The Leader News
BREAKING
Top Ad
LGBTQ

සමරිසි පාපන්දු ක්‍රීඩිකා යුවලට පිරිමි දරුවෙක්

T

The Leader Desk

May 16, 2025 • 9:02 AM

සමරිසි පාපන්දු ක්‍රීඩිකා යුවලට පිරිමි දරුවෙක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කාන්තා පාපන්දුවේ ජනප්‍රිය විවාහක යුවල වන සැම් ක (Sam Kerr) සහ ක්‍රිස්ටි මුවිස් (Kristie Mewis) ඔවුන්ගේ පළමු දරුවාගේ උපත නිවේදනය කර තිබෙනවා.
  • මේ සමරිසි යුවල පසුගිය නොවැම්බරයේදී ඔවුන් දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටින බව නිවේදනය කර තිබුණා.
  •   ඔවුන්ගේ ඒ සමාජ මාධ්‍ය පෝස්ටුවට සමහර පුද්ගලයන්ගෙන් සමලිංගිකයන්ට එරෙහි ප්‍රකාශ ලැබී තිබුණු අතර ඒ සම්බන්ධයෙන් කාන්තා පාපන්දු ක්ෂේත්‍රය තුළ දැඩි අප්‍රසාදය පළ කෙරුනා.
  • 2021 වසරේ සිට එකට ජීවත් වූ 31 හැවිරිදි සෑම් ක සහ 34 හැවිරිදි ක්‍රිස්ටි මුවිස් 2023 වසරේ නොවැම්බරයේදී විවාහ ගිවිස ගත්තා.
අකුරු ප්‍රමාණය (Font Size):


චෙල්සී ක්‍රීඩා සමාජය හා ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආක්‍රමණශීලී ක්‍රීඩිකාවක වන සෑම් ක සහ වෙස්ට් හැම් ක්‍රීඩා සමාජය හා අමෙරිකානු කණ්ඩායමේ ඉදිරි පෙල ක්‍රීඩිකාවක වන මුවිස් ඔවුන්ගේ අලුත උපන් පිරිමි දරුවා සමග එකට සිටින ඡායාරූපයක් ‘ඉන්ස්ටග්‍රෑම්’ හි පෝස්ට් කර තිබෙනවා.

 

r1416321 1296x518 5 2

“අපේ පුංචි මිනිහා, Jagger Mewis-Kerr, ඇවිත්” යනුවෙන් සෑම් කර්ගේ සමාජ මාධ්‍ය පිටුවේ සටහන් කර තිබූ කැප්ෂනයෙන් කියැවුනා.

මේ සමරිසි යුවල පසුගිය නොවැම්බරයේදී ඔවුන් දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටින බව නිවේදනය කර තිබුණා.

 

ඔවුන්ගේ ඒ සමාජ මාධ්‍ය පෝස්ටුවට සමහර පුද්ගලයන්ගෙන් සමලිංගිකයන්ට එරෙහි ප්‍රකාශ ලැබී තිබුණු අතර ඒ සම්බන්ධයෙන් කාන්තා පාපන්දු ක්ෂේත්‍රය තුළ දැඩි අප්‍රසාදය පළ කෙරුනා.

දරුවාගේ උපත නිවේදනය කරමින් තැබූ පෝස්ටුව ට චෙල්සී කාන්තා පාපන්දු කණ්ඩායමේ නායිකා මිලී බ්‍රයිට් සහ කර්ගේ ඔස්ට්‍රේලියා කණ්ඩායම් සහකාරියන් වන කත්‍රිනා ගෝරි හා කේට්ලින් ෆෝඩ් ඇතුළු කාන්තා පාපන්දුවේ බොහෝ පුද්ගලයන්ගෙන් ධනාත්මක ප්‍රකාශ ලැබී තිබුනා.

2021 වසරේ සිට එකට ජීවත් වූ 31 හැවිරිදි සෑම් ක සහ 34 හැවිරිදි ක්‍රිස්ටි මුවිස් 2023 වසරේ නොවැම්බරයේදී විවාහ ගිවිස ගත්තා.

 

දරුවා කුසේ දරාගෙන සිටි මුවිස් ඇයගේ ගර්භණී භාවයට පෙර 2024-25 කාන්තා සුපර් ලීග් තරග වාරයේදී වෙස්ට් හැම් සමාජයීය කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළේ එක් වතාවක් පමණයි. සෑම් ක එම ක්‍රීඩා වාරය තුළ චෙල්සි කණ්ඩායම වෙනුවෙන් කිසිම තරගයකට ක්‍රීඩා නොකළේ ඇය දණහිසේ බරපතල ආබාධයකින් සුවය ලබමින් සිටින බැවින්.

jurykasdnk

 

මේ යුවල මේ වසර මුලදී පූර්ණ ප්‍රසිද්ධියට පත්වූයේ සෑම් ජාතිවාදී අයුරින් උග්‍ර බවට පත් වුණු හිරිහැර කිරීමේ චෝදනාවකට ලක්ව නඩු විභාගයකට මුහුණ දෙමින් සිටි නිසා. ඇය වරදකරු නොවන බවට උසාවිය තීරණය කළා.

සෑම දිනකම උසාවියේ පෙනී සිටි ක්‍රිස්ටි මුවිස් විත්ති පක්ෂය වූ ඇයගේ සහකාරිය වෙනුවෙන් සාක්ෂි දුන්නා.

බීමත්ව සිටි සෑම් ක සහ මුවිස් පොලිසියට රැගෙන ගිය ටැක්සි රියැදුරා, සෑම් වාහනය තුළ වමනය දැමීමෙන් පසුව එය පිරිසිදු කිරීමට වැයවන මුදල දීම ඔවුන් ප්‍රතික්ෂේප කළ බව සහ මුවිස් වාහනයේ පැති ජනේලය බිඳ දැමූ බවට පැමිණිලි කර තිබුණා.

 

d5ac4e3ace8c88fdb8ffd5d92c87cd7733eae1df
තමා සහ තමාගේ සහකාරියට තමන්ගේ ජීවිත ගැන බියක් ඇතිවූ බවත් උණුසුම් වචන හුවමාරුවකදී පොලිස් නිලධාරියෙකුට “මෝඩයෙක් හා සුද්දෙක්” කියා බැණ වැදුනු බවත් ප්‍රකාශ කළ සෑම් තමා හැසිරුනු ආකාරය  පිළිබඳව උසාවියේදී සමාව ඉල්ලා තිබුණා.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

සබැඳි පුවතක්:


කාන්තා පාපන්දුවේ ආකර්ෂණීය යුවල ලබන වසරේ බබෙක් බලාපොරොත්තුවෙන්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...