The Leader News
BREAKING
Top Ad
LGBTQ

ග්‍රීසිය සමලිංගික විවාහය නීතිගත කරයි

T

The Leader Desk

February 17, 2024 • 3:32 PM

ග්‍රීසිය සමලිංගික විවාහය නීතිගත කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමලිංගික විවාහ නීතිගත කළ පළමු ක්‍රිස්තියානි ඕතඩොක්ස් රට බවට ග්‍රීසිය පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
  •   පෙරේදා (15) එරට පාර්ලමේන්තුවේදී බහුතර ඡන්දයෙන් පසුව මෙම නීතිය සම්මත වූ අතර, මේ යටතේ සමලිංගික යුවල්වලට දරුවන් හදා ගැනීමට නීත්‍යානුකූලව අවසරය ද හිමි වනවා.
  • පනත වෙනුවෙන් ඡන්දය විමසීමේදී පාර්ලිමේන්තුවට පැමිණ සිටි මන්ත්‍රීවරුන් 245න් 176ක්ම පනතට පක්ෂව ඡන්දය භාවිත කර තිබෙනවා.
  • නව නීතියට පෞද්ගලිකව නායකත්වය දුන් එරට අගමැතිවරයා  X(එක්ස්) සටහනක් නිකුත් කරමින් පැවසුවේ, මෙය මානව හිමිකම් සඳහා වැදගත් සන්ධිස්ථානයක් වන අතර එමගින් අසමානතාව තුරන් වී ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ, එරට ආගම්හි දැඩි විරෝධතාවයක් මධ්‍යයේය.  

පෙරේදා (15) එරට පාර්ලමේන්තුවේදී බහුතර ඡන්දයෙන් පසුව මෙම නීතිය සම්මත වූ අතර, මේ යටතේ සමලිංගික යුවල්වලට දරුවන් හදා ගැනීමට නීත්‍යානුකූලව අවසරය ද හිමි වනවා.  

පනත සම්මත කර ගැනීම සඳහා විවාදය දින දෙකක් පැවැත්වුණා.

පනත වෙනුවෙන් ඡන්දය විමසීමේදී පාර්ලිමේන්තුවට පැමිණ සිටි මන්ත්‍රීවරුන් 245න් 176ක්ම පනතට පක්ෂව ඡන්දය භාවිත කර තිබෙනවා.

නව නීතියට පෞද්ගලිකව නායකත්වය දුන් එරට අගමැතිවරයා  X(එක්ස්) සටහනක් නිකුත් කරමින් පැවසුවේ, මෙය මානව හිමිකම් සඳහා වැදගත් සන්ධිස්ථානයක් වන අතර එමගින් අසමානතාව තුරන් වී ඇති බවයි.

මේ අතර නව නීතිය ප්‍රකාශයට පත් වූ විට, පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට සිටි දහස් ගණනක් ජනතාව තම සතුට සැමරූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් මෙම නව පනතත් සමග ඊට පක්ෂ සහ විපක්ෂ පිරිස විවිධ මත පල කරමින් සිටිනවා.

ඊට එරෙහිව බොහෝ පිරිස් විරෝධතාවේ නිරත වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.  

නව පනත සම්මත වීමත් සමග ග්‍රීසියේ LGBTQ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ඊට තම සතුට හා ස්තූතිය ප්‍රකාශ කර තිබෙනවා.

(News 1st)

klxdfe

  

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...