The Leader News
BREAKING
Top Ad
LGBTQ

සමලිංගිකත්වයට විරෝධය පෑ ක්‍රීඩකයන් ඔස්ට්‍රියානු ජාතික පාපන්දු කණ්ඩායමෙන් ඉවතට

T

The Leader Desk

March 20, 2024 • 9:17 AM

සමලිංගිකත්වයට විරෝධය පෑ ක්‍රීඩකයන් ඔස්ට්‍රියානු ජාතික පාපන්දු කණ්ඩායමෙන් ඉවතට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමලිංගිකයන්ට හා සමලිංගිකත්වයට තදින් විරෝධය පළ කළ ක්‍රීඩකයන් තිදෙනෙකු ඔස්ට්‍රියාවේ ජාතික පාපන්දු කණ්ඩායමෙන් ඉවත් කර
  • මේ ක්‍රීඩකයන් තමන්ගෙන් සමාව ඉල්ලා සිටි බවත් එහෙත් මිනිසුන්ට මේ ආකාරයෙන් ප්‍රසිද්ධියේ අවමන් කරමින් වෙනස්කම් කරන විට ඒ අයට දැනෙන වේදනාව ගැන තමාගේ ක්‍රීඩකයන් ඉතාමත් බරපතළ අන්දමින් සිතා බලනු දැකීමට තමාට උවමනා බව කළමනාකරු කියා සිටියා.
  •   Ralf Rangnick   ‘මැන්චෙස්ට යුනයිටඩ්’ කණ්ඩායමේ හිටපු අන්තර් කළමනාකරු ද වූ Rangnick කීවේ තමා ගත් මේ තීරණය ස්ථිර එකක් නොවන බව.
  • නමුත් මේ ක්‍රීඩකයන් ඔවුන් සිදුකළ ඒ ක්‍රියාවෙන් පාඩමක් ඉගෙන ගත් බව ඔප්පු කළ යුතුව තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

තිබෙනවා.

ජාතික කණ්ඩායමට තෝරා ගෙන නැති මේ ක්‍රීඩකයන් වන්නේ Rapid Vienna පාපන්දු සමාජ කණ්ඩායමේ නායක Guido Burgstaller, Marco Grull හා Niklas Hedl යන ක්‍රීඩකයන්.

පෙබරවාරියේ පැවති තරගයකදී ප්‍රතිවාදී Austria Vienna කණ්ඩායම පරාජය කිරීමෙන් පසුව පැවති සතුට සැමරීමේදී මේ ක්‍රීඩකයන් තිදෙනා නරඹන්නන් කොටසක් සමග එක්ව සමලිංගික විරෝධී සටන් පාඨ කෑගසමින් සිටින අයුරු දිස්වන වීඩියෝවක් එළියට ඒමෙන් පසුව ඔවුන් ජාතික කණ්ඩායමෙන් ඉවත් කර තිබෙනවා.

 

images2

සිද්ධිය පිළිබඳ වීඩියෝව තමා සහ පුහුණු කාර්ය මණ්ඩලය විසින් නැරඹීමෙන් පසුව මේ ක්‍රීඩකයන් තිදෙනා ස්ලොවේකියාව හා තුර්කිය සමග ඉදිරියේදී පැවැත්වෙන තරග සඳහා වන ඔස්ට්‍රියා කණ්ඩායමට ඇතුළත් නොකිරීමට තමා තීරණය කළ බව ඔස්ට්‍රියා ජාතික පාපන්දු කණ්ඩායමේ කළමනාකරු Ralf Rangnick ප්‍රකාශ කළා.

මේ ක්‍රීඩකයන් තමන්ගෙන් සමාව ඉල්ලා සිටි බවත් එහෙත් මිනිසුන්ට මේ ආකාරයෙන් ප්‍රසිද්ධියේ අවමන් කරමින් වෙනස්කම් කරන විට ඒ අයට දැනෙන වේදනාව ගැන තමාගේ ක්‍රීඩකයන් ඉතාමත් බරපතළ අන්දමින් සිතා බලනු දැකීමට තමාට උවමනා බව කළමනාකරු කියා සිටියා. “මගේ කණ්ඩායමේ මේ වගේ ක්‍රියාවන්ට මම ඉඩ දෙන්නේ නැහැ” යැයි ඔහු පැවසුවා.

gettyimages 1427310983 Ralf Rangnick

 

‘මැන්චෙස්ට යුනයිටඩ්’ කණ්ඩායමේ හිටපු අන්තර් කළමනාකරු ද වූ Rangnick කීවේ තමා ගත් මේ තීරණය ස්ථිර එකක් නොවන බව. නමුත් මේ ක්‍රීඩකයන් ඔවුන් සිදුකළ ඒ ක්‍රියාවෙන් පාඩමක් ඉගෙන ගත් බව ඔප්පු කළ යුතුව තිබෙනවා.

“තමන් කළ මේ ක්‍රියාවෙන් කොතරම් ලොකු දෝංකාරයක් ඇතිවුනාද කියා ඔවුන් දැන් තේරුම් ගෙන සිටින නිසා කට තියෙන පළියට ඔහේ ‘සමාවෙන්න’ කියලා වැඩක් නැහැ” යැයි කළමනාකරු කියා සිටියා. “කෙනෙකුට කියන්න පුළුවන් මොනවාද කියන එක වැදගත් නැහැ. ඔබට ඕන දෙයක් කියන්න පුළුවන්. නමුත් තීරණාත්මක සාධකය වන්නේ ඔබේ හැසිරීමෙන් පෙන්නුම් කරන දෙයයි.”

 

Burgstaller Burgstaller


නිසැකව ම සිදුවූ මේ වැරදි හැසිරීම සම්බන්ධයෙන් Rapid Vienna සමාජයේ නායක Burgstaller මාර්ග ගතව සමාව ඉල්ලා සිටියා.

“සිදුවූ දේ ගැන සම්පූර්ණ වගකීම අපි බාර ගන්නවා. මේ ක්‍රියාව ගැන අපි ඉතාමත් කනගාටු වෙනවා. සමලිංගිකත්වයට කිසිම ආකාරයක වෙනස්කම් කිරීමකින් අපි සියළු දෙනා ඈත්වෙනවා. අපි මේ කාරණාව ගැන ක්‍රීඩා සමාජය තුළ අභ්‍යන්තරව කටයුතු කරනවා” යනුවෙන් ඔහු පැවසුවා.


Grull ද නිවේදනයක් නිකුත් කරමින් ඉදිරියේදී එන විපාක භාර ගන්නා බවත් ඇත්තෙන්ම ඒ පිළිබඳව සමාව ඉල්ලන බවත් ප්‍රකාශ කර තිබෙනවා.

 

marco grull osterreich 1700769439 122493Marco Grull

 

“මගේ සහෝදර ක්‍රීඩකයන් මෙන් මමත් මේ ක්‍රියාවන්ගෙන් හොඳට ම ඈත්වෙනවා. සමලිංගිකත්වයට එරෙහි වීමකට අපේ සමාජයේ තැනක් තියෙන්න බැහැ” යනුවෙන් ඔහු පවසා තිබෙනවා.


තරග ජයග්‍රහණයට පසු දිනයේ ම නිවේදනයක් නිකුත් කරමින් එම ක්‍රීඩා සමාජය මෙසේ ප්‍රකාශ කළා.

“අනවශ්‍ය හා අපහාසාත්මක පාඨ කියමින් කෑගසන අයුරු ඔබට ඇසෙන්න ඇති. දකින්නත් ඇති. ඒවා එහෙම නොවිය යුතුව තිබුනා. ඒ නිසා මුළු SK Rapid ක්‍රීඩා සමාජය ට ම කරන්න පුළුවන් එක ම දේ සමාව දෙන ලෙසට ඉල්ලා සිටීම පමණ යි.”

 

image

 

ඔස්ට්‍රියානු පාපන්දු ලීගය මේ ක්‍රීඩකයන් තිදෙනාට අමතරව සිද්ධියට සම්බන්ධ වූ ඔවුන්ගේ තවත් කණ්ඩායම් සගයන් දෙදෙනෙකු වන Thorsten Schick හා Maximilian Hofmann ද තාවකාලිකව තරග බිමෙන් ඉවත් කර තිබෙනවා. 

ක්‍රීඩා සමාජයේ කළමනාකාර අධ්‍යක්ෂ Steffen Hofmann හා සහකාර පුහුණුකරු Stefan Kulovits ට ද ලීගය විනයානුකූල දඬුවම් පනවා තිබෙනවා.

warnan Gunasekaraසටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...