ගන්වා ලක්ෂ ගණනින් මුදල් උපයන පස්දෙනෙකුගෙන් යුත් කල්ලියක සාමාජිකයින් 04 දෙනෙකු 17දා ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පවසයි.
ගල්කිස්ස, බොරුපන, සොයිසාපුර ආදී අවට පදිංචිකරුවන් වන මෙම සැකකරුවන් අවුරුදු 20ත් 24ත් අතර වයස්වල පසුවන වැදගත් පවුල් පසුබිමක් ඇති හොඳින් අධ්‍යාපනය ලද තරුණයින් බව පොලිසිය පවසයි.
මෙම කණ්ඩායමේ ප්‍රධානියා 22 හැවිරිදි වියේ පසුවන ගල්කිස්ස ප්‍රදේශයේ අයෙකු වන බවත් දැනට පිළියන්දල ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බවත් පොලිසිය පවසයි.
පානදුර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකු මෙලෙස රුපියල් ලක්ෂ 02ක මුදලක් ලබා ගත් බවට සිදු කළ පැමිණිල්ලකට අනුව මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
සමාජ මාධ්‍ය හරහා 16 හැවිරිදි පිරිමි ළමයෙකුගේ ඡායාරූප පෙන්වා ඔහු සමඟ සමලිංගික සේවනයේ යෙදීමට කැමති අය සම්බන්ධ කර ගෙන ගෙන්වා ගැනීම ප්‍රධානියා විසින් සිදු කර තිබෙන බව අනාවරණය වී තිබේ.
මෙම කණ්ඩායමේ එක් සාමාජිකයෙකුට අයත් ගල්කිස්ස, රාහුල පාරේ නිවෙස සතියේ දිනවල වැඩිහිටියන් රැකියාවට ගිය අවස්ථාවේ මෙම ක්‍රියාවේ යෙදීම සඳහා ලබා දී ඇති අතර, ඒ සඳහා ඔහුට රුපියල් විසිදාහක මුදලක් ලබා දී ඇතැයි පොලිසිය පවසයි.
වට්ස්ඇප් හරහා සම්බන්ධ කර ගන්නා පුද්ගලයන් මෙම නිවෙසට ගෙන්වා මෙම පිරිමි ළමයා සමඟ සුළු වේලාවක් සිටීමට ඉඩ හැර එම පුද්ගලයා නිරුවත් කර පහර දී විවිධ වධහිංසා පමුණුවා විඩියෝගත කර ඒවා සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ කරන බවට බිය ගන්වා එසේ නොකිරීමට රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන ඇති බව පොලිසිය පවසයි.
වෛද්‍යවරු, හමුදාවේ ඉහළ නිලධාරින් ඇතුළු වැදගත් රැකියාවල නියුතු පුද්ගලයින් පවා මෙම කල්ලියේ වංචාවට හසුවී ලක්ෂ 02 සිට 7 1/ 2 දක්වා මුදල් කල්ලියේ ප්‍රධානියාගේ ගිණුමට බැර කර ඇති බව අනාවරණය වී තිබේ.
පවුල් ප්‍රශ්න හා සමාජයට මුහුණ දීමට ඇති ලජ්ජාව නිසා කිසිවෙකුත් තමන්ට සිදු වූ අලාභය ගැන පොලිසියට පැමිණිලි කිරීමට කටයුතු කර නොමැති අතර, මෙම කල්ලියට හසු වූ පුද්ගලයින් සිටී නම් ඉදිරිපත් වන ලෙසත් ඉදිරියේදී මෙවැනි වංචනිකයින්ට හසු නොවන ලෙසත් පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය, සහකාර පොලිස් අධිකාරී සමන් ජයසිංහ, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප පෙරේරා යන නිලධාරීන්ගේ උපදෙස් මත ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නාලක අලහකෝන් ඇතුළු නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදු කළහ.
(dinamina.lk)
සමරිසියන් දඩයම් කරමින් මුදල් ඉපයූ 'පහේ කල්ලිය' කොටු !
T
The Leader Desk
July 23, 2023 • 11:35 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- සමාජ මාධ්‍ය භාවිත කරමින් දැන්වීම් පළ කර සමලිංගික සේවනය සඳහා කැමති පුද්ගලයින් ගෙන්වා ගෙන ඔවුන් නිරුවත් කර පහර දී විඩියෝගත කර බිය
- ගල්කිස්ස, බොරුපන, සොයිසාපුර ආදී අවට පදිංචිකරුවන් වන මෙම සැකකරුවන් අවුරුදු 20ත් 24ත් අතර වයස්වල පසුවන වැදගත් පවුල් පසුබිමක් ඇති හොඳින් අධ්‍යාපනය ලද තරුණයින් බව පොලිසිය පවසයි.
- මෙම කණ්ඩායමේ ප්‍රධානියා 22 හැවිරිදි වියේ පසුවන ගල්කිස්ස ප්‍රදේශයේ අයෙකු වන බවත් දැනට පිළියන්දල ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බවත් පොලිසිය පවසයි.
- පානදුර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකු මෙලෙස රුපියල් ලක්ෂ 02ක මුදලක් ලබා ගත් බවට සිදු කළ පැමිණිල්ලකට අනුව මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



