The Leader News
BREAKING
Top Ad
LGBTQ

සමරිසි අයිතිය : කාදිනල් මැල්කම් හිමි, පාප්වහන්සේට එරෙහි මතයක ?

T

The Leader Desk

July 28, 2024 • 9:25 AM

සමරිසි අයිතිය : කාදිනල් මැල්කම් හිමි, පාප්වහන්සේට එරෙහි මතයක ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් සාවද්‍ය ප්‍රකාශයක් සිදුකොට තිබේ.
  • පළමුව, වැඩිහිටියන් අතර ස්වකැමැත්තෙන් සිදුවන සබඳතා නිර්සාපරාධීකරණය කොට දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා ප්‍රේම්නාත් දොළවත්ත විසින් ඉදිරිපත්කළ පනත් කෙටුම්පත සමරිසි විවාහ සඳහා අනුමැතිය ලබා දෙන පනත් කෙටුම්පතක් බවට උන්වහන්සේ මුසාබස් පැවසූහ.
  • මෙවන් නීති පැවතීම “පාපතර” ක්‍රියාවක් බව ශුද්ධ වූ අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පැවසූ අතර, මෙවන් නීති අහෝසි කොට සමරිසි (LGBT) පුද්ගලයන් පිළිගන්නා මෙන් උන්වහන්සේ රටවල්වලින් ඉල්ලා සිටියහ.
  • කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ස්ථාවරය වැරදියි පමණක් නොව සදාචාර විරෝධී බව ද පැවසිය යුතු ය.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙය ඔහු විසින් සාවද්‍ය ප්‍රකාශ සිදුකළ පළමු අවස්ථාව නොවන නමුත්, දැන් එය උන්වහන්සේ විසින් පුරුද්දක් ලෙස සිදුකරන බවක් නිරීක්ෂණයකළ හැකිය.

පළමුව, වැඩිහිටියන් අතර ස්වකැමැත්තෙන් සිදුවන සබඳතා නිර්සාපරාධීකරණය කොට දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා ප්‍රේම්නාත් දොළවත්ත විසින් ඉදිරිපත්කළ පනත් කෙටුම්පත සමරිසි විවාහ සඳහා අනුමැතිය ලබා දෙන පනත් කෙටුම්පතක් බවට උන්වහන්සේ මුසාබස් පැවසූහ.

 

මෙය සත්‍යයක් නොවේ. මෙම පනත් කෙටුම්පතින් යෝජනා කර සිටින්නේ සමරිසි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම, පීඩාවට ලක්කිරීම සහ ශාරීරිකව සහ ලිංගිකව අපයෝජනයට ලක්කිරීම සඳහා යොදා ගැනෙන නීති දෙකක් සංශෝධනය කිරීම සහ අහෝසි කිරීමයි.

මෙවන් නීති පැවතීම “පාපතර” ක්‍රියාවක් බව ශුද්ධ වූ අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පැවසූ අතර, මෙවන් නීති අහෝසි කොට සමරිසි (LGBT) පුද්ගලයන් පිළිගන්නා මෙන් උන්වහන්සේ රටවල්වලින් ඉල්ලා සිටියහ. ෆ්‍රැන්සිස් පාප්වහන්සේ නිවැරදියි.

ශ්‍රී ලංකාව තුළ මෙම නීතිය යොදා ගැනෙනුයේ, සමරිසි (LGBT) පුද්ගලයන් බලහත්කාරයෙන් ගුදමාර්ග හා යෝනිමාර්ග පරීක්ෂා වෙත යොමු කිරීම සඳහා ය. මෙය රජය විසින් ඔවුන් ලිංගික වධහිංසාව වෙත නීත්‍යානුකූලව ම යොමුකරවීමකි. සමරිසි (LGBT) පුද්ගලයන් වෙනුවෙන් කාදිනල් හිමිපාණන් හට අවශ්‍යව තිබෙන්නේ මෙය ද? කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ස්ථාවරය වැරදියි පමණක් නොව සදාචාර විරෝධී බව ද පැවසිය යුතු ය.

සමරිසි හැසිරීම් හා අපේ සංස්කෘතිය - (විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ)

 

උන්වහන්සේගේ ප්‍රකාශය තුළ, ඇතැම් පුද්ගලයන් සමරිසි (LGBT) වී උපදින බවත්, ඔවුනට එරෙහිව වෙනස්කොට සැලකීම් සිදුනොකළ යුතු බවත්, ඔවුන ද අනෙකුත් සෑමදෙනෙකුම මෙන් සමාන අයිතීන්වලට හිමිකම් කියන බවත් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති. සමරිසි (LGBT) පුද්ගලයන් ලිංගිකව හා ශාරීරිකව අපයෝජනයට ලක්කිරීම සඳහා යොදා ගන්නා නීතියක් අහෝසි කිරීමට විරුද්ධ වීම තුළින් උන්වහන්සේගේ ඉහත ස්ථාවරය සමපාත වන්නේ කෙසේ ද?

දෙවනුව, කාදිනල් රංජිත් හිමිපාණෝ කාන්තාවන් සවිබල ගැන්වීමේ පනතට (Women’s Empowerment Act) විරුද්ධව කතා කරති. මෙම නීතිය බලාත්මක කළහොත් කාන්තාවන් ගබ්සාවන් වෙත යොමුවනු ඇතැයි උන්වහන්සේ පවසති.

පළමුව පැවසීමට ඇත්තේ, මෙම නීතිය දැනටමත් සම්මතකොට බලාත්මකකර ඇති බව ය. එබැවින්, ඊට විරෝධය පෑමට උන්වහන්සේ ප්‍රමාද වැඩි ය.

 

Womens rights are human rights

දෙවනුව පැවසීමට ඇත්තේ, මෙම පනතින් කාන්තාවන්ට සමානාත්මතාවය සඳහා අයිතිය ලබාදෙන බවත්, වෙනස්කොට සැලකීම්වලින් ඔවුන් නිදහස් කරන බවත් ය. පිරිමින් හා සමානව ම කාන්තාවන්ට ද සමානාත්මතාවය සඳහා අයිතියක් ඇති අතර, තම ජීවිත හා සිරුරු පිළිබඳ තීරණ ගැනීමට පිරිමින් හා සමාන අයිතියක් කාන්තාවන්ට ද පවතියි.

මෙම පනත තුළින් ගබ්සාව පිළිබඳ කතා නොකරන අතර, ගබ්සාව සාපරාධී වරදක් බවට පත්කර ඇති දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති ද ඉන් සංශෝධනය නොකරයි.

 

cardinal malcolm ranjith president gotabaya rajapaksa 800x533
කාදිනල් රංජිත් හිමිපාණෝ තම බැතිමතුන් නොමඟ හරිමින් සිටිති. උන්වහන්සේ විසින් මීට පෙර අවස්ථාවන්වලදී ද අප නොමඟ හැර තිබේ, මීට සුවිශේෂී ම නිදසුන වන්නේ උන්වහන්සේ ප්‍රියකළ, අප රට බංකොලොත්භාවයට ඇද දැමූ ජනාධිපති අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීමට උන්වහන්සේ කටයුතු කිරීමයි. 

මේ අනුව, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයේ පණිවිඩය හෝ ශුද්ධ වූ පාප්වහන්සේගේ උපදෙස් ඉගැන්වීම වෙනුවට අප නොමඟ හැරීම කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ප්‍රගුණකර ඇති බවක් පෙනී යයි.

දැන් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ මුසාබස් හෙළි වී ඇති සහ සත්‍යය පැහැදිලි වී තිබෙන පසුබිමක, මා විසින් එක්කළ යුතු තවත් කරුණු දෙකක් තිබේ.

 

සමරිසි සබඳතා නිර්සාපරාධීකරණයට සහාය පළ කරමින් අතුරු පෙත්සම්!
පළමුවැන්න නම්, සමාන ලිංගයේ පුද්ගලයන් දෙදෙනෙකු හට විවාහ ගිවිස ගැනීමට අවසර ලබා දීම හරහා පවුල් සහ විවාහයේ ඒකකයතුළ ආරවුල් ඇතිකොට ඒවා විනාශ කරනු ලබනු ඇති බව කාදිනල් රංජිත් හිමිපාණන් විසින් පැවසීම ය. 

තවතවත් පුද්ගලයන් හට විවාහ වීම සඳහා අවසර ලබා දීම තුළින් විවාහය ප්‍රවර්ධනය වනු මිස, එය විනාශ වීමක් සිදුවන්නේ නැත.

ආදරය කරන, එකිනෙකා වෙනුවෙන් කැපවී සිටින පුද්ගලයන් දෙදෙනෙකු විසින් පවුල් විනාශ නොකරන බව ද සඳහන්කළ යුතු ය. පවුල් විනාශ වන්නේ අපයෝජනය, රැවටීම සහ අතහැර දැමීම තුළිනි. මේ පිළිබඳව දැනගැනීමට නම්, බිඳී ගිය පවුලකින් පැමිණෙන, හෝ අසාර්ථක විවාහයකට මුහුණ දුන් තැනැත්තකුගෙන් මේ පිළිබඳව ඇසීම ම ප්‍රමාණවත් ය.

දෙවැන්න නම්, දිනකට ශ්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ම ගබ්සාවන් 700 - 1,000 අතර ප්‍රමාණයක් සිදුවේ. මින් ගම්‍යවන්නේ, අනාරක්ෂිත ගබ්සා නිසා වාර්ෂිකව කාන්තාවන් 365,000 ක ගේ පමණ ජීවිත අවදානමේ වැටී ඇති බව ය.

 

ලිංගික අපචාර සඳහා දැරියක් අලෙවි කිරීමේ චෝදනාවට හිමිනමක් පොලිස් කූඩුවේ
ශ්‍රී ලංකාව තුළ, ලිංගික අපයෝජනයකට ලක්වූව ද, කාන්තාවකට ගබ්සාවක් සිදුකර ගැනීමට නීතියෙන් අවසර නොමැත.

ලිංගික අපයෝජනයට ලක් වූ වයස අවුරුදු 11 ක් තරම් වූ දරුවන් හට පවා දරු ප්‍රසූති සිදුකිරීමට නීතියෙන් බලකෙරේ. මේ අනුව, කාදිනල් හිමිපාණන් විසින් ප්‍රවර්ධනය කරනු ලබන්නේ සහ අවසර ලබා දෙන්නේ ළමා අපයෝජනය සඳහා නොවේ ද?

මෙවන් මුසාබස් සහ සාවද්‍ය තොරතුරු ප්‍රචාරණය කරන මාධ්‍ය සාකච්ඡා දකින අපට ඇසීමට ඇත්තේ, අලංකාර වස්ත්‍රාභරණයෙන් සැරසුණු පුද්ගලයන් විසින් නිකුත් කරනු ලබන මෙවන් ප්‍රකාශවලට අප කොපමණ සවන් දිය යුතු හා අවධානය යොමුකළ යුතු ද යන්න නොවේ ද? අප රැවටීමට තවත් කොපමණ කාලයක් අප විසින් ඔවුනට ලබා දිය යුතුව තිබෙන්නේ ද? ශ්‍රී ලාංකිකයන් හට අවශ්‍ය වන්නේ වඩාත් හොඳ සහ අව්‍යාජ ආගමික නායකයන් ය.


(විශේෂ ලියුම්කරුවකු විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...