The Leader News
BREAKING
Top Ad
LGBTQ

වෝකර් ටර්ක්ගේ සමරිසි ඉල්ලීම අධිකරණය ඇමැති අහක දමයි

T

The Leader Desk

June 29, 2025 • 11:08 AM

වෝකර් ටර්ක්ගේ සමරිසි ඉල්ලීම අධිකරණය ඇමැති අහක දමයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාව තුළ සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වෝකර් ටර්ක් පසුගියදා කළ ප්‍රකාශය අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රතික්ෂේප කළේය.
  • කෙසේ නමුත් ඒ පිළිබඳව අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කර සිටියේ එවැනි පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී නොමැති බවයි.
  • අධිකරණ අමාත්‍යවරයා වැඩි දුරටත් කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියේ අමාත්‍යාංශ න්‍යාය පත්‍රයේ නිශ්චිත කාල සීමාවක් සඳහන් කළ එවැනි පනත් කෙටුම්පතක් කිසිඳු නිල අදියරක නොමැති බවයි.
  •   දණ්ඩ නීති සංග්‍රහය යටතේ සම ලිංගික විවාහ නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර එය වෙනස් කිරීමටට නම් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගනිමින් එම වගන්ති සංශෝධනය කළ යුතුව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වෝකර් ටර්ක් මෙරට සිය සිව්දින නිල සංචාරය අවසන් කරමින් පසුගියදා පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියේ සම ලිංගික විවාහ නීතිගත කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති පනත් කෙටුම්පත සම්මත වෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

කෙසේ නමුත් ඒ පිළිබඳව අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කර සිටියේ එවැනි පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී නොමැති බවයි.

අධිකරණ අමාත්‍යවරයා වැඩි දුරටත් කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියේ අමාත්‍යාංශ න්‍යාය පත්‍රයේ නිශ්චිත කාල සීමාවක් සඳහන් කළ එවැනි පනත් කෙටුම්පතක් කිසිඳු නිල අදියරක නොමැති බවයි.

 

දණ්ඩ නීති සංග්‍රහය යටතේ සම ලිංගික විවාහ නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර එය වෙනස් කිරීමටට නම් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගනිමින් එම වගන්ති සංශෝධනය කළ යුතුව ඇත.

 

අධිකරණ අමාත්‍යවරයා එලෙස එවැනි පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති බවට එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළත් ජාතික ජන බලවේග රජය විපක්ෂයේ සිටින කාලයේදී සමලිංගික විවාහ නීතිගත කිරීමට දරණ උත්සාහයන්ට පක්ෂ වෙමින් සමරිසි ප්‍රජාවට සහාය දැක්වූවේය.

පසුගිය වසරේදී එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වූ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ එම අවස්ථාවේදී ප්‍රේම්නාත් දොලොවත්ත විසින් ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනතකට ජාතික ජන බලවේගය සහාය ලබාදෙන බවයි. නමුත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හේතුවෙන් එම පනත් කෙටුම්පත බලරහිත විය.

ජනාධිපති අනුර කුමාර දිසානායක 2019 ජනාධිපතිවරණය පැවැති අවස්ථාවේදී ස්ත්‍රී පුරුෂ භාවය සහ ලිංගික දිශානතිය මත පදනම්ව සිදුවන අසමානතාවයන් අහෝසි කරන බවට පොරොන්දු වූ අතර එලෙස පොරොන්දුවක් ලබාදුන් ප්‍රථම ජනාධිපති අපේක්ෂකයාද ඔහු වේ.

| lankadeepa


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වෝකර් ටර්ක්ගේ සමරිසි ඉල්ලීම අධිකරණය ඇමැති අහක දමයි | The Leader