The Leader News
BREAKING
Top Ad
LGBTQ

සංක්‍රාන්ති ලිංගික මලල ක්‍රීඩිකාවන්ගේ තහනම දිගටම

T

The Leader Desk

March 6, 2024 • 11:07 AM

සංක්‍රාන්ති ලිංගික මලල ක්‍රීඩිකාවන්ගේ තහනම දිගටම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සංක්‍රාන්ති ලිංගික මලල ක්‍රීඩිකාවන් ජවන හා පිටිය ඉසව්වල තරග කිරීම තහනම් කිරීමේ ප්‍රතිපත්තියේ කිසිම වෙනසක් නැතැයි ලෝක මලල ක්‍රීඩා
  • ‘පිරිමි වැඩිවියට පත්වීම’ ලෙසින් හඳුන්වනු ලබන තත්ත්වයට භාජනය වූ මලල ක්‍රීඩිකාවන්ට කාන්තා ලෝක ශ්‍රේණිගත කිරීමේ තරගවලට සහභාගි වීම ලෝක මලල ක්‍රීඩා සම්මේලනය විසින් තහනම් කර තවමත් වසරක් සම්පූර්ණ වී නැහැ.
  • කාන්තා ජවන හා පිටිය තරගවලට සහභාගි වීමේ තහනම බලපාන්නේ සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට බව සම්මේලනය පවසනවා.
  •   “මේ තීරණය එදාත් නිවැරදියි අදත් නිවැරදියි” සෙබෑස්ටියන් කෝ ප්‍රකාශ කර තිබෙන්නේ ස්කොට්ලන්තයේ පැවති ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී.
අකුරු ප්‍රමාණය (Font Size):

සම්මේලනයේ සභාපති සෙබෑස්ටියන් කෝ (Sebastian Coe) අවධාරණය කරනවා.

‘පිරිමි වැඩිවියට පත්වීම’ ලෙසින් හඳුන්වනු ලබන තත්ත්වයට භාජනය වූ මලල ක්‍රීඩිකාවන්ට කාන්තා ලෝක ශ්‍රේණිගත කිරීමේ තරගවලට සහභාගි වීම ලෝක මලල ක්‍රීඩා සම්මේලනය විසින් තහනම් කර තවමත් වසරක් සම්පූර්ණ වී නැහැ.

කාන්තා ජවන හා පිටිය තරගවලට සහභාගි වීමේ තහනම බලපාන්නේ සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට බව සම්මේලනය පවසනවා.

IAAF President Sebastian Coe IAAF Council meeting Doha 23 Sep 2019

 

“මේ තීරණය එදාත් නිවැරදියි අදත් නිවැරදියි” සෙබෑස්ටියන් කෝ ප්‍රකාශ කර තිබෙන්නේ ස්කොට්ලන්තයේ පැවති ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී.

“මේ රෙගුලාසි පනවා තිබෙන්නේ දිගටම පවතින්නයි. ඒවා ආරක්ෂා කරන්න අපට සිදුවුනොත් අපි ඒවා ආරක්ෂා කරනවා. අපි ඒ නීති ආරක්ෂා කරන්නේ කාන්තා අංශය සුරක්ෂිත කිරීම ඉතාමත් වැදගත් යන පදනම මත සිටිමින්.”

 



මේ නීතිය පසුගිය වසරේ මාර්තු මාසයේ නිවේදනය කළ අවස්ථාවේදී සෙබෑස්ටියන් කෝ පැවසුවේ, එම තීරණයට එළඹුනේ ලෝක මලල ක්‍රීඩා සාමාජික සම්මේලන, ගෝලීය මලල ක්‍රීඩා පුහුණුකරුවන්ගේ ඇකඩමිය හා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව නියෝජනය කළ කණ්ඩායම් මෙන්ම සංක්‍රාන්ති ලිංගික සහ මානව අයිතීන් ආයතන නියෝජිතයන් ද සමග මනාව සාකච්ඡා කිරීමෙන් පසුව බව.

 

WEB20 Trans Athlete March WordPress 1110x740 1

කෙසේ වෙතත්, මානව අයිතීන් වෙනුවෙන් ක්‍රියා කරන සමහර LGBTQ හිතවාදී කණ්ඩායම් මේ තීරණය විවේචනය කළේ එය අසාධාරණ වෙනස්කම් කිරීමක් බව පවසමින්.

සංක්‍රාන්ති ලිංගික කාන්තාවන් ක්‍රීඩා ක්ෂේත්‍රයේ කාන්තා අංශයේ තරග කිරීමට සීමා පැනවූ ක්‍රීඩා පාලක මණ්ඩල අඩංගු ලැයිස්තුව මෑත කාලය තුළ ඉහළ ගොස් තිබෙනවා.

 

gettyimages 1239310602

පිහිනුම් ක්‍රීඩාව පාලනය කරන ලෝක ජලක්‍රීඩා සංගමය ද මීට ඇතුළත් වන අතර සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට කාන්තා අංශයේ තරග කළ හැකිවන්නේ ඔවුන් වයස අවුරුදු 12 ට පිවිසීමට පෙර සංක්‍රාන්තිය සිදුවූවා නම් හෝ ‘පිරිමි වැඩිවියට පත්වීමේ’ අදියර පහකින් සමන්විත ක්‍රියාවලියේ දෙවැනි අදියර ඉක්මවූයේ නැත්නම් පමණක් බවට ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

වයස අවුරුදු නවයේ සිට ම ආරම්භ වී වසර ගණනාවක් ගතවන ‘පිරිමි මල්වරවීම’ යන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ලෝක මලල ක්‍රීඩා සම්මේලනය ඔවුන්ගේ නියමාකාර අර්ථකථනයක් මෙතෙක් පැහැදිළිව ප්‍රකාශ කර නැහැ.

සටහන : 

  (වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...