The Leader News
BREAKING
Top Ad
LGBTQ

හිටපු ඉන්දියා ක්‍රිකට් ක්‍රීඩකයාගේ දුවට ඉන්දියා ක්‍රිකට් ක්‍රීඩකයන් නිරුවත් ඡායාරූප යවලා

T

The Leader Desk

April 19, 2025 • 3:19 PM

හිටපු ඉන්දියා ක්‍රිකට් ක්‍රීඩකයාගේ දුවට ඉන්දියා ක්‍රිකට් ක්‍රීඩකයන් නිරුවත් ඡායාරූප යවලා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියා ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ඔවුන්ගේ නිරුවත් ඡායාරූප තමාට එවූ බව හිටපු ඉන්දියා ක්‍රිකට් ක්‍රීඩක සහ පුහුණුකරු සන්ජේ බංගර්
  • ක්‍රිකට් තරග විස්තර ප්‍රචාරකයෙකු ද වූ සන්ජේ බංගර්ගේ පුත් 23 හැවිරිදි ආයන් බංගර් (Aryan Bangar) ලිංගිකත්වය වෙනස්වීමේ ශල්‍ය කර්මයකට බඳුන් වීමෙන් පසුව දැන් තමන්ව හඳුන්වා ගන්නේ අනායා බංගර් ලෙසින්.
  • පසුගිය වසරේ සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් බවට පත්වූ අනායා මලල ක්‍රීඩාවේ නියැලීමට අමතරව පියාගේ අඩිපාරේ යමින් වයස් ඛාණ්ඩ ක්‍රිකට් ද ක්‍රීඩා කළා.
  • එහෙත් පිරිමියෙකුගේ සිට කාන්තාවක් බවට වෙනස්වීමෙන් පසුව තම ක්‍රිකට් ක්‍රීඩා දිවියේ ඉදිරියට යාමේදී සැලකිය යුතු බාධක තිබෙන බව අනායා අනාවරණය කර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

(Sanjay Bangar)ගේ දියණිය අනායා බංගර් (Anaya Bangar) පවසනවා.

ක්‍රිකට් තරග විස්තර ප්‍රචාරකයෙකු ද වූ සන්ජේ බංගර්ගේ පුත් 23 හැවිරිදි ආයන් බංගර් (Aryan Bangar) ලිංගිකත්වය වෙනස්වීමේ ශල්‍ය කර්මයකට බඳුන් වීමෙන් පසුව දැන් තමන්ව හඳුන්වා ගන්නේ අනායා බංගර් ලෙසින්. ප්‍රදේශීය ක්‍රිකට් සමාජයක් වන ‘ඉස්ලාම් ජිම්කානා’ කණ්ඩායමට ක්‍රීඩා කළ අනායා දැන් පදිංචිව සිටින්නේ එංගලන්තයේ මැන්චෙස්ට නුවර.

Anaya Bangar

පසුගිය වසරේ සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් බවට පත්වූ අනායා මලල ක්‍රීඩාවේ නියැලීමට අමතරව පියාගේ අඩිපාරේ යමින් වයස් ඛාණ්ඩ ක්‍රිකට් ද ක්‍රීඩා කළා. එහෙත් පිරිමියෙකුගේ සිට කාන්තාවක් බවට වෙනස්වීමෙන් පසුව තම ක්‍රිකට් ක්‍රීඩා දිවියේ ඉදිරියට යාමේදී සැලකිය යුතු බාධක තිබෙන බව අනායා අනාවරණය කර තිබෙනවා.

කාන්තාවක ලෙසට ඇගේ සංක්‍රාන්තිය සිදුවෙද්දී ඉන්දියා පිරිමි ක්‍රිකට් ජෛවී ප්‍රජාව ඇයට සතුරු වූ බව ප්‍රකාශ කිරීමෙන් පසුව අනායා පුවත්පත් සිරස්තල මවා තිබෙනවා. තමා සංක්‍රාන්ති ලිංගික කාන්තාවක ලෙසින් විවෘතව ඉදිරියට පැමිණීමෙන් පසුව සමහර ඉන්දියා ක්‍රිකට් ක්‍රීඩකයන් ඔවුන්ගේ නිරුවත් ඡායාරූප තමාට එවූ බව අනායා කියනවා.

ඇගේ ජීවන ගමන ආරම්භයේ සිටම අසීරු වූවක්. මෑතකදී පැවති සම්මුඛ සාකච්ඡාවකදී අනායා ක්‍රිකට් ලෝකයේ තිබෙන ‘විස පුරුෂායිතිය’ පිළිබඳව කරුණු හෙළිදරව් කළා.

Lallantop පුවත් සේවයට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී අනායාගෙන් මෙසේ අසනු ලැබුවා: “ඔබ සිටින්නේ වැරදියට තෝරා ගත් ලිංගිකත්වයේ බවට ඔබට වැටහුනේ කවදාද?”

“මට වයස අවුරුදු අට හෝ නවයේදී පමණ... මම මගේ අම්මාගේ අල්මාරියෙන් ඇඳුම් අරගෙන ඒවා ඇන්ඳා. ඊට පස්සේ මම කන්නාඩිය දිහා බලා, ‘මම කෙල්ලක්, මට ඕන  කෙල්ලෙක් වෙන්න’ කියලා කියන්න පටන් ගත්තා” යනුවෙන් අනායා පිළිතුරු දුන්නා.

“මම මුශීර් ඛාන්, සෆාරස් ඛාන්, යශාස්වි ජයිස්වාල් වැනි දැන් ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයන් සමග සෙල්ලම් කළා. මගේ පියා කවුරුත් හොඳින් දන්නා කෙනෙකුව සිටි නිසා මට මගේ රහස්බව පවත්වා ගෙන යන්න සිද්ධ වුනා. ක්‍රිකට් ලෝකය අනාරක්ෂිත හා විෂ පුරුෂායිතියෙන් පිරිලා.”

ලිංගිකව වෙනස්වූ ශල්‍ය කර්මයෙන් පසුව ක්‍රිකට් සගයන්ගෙන් ලැබුණු ප්‍රතිචාර පිළිබඳව ඇගෙන් විමසා සිටියා.

“සහයෝගය මෙන්ම හිරිහැර කිරීම් ද තිබුණා” අනායා පැවසුවා.

“මොනවගේ හිරිහැර ද?”

“තමන්ගේ නිරුවත් ඡායාරූප මට එවපු ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙක් සිටියා.”

ඉක්බිති අනායා, නිදහසේ අපවාදාත්මක භාෂාවෙන් කතා කළ පුද්ගලයෙකු පිළිබඳව ද කරුණු හෙළි කළා. “මේ පුද්ගලයා මට සියලු දෙනා ඉදිරියේ නින්දා සහගත වචනවලින් කතා කළා. ඒ පුද්ගලයා ම ඉන්පසු මගේ ළඟට ඇවිත් මගේ අසලින් ඉඳගෙන මගේ ඡායාරූප ඉල්ලුවා. තවත් අවස්ථාවකදී මම ඉන්දියාවේ ඉන්න කොට, ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට මම සිටින තත්ත්වය ගැන කීවා. එවිට ඔහු ‘අපි කාරයට යමු, මට ඔයත් එක්ක නිදාගන්න ඕන කියලා කිවුවා.”

තම පියා මෙන්ම අනායා ද ප්‍රදේශීය අන්තර් සමාජ ක්‍රිකට් ක්‍රීඩාවේදී ‘ඉස්ලාම් ජිම්කානා’ (Islam Gymkhana) කණ්ඩායම නියෝජනය කළ කෙනෙක්. මීට අමතරව, වමතින් පිත්ත හසුරුවන අනායා එංගලන්තයේ ලෙස්ටෂ ප්‍රාන්තයේ ‘හිංක්ලී ක්‍රිකට් සමාජය’ (Hinckley Cricket Club) ට ද ක්‍රීඩා කර තිබෙනවා.

කෙසේ වෙතත්, 2023 වසරේ නොවැම්බර් මාසයේදී, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (ICC) සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාවන්ට කාන්තා ක්‍රිකට් තරගවල ක්‍රීඩා කිරීම තහනම් කළා.

ICCයේ මේ නව නීතිය පිළිබඳව සිය කනස්සල්ල ප්‍රකාශ කරමින් අනායා ‘ඉන්ස්ටග්‍රෑම්’ හි දීර්ඝ පෝස්ටුවක් බෙදා හැරියා. ඇය නිතරම මේ වේදිකාවේ ක්‍රියාශීලීව සිටින්නේ ඇගේ අනුගාමිකයන් සැමවිටම යාවත්කාල කරමින්.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...