The Leader News
BREAKING
Top Ad
LGBTQ

සමලිංගික විවාහ නීතිගත කිරීම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර යි

T

The Leader Desk

October 17, 2023 • 8:28 AM

සමලිංගික විවාහ නීතිගත කිරීම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර යි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය සතුව බලය නොමැති බවත් ඊට අදාළ නීති පාර්ලිමේන්තුව විසින් සකස් කළ යුතු බවත් ප්‍රකාශ කරමින්,
  •   විවාහ වීමේ අයිතිය උදුරා ගැනීමෙන් තමන් ''දෙවැනි පන්තියේ පුරවැසියන්ගේ'' තැනට ඇද දමා ඇතැයි චෝදනා නැගු සමලිංගික යුවල සහ ක්‍රියාකාරීන් විසින් ගොනු කළ පෙත්සම් 21ක් අප්‍රේල් සහ මැයි මාසවලදී එරට අධිකරණය විසින් විභාග කර තිබුණි.
  • කෙසේ වෙතත්, සමකාමී යුවල වෙනුවෙන් සමාජ සහ නීතිමය අයිතිවාසිකම් මෙන්ම ප්‍රතිලාභ පිරිනැමීම ගැන සලකා බැලීමට කමිටුවක් පිහිටුවීමට රජය කළ යෝජනාව අධිකරණය පිළිගෙන ඇත.
  • මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ඉන්දියාවේ මිලියන ගණනක් වූ LGBTQ+ ප්‍රජාවේ බලාපොරොත්තු සුන් කිරීමට හේතු වනු ඇත.  ඉන්දීය සංස්කෘතියට පටහැනි බව පවසමින් එරට රාජ්‍ය මෙන්ම ආගමික නායකයින් රැසක් සමලිංගික විවාහ නීතිගත ගත කිරීමට දැඩි සේ විරුද්ධ විය.
අකුරු ප්‍රමාණය (Font Size):

සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා ගොනු කළ පෙත්සම් ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

 

විවාහ වීමේ අයිතිය උදුරා ගැනීමෙන් තමන් ''දෙවැනි පන්තියේ පුරවැසියන්ගේ'' තැනට ඇද දමා ඇතැයි චෝදනා නැගු සමලිංගික යුවල සහ ක්‍රියාකාරීන් විසින් ගොනු කළ පෙත්සම් 21ක් අප්‍රේල් සහ මැයි මාසවලදී එරට අධිකරණය විසින් විභාග කර තිබුණි.


කෙසේ වෙතත්, සමකාමී යුවල වෙනුවෙන් සමාජ සහ නීතිමය අයිතිවාසිකම් මෙන්ම ප්‍රතිලාභ පිරිනැමීම ගැන සලකා බැලීමට කමිටුවක් පිහිටුවීමට රජය කළ යෝජනාව අධිකරණය පිළිගෙන ඇත.

මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ඉන්දියාවේ මිලියන ගණනක් වූ LGBTQ+ ප්‍රජාවේ බලාපොරොත්තු සුන් කිරීමට හේතු වනු ඇත. 

ඉන්දීය සංස්කෘතියට පටහැනි බව පවසමින් එරට රාජ්‍ය මෙන්ම ආගමික නායකයින් රැසක් සමලිංගික විවාහ නීතිගත ගත කිරීමට දැඩි සේ විරුද්ධ විය.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් දෙමින්, සමලිංගිකත්වය තවදුරටත් එරට සාපරාධී වරදක් නොවන බවට ප්‍රකාශයට පත් කළේ 2018 සැප්තැම්බර් 06 වෙනිදා ය. 

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...