අන්න ඒ තමයි සමලිංගිකභීතිකාව ඇතැම් ජන මාධ්‍යය වපුරන්නේ. සමලිංගිකත්වය ගැන දාපු එක වාර්තා කළාට කමක් නැහැ. එතකොට විරුද්ධ ලිංගික විවාහ ගැන කියපු ලොකු හෑල්ල වැටුනේ කොහොමද?
දෙන්නෙක් කැමැත්තෙන් විවාහ වුණොත් ඒවා සාර්ථක නැහැ කියනවා. පල්ලියේ හම්බ වුණ, පල්ලියේ මංගල්‍යකදී, දෙමවුපියන් හොයලා දීපු විවාහ ඉතාම සාර්ථක බව සංඛ්‍යා ලේඛණ පවා තියෙනවා කියලා කියනවා. අනේ අම්මෝ මේවා මාධ්‍යවල දාන්න වටින්නේ නැද්ද මං අහන්නේ?

මැල්කම් රංජිත් මෙහෙමත් අහනවා. "මේවා කොහොමද මානව අයිතිවාසිකම් වෙන්නේ?" (අන් මිනිස්සුන්ට තියෙන සමලිංගික අයට නැති අයිතිවාසිකම්) ඒක අහපු ගමන් අර පාස්කු ඉරිදා ප්‍රහාරයට ඉස්සෙල්ලා මෙයා කියපු දේ මතක ඇති නේ. "බටහිරෙන් එන මානව අයිතිවාසිකම් අපිට එපා" කිව්වා මතකද? ඉතින් අන්න එහෙම කියපු මේ මහා මානව හිමිකම්වාදියා පාස්කු ඉරුදින ප්‍රහාරය වෙලා ඒක කළේ රට ඇතුළෙන්ම කියලා දැන ගත්තට පස්සේ අන්න දුවනවා එයා එපා කියපු "බටහිර මානව හිමිකම්" පස්සේ යුක්තිය ඉල්ලලා. දැන් එයා මානව හිමිකම් ඔස්තාර් කෙනෙක් වෙලා.

ඕනෙම කොක්කක් වැටුණ ගමන් "සමලිංගිකත්වය" මතක් වෙන්නේ මැල්කම් රංජිත්ට විතරක් නෙමෙයි. මේ රටේ ගොඩාක් දේශපාලන පක්ෂ, දේශපාලනඥයන්ටත් එහෙම තමයි. හරියට අර මොකක් හරි වුණ ගමන් "කොටි නැගිටිනවා" කතාව වගේ තමයි. මේ රටේ සුළුතර ජන ප්‍රජාවන් නැත්නම් කොන් කරන ලද ජන ප්‍රජාවට වෙන්නේ මේක තමයි. ඔවුන් මේ වගේ මිනිස්සුගේ "ඇම" වෙනවා. තමන්ගේ විළි වහ ගන්න අනුන්ගේ රෙදි අවුස්සනවා.
ලිංගිකව සක්‍රීය වැඩිහිටියන්ට, ලිංගික ක්‍රියා "අකැප" මිනිස්සුන්ට අවවාද දෙන්න ඇති අයිතිය මොකක්ද? විවාහ වෙන්න "අවසර නැති" මිනිස්සුන්ට විවාහ වෙන්න අවශ්‍ය අයට අවවාද දෙන්න ඇති අයිතිය මොකක්ද? වැඩිහිටි ගිහි මිනිසුන්ගේ "පුද්ගලික අයිතියට" ඇඟිලි ගැසීමට පැවිදි මිනිස්සුන්ට ඇති අයිතිය මොකක්ද? අධ්‍යාත්මය වැඩි දියුණු කරගන්න ඉන්න මිනිස්සු කොහොමද අනෙකාගේ අධ්‍යාත්මය ගැන විනිශ්චය කරන්නේ?
මේ පැවිදි අයට ගිහි මිනිස්සුන්ගේ ජීවිතවලත් "නීති" දාන්න ඇති අයිතිය මොකක්ද? ආගමික නායකයෝ කියන්නේ ඒ ඒ ආගම්වල නායකයන්ද නැත්තම් රටේ නායකයෝ ද? මේ ආගමික නායකයන් තෝරා ගන්නේ ගිහියෝ ද? එහෙම නැත්නම් මේ කොහෙන් ආව අයිතියක් ද? බලයක් ද? වරමක් ද?

කාදිනල් මැල්කම්;
යුද්ධ කාලේ උතුරේ කතෝලික පල්ලිවලට උඩින් ඇවිත් බෝම්බ ගහද්දී කට පියාගෙන හිටපු, ඔයා සප් එක දුන්න ඔයාගේම ඥාති දේශපාලඥයෝ ඔයාගේ මිනිස්සු බෝම්බ ගහලා මරා දානකම් ඔයා කොහෙද හිටියේ? ඒ මිනස්සුන්ගේ මානව හිමිකම් මතක් වෙන්න දකුණේ පල්ලිවලට බෝම්බ ගහනකම් හිටියේ ඇයි?
කාදිනල් මැල්කම්;
ගිහියන්ට "මිශ්‍ර විවාහවලට" (කතෝලිකයන් අන් ආගමිකයන් එක්ක සිදු කරන විවාහ) සම්පූර්ණ දිව්‍ය පූජාව නොදී වෙනත් තද නීති දාලා, තම ඥාති ජනපති ආර්යාවගේ පුත්‍ර රත්නයේ තිඹිරිගස්යායේ ශාන්ත තෙරේසා දේවස්ථානයේ තිබුණ "මිශ්‍ර විවාහයට" සම්පූර්ණ දිව්‍ය පූජාව දීලා ඒ දිව්‍ය පූජාව ඔයාම කරලා අනිත් ගිහියන්ට අවවාද දෙන්න ඔයාට තියෙන අයිතිය මොකක්ද?
කාදිනල් මැල්කම්;
ඔයා ඔයාට අයිති වැඩේ විතරක් කරන්න. ඔයාව අපි පත් කරලා නැහැ! ගිහින් පත් කරගත් අයව පාලනයන්කර ගන්න!
දේශනයේ අනෙකුත් කතාව -
ප.ලි. - කාදිනල් මැල්කම්;
ලංකාවේ සමලිංගික ප්‍රජාවවත් ඉල්ලන්නේ නැති "සමලිංගික විවාහ" ගැන ඔයා කරදර වෙලා ප්‍රෙශර් වැඩි කරගෙන තියෙන ආයු ටිකත් කෙටි කර ගන්න එපා!
(සටහන | ඩෙනී)
Denver Mark ගේ ෆේස්බුක් පිටුවෙන්..
2025 ජූලි 27
සබැඳි පුවත :
'සමලිංගික විවාහ මානව අයිතිවාසිකමක් නොවේ' - කාදිනල් හිමි




