ පනත් කෙටුම්පතට රජයේ සහාය හිමිවන බව විදේශ අමාත්‍ය අලි සබ්‍රි මෑත දිනක තහවුරු කළේය.

එසේ නම් පැණයක් ඉතිරිව පවතී.  සමරිසි (LGBT+) ප්‍රජාවට ජනතාවගේ කැමැත්ත හිමි වන්නේ නම්, පාර්ලිමේන්තුව ජනතාවගේ කැමැත්ත නියෝජනය කරන්නේ නම්, ඒ අනුව සමරිසි (LGBT+) පුද්ගලයන්ගේ අභිමානය සහ මනුෂ්‍යත්වය අගයමින් 21 වෙනි සියවසට පා තැබීමේ ඓතිහාසික පියවර ගැනීමට පාර්ලිමේන්තුව කටයුතු කරනු ලබන්නේ ද යන්න එම පැණයයි.

මුලාශ්‍රය :
Sri Lankan society's views about sexuality and LGBT people's experiences in Sri Lanka




 
සබැඳි පුවත් :
 

සමරිසි සබඳතා සහ දණ්ඩ නීති සංග්‍රහය: ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයේ මතය මෙන්න

'දේශපාලන බිල්ලන් ලෙස දරුවන් භාවිතා නොකරනු' ! - වෛද්‍ය තුෂ් වික්‍රමනායක

සමලිංගිකත්වය නිර්සාපරාධීකරණය කරන්න - ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවෙන් ඉල්ලීමක්

සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව : අකමැති සිරුරකින් නිදහස් වීමේ අරගලය ! - (ටිරන් කුමාර බංගගමආරච්චි)

ගුද හා යෝනි මාර්ග පරීක්ෂාවට දණ්ඩ නීති සංග්‍රහය යොදාගෙන !

දණ්ඩ නිති සංග්‍රහය ; සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන්

දණ්ඩ නීති සංග්‍රහ නව පනත් කෙටුම්පතින් දරුවන්ට හානියක් නොවනු ඇත - ළමා අයිතිවාසිකම් නීතිඥයන්

සමරිසි සබඳතා නිර්සාපරාධීකරණයට සහාය පළ කරමින් අතුරු පෙත්සම්!

සමලිංගික ක්‍රියාකාරකම් අපරාධමය වරදක් ලෙසම සලකන්නැයි පෙත්සමක්!

සමරිසියන්ට දඬුවම් පමුණුවන නීතිවලට රටේ 72% ම එකඟ නෑ !

සමරිසි ලිංගික සබඳතාවලට එරෙහි නීති සංශෝධනය කිරීමට යයි !

සමරිසි ප්‍රජාවට එරෙහි නීති සංශෝධන පනත් කෙටුම්පත ජනපතිට

සමලිංගිකත්වයට එරෙහි නීති ඉවත් කරන්න පොහොට්ටුවෙන් පනතක්

සමලිංගිකයින්ට එරෙහි නීති ඉවත්කරන්න - දොලවත්ත ගෙන් පනත් කෙටුම්පතක් !

සිංගප්පූරුව සමලිංගිකත්ව තහනම අවසන් කිරීමේ තීරණයක

ජනාධිපති කොමිසමක් සමලිංගික අයිතිය පිළිගනී!

සමරිසි ප්‍රජාවට උමාරියාගේත් සහාය! - හර්ෂත් කතාකරයි

'සමරිසි ප්‍රජාවට වෙනස් කොට සැලකීම අවසන් කළ යුතුයි' - හරිනී

සමරිසි ප්‍රජාවට එරෙහි නීති අහෝසි කරන්න - මහේල



JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...