The Leader News
BREAKING
Top Ad
LGBTQ

සෙන් ගංගාවේ බෝට්ටුවක ඔලිම්පික් ‘ප්‍රයිඩ් නිවහන’ විවෘත වෙයි

T

The Leader Desk

May 20, 2024 • 10:34 AM

සෙන් ගංගාවේ බෝට්ටුවක ඔලිම්පික් ‘ප්‍රයිඩ් නිවහන’ විවෘත වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පැරිස් ඔලිම්පික් හා පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අතරතුර LGBTQ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා ආගන්තුකයන්ට ආරක්ෂිතව සිටිය හැකි ‘ප්‍රයිඩ් නිවහන’ -
  •   පළමු ඔලිම්පික් ‘ප්‍රයිඩ් නිවහන’ ස්ථාපිත කෙරුනේ කැනඩාවේ Vancouver නුවර පැවති 2010 ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ.
  • එහි පූර්වාදර්ශය 2021Tokyo ඔලිම්පික් ක්‍රීඩා උළෙල වූ අතර එහිදී LGBTQ අන්තර්ගතයේ සැලකිය යුතු දියුණුවක් පෙන්නුම් කෙරුනා.
  • “පැරිස් ඔලිම්පික් උළෙලට එන ක්‍රීඩකයන් අතර තමන්ව සම්පූර්ණයෙන්ම පිළිගත් රටකට කිසිදා නොගිය ක්‍රීඩකයන් ඉන්න ඉඩ තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

Pride House - සෙන් ගංගාව මත දිග බෝට්ටුවක දැන් දියත් කර තිබෙනවා.

මේ පාරුව රඳවා තිබෙන්නේ පැරිස් නගරය මැද Grand Palais සහ Place de la Concorde අතර.

 

3818c57 5795034 01 06මේ පාරුව රඳවා තිබෙන්නේ පැරිස් නගරය මැද Grand Palais සහ Place de la Concorde අතර
ඔලිම්පික් උත්සව සිරිය සියළු දෙනාටම අයිති දෙයක් බවට ප්‍රංශය සහතික වනු ඇතැයි ප්‍රංශයේ සමානතාවේ ඇමති Aurore Berge ඔලිම්පික් ‘ප්‍රයිඩ් නිවහන’ විවෘත කරමින් ප්‍රකාශ කළා.

 

can pපළමු ඔලිම්පික් ‘ප්‍රයිඩ් නිවහන’ ස්ථාපිත කෙරුනේ කැනඩාවේ Vancouver නුවර පැවති 2010 ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ.

මෙය, LGBTQ ජනතාවගේ අයිතීන් ප්‍රධාන ක්‍රීඩා උත්සව හරහා ඉදිරියට තල්ලු කිරීමේ පළල් මෙහෙයුමකට මුල පිරීමේ ක්‍රියාවලියේ එක් කොටසක්. පළමු ඔලිම්පික් ‘ප්‍රයිඩ් නිවහන’ ස්ථාපිත කෙරුනේ කැනඩාවේ Vancouver නුවර පැවති 2010 ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ. එහි පූර්වාදර්ශය 2021Tokyo ඔලිම්පික් ක්‍රීඩා උළෙල වූ අතර එහිදී LGBTQ අන්තර්ගතයේ සැලකිය යුතු දියුණුවක් පෙන්නුම් කෙරුනා.

“පැරිස් ඔලිම්පික් උළෙලට එන ක්‍රීඩකයන් අතර තමන්ව සම්පූර්ණයෙන්ම පිළිගත් රටකට කිසිදා නොගිය ක්‍රීඩකයන් ඉන්න ඉඩ තිබෙනවා. මෙහෙදී ඔවුන්ට ඔවුන්ගේ විදියට ඉන්න පුළුවන් බව වටහා ගත්තාම ඔවුන්ට ලොකු සහනයක් දැනේවි” යැයි වියට්නාමයේ LGBTQ ක්‍රීඩකයෙකු හා ‘ප්‍රයිඩ් නිවහන’ තානාපතිවරයෙකු වන Amazin Le Thi පවසනවා.

 

ioeසමලිංගිකයන්ගේ විශ්වාසයන් හා අනන්‍යතාවන් ප්‍රකාශ කිරීම සීමා කරමින් කළින් පනවා තිබූ නීති ජගත් ඔලිම්පික් කමිටුව විසින් 2021 වසරේදී ලිහිල් කළා.

සමලිංගිකයන්ගේ විශ්වාසයන් හා අනන්‍යතාවන් ප්‍රකාශ කිරීම සීමා කරමින් කළින් පනවා තිබූ නීති ජගත් ඔලිම්පික් කමිටුව විසින් 2021 වසරේදී ලිහිල් කළා. මේ වෙනස නිසා ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී දේදුනු වර්ණ පැළඳීමට අවස්ථාව උදාවූ අතර 2024 පැරිස් ඔලිම්පික් උළෙලේදී ද තරග නොකරණ අවස්ථාවලදී ක්‍රීඩකයන්ට නිදහසේ ඔවුන් සිතන දේ පළ කර සිටීමට අවස්ථාව ලැබෙනවා.

‘ප්‍රයිඩ් නිවහන’ ආගන්තුකයන් සඳහා විවෘත වීමට නියමිතව තිබෙන්නේ ජූලි 26 වැනිදා පැවැත්වෙන ඔලිම්පික් සමාරම්භක උත්සවයෙන් පසුව.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සෙන් ගංගාවේ බෝට්ටුවක ඔලිම්පික් ‘ප්‍රයිඩ් නිවහන’ විවෘත වෙයි | The Leader