සමරිසි පුද්ගලයකු යැයි පිටතට පැමිණ (coming-out) ඇති අතර, එම ක්‍රීඩාවේ ඉතිහාසය පුරාවට මෙතරම් දැවැන්ත විරුදාවලියක් ලත් පුද්ගලයකු තම ලිංගිකත්වය මෙලෙස ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්කළ පළමු අවස්ථාව මෙය බවට වාර්තා වේ.
ෆෝර්මියුලා වන් (Formula One: F1) ක්‍රීඩාවේ සත්වරක් ශූරතාවය ලැබූ මයිකල් ෂූමාකර් (Michael Schumacher) ගේ සොහොයුරා වන රැල්ෆ් ෂූමාකර් (Ralf Schumacher) මෙම නිවේදනය නිකුත්කර තිබුණේ සිය සාමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ය.
“ජීවිතයේ වඩාත්ම අලංකාර දෙය වනුයේ තම සෑම දෙයක්ම බෙදාගත හැකි නිවැරදි සහකරු ඔබට සිටීමයි”
තම ප්‍රංශ ව්‍යාපාරික කලමනාකරු ඉත්‍යෙන් (Étienne) ද සමඟ එකිනෙක අත්වැල් බැඳගනිමින් හිරු බැස යන දෙස බලා සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් පළකරමින් සිය නිල ඉන්ස්ටග්‍රෑම් (Instagram) ගිණුම ඔස්සේ ඉකුත් ඉරු දින රාත්‍රියේ මෙම නිවේදනය නිකුත්කළ ෂූමාකර්, “ජීවිතයේ වඩාත්ම අලංකාර දෙය වනුයේ තම සෑම දෙයක්ම බෙදාගත හැකි නිවැරදි සහකරු ඔබට සිටීමයි,” (The most beautiful thing in life is when you have the right partner by your side with whom you can share everything.) යනුවෙන් සඳහන්කර ඇත.
රැල්ෆ් ෂූමාකර් - මයිකල් ෂූමාකර්
ෂූමාකර්ගේ මිතුරියකවන, ජර්මානු ජාතික රංගන ශිල්පිනියකවන කාර්මෙන් ගයිස් (Carmen Geiss) ඈ විසින් ලියන ලද සටහනක මෙසේ සඳහන්කර ඇත: “මාගේ ජීවිතයේ ඉතා විශේෂ භූමිකාවක් ඉටුකරනු ලබන පුද්ගලයකු පිළිබඳ ඔබට කීමට මා හට අවශ්‍යයි. වසර ගණනාවක් පුරාවට මම ඔහු හඳුනනවා සේම ඔහුට අප්‍රමාණ අයුරින් ආදරය කරනවා.” (I want to tell you about a person who plays a very special role in my life. For many years I have known and love him infinitely).
“අද දින ඔහු තම සමරිසිභාවය ප්‍රකාශයට පත්කර තිබෙනවා. මෙම පියවර, විමුක්තිය නිරූපණය කරන ක්‍රියාවක් මෙන්ම ඔහු තම ස්වයං-වැටහීම අවබෝධ කර ගැනීමක්. මෙය බොහෝ කලක් මුළුල්ලේ ඔහු තුළ පරිණත වෙමින් තිබූ ධෛර්‍යමත් තීරණයක්වන අතර, දැන් එය ඔහු බොහෝ සෙයින් අභිමානයට පත්වන, ඔහුගේ නිර්භීතභාවය නිරූපණය කරන ක්‍රියාවක් වනවා.” (Today he confessed his homosexuality. This step was an act of liberation and self-acceptance for him. It was a courageous decision that has matured in him for a long time and one he is now full of pride and confidence.)
49 හැවිරිදි ෂූමාකර්, 1997 සහ 2007 අතර කාලයතුළ F1 ධාවන තරඟ 180 ක් තුළ ජෝර්දානය, විලියම්ස් සහ ටොයොටා වෙනුවෙන් ධාවනය කළා
49 හැවිරිදි ෂූමාකර් (Schumacher), 1997 සහ 2007 අතර කාලයතුළ F1 ධාවන තරඟ 180 ක් තුළ ජෝර්දානය, විලියම්ස් සහ ටොයොටා වෙනුවෙන් ධාවනයකළ අතර, ජයග්‍රහණ සයක් සහ ධාවනය අවසන් කිරීම් හෙවත් පෝඩියම් අවසන් කිරීම් (podium finishes) 27 ක් ලබා ගෙන ඇත. මෙකී සන්දර්භයතුළ තම ලිංගිකත්වය ප්‍රකාශයට පත් කිරීම සඳහා ෂූමාකර් විසින් ගනු ලැබූ තීරණය, මෝටර්රථ තරඟාවලිතුළ අනුමතභාවය සහ විවිධත්වය සඳහා ඇති ඉඩ අවකාශය ඉහළ යන බවට කදිම සාක්ෂියක් සපයන අතර, එය වැඩිදියුණු කිරීම සඳහා F1 තරඟාවලිවල මෑත ඉතිහාසයතුළ සහයෝගී ප්‍රයද්නයක් දරා ඇති බවට නිරීක්ෂණයකළ හැකිය.
ලුවිෂ් හැමිල්ටන් (Lewish Hamilton) ද හඬ අවදි කරයි
ලුවිස් හැමිල්ටන් (Lewis Hamilton)
රැල්ෆ් ෂූමාකර් (Ralf Schumacher) තමා සමරිසි බවට ප්‍රකාශයට පත් කිරීම හමුවේ, ෆෝර්මියුලා වන් (Formula One: F1) ශූරී ලුවිස් හැමිල්ටන් (Lewis Hamilton) සිය අදහස් දක්වමින් අවධාරණයකර සිටියේ, මෙම ක්‍රීඩාව වඩාත් “සුවපහසු අවකාශයක්” බවට පත් කිරීම සඳහා “වැඩි කාර්යභාරයක්” ඉටුකිරීමට ෆෝර්මියුලා වන් (Formula One: F1) පාලකයන් කටයුතුකළ යුතු බවයි.
“අතීතයේ ෂූමාකර්ට මේ පිළිබඳව පැවසීම අපහසු කටයුත්තක් වූ බව මින් මනාව පැහැදිලි වනවා,” (Clearly he (Schumacher) has not felt comfortable to say it in the past) හැමිල්ටන් (Hamilton) එසේ පවසා සිටියේ, මෙම සතියේ එළඹීමට නියමිත හංගේරියන් ග්‍රෑන්ඩ් ප්‍රික්ස් (Hungarian Grand Prix) තරඟාවලිය හමුවේ ය.
“මෙය පැහැදිලිව ම අලුත් දෙයක් නොවෙයි, මෙමඟින් පැහැදිලි වන්නේ, බියකින් තොරව මෙවන් පියවරක් ගැනීම සඳහා ඔබට හැකියාව ලබා දෙන කාලයක අප ජීවත්වන බවයි.” (It’s definitely not a new thing, it just shows that we are in a time where finally you can take that step and don’t have to fear.)
ක්‍රීඩාව තුළ තව බොහෝදුර යාමට තිබෙනවා.
“නමුත් ක්‍රීඩාව තුළ තව බොහෝදුර යාමට තිබෙනවා. මේ තුළ ඇතුළත්භාවයක් පවතින බව කීම එක් දෙයක්, නමුත් මිනිසුන්ට සුවපහසු බවක් දැනෙන පරිසරයක් මෙහි තිබෙන බවට ඇත්ත වශයෙන්ම තහවුරු කිරීම තවත් දෙයක්.” (But within sport, there is still a long way to go. It is one thing saying that it’s inclusive, but it’s another thing actually making sure people feel comfortable in the environment.)
F1 විසින් නිකුත්කළ නිවේදනය
සෑම දෙනෙකුටම, ඔවුන් ඔවුන් ලෙසම අනුමත කරන සහ පිළිගන්නා බව හැඟෙන බවට සහතික කිරීම සඳහා ඉදිරියටත් කටයුතු කිරීමට අපට අවශ්‍යයි
හැමිල්ටන්ගේ (Hamilton) ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන් F1 හි මාධ්‍ය ප්‍රකාශකවරයකු මෙසේ නිවේදනය කර තිබිණි: “මෙය ක්‍රීඩාවට මෙන්ම, රැල්ෆ් විසින් මෙම පුවත නිකුත් කිරීම නිසා ඔහුට ද වඩාත් ධනාත්මක දෙයක් වනවා.” (It is a very positive thing for the sport and for Ralf that he has announced this news.)
“මෙමඟින් පිළිබිඹු වන්නේ ඇතුළත්භාවය සහ විවිධත්වය සඳහා F1 විසින් දැවැන්ත පියවරයන් ඉදිරියට ගෙන තිබෙන බවයි, එබැවින් ඔහුට තම ලිංගිකත්වය පිළිබඳව විවෘත වීමට හැකියාව ලැබී තිබෙනවා.” (It shows that F1 has taken big steps forward in inclusivity and diversity and he feels able to be open about his sexuality.)
“සෑම දෙනෙකුටම, ඔවුන් ඔවුන් ලෙසම අනුමත කරන සහ පිළිගන්නා බව හැඟෙන බවට සහතික කිරීම සඳහා ඉදිරියටත් කටයුතු කිරීමට අපට අවශ්‍යයි, නමුත් අප විසින් ලබා තිබෙන ප්‍රගතිය පිළිබඳව අප සැවොම ආඩම්බර විය යුතුයි” (We want to keep pushing to ensure everyone feels accepted and welcomed for who they are but we should all be proud of the progress we are making.)
දේදුනු පැහැති හෙල්මටයක් පැළඳ
39 හැවිරිදි හැමිල්ටන් (Hamilton), සමරිසි (LGBTQ+) ප්‍රජාවට තමා දක්වන සහාය පිළිබිඹු කිරීම සඳහා, සමලිංගිකත්වය අපරාධ වරදක් සේ සැලකෙන කටාර් සහ සවුදි අරාබියේ පැවති ධාවන තරඟවල දී දේදුනු පැහැති හෙල්මටයක් පැළඳුවේ ය.
ලෝකය ඉදිරියට යද්දී තවමත් බඩගාන ශ්‍රී ලංකාව
බ්‍රිතාන්‍යය විසින් සම්පාදිත ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධනයක් එක්කරමින් සම්මුතිගත සමරිසි ලිංගික සබඳතා නිර්සාපරාධීකරණය කිරීම සඳහා, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මේ වන විට කටයුතු කරමින් සිටියි. මෙම යටත් විජිත නීති යොදා ගැනෙනු ලැබුවේ සමරිසි (LGBT+) පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සහ ඔවුන් බලහත්කාරයෙන් ගුද සහ යෝනි මාර්ග පරීක්ෂා වෙත යොමු කිරීම සඳහා ය. කෙසේවෙතත්, අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ නඩුවකින් අනතුරුව නිකුත්කරනු ලැබූ පොලිස් චක්‍රලේඛයක් හේතුවෙන් සමරිසි (LGBT+) පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සහ ඔවුන් බලහත්කාරයෙන් පරීක්ෂා වෙත යොමු කිරීමේ ක්‍රියාවලිය සෑහෙන මට්ටමකින් නතර විය.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එවන් නිගමනයක් ලබා දුන්න ද, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මේ සම්බන්ධයෙන් මන්දගාමී ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර, එම නිසා ලෝකය ප්‍රගතියක් ලබද්දී ශ්‍රී ලංකාව මඟහැරී ගොස් ඇති බවක් නිරීක්ෂණයකළ හැකි වේ.
ඉකුත් වර්ෂයේ දී, උක්ත නීති සංශෝධනය පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීම හරහා සියලු ශ්‍රී ලාංකිකයන්ගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිතවීම සහතිකවන බවට ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිගමනය කළේය. කෙසේවෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එවන් නිගමනයක් ලබා දුන්න ද, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මේ සම්බන්ධයෙන් මන්දගාමී ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර, එම නිසා ලෝකය ප්‍රගතියක් ලබද්දී ශ්‍රී ලංකාව මඟහැරී ගොස් ඇති බවක් නිරීක්ෂණයකළ හැකි වේ.
සම්මුතිගත සමරිසි ලිංගික සබඳතා සාපරාධීකරණය කරන රටවල් අතලොස්ස අතරට දැන් ශ්‍රී ලංකාව ද අයත් ව තිබේ. මෙසේ සම්මුතිගත සමරිසි ලිංගික සබඳතා සාපරාධීකරණය කරන රටවල් බොහොමයක් පවතින්නේ මැද පෙරදිග සහ අප්‍රිකානු කලාපවල ය.



