The Leader News
BREAKING
Top Ad
LGBTQ

සමරිසි (LGBT+) අයිතිවාසිකම් සඳහා තුනෙන් දෙකකගේ සහාය

T

The Leader Desk

May 13, 2023 • 12:44 PM

සමරිසි (LGBT+) අයිතිවාසිකම් සඳහා තුනෙන් දෙකකගේ සහාය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමරිසි (LGBT+) ප්‍රජාවගේ අයිතිවාසිකම් ප්‍රකාශිතවම සහතික කරන ව්‍යවස්ථා සංශෝධනයකට සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 65කගේ ම සහාය හිමිවන බව, ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ
  • ඒ අනුව, ශ්‍රී ලාංකිකයන්ගෙන් තුනෙන් දෙකකට ආසන්න සංඛ්‍යාවක් ම සමරිසි (LGBT+) ප්‍රජාවට සිදුවන වෙනස්කොට සැලකීම් තහනම් කිරීම සහ සමානාත්මතාවය සඳහා ඔවුනට ඇති අයිතිය සහතික කිරීම ප්‍රකාශිතවම දැක්වෙන ව්‍යවස්ථා සංශෝධනයකට සහාය පළ කරයි.
  • සමරිසි (LGBT+) පුද්ගලයන්ට රැකියා ස්ථානයේ, සෞඛ්‍ය සේවාවන්වලදී, නිවසේදී සහ පොදු සේවාවන් වෙත ප්‍රවිශ්ට වීමේදී වෙනස්කොට සැලකීම්වලට මුහුණ පෑමට සිදුව ඇති බව බොහෝ ශ්‍රී ලාංකිකයන් විසින් පිළිගෙන තිබේ.
  •   ලක්ෂ 15 ක සමරිසි ඡන්දදායකයෝ පාර්ලිමේන්තු තීන්දුව ගැන විමසිල්ලෙන් !
අකුරු ප්‍රමාණය (Font Size):

වෙස්ට්මින්ස්ටර් පදනම (Westminster Foundation for Democracy) විසින් සිදුකරනු ලැබූ දීප ව්‍යාප්ත සමීක්ෂණයක දී අනාවරණය වී තිබේ.

ඒ අනුව, ශ්‍රී ලාංකිකයන්ගෙන් තුනෙන් දෙකකට ආසන්න සංඛ්‍යාවක් ම සමරිසි (LGBT+) ප්‍රජාවට සිදුවන වෙනස්කොට සැලකීම් තහනම් කිරීම සහ සමානාත්මතාවය සඳහා ඔවුනට ඇති අයිතිය සහතික කිරීම ප්‍රකාශිතවම දැක්වෙන ව්‍යවස්ථා සංශෝධනයකට සහාය පළ කරයි.

සමරිසි (LGBT+) පුද්ගලයන්ට රැකියා ස්ථානයේ, සෞඛ්‍ය සේවාවන්වලදී, නිවසේදී සහ පොදු සේවාවන් වෙත ප්‍රවිශ්ට වීමේදී වෙනස්කොට සැලකීම්වලට මුහුණ පෑමට සිදුව ඇති බව බොහෝ ශ්‍රී ලාංකිකයන් විසින් පිළිගෙන තිබේ. පොලීසිය සහ බලධාරීන් අතින් පොදුවේ ඔවුනට මුහුණ පෑමට සිදුවන කෙණහිලිකම් පිළිබඳව ද ඔවුහු අවබෝධයෙන් පසුවෙති.

සමරිසි (LGBT+) පුද්ගලයන්ට ව්‍යවස්ථාපිත ආරක්ෂාව ලබා දීමට ශ්‍රී ලාංකීය ජනතාවගේ සහාය හිමිවන්නේ, පාර්ලිමේන්තුව විසින් සමරිසි (LGBT+) පුද්ගලයන්ගේ ජීවිත නිර්සාපරාධීකරණය කිරීමට කටයුතු කරන්නේ ද යන්න පිළිබඳව නුදුරේදී ම තීරණය කිරීමට නියමිතව තිබෙන පසුබිමක ය.

සමරිසි (LGBT+) පුද්ගලයන්ගේ ගෞරවය සහ සමානාත්මතාවය සඳහා ඇති අයිතිය සහ ඔවුන් ඉලක්ක කර හිරිහැර කිරීමට යොදා ගැනෙන නීති වෙනස් කිරීමේ හදිසි අවශ්‍යතාවය තහවුරු කරමින් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් අඟහරුවාදා දින පෙර නොවූ විරූ අන්දමේ තීන්දුවක් නිකුත් කළේය.

මුලාශ්‍රය :

 

 

සබැඳි පුවත් :
 
 

සමරිසි සබඳතා සහ දණ්ඩ නීති සංග්‍රහය: ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයේ මතය මෙන්න

'දේශපාලන බිල්ලන් ලෙස දරුවන් භාවිතා නොකරනු' ! - වෛද්‍ය තුෂ් වික්‍රමනායක

සමලිංගිකත්වය නිර්සාපරාධීකරණය කරන්න - ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවෙන් ඉල්ලීමක්

සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව : අකමැති සිරුරකින් නිදහස් වීමේ අරගලය ! - (ටිරන් කුමාර බංගගමආරච්චි)

ගුද හා යෝනි මාර්ග පරීක්ෂාවට දණ්ඩ නීති සංග්‍රහය යොදාගෙන !

දණ්ඩ නිති සංග්‍රහය ; සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන්

දණ්ඩ නීති සංග්‍රහ නව පනත් කෙටුම්පතින් දරුවන්ට හානියක් නොවනු ඇත - ළමා අයිතිවාසිකම් නීතිඥයන්

සමරිසි සබඳතා නිර්සාපරාධීකරණයට සහාය පළ කරමින් අතුරු පෙත්සම්!

සමලිංගික ක්‍රියාකාරකම් අපරාධමය වරදක් ලෙසම සලකන්නැයි පෙත්සමක්!

සමරිසියන්ට දඬුවම් පමුණුවන නීතිවලට රටේ 72% ම එකඟ නෑ !

සමරිසි ලිංගික සබඳතාවලට එරෙහි නීති සංශෝධනය කිරීමට යයි !

සමරිසි ප්‍රජාවට එරෙහි නීති සංශෝධන පනත් කෙටුම්පත ජනපතිට

සමලිංගිකත්වයට එරෙහි නීති ඉවත් කරන්න පොහොට්ටුවෙන් පනතක්

සමලිංගිකයින්ට එරෙහි නීති ඉවත්කරන්න - දොලවත්ත ගෙන් පනත් කෙටුම්පතක් !

සිංගප්පූරුව සමලිංගිකත්ව තහනම අවසන් කිරීමේ තීරණයක

ජනාධිපති කොමිසමක් සමලිංගික අයිතිය පිළිගනී!

සමරිසි ප්‍රජාවට උමාරියාගේත් සහාය! - හර්ෂත් කතාකරයි

'සමරිසි ප්‍රජාවට වෙනස් කොට සැලකීම අවසන් කළ යුතුයි' - හරිනී

සමරිසි ප්‍රජාවට එරෙහි නීති අහෝසි කරන්න - මහේල

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...