The Leader News
BREAKING
Top Ad
LGBTQ

සමලිංගිකත්වය නිර්සාපරාධීකරණයට දොලවත්තට කැඳවීමක්

T

The Leader Desk

December 11, 2023 • 4:16 PM

සමලිංගිකත්වය නිර්සාපරාධීකරණයට දොලවත්තට කැඳවීමක් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමලිංගිකත්වය දණ්ඩනීය වරදක් ලෙස මෙතෙක් සළකන ලද වගන්ති දණ්ඩ නීති සංග්‍රහයෙන් ඉවත් කිරීම
  • අනෙක් තැනැත්තා වයස අවුරුදු 16ට අඩු තැනැත්තකු වූ විට ඒ තැනැත්තාගේ කැමැත්ත ඇතිව හෝ නැතිව: ඇ).
  • අනෙක් තැනැත්තා සිහි විකලව සිටියදී හෝ මධ්‍යසාර නැතහොත් මත්ද්‍රව්‍ය මඟින් ඇති කරන ලද මත් අවස්ථාවක ඒ අනෙක් තැනැත්තා සිටියදී ඒ තැනැත්තාගෙන් ලබා ගත් කැමැත්ත ඇතිව " යන වචන ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කිරීම.
  • ලිංගික දිශානතිය නෛතික වරදක් ලෙස සලකන ප්‍රතිපාදනද සංශෝධනය කිරීමට මෙම පනත යෝජනා කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

සඳහා දණ්ඩනීති සංග්‍රහ සංශෝධන පනත් කෙටුම්පතක් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොළවත්ත මන්ත්‍රීවරයා වෙත එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවෙන් කැඳවීමක් කර ඇත.

මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වූ නමුත් පනත් කෙටුම්පතේ අනාගතය පිළිබඳව සුබ ලකුණක් මතුවට තිබේ.

දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා වූ මෙම පනත් කෙටුම්පතින් පහත යෝජනාවන් සිදු කරන්න තිබේ.

ප්‍රධාන ප්‍රඥප්තිය 365 වගන්තියේ "යම් පුරුෂයෙකු, ස්ත්‍රියක හෝ යන වචන ඉවත් කර එම වගන්තිය මෙයින් සංශෝධනය කිරීම."

ප්‍රධාන ප්‍රඥප්තිය 365 අ වගන්තියේ " ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ හෝ වෙනත් තැනැත්තෙකු සමඟ, " යන වචන වලට පසුව "පහත දැක්වෙන විස්තර අතුරින් යම් විස්තරයකට අයත් පරිවේශන යටතේ, එනම් : -

අ ). ඒ අනෙක් තැනැත්තාගේ කැමැත්ත නොමැතිව :

ආ). අනෙක් තැනැත්තා වයස අවුරුදු 16ට අඩු තැනැත්තකු වූ විට ඒ තැනැත්තාගේ කැමැත්ත ඇතිව හෝ නැතිව:

ඇ). ඒ අනෙක් තැනැත්තා නීත්‍යාණුකූල හෝ නීති විරෝධී ලෙස රඳවා ගෙන සිටියදී බලහත්කාරය පාවිච්චි කිරීමෙන් හෝ බිය ගැන්වීමෙන් හෝ රඳවා ගැනීමේ තර්ජනයෙන් හෝ ඒ අනෙක් තැනැත්තාට මරන බය හෝ තුවාල සිදු කිරීමේ බය ඇති කිරීමෙන් හෝ ඒ අනෙක් තැනැත්තාගේ කැමැත්ත ලබා ගෙන ඇති අවස්ථාවක එසේ ලබා ගත් කැමැත්ත ඇතිව :

ඈ). අනෙක් තැනැත්තා සිහි විකලව සිටියදී හෝ මධ්‍යසාර නැතහොත් මත්ද්‍රව්‍ය මඟින් ඇති කරන ලද මත් අවස්ථාවක ඒ අනෙක් තැනැත්තා සිටියදී ඒ තැනැත්තාගෙන් ලබා ගත් කැමැත්ත ඇතිව " යන වචන ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කිරීම.

ලිංගික දිශානතිය නෛතික වරදක් ලෙස සලකන ප්‍රතිපාදනද සංශෝධනය කිරීමට මෙම පනත යෝජනා කරයි.



සබැඳි පුවත් :

සමරිසි (LGBT+) අයිතිවාසිකම් සඳහා තුනෙන් දෙකකගේ සහාය

සමලිංගිකත්වය නිර්සාපරාධීකරණයට අතිබහුතර ජනතාවගේ සහය !

ලක්ෂ 15 ක සමරිසි ඡන්දදායකයෝ පාර්ලිමේන්තු තීන්දුව ගැන විමසිල්ලෙන් !

සමලිංගිකත්වය නිර්-සාපරාධීකරණයට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය

සමරිසි සබඳතා සහ දණ්ඩ නීති සංග්‍රහය: ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයේ මතය මෙන්න

'දේශපාලන බිල්ලන් ලෙස දරුවන් භාවිතා නොකරනු' ! - වෛද්‍ය තුෂ් වික්‍රමනායක

සමලිංගිකත්වය නිර්සාපරාධීකරණය කරන්න - ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවෙන් ඉල්ලීමක්

සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව : අකමැති සිරුරකින් නිදහස් වීමේ අරගලය ! - (ටිරන් කුමාර බංගගමආරච්චි)

ගුද හා යෝනි මාර්ග පරීක්ෂාවට දණ්ඩ නීති සංග්‍රහය යොදාගෙන !

දණ්ඩ නිති සංග්‍රහය ; සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන්

දණ්ඩ නීති සංග්‍රහ නව පනත් කෙටුම්පතින් දරුවන්ට හානියක් නොවනු ඇත - ළමා අයිතිවාසිකම් නීතිඥයන්

සමරිසි සබඳතා නිර්සාපරාධීකරණයට සහාය පළ කරමින් අතුරු පෙත්සම්!

සමලිංගික ක්‍රියාකාරකම් අපරාධමය වරදක් ලෙසම සලකන්නැයි පෙත්සමක්!

සමරිසියන්ට දඬුවම් පමුණුවන නීතිවලට රටේ 72% ම එකඟ නෑ !

සමරිසි ලිංගික සබඳතාවලට එරෙහි නීති සංශෝධනය කිරීමට යයි !

සමරිසි ප්‍රජාවට එරෙහි නීති සංශෝධන පනත් කෙටුම්පත ජනපතිට

සමලිංගිකත්වයට එරෙහි නීති ඉවත් කරන්න පොහොට්ටුවෙන් පනතක්

සමලිංගිකයින්ට එරෙහි නීති ඉවත්කරන්න - දොලවත්ත ගෙන් පනත් කෙටුම්පතක් !

සිංගප්පූරුව සමලිංගිකත්ව තහනම අවසන් කිරීමේ තීරණයක

ජනාධිපති කොමිසමක් සමලිංගික අයිතිය පිළිගනී!

සමරිසි ප්‍රජාවට උමාරියාගේත් සහාය! - හර්ෂත් කතාකරයි

'සමරිසි ප්‍රජාවට වෙනස් කොට සැලකීම අවසන් කළ යුතුයි' - හරිනී

සමරිසි ප්‍රජාවට එරෙහි නීති අහෝසි කරන්න - මහේල

 

 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සමලිංගිකත්වය නිර්සාපරාධීකරණයට දොලවත්තට කැඳවීමක් | The Leader