කාන්තා හා තරුණියන්ගේ ක්‍රිකට් තරගවලට සහභාගි විය හැක්කේ “ජීව විද්‍යාත්මක ලිංගිකතාව කාන්තාව වන අයට පමණක්” පමණක් බව ECBය ඔවුන්ගේ නීතිරීති යාවත්කාලීන කරමින් ප්‍රකාශ කරනවා.
සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට හා තරුණියන්ට විවෘත හා මිශ්‍ර ක්‍රිකට් අංශවල දිගටම ක්‍රීඩා කළ හැකි බව ECBය පවසනවා.
මේ ප්‍රතිපත්ති වෙනස පැමිණෙන්නේ එංගලන්තයේ ශ්‍රේෂ්ඨාධිකරණයක් විසින් අප්‍රේල් 16 වැනිදා දුන් තීන්දුවකින් පසුව. කාන්තාවකගේ නෛතික නිර්වචනය පදනම් වන්නේ ජීව විද්‍යාත්මක ලිංගිකතාව මත යැයි එම තීන්දුවෙන් ප්‍රකාශ කර තිබුණා.

එංගලන්ත පාපන්දු සංගමය (FA) බ්‍රහස්පතින්දා නිවේදනයක් නිකුත් කරමින් ජූනි 1 වැනිදා සිට එංගලන්තයේ කාන්තා පාපන්දු ක්‍රීඩාව සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට තහනම් බවට ප්‍රකාශ කළා.
පිරිමියෙකු ලෙස යෞවනෝදයට පිවිසි කිසිම කෙනෙක් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළ ස්තර දෙකේ තරග කිරීම සඳහා සුදුසු නොවන බවට ECBය 2024 වසරේදී නව ප්‍රතිපත්ති නියාමනයන් නිකුත් කරමින් සඳහන් කළා.
එම ප්‍රතිපත්තියට අනුව සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට දේශීය ක්‍රිකට් ව්‍යුහයේ තෙවැනි ස්තරයේ තරග කිරීමට අවස්ථාව ලැබී තිබුනා.
මේ නීතිය පැනවුනේ පිරිමියෙකු ලෙස වැඩිවියට පත්වීමකට ලක්වූ සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට ජාත්‍යන්තර කාන්තා තරග ක්‍රීඩා කිරීම තහනම් බවට ජගත් ක්‍රිකට් කවුන්සලය 2023 වසරේ නොවැම්බරයේදී නිවේදනය කිරීමෙන් පසුව.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට කාන්තා තරග තහනම් කිරීමේ පළමු පියවර බ්‍රහස්පතින්දා ගනු ලැබුවේ එංගලන්ත පාපන්දු සංගමය විසින්.
ඉන්පසුව එදිනම, එංගලන්ත නෙට්බෝල් සංගමය ද ඔවුන්ගේ ප්‍රතිපත්ති වෙනස් කරමින් ඔවුන්ගේ කාන්තා අංශයේ තරග කිරීම සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට තහනම් කළා.
සැප්තැම්බර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වන නව නීතියට අනුව කාන්තා, පිරිමි සහ මිශ්‍ර යනුවෙන් වෙනස් තරග අංශ තුනක් හඳුන්වා දී තිබෙනවා.
තමන්ගේ ලිංගික අනන්‍යතාව කුමක් වූවත් උපතින් කාන්තාවන් වන අය සඳහා කාන්තා අංශය විශේෂයෙන් වෙන්කර තිබෙන අතර මිශ්‍ර නෙට්බෝල් අංශය තිබෙන්නේ තමන් හඳුන්වා ගන්නා ලිංගික අනන්‍යතාව යටතේ ක්‍රීඩා කිරීමට.

Eight-ball Pool ක්‍රීඩාවේ වෘත්තිමය පාලකයන් වන Ultimate Pool Group (UPG) ඔවුන්ගේ කාන්තා අංශයේ ක්‍රීඩා කිරීම සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට පසුගිය මාසයේ තහනම් කළා.
ලෝක වෘත්තීය බිලියඩ් හා ස්නූකර් සංගමය ඇතුළු අනෙකුත් ක්‍රීඩා පාලක මණ්ඩල සංක්‍රාන්ති ලිංගික කාන්තාවන් සඳහා වන ඔවුන්ගේ නිර්ණායකයන් නැවත තක්සේරු කරමින් සිටිනවා.
මලල ක්‍රීඩා, පාපැදි සහ ජලක්‍රීඩා බලධාරීන් ඔවුන්ගේ කාන්තා ඉසව්වලට සංක්‍රාන්ති ලිංගික කාන්තාවන් සහභාගි වීම තහනම් කරමින් නියෝග පනවා තිබෙනවා.
2022 වසරේදී බ්‍රිතාන්‍ය තුන්ප්‍රයාම ක්‍රීඩා සංගමය සංක්‍රාන්ති ලිංගික මලල ක්‍රීඩිකාවන්ට තරග වැදිය හැකි විවෘත අංශයක් ස්ථාපනය කළ පළමු බ්‍රිතාන්‍ය ක්‍රීඩා පාලක මණ්ඩලය බවට පත්වුනා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
සබැඳි පුවත් :
පිරිමින්ට එරෙහිව තරග කිරීමට බලකිරීම ගැන පාපන්දු ක්‍රීඩිකාවන්ගෙන් සමාව ඉල්ලනු!
සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට එංගලන්තයේ කාන්තා පාපන්දු ක්‍රීඩාව තහනම්!



