The Leader News
BREAKING
Top Ad
LGBTQ

නීත්‍යානුකූල සමලිංගික විවාහයක් ගැන සිහින මවන ඉන්දියාවේ වේගවත්ම කාන්තාව

T

The Leader Desk

October 25, 2023 • 4:45 PM

නීත්‍යානුකූල සමලිංගික විවාහයක් ගැන සිහින මවන ඉන්දියාවේ වේගවත්ම කාන්තාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමලිංගික පුද්ගලයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ඇත්නම් තමන්ට කැමති කෙනෙකු
  • 27 හැවිරිදි ඇය ඉතාමත් අමාරු අරගල ජයග්‍රහණය කර තිබෙනවා.
  • නිකං කකුලෙන් ගමේ ගංඉවුරක දිවූ ඇය වැඩි කල් නොගොස් ඉන්දියාව නියෝජනය කළ ඔලිම්පික් ක්‍රීඩිකාවක් බවට පත්වුනා.
  • ඇය මීටර් 100 ඉසව්වේ ජාතික ශූරිය බවටද පත්ව සිටින්නේ තත්පර 11.17ක ජාතික වාර්තාවක් බිහි කරමින්.
අකුරු ප්‍රමාණය (Font Size):

විවාහ කිරීමේ අයිතිය ද ඔවුන්ට තිබිය යුතු බව ඉන්දියාවේ වේගවත්ම කාන්තාව වන ඩියුටී චෑන්ඩ් (Dutee Chand) පවසනවා.

සහෝදර සහෝදරියන් හත් දෙනෙකුගෙන් කෙනෙකු වන ඩියුටී ජාතික හා ජාත්‍යන්තර වේදිකාවට පිවිසෙන තුරු ම ඉන්දියාවේ ප්‍රාන්තයක් වන එඩීෂා හි අප්‍රකට ගම්මානයක ජීවත් වුනේ දිළිඳුකමෙනුත් පල්ලෙහාට ගිය අසරණ තත්ත්වයක පසුවෙමින්. 27 හැවිරිදි ඇය ඉතාමත් අමාරු අරගල ජයග්‍රහණය කර තිබෙනවා.


නිකං කකුලෙන් ගමේ ගංඉවුරක දිවූ ඇය වැඩි කල් නොගොස් ඉන්දියාව නියෝජනය කළ ඔලිම්පික් ක්‍රීඩිකාවක් බවට පත්වුනා. ඇය මීටර් 100 ඉසව්වේ ජාතික ශූරිය බවටද පත්ව සිටින්නේ තත්පර 11.17ක ජාතික වාර්තාවක් බිහි කරමින්.


රෙදි වියන පවුලක දරුවකු වන ඩියුටී ඇගේ සොයුරිය වන සරස්වතී දේශීය මට්ටමෙන් ක්‍රීඩා තරගවල නියැලෙමින් ඒ මාර්ගයෙන් රජයේ රැකියාවක් ද ලබා ගෙන පවුල දුප්පත්කමෙන් ගොඩගැනීමට උපකාරී වන අයුරු බලා සිටියා. රන් හා රිදී පදක්කම් කරා වේගයෙන් දිව ගිය ඇය සරස්වතීගෙන් අසීරු එහෙත් වැදගත් ජීවන පාඩමක් ඉගෙන ගත්තා.


කීර්තිය අත්කර ගැනීම සඳහා ඩියුටී ඉතාමත් වෙහෙස මහන්සියෙන් වැඩ කර තියෙනවා. ඇය 2019 වසරේ පැවති ලෝක Universiade ක්‍රීඩා උළෙලේදී මීටර 100 ඉසව්ව තත්පර 11.32කින් නිම කරමින් ඉතිහාසය නිර්මාණය කළා. එහෙත් චකා ගෝපාල්පූර් ගම්මානයෙන් එන ඩියුටී, සරස්වතී තරගෙට දුවන අයුරු නරඹන අතර ම සිය ජීවිතය වෙනස් කරන පාඩමක්ද ඉගෙන ගත්තේ ඒ වසරේදීමයි.

Dutee Chand 341534
කෙටි දුර ධාවනයේ යෙදෙන ඩියුටී චෑන්ඩ් නමැති මේ වේගවත් ක්‍රීඩිකාව තවත් කෙල්ලක් සමග ආදරයෙන් වෙලී සිටි අතර මේ නිසා ඇය ඇගේ සොහොයුරිය වන සරස්වතීගේ අවමන් තර්ජනයන්ට නිරතුරුව ලක්වුනා. නමුත් ඇගේ ආදර සම්බන්ධය නැවැත්වීමට සරස්වතීගේ ‘බැලැක්මේල්’ කිරීම්වලට බැරිවුනා.


ක්‍රීඩා තරගවලට සහභාගි වීම ඇය ට තහනම් කළ ලිංගභේද පරීක්ෂණයකට එරෙහි නඩුවකින් ජය ගැනීමට සමත් වූ අභියෝගයන්ට බය නැති ඩියුටී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින්, “මම තවත් කාන්තාවකට ආදරය කරනවා” යැයි කියා සිටියේ සමලිංගික බවට ප්‍රසිද්ධියේ පිළිගත් ලොව ප්‍රධාන පෙලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතළොස්සකගෙන් කෙනෙක් බවට පත්වෙමින්.

මේ ක්‍රියාව නිසා ඇයට යම් සැකයන්ද පහළ වුනා. ඇයට නැවත වතාවක් තහනමක් පැනවේවිද? ඇගේ මව්පියන් ඇයට උදව් කරාවිද? ඇගේ  සමලිංගිකතාව ගැන අසල්වැසියන් කුමක් කියාවිද?

ඒ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය සමලිංගික විවාහ නිත්‍යානුකූල කරන ලෙසට ඉල්ලා ඉදිරිපත් කර තිබූ පෙත්සම් කිහිපයක් විභාග කරමින් සිටි අතර එහි තීන්දුව සමලිංගික LGBTQIA+ ප්‍රජාවගේ පැත්තට ලැබෙනු ඇතැයි ඩියුටී විශ්වාස කළා. මේ ප්‍රජාවේ අනෙකුත් සාමාජිකයන් මෙන්ම ඇය ට ද උවමනා වී තිබෙන්නේ සමානතාව, ගෞරවය සහ මූලික සැලකිල්ල සමලිංගක ප්‍රජාවටත් ලබා ගැනීම යි. තම සහකාරිය තෝරා ගෙන විවාහ වීමේ නිදහස ඇය බලාපොරොත්තු වෙනවා. රජය විසින් පාලනය නොකරන ජීවිතයක් ඇය ට උවමනා වී තිබෙනවා.

සමලිංගික ජෝඩු ඔවුන්ගේ පෙත්සම්වලින් උසාවියේ තර්ක කළ සමලිංගික ජෝඩුවලට වෙනත් අයකුගේ දරුවකු දරුකමට හදා ගැනීමට අවසර නොදීම, ඔවුන්ට බැංකුවට ගොස් හවුල් ගිණුමක් ආරම්භ කිරීමට නොහැකි වීම, දෙදෙනාගෙන් කෙනෙක් රෝහල්ගත වුවහොත් වැදගත් තීරණ ගෙන ලියකියවිලිවලට අත්සන් කිරීමට නොහැකි වීම සහ අනෙක් පුද්ගලයන් මෙන් ඔවුන්ටද සැමියා හා බිරිඳ වී සිටීමට නොහැකි වීම යන කාරණා පිළිබඳව ඩියුටී දැඩි අවධාරණයෙන් සිටියා.

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පිහිටක් අපේක්ෂාවෙන් පසුවූ ඩියුටී ඇගේ සහකාරිය වන මොනාලිසා විවාහ කරගෙන සිටියා. කෝවිලේදී සිදුකෙරුණු ඒ විවාහයෙන් පසුව ඇය ඒ පිළිබඳව සමාජ මාධ්‍යයෙන් ලෝකය ට ප්‍රකාශ කර සිටියා.

lgbtqe
“මම ඊයේ ඔයාට ආදරේ කළා, මම ඔයාට තවමත් ආදරෙයි, හැමදාම ඔයාට ආදරේ කළා, හැමදාටම ආදරේ කරනවා” යනුවෙන් පවසමින් ඇය දෙදෙනාගේ ඡායාරූපයක්ද 2022 දෙසැම්බරයේදී පළ කලා.


කෝවිලේ විවාහය ට නීතිමය වලංගුභාවයක් නැහැ. එය කිසිම රජයේ දෙපාර්තමේන්තුවක් හෝ පෞද්ගලික ආයතනයක් පිලිගන්නේ නැහැ.

ඔක්තෝබර් 17 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි තීරණයක් දෙමින් ප්‍රකාශ කළේ ඔවුන්ට කළ හැක්කේ නීති ක්‍රියාත්මක කිරීම මිස පවතින නීති වෙනස් කිරීම නොවන බව. දේශපාලනමය වශයෙන් නිවැරදි භාෂාව පාවිච්චි කළ ශ්‍රේෂ්ඨාධිකරණය ‘බෝලය රජය පැත්තට’ දැමුවා. රජය ට ද ඔවුන්ට අවශ්‍ය දේ ලැබුනා. ඒ, LGBTQIA+ ප්‍රජාවගේ ඉරණම පිළිබඳව තීරණ ගැනීමේ බලය.

මැයි මාසයේ සිදු කෙරුණු නඩු විභාගයෙන් පසුව ප්‍රකාශ වූ මේ තීරණයත් සමග තම සහකාරිය සමග සාමයෙන් විවාහ ජීවිතයක් ගත කිරීමේ මේ ක්‍රීඩිකාවගේ බලාපොරොත්තු සියල්ල බොඳ වී ගියා.


“ඒ තීන්දුව දැනගත්තම මගේ පපුව කඩන් වැටුනා. විවාහ වෙලා දරුවකු අරගෙන හදාගන්න මම සැලසුම් කරගෙන හිටියා” යැයි ඩියුටී පැවසුවා.

“මිනිස්සු මාව මානසික රෝගියෙක් කියලා හඳුන්වන එක නවත්තන්න අවුරුදු ගාණක් ගතවුනා. සමලිංගික යුවළක් අතර ලිංගික සම්බන්ධතාව අපරාධයක් ලෙස සැලකෙන නීතිය උසාවිය අවලංගු කළ අවස්ථාවේදී අපි එය සමරමින් ප්‍රීති වුනා. ආයෙත් සතුට සමරන්න මම අපේක්ෂාවෙන් සිටියා. ලබන අවුරුද්දේ මහ මැතිවරණයට පෙර රජය මේ ප්‍රශ්නය දිහා අවබෝධයෙන් බලා සමලිංගික විවාහයන්ට පිලිගැනීමක් ලබා දෙනු ඇතැයි මම ප්‍රාර්ථනා කරනවා.”


අතීතයේදී ඉන්දියාවේ වැන්දඹුවන්ට නැවත විවාහ වීමට අවසර දී නොතිබුනත් 1856 වසරේ ගෙන ආ හින්දු වැන්දඹුවන්ගේ නැවත විවාහ වීමේ පනත මගින් එය නීත්‍යානුකූල කර ඇති බව ඩියුටී මේ අවස්ථාවේ මතක් කර දෙනවා.
zdrfw345
ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරග බිමේ පෙලහර පෑ මේ ක්‍රීඩිකාව ට ජයග්‍රහණය කළ නොහැකි එක ම අරගලය සමලිංගික විවාහය සම්බන්ධ සටන වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...