The Leader News
BREAKING
Top Ad
LGBTQ

ලෝක පාපන්දු කුසලානයට පෙර අමෙරිකාවට සමලිංගික විරෝධයේ රතු එළියක්

T

The Leader Desk

March 27, 2024 • 10:50 AM

ලෝක පාපන්දු කුසලානයට පෙර අමෙරිකාවට සමලිංගික විරෝධයේ රතු එළියක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උතුර, මධ්‍යම අමෙරිකාව හා කැරිබියන් පාපන්දු සංගමයේ සම්මේලනය - Confederation of North, Central America and Caribbean
  • 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ අමෙරිකාව, මෙක්සිකෝව හා කැනඩාව යන රටවල.
  • සමලිංගිකයන්ට කැලලක් වනසේ බස් මතුරමින් 59,471ක නරඹන්නන් පිරිස අතර තැනින් තැනින් නිකුත් වූ උද්යෝග පාඨ කෑගැසීම හේතුවෙන් අමෙරිකාවේ ටෙක්සාස් හි ඉරිදා පැවති තරගය දෙවතාවක් ම අතරමග නතර කිරීමට තරග විනිසුරුට සිදුවුනා.
  • අමෙරිකාව ගෝල් 2-0කින් මෙක්සිකෝව පරාජය කර පිට පිට තෙවැනි වතාවටත් මේ තරගාවලියේ කුසලානය හිමිකර ගත්තා.
අකුරු ප්‍රමාණය (Font Size):

Association Football (CONCACAF) – Nations League තරගාවලියේ අමෙරිකාව හා මෙක්සිකෝව අතර පැවති අවසාන මහා තරගයේදී නරඹන්නන්ගෙන් ප්‍රදර්ශනය වූ සමලිංගික විරෝධී හැසිරීම FIFA 2026 ලෝක කුසලාන පාපන්දු සංවිධායකයින් ඉදිරියේ දැල්වුනු රතු එළියක්.

2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ අමෙරිකාව, මෙක්සිකෝව හා කැනඩාව යන රටවල.

සමලිංගිකයන්ට කැලලක් වනසේ බස් මතුරමින් 59,471ක නරඹන්නන් පිරිස අතර තැනින් තැනින් නිකුත් වූ උද්යෝග පාඨ කෑගැසීම හේතුවෙන් අමෙරිකාවේ ටෙක්සාස් හි ඉරිදා පැවති තරගය දෙවතාවක් ම අතරමග නතර කිරීමට තරග විනිසුරුට සිදුවුනා.

 133004241 gettyimages 2102855877


අමෙරිකාව ගෝල් 2-0කින් මෙක්සිකෝව පරාජය කර පිට පිට තෙවැනි වතාවටත් මේ තරගාවලියේ කුසලානය හිමිකර ගත්තා.

සමලිංගිකයන්ට විරෝධය වැඩියෙන්ම භාවිතා වූයේ අමෙරිකානු ගෝල්රකින්නා තරගයේ පසු අවස්ථාවලදී ගෝල් පහරක් ලබා ගත් අවස්ථාවේ.

තරගයේ පළමු තාවකාලික අත්හිටුවීම 88 වැනි මිනිත්තුවේදී සිදුවන විට අමෙරිකාව 2-0කින් පෙරමුණට පැමිණ අවසන්. තරගය නතර වීම මිනිත්තු හතරකට වැඩි කාලයක් පැවතුනා. ක්‍රීඩාංගණයේ ශබ්ද විකාශනවලින් නරඹන්නන්ට මේ ක්‍රියාව නතර කරන ලෙසට නිවේදනය කරද්දී ක්‍රීඩකයන් පිටිය මැද කවයට ගෙන්වා ගනු ලැබුවා.

 

90989e98758da482587cd81687091c22
අනතුරුව, අතිරේක කාලයේ 6 වැනි මිනිත්තුවේදී තරග විනිසුරු නැවත වතාවක් තරගය මිනිත්තුවකට වැඩි කාලයකට නතර කළා. 

 

මෙක්සිකෝව හා අමෙරිකාව අතර පැවති නේෂ්න්ස් ලීග් අවසාන තරගයේ දක්නට ලැබුනු මේ අශෝභන හැසිරීම CONCACAF තරයේ හෙළා දකින බව ජගත් පාපන්දු සම්මේලනයේ (FIFA) මහාද්වීප පාපන්දු පාලකයන් හය දෙනාගෙන් කෙනෙක් වන එම සම්මේලනය තරගයෙන් පසුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

 

 

“ක්‍රීඩාංගණයේ ආරක්ෂක නිලධාරීන් මේ නරඹන්නන්ගෙන් සැළකිය යුතු ප්‍රමාණයක් හඳුනා ගෙන ඔවුන් ක්‍රීඩාංගණයෙන් පිට කළා. තරග විනිසුරු හා තරග නිලධාරීන් FIFA රීති ක්‍රියාත්මක කළා.”

ජගත් පාපන්දු සම්මේලනයේ සභාපති Gianni Infantino ද ඔහුගේ දැඩි කලකිරීම ප්‍රකාශ කළා.

 

worldcup infantino2 1 5622 articleLarge Gianni Infantino


මේ රටවල් දෙක අතර CONCACAF Nations League තරගයක් සමලිංගිකත්වයට එරෙහි උද්යෝග පාඨ කෑගැසීම හේතුවෙන් අත්හිටුවනු ලැබූ ප්‍රථම අවස්ථාව මෙය නෙවෙයි.

අමෙරිකාව 3-0කින් ජය ගත් පසුගිය වසරේ අවසන් පූර්ව තරගය අතරතුර, නරඹන්නන් සිටින දිසාවෙන් නැගුනු මේ කෑගැසීම් මධ්‍යයේ තරගය නියමිත කාලයට මිනිත්තු හතරකට පමණ කළින් අවසන් කිරීමට තරග විනිසුරුට සිදුවුනා.

 

The Mexican Federation of Football was one of seven teams included in a $1 million shipment of counterfeit soccer apparel that U.S. Customs and Border Protection seized in Savannah, Ga., April 11, 2014 (USCBP Photo Handout/Nicole Byram)
මෙක්සිකෝ කණ්ඩායමේ ක්‍රීඩා ලෝලීන්ගේ සමලිංගික විරෝධී ක්‍රියාවන් හේතුවෙන් ජගත් පාපන්දු සම්මේලනය මීට කළින් මෙක්සිකෝ පාපන්දු සම්මේලනයට දඩ ගසා තිබෙනවා.

මෙවැනි නින්දාසහගත ක්‍රියාවන් සමග කටයුතු කිරීම පිණිස FIFA ට පියවර තුනකින් යුත් ක්‍රියාපටිපාටියක් තිබෙනවා. අසභ්‍ය වචන කීම පිළිබඳ තරග විනිසුරුට දැන්වූ පසුව, එය දිගටම පැවතුනොත් ඔහු තාවකාලිකව කණ්ඩායම් පිටියෙන් පිටතට ගෙන යා යුතුයි. ඉන්පසුවත් අසභ්‍ය වචන කෑගැසීම දිගටම පැවතියහොත් තරගය අහෝසි කෙරෙනවා.

 

උද්යෝග පාඨ කෑගැසීම්වලදී මේ සමලිංගික විරෝධී වදන් භාවිතා කිරීම ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ වීමට පෙර නතර කිරීමට අවශ්‍යව තිබෙන අර්බුදයක් බව පාපන්දු ක්‍රීඩාවේ අසමානතාවට එරෙහිව සටන් කරන සංවිධානයක් වන FARE ජාලයේ විධායක අධ්‍යක්ෂ Piara Powar පවසනවා.

imagesPiara Powar


මෙක්සිකෝ පිරිමි පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩා ලෝලීන් සම්බන්ධ වූ පසුගිය වසර පහ ඇතුළත 21 වැනි සිදුවීම ඉරිදා තරගය බව ද ඔහු කියා සිටියා.

“මෙය දීර්ඝ කාලයක් තිස්සේ ස්ථාපිත වූ මෝස්තරයක්. එය මෙක්සිකානු පාපන්දු වටා තිබෙන සංස්කෘතික හිසරදයක්. එය දැන් මුළු ලතින් අමෙරිකානු පාපන්දු ක්ෂේත්‍රය පුරා පැතිරී තිබෙනවා.”

“මෙය අපි ලෝක කුසලාන පාපන්දු තරගාවලියට එන්නට පෙර ඉතාමත් ඉක්මනින් විසඳා ගත යුතුව තිබෙන ගැටළුවක්!”



සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com 

 

 

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලෝක පාපන්දු කුසලානයට පෙර අමෙරිකාවට සමලිංගික විරෝධයේ රතු එළියක් | The Leader